අද ලිපියෙන් අපි කතාකරන්න යන්නෙ Rasavathi කියන චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටය ඉන්දියාවෙ දෙමල බාශාවෙන් හැදිච්ච හරිම ලස්සන ප්‍රේමණීය ත්‍රාසජනක (Romance Thriller) චිත්‍රපටයක්. සාන්තකුමාර් තමයි චිත්‍රපටය අධ්‍යක්ශනය කරල නිශ්පාදනය කරලත් තියෙන්නෙ.
ඉතින් චිත්‍රපටයේ වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්.
සතාසිවම් පාණ්ඩ්‍යන් කියන්නෙ ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්. මෙයාට කට්ටිය සිවා කියලත් කියනවා.මෙයා හරිම හොඳ කෙනෙක්. ඒ කිව්වෙ සතෙක්ටවත් වරදක් රිදවීමක් කරන්නෙ නැති නිහඬ ජීවිතයක් තමයි සිවාට තියෙන්නෙ. සිවා ගමේ අයත් එක්කත් හොඳට ඉන්න ගමන් ආයුර්වේද වෛද්‍යවරයෙක් විදියට තමන්ට පුලුවන් විදියට ගමේ මිනිස්සුන්ටත් සිවා උදව් කරගෙන තමයි ඉන්නෙ.
හැබැයි සිවාගෙ උඩු යටිකුරු වෙන්නෙ සිවාගෙ අදහස් ගතිගුනවලට සහමුලින්ම වෙනස් දූශිත පොලිස් නිළධාරියෙක් මේ කතාවට සම්බන්ධ වුණයින් පස්සෙ. ඒ වගේම අහම්බෙන් හමුවෙන ආදරණීය හිතක් එක්ක මේ පටලැවිල්ල තව තව සංකීර්ණ වෙන එක තමයි වෙන්නෙ.
මේක හටියට Shock වෙන Film එකක් කියලා කියන්නම ඕන.
කතාව පටන්ගන්නෙ රාත්‍රි වෙලාවක පරිසු කියන පොලිස් නිලධාරියා එයාගෙ සීනියර් ඔෆිසර් එකක් කෝල් එකක ඉන්න මෝමන්ට් එකකින්. පරිසු මේ කෝල් එක අතරවාරයෙදි එයාගෙ සීනියර් ඔෆිසර්ගෙන් ඉල්ලනවා “ඒ කේස් එක වෙච්ච වෙලාව මම එතන හිටියෙ නෑ කියල ඔප්පු වෙන විදියට ඔක්කොම සෙටප් කරන්න” කියලා. හැබැයි අපි තාම දන්නෙ නෑ මේ කියන කේස් එක මොකද්ද කියලා.
හැබැයි එතනදි මේ සීනියර් ඔෆිසර් කියනවා “ඒ සිදුවෙච්ච දේ එකම සාක්කිකාරය විදියට මට නිකන් ඉන්න බෑ මේක SP ට කියන්න වෙනවා. ඒ වගේම ඔයා කරපු අපරාධය කොච්චර ලොකුද කියනවනම් එක්කො ඔයාට මරන දඬුවම ලැබෙයි එහෙම නැත්තම් ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න වෙයි” කියලත් මෙයා පරිසුට කියනවා.
ඒ වගේම “අද රෑ නයිට් ඩියුටි ඉන්න ඕන නෑ, හෙටම ඇවිත් මාව හම්බෙන්න” කියලාත් එයා පරිසුට කියනව. පරිසු මෙතනදි කියනව “ඔයත් එහෙම කතා කරොත් මට සිය දිවි නසාගන්න තමයි සිදුවෙන්නෙ” කියලා.
සීනියර් එතකොට කියනවා “ඕනනම් ඉතින් එහෙම කරගන්න, ඒ නැතත් කොහොමත් ඔයාට මරණ දඬුවම තමා හම්බුවෙන්නෙ ඔයා කරපු අපරාධයෙ හැටියට” කියලා.
කොහොමහරි ඊලඟට අපිට පෙන්නනව පරිසු එයාගෙ තුවක්කුව නිකටට තියාගෙන වෙඩි තියාගන්න හදනවා. ඒ උනාට ඒක කරන්න ගට් එකක් නැතිනිසා ආයෙ ලෑස්තිවෙලා ස්ටේශන් එකට එන පරිසුව දකින සීනියර් ඔෆිසර් කියනවා “මම ඔයාට එන කිව්වෙ හෙට SP ඔෆිස් එකටනෙ, මොකටද මෙහෙට ආවෙ, ගෙදර යනවා” කියල. පරිසු ඉතින් බැණුම් අහගෙනම යනවා.
තමන්ගෙ ස්ටාෆ් එකේ අයට වැඩ භාරදෙන සීනියර් ඔෆිසර් එයාගෙ බඩ අවුල් කියල වෙන ඔෆිසර් කෙනෙක්ව යවනවා ලෙමන් ජූස් එකක් අරගෙන එන්න. එයා ලෙමන් ජූස් එක අරගෙන එන්න යද්දි පරිසු මෙයාගෙන් විස්තර අහගෙන දැනගන්නවා සීනියර් ඔෆිසර් දැන් ස්ටේශන් එකේ තනියම ඉන්නෙ කියලා.
පරිසු ගෙදර යන්න බයික් එකේ නැගල යනව. ඊලඟට අපිට පෙන්වනවා සීනියර් ඔෆිසර් පොලිසිය එලියෙ තිබ්බ ටොයිලට් එකට ගිහිල්ලා ඉන්නව. කාටවත් සැක නොහිතෙන්න පොලිසියට එන පරිසු දකිනවා සීනියර් ඔෆිසර් වොශ් රූම් යන්න කලිසම එලියෙ එල්ලල තියෙනවා. ඉතින් මෙයා මොකද කරන්නෙ කාටවත් පේන්නෙ නැතිවෙන්නෙ ඒ ඔෆිසර්ගෙ ගන් එක තමන්ගෙ ගන් එක එක්ක මාරුකරගන්නවා.
පරිසු ඉන්පස්සෙ ටක්ගාලා එතනින් මාරුවෙනවා. ආයෙම ස්ටේශන් එකට එන සීනියර් ඔෆිසර්ට පොලිසිය ඇතුලට යන්න වෙන්නෙ නෑ මොකද ඉස්සරහින් එන පරිසු දෙපාරක් හිතන්න ඉඩ දෙන්නෙ නැතුව පරිසු සීනියර් ඔෆිසර්ගෙ ගන් එකෙන් ඒ ඔෆිසර්ට වෙඩි තියන්නෙ. මේක ලෙමන් ජූස් අරගෙන එන ඔෆිසර්ටත් ඇහෙනවා.
තියෙන පොඩි වෙලාවෙන් පරිසු ටක්ගාලා ගන් එක ලේන්සුවක් අරගෙන පිහදාලා මැරිච්ච ඔෆිසර් අතෙන් තියනව මේන සියදිවි නසාගැනීමක් විදියට පෙන්වන්න.
කාටවත් මේක ගැන සැක හිතෙන්නෙ නෑ. මොකද මෙහෙම සියදිවි නසාගන්න කිසිම හේතුවක් මේ සීනියර් ඔෆිසර්ට තිබුනෙ නැති හන්දා.
ඉතින් කට්ටිය එන නිගමනය වෙන්නෙ මේ සීනියර් ඔෆිසර් ගන් එක පිරිසිඳු කරගන්න ගිය වෙලාවක වැරදිලා පත්තු වෙලා එයා මැරිලා කියලා.
හැබැයි කතාව බලන අපිට නම් මෙතනදි ලොකු සැකයක් මතුවෙනවා.
පරිසු ඇත්තටම මේ ඔෆිසර්ව මරල දැම්මෙ ඇයි?
ඒ ඔෆිසර් සහ පරිසු විතරක් දැනගෙන ඉඳපු මරණ දඬුවම ලැබෙන්න සුදුසු පරිසු කරපු ලොකුම ලොකු අපරාධය මොකද්ද?
ඒ වගේම ඒ අපරාධයට අහිංසහ ආයුර්වේද වෛද්‍යවරයෙක් උන සිවාගෙ තියෙන සම්බන්ධෙ මොකද්ද?
ඉතින් ඒවට උත්තර දැනගන්න නම් අදම Rasavathi චිත්‍රපටය ඔයාලා බලන්නම ඕන!
ReplyForwardAdd reaction |