හැමදාම එකම කෑම කාලා එපා වෙලාද..? මෙන්න හොඳම විසඳුම Meal Planning

අයියෝ අදත් මේවද? ඔබේ පවුලේ අය නිතර මේ පැමිණිල්ල කරනවාද? එහෙනම් මේක තමයි හොඳම විසඳුම. Meal Plan කියන සංකල්පය තවම ගොඩක් දෙනෙක් නොදන්නා සහ අවධානය නොකරපු සංකල්පයක්. සරලවම මෙහදී සිදුවන්නේ සතියකට පමණ අදාළ පවුලටම හෝ තමාට අවශ්‍ය කෑම වේල් තීරණය සහ සැලසුම් කිරීමයි. ඔබ කුඩා කලදී අත්තම්මලා මෙය වෙනත් අයුරකින් සිදුකරනවා ඔබ දැක ඇති. පොළොස්, අඹ වාරයට කොයි තරම් වේල් කෙපමණ ප්‍රමාණයකට එකතු කර මාළු ඇඹුල් තියල් වේල් කීයකට කොයි විදිහටද දෙන්නෙ, සමහර මැල්ලුම් හැම සතියෙම කන්න හොඳ නෑ වගේ දේවල් ඔබ අසා ඇති. නමුත් කාර්ය බහුල ඔබට එවැනි දෑ ගැන අවධානය යොමු කරන්න වෙලාවක් නැතිව ඇති. මේ පිළියම smart ඔබටයි.

ආහාර වේල සැලසුම්කරණයෙන් ලැබෙන වාසි:

  1. අයියෝ අදත් මේවද? ඔබේ පවුලේ අය නිතර මේ පැමිණිල්ල කරනවාද? එහෙනම් මේක තමයි හොඳම විසඳුම. අලුත් කෑම වර්ග එකතු කරගන්න වගේම එක වගේ කෑම හැදෙන එක නතර වනවා.
  2. ඔබේ පවුලේ පෝෂණ අවශ්‍යතා හඳුනාගෙන නිසි ලෙස ඒවා එකතු කරගන්න පුළුවන් වගේම ආහාර නිසා ඇතිවන රෝග පහසුනේම පාලනය කරගන්න පුළුවනි.
  3. කලින්ම අවශ්‍ය බඩු ලැයිස්තුව තීරණය කරගන්න පුළුවන් නිසා මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය අපතේ යාම වළක්වා ගන්න පුළුවන්.
  4. එකවර අවශ්‍ය බඩු ගන්න පුළුවන් නිසා කාලය, ශ්‍රමය සහ වියදම ඉතිරියි.
  5. කල්තියා ගන්න පුළුවන් කෑමක් හැදුවොත් කොයි කෑම වේලට කොයි විදියටද කියල තීරණය කරන්න ලේසියි.
  6. සති දෙකකට හෝ මාසයකට එකවර සැලසුම් කළොත් වෙලාව ඉතිරියි. අමුතුවෙන් සති ගණන් කල්පණා කරන්න ඕන නෑ. යමින් එමින් ගමන් ලියල තියා ගන්න. ඔබ විනෝදාංශයක් වශයෙන් ප්‍රහේළිකා පුරවන්න කැමති නම් මෙන්න ගැලපෙන ප්‍රයෝජනවත් ප්‍රායෝගික විනෝදාංශයක්.
  7. ඹබ රෝගී තත්ත්වයක් හෝ බර පාලනය කිරීමට කෑම පාලනය කරනවා නම් මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් නිසි පිළිවෙලට කැලරි හා පෝෂණ තත්ත්වයන් සමබර කරගන්න පුළුවන්.

ඊළඟ කොටසින් පහසු Meal Plan එකක් සකසා ගන්නීමේ කළාව පිළිබඳ දැනුවත් වෙමු.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles