දෑත් දෙපා අහිමි වුවත් ජීවිතය වෙනුවෙන් නැගී සිටින ශාලිනී සරස්වතී

ශාලිනි සරස්වතී ඉපදෙන්නේ ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලක දියණියක් ලෙසයි. ලෝකයේ සියයට අනූ නවයක් ගැහැනු ළමයින්ගේ ජීවිතය සේම ඇගේ ජීවිතය ද ඉතා සාමාන්‍ය ලෙස ගලා යනවා.හොඳින් ඉගෙන ගන්නා ඇය උපාධිය ලබාගෙන තමා ආදරය කළ මිනිසා සමඟ විවාහ වෙනවා. තිස් දෙහැවිරිදි ඇය ප්‍රථම දරු උපතට සූදානම් වෙනවා.එතැනට එනතෙක්ම ඇගේ කතාව ඔබේත් මගේත් කතාව තරමට ම අතිශය සාමාන්‍ය එකක්.

කතාව ඇරඹෙන්නේ ඉන්පසුයි.

පළමු දරු ප්‍රසූතියට සූදානමින් හුන් සරස්වතී අසනීප වන්නේ හදිසියේ.

රෝගය විනිශ්චය කිරීමේ පළමු අදියරේදී වෛද්‍යවරු මෙම රෝගය ඩෙංගු රෝගී තත්වයක් ලෙසට හඳුනා ගන්නවා.නමුත් උණ ඉතා ඉක්මනින් වැඩි වෙනවා. එය දුර්ලභ බැක්ටීරියා ආසාදනයක් වන Rickettsial with Morts නම් භයානක රෝගය බව වෛද්‍යවරුන් හඳුනා ගන්නවා. මේ භයානක ඉරණම ඇයට මුලින්ම අහිමි කරන්නේ ඇගේ දරු ගැබයි.

බැංගලෝර් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා ඇගේ තත්වය වඩාත් අසීරු වෙමින් පැවතියා.ගැන්ග්‍රීන් නැමති බැක්ටීරියාව එකම මොහොතකදී ඇගේ විවිධ අවයව වලට හානි කරන්නට පටන් ගත් අතර මුලින්ම අහිමි වන්නේ ඇගේ දකුණු අත යි. ඊටත් පසු වම් අත ද ඊට පසු දෙකකුල් ද ඇයට අහිමි වෙනවා. බාර හාර හෝ ආගමකට ඇය විශ්වාස කරන්න බැරි බවත් වෛද්‍ය විද්‍යාව ගැන පමණක් තවදුරටත් විශ්වාස කළ යුතු බවත් ශාලිනි දිගින් දිගටම පවසනවා. බැක්ටීරියාව අඩපණ කර එය ඇගේ සිරුරෙන් ඉවත් කිරීමට බැංග්ලෝර් රෝහලේ වෛද්‍යවරු ඇත්තෙන්ම සමත් වෙනවා.

දෙඅත් සහ දෙපා අහිමි ශාලිනි අනුකම්පාව ප්‍රතික්ෂේප කළ ධෛර්යය විශ්වාස කළ අපූරු ගැහැණියක්. ඇය ඇගේ පාද සහ අත් අහිමි කළ සැත්කමට අවුරුදු තුනක් කල් ඉක්ම වූ පසු කෘතිම පා සහ පැළඳ ගන්නවා.

සටන ඉනික්බිති ඇරඹෙනවා.ලෝකයාගේ අනුකම්පාවට ලක් නොවීමට ඇයට වෙනස් දෙයක් කරන්නට උවමනා වෙනවා.

ඇය දිවීම තෝරා ගන්නවා.

බීපී අයියප්පා යටතේ පුහුණුවීම් ඇරඹෙනවා. ඔව්.එය එක්වරම සාර්ථක වන්නේ නැහැ. ඇය දෙවසරක් පුරා නොනවත්වාම සටනේ යෙදෙනවා.
වසර දෙකක අරගලයකින් පසු ෂාලිනිට බැංගලෝරයේ පැවති TCS 10k ආබාධිත ධාවන තරඟය 2016 වසරේ දී සාර්ථකව නිමා කරන්නට හැකි වෙනවා.එය නිමා කිරීමට ඇයට පැය දෙකක් ගත වූවත් 2017 දී පැවති දෙවැනි තරඟයනිමා කිරීමට ඇයට ගතවන්නේ පැය එකහමාරක්.

“දුක නොදැනෙනවා ම නෙවෙයි. මම අඬනවා. එය වේදනාව සමනය කරගන්න ඉතා හොඳ ක්‍රමයක්. සමහර වෙලාවට දුක ගැන කවි ලිවීමත් මම දුක පිට කර ගන්නා ක්‍රමයක්.”

ඇය ගැහැණියක්. ඉතින් ඇයට දුක දරා පීඩනයට ලක් නොවී එය පිට කරගන්නට සිදුවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඉතා සුන්දර ලෙස ඇය ඒ දුක්බර මතක සමඟ සටන් කරනවා.තමන් ශක්තිවන්ත කමින් ඉහළ කෙනෙක් බව ලෝකයට ඔප්පු කරමින් හිඳිනවා.

ඉන්දියානු වෙළඳ වාණිජ මණ්ඩලයෙන් සහ තවත් ආයතන කිහිපයකින් සම්මානයට පාත්‍ර වූ ඈ බැංග්ලෝර් සමාගමක නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරිය ද වනවා. ඒ වගේම ඇය ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාකාරී සමාජ සේවිකාවක්. Adventures Beyond Barriers නම් සමාජ සේවා පදනමේ තානාපතිනියක් වන ඇය ලිංගික ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ දරුවන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් කැපවී කටයුතු කරනවා.

දෙවියන්ව විශ්වාස කරනවාට වඩා තමන්ගේ ශක්තිය ගැන විශ්වාස කරන ඇය කියන්නේ අප ධනාත්මකව සිතන තරමට අපේ කටයුතු සාර්ථක වන බවයි. ඇය 2020 පැරාඔලිම්පික් තරඟයට සම්බන්ධ වන්නට බලාපොරොත්තු සහිතව සිටිනවා. කොරෝනාවෙන් පසු එය පැවැත්වෙන දිනෙක ඇය එහි තරඟ කරනු අපට දකින්නට හැකි වේවි.

Related Articles

Don't Miss


Latest Articles