මම හරිම ආසයි අනාගත ලෝකය පෙන්වන චිත්රපටවලට. සමහර විට ඔයාලත් ඒ වගේ චිත්රපට බලන්න ආස ඇති. අන්න එහෙම හිතලා තමයි අපිට ආටිකල් වලට ටොපික්ස් හොයලා දෙන දිලිනි, මේ පාර චිත්රපට ලිපි පෙලට අනාගත ලෝකයේ කතාවක් ගැන කියවෙන Ganapath කියන චිත්රපටය තෝරගෙන තියෙන්නෙ.
Ganapath කියන්නෙ 2023 අවුරුද්දෙ ආව චිත්රපටයක්. හැබැයි 2023 ආවට මේ චිත්රපටයෙන් පෙන්වන්නෙ 2070 අවුරුද්දෙ කතාවක් ගැන. මේක හින්දි බාශාවෙන් ලියවෙච්ච Dystopian Sports Action Film එකක්. මේ චිත්රපටයට රංගනයෙන් දායක වෙනවා Tiger Shroff, Kriti Sanon, Amitabh Bachchan වගේ නලු නිලියො.
ඉතින් දැන් අපි බලමු මේ චිත්රපටයෙ කතාව තියෙන්නෙ කොයි වගේද කියලා.
2070 අවුරුද්දෙ වෙච්ච තීරණාත්මක යුද්ධයක් නිසා ලෝකෙ වෙන්වෙනවා කොටස් දෙකකට. එක පැත්තක් වෙන් වෙන්නෙ සල්ලි තියෙන ධනවත් මිනිස්සුන්ට. අනෙක් පැත්ත වෙන් වෙන්නෙ මුකුත් කරගන්න බැරි අසරණ දුප්පත් මිනිස්සු වෙනුවෙන්. ධනවත් මිනිස්සු ඉන්න පැත්තට කියන්නෙ Silver City කියලා, ඒ පැත්තේ නායකයා Dalini.
දුප්පත් මිනිස්සුන්ට හරියට දුක් මහන්සි වෙන්න වෙනවා තමන්ට උවමනා කරන හරිම සරල,, එදිනෙදා දේවල් පවා ලං කරගන්න. මොකද ඒ දුප්පත් අයගෙ පැත්ත පාලනය කරන්නෙත් ධනවත් පැත්තෙ කට්ටිය නිසා.
ගුඩ්ඩි පදිංචි වෙලා ඉන්නෙ Silver City එකේ. එයා වැඩ කරන්නෙ Dalini ගෙ හෙංචයියෙක් වෙච්ච ඔට්ටුවට බොක්සිං තරග පවත්වල සල්ලි හොයන ජෝන් ලඟ. දවසක් ජෝන් ගුඩ්ඩුට කියනවා එයාගෙ පෙම්වතිය වෙච්ච ඩිම්පල් ව සමාජ ශාලාවකට එක්කරගෙන එන්න කියල මොකද ජෝන් වැඩ වගයක් නිසා කාර්යබහුල නිසා.
නොහිතපු විදියට ගුඩ්ඩුයි ඩිම්පලුයි දෙන්න එකතුවෙලා ඉන්න එක ජෝන් දකිනවා. හොඳටම තරහා යන ජෝන් මොකද කරන්නෙ මේ දෙන්නව පනපිටින් වලලලා දානවා. හැබැයි හිතාගන්න බැරි විදියට ගුඩ්ඩු පණ බේරගන්නවා. එහෙම පන බේරගන්න ගුඩ්ඩුට කයිසාඩ් කියන පුද්ගලයා කියනවා “දුප්පත් මිනිස්සුන්ගෙ පැත්තට ගිහිල්ලා ශිවාව හම්බෙලා එයාගෙන් සටන් ඉගෙනගන්න” කියලා.
මේ නගරයේ ඉන්නවා මහරිශි දලපති කියලා කෙනෙක්. එයා අනාගතේ ගැන අනාවැකි එහෙම කියන කෙනෙක්.දලපති ගුඩ්ඩුට කියනවා “ඔයා තමයි දුප්පත් මිනිස්සුන්ව එයාලගෙ ඉරණමෙන් බේරගන්න පුලුවන් කෙනා වන ගණපත්” බව.
ඒ කතාව ඇත්තක් වෙන්න පුලුවන් බව හිතන ගුඩ්ඩු දුප්පත් මිනිස්සුන්ගෙ පැත්තට ගිහින් සටන් ඉගෙනගන්නවා ශිවා ගෙන්.ඒ සටන් පුහුණුවීම අතරවාරයේ එයත් හිතන්න ගන්නවා එයා තමයි ඇත්තටම ගණපත් කියලා. ඒ නිසාම මෙයා කරන්නෙ Dalini සහ එයාගෙ හෙංචයියන්ව රවට්ටලා “මමත් ඔයාලට සපෝට්” වගේ චරිතයක් රඟපානවා.
සටන් කලාවෙ දක්ශ වෙච්ච ගුඩ්ඩු බොක්සිං තරග වලින් දිනන්නෙ අර ගණපත් වෙන්න පුළුවන් කියන කතාව හරියට අමතක වෙච්ච මනුස්සයෙක් වගේ.
මේ විදියට තරග ගොඩක් දිනාගෙන ආවට පස්සෙ තමයි ගුඩ්ඩු එයාගෙ ගණපත් ප්ලෑන් එක ක්රියාත්මක කරන්න හදන්නෙ. එයා හෙමින් සැරේ තරග එක එක පරාද වෙන්න ගන්නවා. ඒ වගේම එයා Dalini ව සහ ජෝන්ව පොළඹවනවා එයාගෙ ප්රතිවාදියා වෙනුවෙන් ඔට්ටු අල්ලන්න. ඒකෙන් ගුඩ්ඩු කටයුතු කරන්නෙ ජෝන් සහ එයාගෙ සහචරයින්ට දුප්පත් මිනිස්සුන්ගෙන් තවත් සල්ලි හූරා ගන්න එයා සපෝට් කරනවා.
බලන් ඉන්න අයට පොඩ්ඩක් හිතාගන්න බැරි වෙනවා මේ දුප්පත් මිනිස්සුව එයාල ඉන්න දුකෙන් බේරගන්න ආව මනුස්සයා එහෙම කරන්නෙ නැතුව තවමත් සල්ලි තියෙන Silver City එකේ මිනිස්සුන්ටම උදව් කරන්නෙ ඇයි කියලා. ඒත් ඒක තමයි ගුඩ්ඩුගෙ එහෙමත් නැත්තම් ගණපත්ගෙ පලිගැනීමේ ප්ලෑන් එක.
ගුඩ්ඩුට සටන් පුහුණු කරන්න ආව ශිවාගෙ යාලුවෙක් ඉන්නවා ජස්සි කියලා. මේ වෙද්දි ජස්සි ඉන්නෙ හිරේ. කොහොමහරි ජස්සි හිරෙන් නිදහස් වෙද්දි ගුඩ්ඩු එයාව හම්බෙලා කියනවා දුප්පත් මිනිස්සුන්ට කියන්න කියලා එයාලගෙ ඉතිරි කරගෙන ඉන්න සල්ලි බොක්සිං තරග වලට ඔට්ටු අල්ලන්න කියලා.
ඒත් ඇත්තටම සල්ලි තියෙන මිනිස්සුන්ගෙ පැත්තෙ ඉඳලා ඇවිත්, “මං ඔයාලව බේරගන්නම්” කියල පොරොන්දු වෙන මනුස්සයෙක් මත විශ්වාසෙ තියලා තමන් අමාරුවෙන් ඉතුරු කරගත්ත සල්ලි ඔට්ටු බිමට දාන්න දුප්පත් මිනිස්සු කැමති වෙයිද?
ගණපත් වෙන්න ගුඩ්ඩු ගහන මේ අමුතුම ප්ලෑන් එක වැඩ කරයිද?
ඒ ගැන දැනගන්න නම් ඔයාලා මේ Ganapath කියන චිත්රපටය බලන්නම ඕන. හැමදාම බලන හින්දි චිත්රපටවලට වඩා වෙනසක් තියෙන නිසා ඔයාලට හොඳ චිත්රපට අත්දැකීමක් ගන්න පුළුවන් වෙන බව මට විශ්වාසයි!