අදත් අපි ඔයාලා එක්ක බෙදාගන්න හිතුවෙ 2014 අවුරුද්දෙ ආව American Horror Thriller Movie එකක්. මේක Daniel Stamm විසින් අධ්‍යක්ශණය කරපු එකක්. 2006 අවුරුද්දෙ ආව තායිලන්ත කොමඩි මූවි එකක් වෙච්ච 13 beloved කියන චිත්‍රපටයේ Remake එකක් විදියට තමයි මේ චිත්‍රපටය හඳුන්වන්න.
එලියට් බ්‍රින්ඩල් කියන්නෙ හරිම නිහතමානී වෙළෙන්දෙක්. හැබැයි කොච්චර නිහතමානී මනුස්සයෙක් වුණත් එලියට්ට එයාගෙ රස්සාව නැතිවෙනවා එයාගෙ ණයයි එයා මත යැපෙන මිනිස්සු ප්‍රමාණෙයි හන්දා. ඒ අතරෙ විශේෂම වෙන්නෙ මයිකල් කියන එයාගෙ සහෝදරයා. එයා මානසික ආබාධිත කෙනෙක්. ඊලඟට ඉන්නව එයාගෙ පෙම්වතිය වෙච්ච pregnant ශෙල්බි. ඊලඟට එයාගෙ තාත්තා වෙච්ච හරිම හිංසාකාරී මනුස්සයෙක් වෙන සැම්සන්.
කොහොමහරි මේ විදියට ඉන්න එලියට්ට දවසක් මහ අමුතු කෝල් එකක් එනවා. ඒ කෝල් එකෙන් කියන්නෙ එයාට කරදර කරන මැස්සෙක් මරලා දැම්මොතින් ඒ වෙනුවෙ එයාට ඩොලර් 1000ක ත්‍යාගයක් හම්බෙනවා කියලා. එලියට් මේ චැලේන්ජ් එක භාරගන්නවා. මැස්සව මරලා දැම්මට පස්සෙ එලියට් නිකමට එයාගෙ බෑන්ක් අකවුන්ට් එක චෙක් කරලා බලද්දි දකිනවා ඇත්තටම ඩොලර් 1000ක් බැංකු ගිණුමට බැරවෙලා තියෙනවා.
ඒ නිසාම එලියට් මොකද කරන්නෙ එයාට එන ඊලඟ චැලේන්ජ් එකත් භාරගන්නවා. ඒ දෙවනි චැලේන්ජ් එකේ කියන්නෙ ඒ මරපු මැස්සව කන්න කියලා. ඒක කරොත් ඒ වෙනුවෙන් මෙයාට ඩොලර් 3662 ක ත්‍යාගයක් ලබා දෙනවා කියලා. ඒ තමයි එයාගෙ pregnant girlfriend වෙච්ච ශෙල්බිගෙ credit card ගිණූමෙ outstanding amount එක.
කොහොමහරි මේ කෝල් කරන මනුස්සයා කියනවා එලියට්ට එයාට මේ විදියට චැලෙන්ජස් 13ක් ලබා දෙනවා සහ චැලෙන්ජ් එකෙන් චැලෙන්ජ් එකට එයාට ලැබෙන ගාණ එන්න එන්න වැඩිවෙනවා කියලා. හැබැයි මේ එක චැලෙන්ජ් එකක් හරි එයාට කරන්න බැරි උනොත්, එයා මේ ගැන වෙන කාටහරි කිව්වොත්, මෙච්චර කල් එයාට ලැබිච්ච හැම සතයක්ම එයාට අහිමිවෙන බවත් මේ කෝල් කරන මනුස්සයා එලියට්ට කියනවා.
මේ විදියට එලියට්ටට ඊලඟට කරන්න වෙන චැලෙන්ජස් අතරෙ තියෙනවා තරුණ ගෑණු ළමයෙක්ව අඬවන්න, ගිනි තියන්න සහ හිඟන මනුස්සයෙක්ට කරදර කරන්න. කොහොමහරි මෙන්න මේ චැලෙන්ජ්ස් ටික පොලිස් ආකර්ශණය දිනාගන්න හේතුවක් වෙනවා. පොලිසිය පටන්ගන්නවා කවුද මේ කියලා හොයලා බලන්නා. කොහොමහරි wanted posters වලල අනුව එලියට්ව ළමයෙක් අඳුරගන්නවා මෙන්න මෙයා තමයි මේ පිස්සු වැඩ කරන මනුස්සයා කියලා.
මේ කේස් එක භාරගන්නෙ රාහස් පරීක්ෂක චිල්කෝට්. කොහොමහරි මේ වෙලාවෙ ශෙල්බි පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ එලියට්ගෙ අමුතු හැසිරීම ගැන. මෙයා එලියට් ගෙන් අහනවා ඔයාගෙ මේ අමුතු හැසිරීමට හේතුව මොකද්ද කියලා. එතකොට එලියට් කියනවා තව චුට්ටක් ඉවසන් ඉන්නකො, මම මේ ඔයාව පුදුම කරවන්න තමයි යන්නෙ කියලා.
කොහොමහරි මේ අතරවාරෙ එලියට්ට තව චැලේන්ජ් එකක් එනවා. ඒකෙ තියෙන්නෙ කෝපි බොන්න එලියට යන්න කියලා තව කෙනෙක් එක්ක. බැලු බැල්මට මේක ලේසි වැඩක් වගේ පෙනුනට මේකේ මේ එක්ක යන්න කියලා කියන අනිත් කෙනා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. එයා මැරිච්ච කෙනෙක්, ඒ කිව්වෙ මිණියක් වෙන්න ඕන. කොහොමහරි සල්ලි හොයාගන්න බලාපොරොත්තුවෙන් එලියට් මේක කරනවා.
හදිසියෙම මෙයාට strict deadline එකක් දෙනවා පොලිස් නිලධාරීන් දෙන්නෙක්ගෙ මේසෙන් කෝපි එකක් හොරකම් කරන්න කියලා. මුලින් පොඩ්ඩක් බය උනත් එලියට්ට මේක කරන්න වෙනවා. කොහොමහරි මෙයා මේක හොරකම් කරන්න යද්දි පොලිස් නිලධාරින් දෙන්නට අහුවෙනවා. හැබැයි මේ පොලිස් නිලධාරින් දෙන්නා රාජකාරි වෙලාවෙ මත්පැන් බීල ඉන්නෙ කියල තේරුම්ගන්න එලියට් ඒක නිදහසට කරුණක් විදියට පාවිච්චි කරලා ගැලවිලා එනවා. ගැලවිලා එන්නෙ රෙස්ටුරන්ට් එක ඇතුලෙ අර මල මිණිය එහෙමම තියලා.
කොහොමහරි එලියට්ගෙ මෙ නිර්භීත ක්‍රියාවලිය ගැන පුදුම විදිය අගය කරන කෝල් කරන මනුස්සයා ඊලඟට එලියට්ට කියනවා “පොඩි කේස් එකකට තියෙන්නෙ ඔයා ඔයාගෙ library card එක evidence විදියට රෙස්ටුරන්ට් එකේ තියලා ඇවිත්” කියලා.
ඒ වගේම එයා කියනවා ඔයා මේ ගේම් එක දින්නොත් මෙච්චර කල් ගේම් එක වෙනුවෙන් ඔයා කර වැරදි වැඩ ඔක්කොටම නීතිය ඉදිරියේ ඔයාට නිදහස හම්බෙනවා කියලා. පැරදුණොත් හැබැයි කේස් තමයි.කොහොමහරි මේ අතරවාරෙ රහස්පරික්ෂක චිල්කොට් ඉන්නෙ මේ ගේම් එක ගැන ඉන්වෙස්ටිගේට් කරන conspiracy theorist කෙනෙක් වෙන වොල්ගර්ව follow කරන ගමන්.
වොල්ගර් චිල්කොට් ගෙන් ගැලවිලා යනවා. හැබැයි යන්න කලින් එයා විල්කොට්ට කියනවා එලියට්ව මරලා දාන්න කියලා එයාට ඉඩ ලැබෙන පලවෙනි සැරේම. හැබැයි බාර් එකකදි වොල්ගර්ව අල්ලගන්න චිල්කොට් එයාගෙන් අහනවා මොකද්ද මේ ගේම් එකේ අරමුණ කියනවා. එතකොට වොල්ගර් කියනවා මේ ගේම් එකෙන් කරන්නෙ ඩොලර් මිලියන ගාණක් දෙනවා කියන පොරොන්දුව මත මිනිස්සුන්ව රාක්ශයන් බවට පත් කරන එක කියලා.
ඒ වගේම වොල්ගර් කියනවා මිනිස්සු කොච්චර මේ ගේම් එකට අහුවෙනවද කිව්වොත් වතාවක් එයාගෙ නෝනා එයාලගෙ ගෙදර ඉඳපු බල්ලව මරලා කන්නත් ගත්තා කියලා.
මේ අතරෙ එලියට්ට එයාගෙ ඊලඟ චැලෙන්ජ් එකත් ලැබෙනවා. එතනදි එයාට කිසිම instruction එකක් ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට එයාට ඈත ගම්මානෙක තියෙන පොඩි හෝටලයකට යන්න වෙනවා. මේ හෝටලයකට යන එලියට්ට මනුස්සයෙක්ව හම්බු වෙනවා. මේ මනුස්සයවා අඳුරගන්නවා මෙයා පොඩි කාලෙ තමන්ට කරදර කර කෙනෙක් කියලා.
මෙතනට එන nurse කෙනෙක් ඒ මනුස්සයගෙ දකුණු අතට නිර්වින්දකයක් එන්නත් කරනවා. එහෙම කරලා එලියට් අතට දෙනවා විදුලි ශල්‍ය කියතක්. කෝල් එකෙන් කතාකරන මනුස්සයා කියනවා එලියට්ට ඔයා මේ මනුස්සයගෙ අත කපලා දැම්මොත් ඔයාට ඩොලර් 100,000 හම්බෙනවා කියලා.
ඉතින් ඔයාලා මොකද හිතන්නෙ එලියට් මේ වැඩේ භාරගනීවිද නැද්ද?
ඊලඟ චැලෙන්ජ් එකක් මොකද්ද, මේ ගේම් එක එලියට් දිනාවිද නැද්ද කියලා දැනගන්න මේ අපූරු චිත්‍රපටය බලන්න කියලා මං ඔයාලාට ආරාධනා කරනවා!