පිටරට සවාරියක් යන්න දවස් කීපයකට කලින් කළයුතු දේවල් ගැන ඔබ දන්නවාද?

විශේෂයෙන්ම පිටරට ගමනක් යන්නට සති කිහිපයකට පෙර ඔබ කළ යුතු දෑ පිළබඳව මීට පෙර අප ඔබට මතක් කළා. සතියකට කලින් පමණක් නොව, ඔබේ ගමන අරඹන්න දින කීපයකට කලිනුත් ඔබ සැලකිල්ලෙන් සිටිය යුතු කරුණු කිහිපයක් ගැන ඔබ දැනුවත් කරන්න අපි හිතුවා.

  1. කාළගුණය ගැන සැලකිලිමත්වන්න

වර්ෂාව, හිම ආදී කාළගුණ තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත්වන්න. කාළගුණයට ගැපෙන අකාරයට ඇඳුම් සහ අවශ්‍ය අනෙකුත් උපාංග සූදානම් කරගන්න.

  1. ශරීරය සූදානම් කරගන්න

නිදාගන්නා වේලාවන්, ආහාර පුරුදු ආදිය තරමක් වෙනස් කරගතහොත් ඔබට ඉක්මනින්ම ඔබේ ගමනාන්තයට හැඩගැහෙන්න පුළුවන්. ව්‍යායාම සහ යෝගා ක්‍රම කිහිපයක්  පුහුණු වුණොත් කරදරකාරී jetlag එකෙන් මිදෙන්නත් ඔබට හැකිවේවි.

  1. කාලීන පුවත් පිළිබඳ අවධානය යොමු කරන්න

විශේෂයෙන්ම දේශපාලන තත්ත්වයන්, අභ්‍යන්තර ගැටුම් සහ ත්‍රස්ත ප්‍රහාර ආදී කරුණු පිළිබඳව නිරතුරුවම අවධානයෙන් සිටින්න.

  1. ගණුම් කාඩ් පත්/ බැංකු ගිණුම් සක්‍රීයදැයි බලන්න

ඔබගේ debit/credit කාඩ්පත් සක්‍රීය තත්ත්වයේ තිබේද යන්නත් කල් ඉකුත්වී තබේද යන්නත් පිළිබඳ සැලකිලිමත්වන්න. ජ්‍යාන්තරව භාවිතා කළ හැකි ගණුමකට හදිසියකදී ලබාගන්නට මුදලක් බැර කොට තබන්න.

දැන් බඩු ඔක්කොම පැක් කරල අඩුපාඩු මොවද කියල බලන්න හොඳම වෙලාවයි. මේ විදියට හරියට ලෑස්තිවෙලා ඔබේ ගමන ගියොත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles