ප්‍රමුඛතාවය

නිහංසා ගොඩක් වෙලාවට හිටියේ  හිටියේ මූණ නරක් කරගෙන. ඒකට හේතුව තමයි තිමාල් ඇයව ගණනකට නොගන්නා බව ඇයට දැනෙන එක.  විවාහ වෙලා එක ගෙදරක ජීවත් වෙන්න ගත්තාට පස්සේ නිහංසාට තිමාල්ගේ මේ වෙනස්කම් ඉතාම තදට දැනෙන්න ගත්තා. ඒ හින්දාම නිහංසා ඉඩක් ලැබෙන හැම වෙලාවේම ඒ වෙනස්කම් ගැන කියලා තිමාල්ට නෝක්කාඩු කිව්වා. එහෙම බැලුවම දෙන්නගේ ජීවිත වල නෝකාඩු කියන්නයි, නෝක්කාඩු අහන්නයි සෑහෙන වෙලාවක් වෙන් වෙවී තිබුනා. තිමාල් නිහංසාගේ කියවිල්ල ගණනකට නොගෙන ඉන්න උත්සාහ කලත් ඇය දිගින් දිගටම සමාන විදියට හැසිරෙන්න ගත්තාම තිමාල්ගේ ඉවසීමේ සීමාවත් කුඩු වෙලා ගියා.

ඊට පස්සේ තිමාල් නිහංසාට බැණ වදින්න පටන් ගත්තා. ඊටත් පස්සේ ඇයව මඟාරලා ඉන්න ගත්තා. දෙන්නට දෙන්නා මූණ නොබලන තැනටම දේවල් සිද්ද වුනා. කොතැනක හරි තැනක තමන්ට වැරදුනු බව නිහංසාට වැටහුනත් ඒ කොතැනකින්ද කියලා ඇයට වැටහුනේ නැහැ. ඒ තැන හොයාගන්න ඇයට පුලුවන් වුනෙත් නැහැ. අන්තිමේදී නිංහසා කල්පනා කරලා කාන්තා සමූහයකට නිර්නාමික ලියවිල්ලක් යොමු කල.

” සුබ දවසක් හැමෝටම. අනේ මගේ පෝස්ට් එක ඇපෲ කරන්න. මම ඉන්නේ ජීවිතේ කලකිරීමෙන්. මට අවුරුදු විසි දෙකයි. ඒලෙවල් කරලා ගෙදර ඉන්න අතරේදී අම්මලාගේ යාලුවෙක්ගේ මාර්ගෙන් ආව ප්‍රපෝසල් එකකින් මීට මාස හයකට කලින් මැරි කලා. බඳින්න කලින් මගේ හස්බන්ඩ් හරිම හොඳයි. එයා බෑන්ක් එකක වැඩ කරන්නේ. දැන් ප්‍රමෝශන් එකකුත් ලැබිලා. ඉස්සර එයාට  දවස තිස්සේම මා එක්ක කතා කරන්න වෙලා තිබුනා. වීඩියෝ කෝල් ගත්තා. වීකෙන්ඩ් වල අපි ඇවිදින්න ගියා. ෆිල්ම් බැලුවා. ඒත් මැරි කරාට පස්සේ එයා වෙනස්. එයා මගේ කෝල් එකක් ආන්සර් කරන්නෙත් හිතුනොත් විතරයි ඔෆිස් එකේ ඉන්නකොට. වීකෙන්ඩ්ස් වල එයාට ඕනි ගෙදරට වෙලා ඉන්න. අඩුම තරමේ ඩිනර් අවුට් එකක්වත් යන්නේ නැ. මම දවසම ගෙදරට වෙලා ඉන්නේ. දවල් වරුවට ගෙදර වැඩ වලට උදව් කරන්න ආන්ටි කෙනෙක් එනවා. ඒ නිසා මට  ගෙදර වැඩ කියලත් ලොකු දෙයක් නෑ කරන්න. මට හරිම කලකිරීමක් දැනෙන්නේ ජීවිතේ ගැන. මගේ යාලුවෝ කැම්පස් ගිහින් සතුටින් ඉන්නවා පේනවා මට. මම මැරි කරන්න තීරනය කරලා වැරැද්දක්ද කලේ කියලා හිතෙන තරමට මට ෆෙඩ් අප් වෙලා තියෙන්නේ. ඇත්තටම මගේ හස්බන්ඩ් හරිම හොඳ කෙනෙක්. ඒත් එයා දැන් හැසිරෙන්නේ හරිම වෙනස් විදියට. අක්කලා මට ආදරෙන් කියලා දෙන්නකෝ කොහෙද මට වැරදිලා තිය්න්නේ කියලා. කතාව පැහැදිලි මදි නම් සමාවෙන්න. මම අඬ අඬා මේ ටයිප් කරන්නේ…”

ඊට පස්සේ නිහංසා මුහූනු පොතට පිවිසිලා පෝස්ට් එකට එන කොමෙන්ටු කියෙව්වා. බුද්ධිමත් විදියට ඇයව කියවාගෙන ඇයට උපකාර වෙන කොමෙන්ටු ලියපු බොහෝ දෙනෙක් හිටියා. නිහංසා ඒ හැම කොමෙන්ටුවක්ම කියෙව්වේ ජීව්තේ ගැන සෑහෙන්නම ධනාත්මක බලාපොරොත්තු හැදෙද්දී. එදා හවස් වෙනකල්ම නිහංසා කලේ මේ කොමෙන්ටු තෝරා බේරාගෙන පිළිවෙලකට හිතපු එක.

එදා හවස නිහංසාට තිමාල් එක්ක රණ්ඩු වෙන්න වෙලාවක් තිබුනේ නැහැ. ඇය හිටියේ ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන් යම් ඉලක්කයක් ගැන හිතන ගමන්. ඊට පස්සේ දවස් කිහිපයේමත් නිහංසා උන්නේ ඇගේ ජීවිතයට ආදරේ කරන්න සූදානම් වෙන ගමන්. නිහංසා නිවසේ ඉඳන් කරන්න පුලුවන් කුඩා ව්‍යාපාරයක් ගැනත් සැලසුම් කලා. සෙනසුරාදා උදේ වෙනකොට තිමාල්ට මේ වෙනස හොඳින්ම දැණිලා තිබුනේ. තමන්ට වඩා අවුරුදු හයක්ම බාල කෙල්ලට තමන් අතින් වරදක් වුනා කියන හැඟීම තිමාල්ට දැනෙන්න පටන් අරගෙන තිබුනේ  නිහංසාගේ නිහැඬියාවත් එක්ක.

සෙනසුරාදා හවස තිමාල් නිහංසාව බලෙන්ම රාත්‍රී ආහාර වේලකට එක්කගෙන ගියා.

” මම හිතුවා ඩිග්‍රී එකක් කරන්න …”

නිහංසා එහෙම කිව්වම තිමාල් ඒ දිහා බැලුවේ පුදුමෙන්. දෙන්නා යාලු වෙලා ඉන්න කාලේ තිමාල් නිහංසාව අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොමු කරන්න කොයි තරම් උත්සාහ කලත්, නිහංසා ඒකට කමති වුනේ නැතිබව තිමාල්ට මතකයි.  ඒත් මේ එකපාරටම නිහංසාගේ වෙනස්වීම තිමාල්ට හිතාගන්න බැරි වුනා. එහෙම වුනත් නිහංසාට අවශ්‍ය කරන උදව් කරන්න තිමාල් පැකිලුනේ නැහැ.  ඒ එක්කම නිහංසා තිමාල්ගේ අවධානය ඉල්ල්ලා රන්ඩු කරන එක අඩු වෙලා ගියා. ඇගේ සරසවියේ ඇයට මිතුරන් පිරිසක් හැදුනා. තිමාල් වෙනුවෙන් ඇය කල කී දේවල් ටිකක්වත් වෙනස් නොවී තියාගෙන, ඇගේ අලුත් ජීවිතේ සුවඳ එක්ක නිහංසා සෑහෙන්න සතුටින් හිටියා.

තිමාල් නිහංසා දිහා විමසිල්ලෙන් බලාගෙන හිටියේ. නෝක්කාඩු කිය කියා උන්න කෙල්ලගේ මේ වෙනස්වීම සතුටු වෙන්න කාරණාවක් වුනත්, ඇය සමාජයට නිරාවරනය වුන විදිය එක්ක ඇයට ජීවිතේ වටහා ගන්න අපහසු වේවිද කියන බය තිමාල්ට දැනෙන්න පටන් අරගෙන තිබුණේ. ඒ බය දෙඟුණ  තෙඟුණ වුනේ දවසක් නිහංසා කැම්පස් යනවා කියලා ගෙදරින් ගිහින් කැම්පස් එකේ  නොහිටියාම. හවස වේලාසන වැඩ ඉවර වුන නිසා තිමාල් නිහංසාවත් අරගෙනම එන්න හිතාගෙනයි කැම්පස් එක ලඟට ගියේ. ඒත් එද නිහංසලාගේ බැච් එකේ කාටවත්ම දේශන නොතිබුන දවසක් බව තිමාල්ට දැනගන්න බැලුනා.

තිමාල් ගෙදර ආවේ මරණීය වේදනාවක් එක්ක

” උබ නිහංසාව ඔය කැම්පස් වලට යැව්වා වගේ නෙවෙයි මල්ලී … අන්තිමේදී ඔන්න බලන්න වෙන විනාසේ.. ඒ කෙල්ල ලස්සනයි, බැඳලා කියලා පේන්නේවත් නෑ.. ඕනි තරම් කොල්ලෝ එයි සෙට් වෙන්න.. නිහංසාත් රට ලෝකේ ගැන මහ අවබෝධයක් තියෙන කෙල්ලෙක්ද මොකෝ ..අහු වෙයි ඩෝං  ගාලා…”

අක්කා කියපු විදිය තිමාල්ට ආයේ ආයෙම දෝංකාර දුන්නා.  තිමාල් ගෙදර ඇවිල්ලා එහෙමම සෙටියට වැටුනා. ඔලුව පුපුරන්න තරම් වේදනාවක් දැනෙද්දී ඇස් දෙකේ කඳුලු නවත්තගන්න නොසෑහෙන්න උත්සාහයක් දුන්නා.

නිහංසා ගෙදර එනකොට හවස හතයි. තිමාල් කිසිම වෙනසක් නැතුව නිහංසා දිහා බැලුවා.

” හවස ලෙක්චර් එක  චුට්ටක් ඩිලේ වුනා අයියේ …”

නිහංසා එහෙම කිව්වාම  තිමාල් ඔලුව වැනුවා. නිහංසා රෑට කෑම හැදුවම දෙන්නම නිහඬවම කෑම කෑවා. නිහංසා උන්නේම නොතේරෙන තිගැස්මක් එක්ක.

” නිහංසා.. අද කැම්පස් නොගිහින් ඔයා කා එක්ක, කොහේ ගියාද කියලා මම අහන්නේ නෑ.. මොකද මට ඒක වැඩක් නෑ.. ඒත් හෙට ලෑස්ති වෙන්න, මම ඔයාව අම්මලාගේ ගෙදරින් බස්සවන්නම්.. මට ටික දවසක් තනියෙන් ඉන්න ඕනි… ඔයා එහෙ ඉඳන් කැම්පස් යන්න …”

තිමාල් එහෙම කිව්වාම නිහංසාගේ දෑස් විසල් වුනා. ඇය අඬාගෙන තිමාල් ලඟට එන්න ආවත් තිමාල් කලේ කාමරය ඇතුලට ගිහින් දොර වහ  ගත්ත එක. දෙන්නාටම ගෙවුනේ නිදි නැති රැයක්.

පහුවෙනිදා තිමාල් ඇහැරුනේ නිහංසා අඬන සද්දේට.  කලින් දවසේ වුණ හැමදේම සිතුවම් පටයක් වගේ හිතේ ඇදෙද්දී තිමාල් අඩියට දෙකට කාමරෙන් එලියට පැන්නා. පහල තට්ටුවේ සාලේ නනාඳුනන කිහිප දෙනෙක් ඉන්නවා පෙනුනා. තිමාල් මූණ යන්තම් සෝදගෙන කමිසයක් දාගෙන පහලට බැස්සා.

” අයියේ මම කසුන් … නිහංසාගේ බැච් එකේ…”

එතන එක කොල්ලෙක් තිමාල්ට තමන්ව හඳුන්වලා දුන්නා. ගැහැණු ලමයි හය දෙනෙකුයි, පිරිමි ළමයි තුන් දෙනෙකුයි එතන හිටියේ. නිහංසා ඒ එක  ගැහැණු ලමයෙක්ට වාරු වෙලා අඬන ගමන් හිටියේ.

” අයියේ .. නිහංසා වරදක් කරලා නෑ… එයා අපි එක්ක සෙට් වුන දවසේම එයා කිව්වා එයා මැරිඩ් බව.. ඔයා ගැනත් කිව්වා.. ඔයාට ආදරේ බවත් කිව්වා.. ඒත් එයා සැකෙන් හිටියේ නිතරම ඔයා වෙනස් වේවි කියලා..එයා කිව්වා ඔයා වෙනස් බව බඳින්න කලින් උන්නාට වඩා….. ඊයේ අයියේ අපි ගියේ ඔයාගේ බර්ත්ඩේ එකට මෙයාට ළමා නිවාසෙකට දානයක් දෙන්නෝනි කියලා ඒ වැඩ බලන්න .. එනකොට වාහනේ කැඩිලා පොඩ්ඩක් පරක්කු වුණා…  මට තේරෙන්නේ නෑ ෆැමිලි මැටර් එකකට අපි ඉන්වෝල්ව් වෙන එක කොච්චර හරිද කියලා.. ඒත් අපිට මේක කියලා යන්න එන්නම ඕනි වුනා.. සමහරවිට මේක ඔයාලගේ ඒජ් ගැප් එක නිසාද දන්නේ නැ අයියේ.. ඒත් ඔයාලා තව කතා බහ කරන්නෝනි…”

මිතුරන් පිරිස සමුදුන්නා. තිමාල් හිතේ බර මහ ගොඩක් එක්ක නිහංසා ලඟින් ඉඳගත්තා.

” මගේ චූටි කෙල්ල …. මං ඔයාගේ තටු කපන හස්බන්ඩ් කෙනෙක් වෙන්නේ නෑ කවදාවත් .. මට සමාවෙන්න … මගේ අතින් වැරදි වුනා ඔයාට …. ඉස්සරහටත් සමහර දේවල් වේවි.. ඒත් මම පොරොන්දු වෙනවා, ඒ මොනදේ වුනත්, අපි කතා කරනවා..විසඳගන්නවා..”

නිහංසා සැනසීමෙන් තිමාල්ට ගුලි වුනා

අපේක්ෂා ගුණරත්න . 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles