රසවත් චිකන් ලසඥ්ඥා හදමු..

චිකන් ලසඤ්ඤා  කියන්නේ  ඉතාලි කෑමක්. ගොඩක් රසවත්. නිසා පොඩිත්තන් හරිම කැමතියි.පොඩිත්තන් විතරක් නෙවේ වැඩිහිටියන් පවා කැමතී මේ කෑම ගෙදර අය පිනවන කෑමක් වේවි.

මේ සඳහා අපි මීට් සෝස් සහ වයිට් සෝස් හදා ගෙන ඉන්න ඕනෑ..

මීට් සෝස් සදහා අවශ්‍ය ද්‍රව්‍ය :

අඔරා ගත් චිකන් 500g (කැමති මස් වර්ගයක්)
කුඩාවට කපාගත් තක්කාලි 1kg
කුඩාවට කපාගත් සෙලරි ස්වල්පයක්
කුඩාවට කපාගත් රටලූනු ස්වල්පයක්
කුඩාවට කපාගත් සුදුලූණු ස්වල්පයක්
තක්කලි කෙචප් ස්වල්පයක්
බේලීෆ් කොල 1
රස අනුව ලුණු
මිරිස් කුඩු
ගම්බිරිස් කුඩු
තෙල්

මීට් සෝස් හදන්නේ මෙහෙමයි

  • තෙල් ටික බාජනයකට දාලා රත් වෙන්න තියන්න.
  • ඉන්පසු එයට සුදුලූණු , රටලූනු දාමා මදගින්නේ  කවලම් කරන්න.
  • අඹර ගත් මස් ටික දමාගන්න .
  • දැන් ලිපේ ගින්දර ටිකක් වැඩි කර  උයාගන්න
  • රස අනුව ලුණු , මිරිස් , ගම්බිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න.
  • හොදින් කවලම් කරන්න.
  • මස් එක තැම්බීගෙන එනවිට කුඩාවට කපාගත් තක්කාලි ටික එකතු කරන්න .
  • බේලීෆ් කොලය එකතු කර හොදින් කවලම්  කරන්න.
  • මදගින්නෙ විනාඩි 50ක කාලයක් උයාගන්න. පදම් වෙලා එනකොට ලිපෙන් බාගන්න.

වයිට් සෝස් සදහා අවශ්‍ය ද්‍රව්‍ය :

  • ප්‍රෙශ් මිල්ක් 500ml
  • බටර් මේස හැදි 2
  • පාන්පිටි මේස හැදි 2
  • පාර්මසන් චීස් ස්වල්පයක්
  • මොසරැල්ලා චීස් ස්වල්පයක්
  • රස අනුව ලුණු
  • ගම්බිරිස් කුඩු

වයිට් සෝස් එක හදා ගනිමු..

  • බාජනයක් ලිපේ තබා එයට බටර් ටික එකතු කරන්න.
  • එය දිය වූ පසු පිටි එකතු කර හැදිගාගන්න .
  • එය තරමක් ඝනකම් වූ විට ෆ්‍රෙශ් මිල්ක් එකතු කරන් හොදින් හැදි ගාන්න.
  • ලුණු ස්වල්පයක් හා ගම්බිරිස් ස්වල්පයක් ද එකතු කරන්න.
  • කිරි එක උකුවේගෙන එනවිට මොසරැල්ලා හා පාර්මසන් චීස් ස්වල්පයක් පමණක් එකතු කර කවලම් කරන්න. 

දැන් ලසඥ්ඥා එක හදා ගමු..

මේ සඳහා අවශ්‍ය ලසඥ්ඥා ශීට් සුපිරි වෙලඳසැලකින් මිලට ගන්න පුලුවන්.

  • ග්ලාස් ට්‍රේ එක ගෙන වටේ බටර් හෝ ඔයිල් හොදින් ගාගන්න.
  • පළමුව මීට් සෝස් ලේයර් එක දාගන්න.
  • පසුව තම්බාගත් ලසඤ්ඤා ශීට් අතුරන්න.
  • ශීට්ස් වලට උඩින් වයිට් සෝස් එක දමාගන්න
  • මීට් සෝස් ,නැවත ලසඤ්ඤා ශීට්ස් ,නැවත වයිට් සෝස් ලෙස අතුරන්න.
  • මෙලෙස ලේයර්ස් 9ක් අතුරන්න.
  • උඩම ලේයර් එකට  මොසරැල්ලා හා පාර්මසන් චීස් අතුරා ගන්න.
  • ප්‍රීහීට් කරගත් අවන් එකේ 180°cකදී විනාඩි 45 වගේ කාලයක් බේක් කරගන්න.

Related Articles

Don't Miss


Latest Articles