රාජකීයත්වය තම ප්‍රේමයට බාධාවක් කර නොගත් ඔවුන් ගේ නොමියෙන ප්‍රේමය

ලොව ප්‍රසිද්ධතම ආදර අන්දර අතර ප්‍රමුඛ තැනක් බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිණ සහ ජර්මනියේ ඇල්බට් කුමර යුවලට හිමිවේ. ආදරය ධනයට බලයට වඩා ඉහළ බව ඔවුන් අපට සිහිපත් කරවයි. බෙහෝ දෙනාට තනතුරු, බලය ලැබුණුවිට තම සහකරු අමතකය. තමන් කණ්ඩායමක් බව අමතකවූ විගස ආදරය පෑලදොරින් පලායයි. මෙය විවාහක දෙපාර්ශවය අතින්ම සිදුවිය හැකි දුක් බර වරදකි.

යෝජිත විවාහයකින් එකිකො මුණගැසුනද වින්ඩ්සර් මාළිගයේ දී හමුවූ පළමු අවස්ථාවේදීම එකිනෙකා හා ආදරයෙන් වෙළුනහ. රැජිණට අවශය වූ සෑම මොහොතකම ඔහු ඇය අසලින්ම විය. නරතුරුවම සෙවණැල්ලක් මෙන් ළඟරැඳෙමින් නිරතුරුව ඇයට සහාය විය. සමස්ත රාජධානියම තමා සතු වුවද ඇය කුමාරයාගේ අදහස් විමසන්නට අමතක නොකළාය. දරුවන් නව දෙනෙකුගේ ආදරණීය දෙමාපියන් වූ ඔවුන් වසර විසිපහක ආදරණීය විවාහ දිවියකට උරුමකම් කීහ. නමුත් ඔවුන්ගේ ආදරයට කණකොකා හඬන්නේ කුමාරයාට ටයපොයිඩ් උණ වැළඳී මිය යාමත් සමඟය. ඔහුගේ අකල් මරණය ඇයව ඇද දැමූයේ මහා ශෝකාගාධයකටය. ශෝකයෙන් භරිතව වසර තුනක් දැඩි හුකෙලාවෙන් තනිව වසන රැජිණ නැවත රාජ්‍ය පාලනය භරගන්නේ තවත් වසර පහකට පසුවයි. තවත් දශක කිහිපක් තනිව රාජ්‍යය පාලනය කල ඇගේ මියෙන මොහාතේද එකම පැතුම වූයේ නැවතත් ඔහු හා එක් වීමය.

සැමියාට වඩා බිරිද බලවත් වු විට  බො හෝ බිරින්දෑවරු තම සැමියා අභිබවා මාන යෙන් යුතුව කටයුතු කිරීමත් බිරිද තමාට වඩා ඉහල ස්ථානයකට  ආවිට බිරිදට ඊරෂ්‍යා කරමින් ඇය  නොසලකා හැරීමත් වර්ථමාන යේ බහුලව දකින්නට හැකි තත්වයකි එවන් අ න්නෝන්‍ය බැදී මෙන් දුර්වල වූ පවුල් ජීවිත ගෙවන අවුරුදු ගනනාවක් ආදරය කර විවාපත් වූවත් සතියෙන් දික්කසාද වන  වර්ථමාන පරම්පරාවට වික්ටෝරියා රැජිණ සහ ඇල්බට් කුමර යුවල විවාහ බැදි මේ උත්තරීත්වය පිලිබදව නැවත වරක් සිහිපත් කරවයි තම හිස පලන් කිරුල හෝ තම පිරිමි කම පිලිබද පුහු මානය තම උත්තරීතර  ප්‍රේමයට බාධාවක් කර  නොගත්  වික්ටෝරියා රැජිණ සහ ඇල්බට් කුමර යුවල අපට දෙන්නේ මොන තරම් ආදර්ශයක්ද?

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles