සතිපතා ගමේ කෑම රස ඔබට ගෙන ලිපි මාලාවේ අද ඉදිරිපත් කරන්නේ බොහොම පහසුවෙන් හදා ගන්න පුලුවන් කැඳ එකක්. ඔබේ දරුවන් වගේම ගෙදර වැඩිහිටියන් ද මේ කැඳ බොහොම ආසාවෙන් රස බලාවි.
අවශ්‍ය දේවල්:
- නැවුම් කිරි කෝප්ප 2
 - වතුර කෝප්ප 1
 - බටර් තේ හැඳි 1 1/2
 - ලුණු තේ හැඳි 1/4
 - රුලං පිටි කෝප්ප 1/3
 - සුදු සීනි මේස හැඳි 1
 
සාදාගන්නා ආකාරය:
- මුලින්ම වතුර, කිරි, බටර් සහ ලුණු සාස්පානකට දමා මඳ ගින්නේ රත්කරගන්න.
 - හෙමින් හැඳි ගාන්න.
 - ලිපෙන් බා රුලං පිටි එකදිගට හැඳි ගාන්න. කැට හැදෙන්නෙ නැති වෙන ලෙස කරන්න.
 - මේ සාස්පාන ආයෙමත් මද ගින්නේ රත්කරගන්න . මිශ්‍රණය නටන තුරු හැඳි ගාන්න.. විනාඩි දෙකක් තුනක් ප්‍රමාණවත්.
 - දැන් ගින්දර අඩුකර පියනකින් වසා කැඳ ටිකක් ඝනකම් වෙන්නට හරින්න.
 - දැන් සාස්පාන ලිපෙන් බා සීනි එකතුකරන්න. විනාඩි පහක් පමණ නිවෙන්න හරින්න
 
-නිබන්ධිකා-
            
                                    










