ඉතා ඉක්මනින් පහසුවෙන් හදා ගන්න පුළුවන් රසවත් කෑම රෙසිපි 5ක්

අද අපි කියල දෙන්න යන්නේ ඉතා ඉක්මනින් පහසුවෙන් හදා ගන්න පුළුවන් සරල කෑම වට්ටෝරු 5ක්  .මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න ගමන් මේ රසවත් කෑම ඔබටත් පහසුවෙන් රස විඳින්න පුළුවන්

1.ෆ්‍රෙන්ච් ටෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය-

බිත්තර 3ක්

කිරි කෝප්පයක් (ෆ්‍රෙෂ් මිල්ක් නම් වඩාත් හොඳයි)

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

පාන් පෙති

චීස් පෙත්තක් (අවශ්‍ය නම්)

බිත්තර ගසාගන්න. එයට කිරි, ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් කවලම් කරන්න. ඉන්පසු පාන්පෙති එම ද්‍රාවණයේ දමා හොඳින් පොඟවාගන්න.

සෝස්‌පෑන් එකකට බටර් ස්වල්පයක් දමා පාන් පෙති රන්වන් පාට වනතුරු දෙපැත්ත මාරු කරමින් යන්තම් බැදගන්න. එහෙමම ආහාරයට ගන්නත් පුළුවන්. 

2. ටෝස්ටර් රොටී

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි 150g

බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්

ලුණු

බටර් මේස හැඳි 3/4ක්

සුදු ළූණු බික් 1

ලොකු ළූණු ගෙඩියක්

කෑලි මිරිස්  තේ හැඳි 1/2ක්

තුනපහ තේ හැඳි 1/2ක්

කහ

කරපිංචා

ලුණු අවශ්‍ය පදමට

බිත්තරයක්

ඉස්සෙල්ලා ම පිටි මෝලිය හදාගෙන ඉන්න ඕනි. ඒකට පිටි, බේකින් පවුඩර්, ලුණු සහ බටර් ටික එකට කලවම් කරගන්න. (ඉස්සෙල්ලාම වතුර දාන්න යන්න නම් එපා) මේ මිශ්‍රණය අනන ගමන් හිමීට වතුර එකතු කරගන්න.

මේ විදියට හදාගත්තු මෝලියෙන් ගුලි හදලා පැත්තකින් තියන්න.

සුදු ළූණු, ලොකු ළූණු, කරපිංචා තෙලට දාන්න. මේකට පිරවුමට සුදුසු සොසේජස් හෝ එවැනි දෙයක් දාලා කෑලි මිරිස්, තුනපහ, කහ, ලුණු සහ බිත්තරය එකතු කරගන්න.

ඊට පස්සේ පිටි ගුලියක් අරගෙන අවශ්‍ය හැඩයකට හදලා පිරවුමෙන් පුරවගෙන ටෝස්ටර් කරගන්න.

බටර් ටිකක් මතුපිටින් තවරා ආහාරයට ගන්න.

3. සොසේජ් චීස් බෝල

අවශ්‍ය ද්‍රව්‍ය

සොසේජස් 4

චොප් කරගත් ළූණු

තම්බා පොඩි කරගත් අල ගෙඩියක්

ලීක්ස් ස්වල්පයක්

බිත්තරයක්

පාන් පිටි

මොසරැල්ලා චීස් මේස හැඳි 3ක්

සොසේජස් ටික කැබලි කරගන්න.

චොප් කරගත් ළූණු සහ ලීක්ස් සමග අල සහ මොසරැල්ලා චීස් ටික එකතු කරගන්න.

කැමති ප්‍රමාණයට බෝල කරගත් සොසේජස් බෝල බිත්තර සාරුවල දවටා, පාන්පිටිවල තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

4. ක්‍රීම් ක්‍රැකර් කට්ලට

අවශ්‍ය ද්‍රව්‍ය-

ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 6ක්

පොඩි කරගත් සැමන් මේස හැඳි 3ක්

තම්බා පොඩි කරගත් අල ගෙඩියක්

ලොකු ළූණු ගෙඩියක්

කරපිංචා

අමුමිරිස් කරලක්

කෑලි මිරිස් අවශ්‍ය තරමට

ලුණු අවශ්‍ය තරමට

බිත්තරයක්

බිස්කට් කුඩු

තෙල්

පෑන් එකකට තෙල් ස්වල්පයක් දාලා ලොකු ළූණු, කරපිංචා, අමුමිරිස් දාලා තෙම්පරාදු කරගන්න.

ඒකට සැමන් සහ අල එකතු කරගන්න. ඊට පස්සේ කෑලි මිරිස් සහ ලුණු එකතු කරගන්න.

බිස්කට් දෙකක් අරගෙන ඉස්සෙල්ලා හදාගත්ත මිශ්‍රණය පුරවලා, බිත්තර සාරුවේ පොඟවලා, බිස්කට් කුඩුවල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.

5. අනියන් රින්ග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය-

ලොකු ළූණු ගෙඩියක්

පාන් පිටි 50

කෝන් ෆ්ලාර් මේස හැඳි 1ක්

බිත්තර 1ක්

ලුණු අවශ්‍ය පමණට

ගම්මිරිස් අවශ්‍ය පමණට

බිස්කට් කුඩු

තෙල්

බැටර් එකයි ඉස්සෙල්ලාම හදාගන්නේ. පාන්පිටි, කෝන් ෆ්ලාර්, බිත්තර, ලුණු සහ ගම්මිරිස් දාලා බැටර් එක හදාගන්න.

ඊට පස්සේ පෙති කපාගෙන, රවුම් වෙන්කරගත් ළූණු බැටර් එකේ පොඟවාගන්න.

බිස්කට් කුඩුවල තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

Related Articles

Don't Miss


Latest Articles