හිට්ලර් කිව්වාම නොදන්න කෙනෙක් නැහැ. ඒ වගේම හිට්ලර් මිය ගිහිල්ලා අවුරුදු ගානකට පස්සේත් තවම හිට්ලර්ගේ නම ඇහෙන එකේ ඉවරයකුත් නැහැ.
” අපෝ ඌ නම් හිට්ලර් වගේ එකා..”
” මුන් එක්ක වසන්න නම් හිට්ලර් වගේ වෙන්න ඕනි ….”
” හිට්ලර් හොඳයි මේ මිනිහාට වඩා…”
ඔන්න ඔය වගේ ව්‍යවහාර තවම ඇහෙනවා. තමන්ගේ ජාතිය විතරක් ඉහල මට්ටමක කියලා හිතලා, සමස්ත යුදෙව් ජාතියම වඳ වෙලා යන්න ඕනි කියන මතයෙන් වැඩ කටයුතු කරපු පාලකයෙක් තමයි මේ හිට්ලර් කියන්නේ. ඔහුගේ කලාත්මක හැකියාවන්, ප්‍රේමණීය විලාශයන් ගැන කියලා කොයි තරම් ඔහුව උත්කර්ෂයට නංවන උත්සාහයන් තිබුනත්, මේ කතාව කියෙව්වාම ඔබට හිතේවි හිට්ලර් වෙනුවෙන් එවන් උත්කර්ෂයන් කල නොහැකි බව. ඒ වගේම, මේ හිට්ලර්ගේ ජීවිත කාලය තුළ ඔහු විසින් කරන ලද එක් අමානුෂික ක්‍රියාවක් විතරක් බවත් අමතක කරන්න එපා. මේ වගේ හෙළිදරවු වුන කතන්දර වගේම කිසිම කෙනෙක් නොදැන කාලයේ වැල්ලෙන් වැහිලා ගියපු කතන්දරත් අනන්ත අප්‍රමාණව තියෙනවා.
සියලු යුදෙව්වන් මරා දැමිය යුතුමය යන තීරණයේ උන්න හිට්ලර් නිසා මිලියන හයකට වැඩි යුදෙව්වන් පිරිසක් මරා දමලා තියෙනවා. ඒ අයෙකුට දරා ගන්නට නොහැකි තරමෙ වධ වේදනා වලට මුහුණ දෙන්නට සලස්වලා. මේ විදියට යුදෙව්වන් මරා දමන්න ජර්මනිය පුරාම වධකාගාර රාශියක්ම තිබිලා තියෙනවා.
කුඩා දරුවන්, රෝගී වුණ අය, වයෝවෘද්ධ අය ඒ මරණ පෝලිමේ ඉස්සරහටම වැටුණා. ඔවුන් ට ඉතා ඉක්මන්, එහෙත් වේදනාකාරී මරණයක් අයිති වුණා. වැඩ කරන්න පුලුවන් තරමේ ශක්තියක් තිබුණ ගැහැණු සහ පිරිමි යුදෙව්වන්ට සිද්ද වුනා ඉතාම අමානුශික විදියට වහල් සේවයේ යෙදෙන්න. ඒ විදියට සේවය කලත්, ඔවුන් යම් ශාරීරික දුබලතා වලට ලක් වුන වහාම හිට්ලර්ගේ නියෝගය පරිදි ඒ සියලුම දෙනා මරා දැම්මා.
දෙවෙනි ලෝක යුද්ධය ඉවර වෙනකොටම වගේ ඇමරිකානු සහ සෝවියට් හමුදා විසින් මේ වධ කඳවුරු අත් පත් කරගන්න පටන් ගන්නවා. ඔවුන්ට ඒ වඳ කඳවුරු තුලින් දකින්න ලැබෙන්නේ ඉතාම අමානුෂික දර්ශන. ඇටසැකිලි වෙලා මිය ගිය සිරකරුවන් සහ වද හිංසා පමුණුවා පසෙකට කර මැරෙන්නට දමා තිබූ සිරකරුවන් විශාල ප්‍රමානයක් හමුදාව විසින් සොයාගන්නවා.
මේ විදියට නාසි වධ කඳවුරක අමානුෂික විදියට වහල් සේවයේ යොදවලා තිබුන අය අතරෙන් සමහරක් ඇමරිකානු හමුදා විසින් බේරා ගන්නවා.මේ විදියට ඇමරිකානු හමුදාව විසින් බේරගත්ත තරුණියක් හිට්ලර් ගේ අමානුෂික හමුදාව ගැන තොරතුරු ලෝකයටම කියනවා.
1924 පෝලන්තයේදී ඉපදෙන ගෙර්ඩා මධ්‍යම පාන්තික පවුලක දෙවෙනි දරුවා. ඇයට හිටියේ ආටහ්‍ර් නමින් හඳුන්වපු වැඩිමහල් සහෝදරයෙක්. 1939 දී හිට්ලර්ගේ හමුදා පෝලන්තය ආක්‍රමණය කරනකොට ගෙර්ඩා අවුරුදු පහලොවක යෞවනියක්. ඒ වෙද්දී ඇය කාන්තා පාසැලක අධ්‍යාපනය ලබමින් තමයි උන්නේ. ආක්‍රමණය අතරේ පෝලන්තයේ උන්න යුදෙව්වන්ව කඳවුරු වලට වෙන් කරන්න හිට්ලර්ගේ හමුදා කටයුතු කරනවා. වයස් කාණ්ඩ අනුව තමයි බොහෝ විට මේ කඳවුරු ගත කිරීම කෙරෙන්නේ. වයස අවුරුදු 16ත් 50ත් අතර සියලු පිරිමින් වහාම හිට්ලර්ගේ හමුදාවට බාර විය යුතුබවට වන නිවේදනත් නිකුත් කෙරෙනවා. ඒ අවූරුද්දේම ආතර් හිට්ලර්ගේ හමුදාව විසින් රැගෙන යනවා. ඉන් පස්සේ කවදාවත් ගෙර්ඩා තමන්ගේ වැඩිමහල් සහෝදරයාව දකින්නේ නැහැ.
ඉන් ටික කාලෙකට පස්සේ ගෙර්ඩා සහ ඇගේ මව සහ පියාත් යුදෙව්වන් සමූහ විදියට රඳවලා තියෙන කඳවුරකට අරගෙන යනවා. 1942 ජුලි මාසය වෙනකොට ගෙර්ඩාගේ මව් සහ පියාව වෙන වෙනම කඳවුරු වලට අරගෙන යන්න හිට්ලර්ගේ හමුදාව කටයුතු කරනවා. ඉන් පස්සේ ගෙර්ඩා කවදාවත් ඇගේ පවුලේ කිසිම සාමාජිකයෙක් දකින්නේ නැහැ.
කඳවුර ඇතුලේ නන්නාදුනන යුදෙව්වන් එක්ක තනි වෙන ගෙර්ඩාට මුලින්ම වෙන්නේ නාසි ගුවන් හමුදාව වෙනුවෙන් පැරෂුට් මහන්න. ඉන් පස්සේ ගෙර්ඩා ඇතුලු තව තරුණියන් කිහිප දෙනෙක්, වෙනත් කඳවුරකට රැගෙන යනවා.එතනදීත් ගෙර්ඩාව යොමු කරන්නේ පැරෂුට් මහන්නමයි. ඉතාම සුලු ආහාර ප්‍රමාණයකින් සහ දුර්වර්ණ වුණ කිලිටි රෙදි එක්ක ගෙවන ජීවිතය නිසා බොහෝ අය අසනීප වෙනවා. අසනීප වෙලා දින කිහිපයකින් පිරිසෙන් වෙන් කරන ඔවුන්ව ආයේම කවදාවත් පිරිසට දකින්න වෙන්නේ නැහැ.
ඉන් පස්සේ ඇයව මෑස්ඩොශ් කඳවුරට එවනවා.
“ඒ කඳවුර මිහිපිට තිබුන අපායක්. මිනිසෙකුට දරාගන්න බැරි තරමේ වැඩ හමුදා භටයන් අපට පැටෙව්වා.. ඒ වගේමාපට ලැබුණේ ඉතාම කුඩා ආහාර ප්‍රමාණයක් .. හරි හැටි ආහාර නොලැබීම සහ අධික වෙහෙස නිසා බොහෝ දෙනෙක් මිය ගියා. මමත් කිහිප වතාවක්ම මරණයේ එලිපත්තටම ගිහින් ආයෙම ආවේ. දවසේ වැඩි කාලයක් අපට ගල් අඟුරු අදින්න සිද්ද වුනා, ගල් අදින්න සිද්ද වුනා. ඇතැම් කඳු දිගේ ගල් ඇද්දා.. මට ඒ වේදනාව සහ වෙහෙස දරාගන්න පුලුවන් වුනේ නැහැ… මට කිහිප වතාවක්ම සිය දිවි නසාගන්නත් හිතුනා. ..”
1945 වෙනකොට ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශව ක්‍රම ක්‍රමයෙන් ජයග්‍රහණයන් අත් පත් කරගමිනින් උන්නා. කඳවුරු වල රඳවලා තිබුණ සිරකරුවන් හාරදාහක් විතර සැතපුම් තුන්සීයකටත් වඩා දුරින් තිබුන චෙකොස්ලෝවැකියාවට අරගෙන යන්න නාසි හමුදා කටයුතු කරලා තිබුණා. ප්‍රමාණවත් ආහාර හෝ ජලයවත් නැතුව පා ගමනින්ම ගිය මේ ගමන හඳුන්වන්නේ “මරණයේ ගමන” කියලා.
මේ ගමන ට ගෙර්ඩාත් ඇතුලු වුනා. අධික වෙහෙස, වෙහෙස නිවන්නට ඉඩ නැති වීම, කුසගින්න, පිපාසය නිසා අතරමඟ බොහෝ දෙනෙක් ජීවිත සටන අතෑරියා. මාස තුනක ගමනකින් පස්සේ චෙකොස්ලෝවැකියාවට යනකොට ඉතුරු වෙලා හිටියේ සිරකරුවන් 120 ක් විතරයි. මේ ගමන අතරෙදි ගෙර්ඩාගේ හොඳම මිතුරියත් මිය ගියා. ගෙර්ඩා උන්නේත් ඇවිදගන්නවත් නොහැකිව.
1945 අවුරුද්දේම ගෙර්ඩා ඇතුලු සිරකරුවන් චෙකොස්ලෝවැකියාවේදීම බේරා ගත්තේ ඇමරිකානු හමුදාව මඟින්. ඉතාම දුර්වල තත්වයේ උන්න ඇයව තාවකාලික හමුදා ප්‍රතිකාර මධ්‍යස්තානයකට ඇතුලු කරා. ඇය ඒ වෙද්දී රාත්තල් 68ක තරමේ බරකින් උන්නේ. ඒ වගේම ඇය වසර තුනකින් ස්නානය කරලා තිබුනේත් නැහැ.
කොටින්ම ගෙර්ඩා කතා බහ කලෙත් බියෙන්. ක්‍රම ක්‍රමයෙන් ඇය සුව වුනා. ඒ අතර වාරයේ බේරාගත් හමුදාවේම උන් ලුතිනන්වරයෙක් එක්ක ප්‍රේමයෙන් බැඳෙන ගෙර්ඩා ඊට පස්සේ අවුරුද්දේදීම ඔහු එක්ක විවාහ වෙනවා. ඔවුන් ඇමරිකාවේ පදිංචි වෙනවා. ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙක්ම ලැබෙනවා.
ජීවිතේ මේ විදියට සැනසීමෙන් ගෙවුනත්, අතීත අමිහිරි මතක වලින් මිදෙන්න ගෙර්ඩාට පුලුවන් වෙන්නෙ නැහැ. ඇය ඒ නිසාම අතීත මතක අලලලා පොත් කිහිපයක්ම පල කරනවා. The blue rose, All about my life, the new spring කියන්නෙ ඉන් කිහිපයක්. ඒ වගේම ඇය ජාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංගම් එක්කත් සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ කටයුතු වල ප්‍රතිපලයක් විදියට, ඇය 2011 දී බැරක් ඔබාමා අතින් සම්මානයකුත් ලැබෙනවා. ඒ වගේම ඇයට ආචාර්‍ය උපාධියකුත් ප්‍රධානය කෙරෙනවා.
මේ විදියට අතීතයේ අඳුර තුලින් වර්තමානයට එලියක් ගේන්න උත්සාහ කරපු ගෙර්ඩා පසුගිය 2022 අවුරුද්දේ මිය යනවා.
අපේක්ෂා ගුණරත්න