අලිගැටපේර අයිස්ක්‍රීම් හදමු…

අවශ්‍ය දේවල්

  • අලිගැටපේර ගෙඩි 2
  • මිල්ක්මේඩ් ටින් 1
  • ලෙමන් ජුස් මේසහැදි 2
  • ලුණු ස්වල්පයක්
  • Heavy Cream කප් 2 (450g)-

සාදාගන්නා ආකාරය:

  • අලිගැටපේර ගෙඩිය සුරා ගෙන බ්ලෙන්ඩර් එකට දමා ගන්න.
  • ලුණු ටිකක්, මිල්ක්මේඩ් ටින් 1 හා ලෙමන් ජුස් ටික දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
  • එය බඳුනකට දමා ගන්න.
  • Heavy Cream එක වෙනම බඳුනකට දමා බීට් කර ගන්න.
  • බීට් කර ගත් Heavy Cream එක, අලිගැටපේර මිශ්‍රණයට ටික ටික දමා හැන්දකින් මිශ්‍ර කර ගෙන, සුදුසු ප්ලාස්ටික් බදුනකට දමා අධි ශීතකරණයේ දමන්න.
  • පැය හයකට පසු ආහාරයට ගන්න පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles