තවමත් Cantaloupe melon ගැන ඔබ දැනුවත් නැද්ද?

හැමදාම කෙසෙල්, ගස්ලබු කාලා එපා වෙලාද? මෙන්න හොඳ විසඳුමක්. Cantaloupe melon (rock melons/Persian melons) කියන්නෙ ලංකාවේ බොහෝ දෙනා අතර තවමත් එතරම් ප්‍රචලිත පලතුරක් නොවේ. නමුත් ලෝකයේ අන් රටවල බෙහෙවින් ප්‍රචලිත මේ පලතුරු වර්ගය මෙන්න මේ දේවල් ඔබට තිළිණ කරනවා.

  1. පෙනහළු ශක්තිමත් කරයි. ඇදුම රෝගීන්ට ඉතාගණවත්.
  2. Potassium, Vitamin C සහ Choline ඇති නිසා රුධිර පීඩනය ක්‍රමවත් කර හදවත් රෝග වළකයි.
  3. Fiber වලින් අනූන නිසා මළබද්ධය වළක්වයි.
  4. Electrolyte සහ වැඩි වශයෙන් ජලය අඩංගු නිසා විජලනය නැති කරයි.
  5. Vitamin A ඇති නිසා පැහැපත් සමක් සහ නිරෝගිමත් වරලසක් ලබාදෙයි.

Juice/smoothie එකක් විදියට පමණක් ගතහැකි ලෙස බොහෝ දෙනා සිතුවත් මෙය පලතුරු සලාද සඳහාද කදිමයි. රසගුණ පිරි මේ පලතුර ඉක්මනින්ම ඔබේ ආහාරවේලට එකතු කරගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles