පලතුරු අතරේ තාරකාව – කාමරංකා

Carambola, එහෙම නැතිනම් starfruit ලෙස හඳුන්වන කාමරංකා ලංකාවේ වගේම බොහෝ ආසියාතික රටවල ජනප්‍රිය පලතුරක්. ඉතාම ගුණදායක පලතුරක්වන කාමරංකාවල antioxidants, පොටෑසියම් සහ විටමින් C යහමින් තිබෙනවා. අඩු ඇසිඩ්, සෝඩියම් වගේම සීනි ප්‍රමාණයක් තිබෙනා නිසා නිතර ව්‍යායාම කරන ඔබට ගැලපෙනම පලතුරක්.

මොන තරම් රසවුණත් ගුණදායකවුණත් කාමරංකා සමහරක් අයට මාරාන්තික පලතුරක් වෙන්න පුළුවන්. ඒ එහි ඇති caramboxin සහ oxalic acid නිසා. මේ රසායනික ද්‍රව්‍ය දෙකම වකුගඩු සම්බන්ධ රෝග ඇති අයට ඉතාමත් අහිතකරයි. වමනය, කලන්තය වැනි රෝග ලක්ෂණ මෙන්ම මරණය පවා ඇතිවිය හැකියි. නමුත් සාමාන්‍ය නිරෝගී අයට මින් කිසිඳු හානියක් නැහැ.

මතක ඇතිව කාමරංකා කන්නට පෙර මතක ඇතිව පිරිසිදු වතුරෙන් සෝදා දාර කපා ඉවත්කරගන්න. මතක ඇතිව මැද තියෙන ඇටත් ඉවත්කරගන්න. ලංකාවෙ අය පුරුදුවෙලා ඉන්නෙ ලුණුත්එක්ක කන්න වුණත් කාමරංකා ආහාරයටගන්නට හැකි ක්‍රම රැසක්තිබේ. එළවළු හා පලතුරු සළාදවලට එකතුකරන්න, කේක් සහ අතුරුපස සරසාගන්න, පුඩිං සාදන්නට, ජෑම්, ජෙලි හා චට්නි හදන්න සහ එළවළු කරියක් විදිහටත් කාමරංකා සකසගන්න පුළුවන්. ඒ වගේම වතුර හෝ අයිස් සමඟ බ්ලෙන්ඩ් කරගත්තොත් රසවත් පානයක් සකසගන්නත් පුළුවන්.

මීට පස්සෙ නිකම්ම ගස් යට වැටිල නරක්වෙලායන්න නොදී රසවත් ආහාරයක් හෝ පානයක් කාමරංකාවලින් සකසගන්න අමතකකරන්න එපා.

කල්හාරී

Related Articles

Don't Miss


Latest Articles