අකල් වැහි -16

සිතිජට ඒ ඇමතුම නිමා වූ මොහොතේ පටන් සිතට නිවනක් නොවිණ.ඔහු ඔබමොබ ඇවිද්දේ සිත් පීඩාව මකා ගන්නට ය.ආදරය සිත් පීඩාවකින් අවසන් වීම මොනතරම් අභාග්‍යසම්පන්නදැයි ඔහු සිතුවේ නළල ඇඟිලි තුඩු වලින් මිරිකා ගන්නා අතර ය.

“අවුලක්ද මචං?”

කසුන්ගේ අත්ල උරහිස මත පතිත වෙද්දී ඔහු පියවි සිහියට එළඹිණ.කසුන් මිතුරා සොයා ආවේ වැදගත් කාරණාවක් පිණිස ය.සිතිජද වියවුලට පත් වී හිඳින්නේ ඒ කාරණාවටමදැයි ඔහුට සැක ඇති විණ.

“අංජලී ඔලුව කනවා බං තාමත්.”

සිතිජගේ කටහඬ ළං වූයේ වේදනාවට ය.අංජලී නිසා සිතිජ දරා ගත් පීඩා හොඳින්ම දන්නා හෙයින් කසුන් මිතුරාව සන්සුන් කරන බැල්මකින් ඔහු දෙස බලා හුන්නේ ය.

“තාමත්?”

අංජලීගේ නික්මනට පවා දැන් මාස කිහිපයක් ගෙවී අවසන් ය.ඒ නික්මනෙන් ඉනික්බිතිව ඇය සිතිජට හිත හදා ගන්නට ඉඩ නොදෙන්නේ මන්දැයි සිතන්නට කසුන්ට අසීරු ය.

“ඇයි බං කෙල්ලො මෙච්චර නරක?”

ඔහු ඇසුවේ ඒ මොහොතේ සිතට ආ හැඟීම ය.සිතිජ කිසිත් නොකියා මඳ වෙලාවක් ගෙවා දැම්මේ ය.විදුලි ආලෝකය හරිහැටි නැති තැන්වල අඳුරු සෙවණැලි ය.ජීවිතය ද එබඳු බව ඔහුට සිතිණ.

“කෙල්ලො කොල්ලො කියල ඒකෙ බේදයක් නෑ.සමහරු අනිත් කෙනා දාලා යන්නේ සම්පූර්ණයෙන්ම නෙවෙයි.ඒක නිකං අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම පරිස්සං කරනව වගේ වැඩක්.අංජලී මාව දාලා ගිහින් කසාද බැන්දට තාම හිත හදාගන්න හොයන්නේ මාව.එහෙම කරන කොල්ලොත් ඉන්නෙ.ඕක මනුස්ස ස්වභාවෙ මිසක් කෙල්ලො කොල්ලො භේදයක් නෙවේ.”

මේ මොහොත ඇත්තේ මේ කමකට නැති ප්‍රේම කතා වෙනුවෙන් දිය කරන්නට නොවන බව ඔහුට සිතිණ.එක්ව ජය ගත යුතු සටනක් අරඹා ඇති මොහොතේ පොදු අරමුණට මිසක පෞද්ගලික දුක් පීඩා වෙනුවෙන් මනස වෙහෙසිය යුතු නොවේ.කරන්නට අප්‍රමාණ දේ තිබේ.

සිතිජ හිඳින්නේ ප්‍රේමයෙනි!
ඒ යුවතියක කෙරෙහි ප්‍රේමයෙන් නොවේ!
උපන් දේශය ගැන ප්‍රේමයෙනි!!

“අර හිරූ කියන ගෑනු ළමයා..”

කසුන් අලුත් මාතෘකාවක් ඇරඹී ය.සිතිජ මිතුරා දෙස බැලුවේ විමතියෙනි.ඔහු මේ කියන්නේ මොනවාදැයි සිතිජට දැනගන්නට ඕනෑ විය.හිරූ තරුණ නෙත් ඇද ගන්නා කෙල්ලකි.පෙම්වතියක සිටියාට කසුන්ගේ හිත හෙල්ලී ගියා වෙන්නට බැරි නැත.

“ඒ ළමයා මෙතනට ආවෙම රට ගැන හිතනවටත් වඩා අර නිසල් වෙනුවෙන්.උඹට එහෙම හිතෙන් නැද්ද?”

කසුන් කියද්දී නිසල් මිතුරා දෙස බැලුවේ පුදුමයෙනි. ඔහු හිරුදිව එතරමට කියවා නොතිබිණ.

“ඒ කෙල්ල නිසල් ගැන මොනවම හරි වැඩියෙන් දන්නව.දේවතිලකලා එක්ක හරි වෛරෙන් ඉන්න බවත් පේනවා.”

කසුන් ඌණපූර්ණ එක් කරන්නට ගත්තේ ය.ජිග්සෝ ප්‍රෙහේලිකාමය ස්වරූපයකින් සිතිජට හිරුදිගේ මුහුණ මැවී පෙනෙන්නට පටන් ගත්තේ ය.

ඇය සැබෑවටම කවුද?

ඔහුට එය දැන ගන්නට ඕනෑ විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles