Crime Thriller Movies වලට ආස අය ඉන්නවනෙ අපි අතරෙ. ඉතින් අන්න එහෙම අය වෙනුවෙන් තමයි අපි අද මේ අරගෙන එන Series එකෙන් කතාකරන්නෙ. මේක කොරියාවෙ සිදුවෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ගොඩනැගුව Crime Thriller කියන ශානරයට අයත්වෙන Series එකක් කියලා කිව්වොතින් හරියටම හරි.
මේකෙ ඉන්නවා Serial Killer කෙනෙක් වගේම Detective කෙනෙක්. ඒ වගේම සාමාන්‍යයෙන් අපි Crime Thriller කියල අරගෙන ඇවිත් තියෙන්නෙ ඉංග්‍රීසි හරි ඉන්දියන් හරි කතාවක් නෙ. ඒ උනාට අද මේ අරගෙන එන්නෙ කොරියාව පාදක කරගත්ත කතාවක්.
ඉතින් වැඩි විස්තර නැතුව අපි කියවල බලමු මොකද්ද මේ කතාවෙන් කියන්නෙ කියලා.කතාව පටන්ගන්නෙ කොරියාවෙ ඉන්න එක දාම ඝාතකයෙක් පොඩි ගෑණු ළමයෙක්ව කෑලි කෑලිවලට කපලා බොහොම බිහිසුණු විදියට මරලා දාන එකෙන්. මේ සිදුවීමෙන් පස්සෙ එක රහස් පරීක්ෂකවරයෙක් සහ එක මරණ පරීක්ෂකවරයෙක් පටන් ගන්නවා කවුද මේ බිහිසුණු දාම ඝාතනයක් පස්සෙ ඉන්නෙ කියලා දැනගන්න.
මුලින්ම පෙන්නන්නෙ ජන්ගු කියලා තරුණයෙක් හැසිරීම් විශ්ලේෂන අංශයේ රැකියාවට යන සිදුවීමක් අපිට පෙන්නලා. 2000 මැයි මාසෙ තමයි මේක වෙන්නෙ. ජන්ගු එයාගෙ ඔෆිස් එකට යද්දි ඒ වෙලාවෙ ඔෆිස් එකේ ඉඳපු දෙන්නෙක් එලියට යනවා “අපි ආවම කතාකරමු” කියලා කියාගෙන.
ඊලඟට අපිට පෙන්වන්නෙ පොලිසියට ඇවිල්ලා ඉන්න එක පවුලක් පොලිසියට පැමිණිලි කරනවා එයාගෙ පොඩි දුව අතුරුදහන් වෙලා කියලා.සතියකට කලින් අතුරුදහන් වෙච්ච තමන්ගෙ දරුවව තාමත් පොලිසියට හොයාගන්න බැරිවෙච්ච හන්දා තමයි මේ අම්මයි තාත්තයි පොලිසියට ඇවිල්ලා තියෙන්නෙ. ඉතින් පොලිස් නිලධාරියා කියනවා “ඔය විදියට අතරමං වෙච්ච දරුවන්ව ටික දවසකින් කවුරුහරි පොලිසියට අරගෙන එනවා, ඒ නිසා බයවෙන්න එපා” කියලා.
ඊලඟට අපිට පෙන්නනවා අර හැසිරීම් විශ්ලේෂණ අංශයේ ඉන්න Profilers ලා දෙන්නෙක්, ඒ කියන්නෙ අපරාධකරුවන් අපරාධයක් කලේ ඇයි, එයාට ඒකට හේතුවුන කාරණාව මොකද්ද කියන එක ගැන හොයලා බලන Criminal Psychologist ලා තමයි මේ Profilers ලා කියලා කියන්නෙ. ඉතින් මේ දෙන්නා යන්නෙ බන්ධනාගාරෙට ඒ වගේම තව අපරාධකරුවන්ව Research කරලා එයාලගෙ Profile එකක් ගොඩනගන්න.
මෙතනින් එක්කෙනෙක් තමයි කුක්. එයා තමයි Forensic එකේ හිටපු දක්ශම වෛද්‍යවරයා වෙන්නෙ. එතකොට අනිත් කෙනා සොං හා යෝ. එයා කලින් දක්ශ Detective කෙනෙක්. මේ දෙන්නම තමයි මේ හැසිරීම් විශ්ලේෂන අංශය පිහිටෙව්වෙ. කොහොමහරි මේ දෙන්නා යන්නෙ බන්ධනාගාරෙ ඉන්න දරුණු අපරාධකරුවෙක් වෙන ජන්ග්ඩෙක් ව හම්බෙන්න. මේ ජන්ග් කියන්නෙ මීට අවුරුදු ගාණකට කලින් තමන්ගෙ පෙම්වතියව කෑලි 23කට කපලා මරලා දාපු මිනීමරුවෙක්. හැසිරීම් විශ්ලේෂන අංශයේ Profilers ලා දෙන්නෙක් තමන්ගෙන් ප්‍රශ්න අහන්න අව එක ගැන මෙයා එච්චර කැමැත්තක් දක්වන්නෙ නෑ. මෙයා එතනින් නැගිටලා යන්න හදද්දි සොං හා යෝ කියනවා “ඔයා මීට අවුරුදු කීපයකට කලින් ඔයාගෙ පෙම්වතියව කෑලි 23කට කපලා මරලා දැම්මා” කියලා.
එතකොට හිනාවෙන ජන්ග්ඩෙක් කියනවා “ඔයා වැරදියි මම කෑලි 23කට නෙවෙයි කෑලි 24කට තමයි කැපුවෙ ඔයාට එක කෑල්ලක් අමතක වෙලා ඒ තමයි දිව” කියලා. එයා ඒක කියන්නෙත් කිසිම ගාණක් නැතුව.
“මගේ පෙම්වතිය කතා කරන එක නතර කරන්නෙම නැති හන්දා තමයි මම දිව කැපුවෙ” කියලා ජන්ග්ඩෙක් යනවා. අපරාධකරුවෙක් එක්ක කලබල වෙලා දෙයක් කරන්න බැරි හන්දා මේ දෙන්න එතනින් පිට වෙලා යනවා.
ඊටපස්සෙ අපිට පෙන්නන්නෙ උදේ වෙලාවක පාර අතුගගා ඉන්න වයසක කාන්තාවක් කලු පාට බෑග් එකක දාලා පාරෙ දාලා ගිහින් තියෙන දෙයක් දැකල කලබල වෙන එක. එතනට පොලිසිය එන්නෙ අන්න ඒ විදියට. ඒ බෑග් එකේ දාලා තියෙන්නෙ මරලා දාපු පුංචි ගැහැණු ළමයෙකුගෙ ශරීර කොටස්.ඒ කොටස් අයිතිවෙන්නෙ ලී සූ හ්යුං කියන අවුරුදු පහක පොඩ් ගෑණු ළමේක්ට කියන එකත් පොලිසිය හොයාගන්නවා.
මුලු නගරෙම පීරලා මෙයාලා ලී සූගෙ ශරීරයත් හොයාගන්නවා. එතනදි තමයි අපිට දැනගන්න පුලුවන් වෙන්නෙ මේ ලී සූ කියන්නෙ අපිට අර චිත්‍රපටය පටන් ගනිද්දිම පෙන්නපු පොලිසියට ආව පවුලෙ අතුරුදහන් වෙච්ච ගැහැණු දරුවා කියන එක.
මේ කේස් එක හැන්ඩ්ල් කරන්නෙ වෙන ටීම් එකක් උනාට කුක්ට ඕන වෙනවා එයාගෙ පැත්තෙනුත් මේක ගැන හොයලා බලන්න. ඒ නිසාම එයා ජන්ගුට කියනවා මේ කේස් එකෙන් හොයාගන්න සියලුම විස්තර ඇතුලත් කරලා වාර්තාවක් හදන්න කියලා.
මේ වාර්තාව හදද්දි කුක් හොයාගන්නව මේ කේස් එකට සම්බන්ධ පින්තූර ටිකක්. ඒ පින්තූර දකින සොං හා යෝ තේරුම්ගන්නවා ඒ ශරීරය කපලා තියෙන්නෙ ජොයින්ට්ස් වලින් කියලා. ඒකෙන් එයාලා නිගමනයකට එනවා මේ ඝාතනය කරපු කෙනා හොඳට මස් කපලා පුරුදු කෙනෙක් කියලා. සොං හා යෝ ආයෙම බන්ධනාගාරෙට යනවා ජන්ග්ඩෙක්ව හම්බෙන්න. එතනදි එයා ජන්ග් ගෙන් අහනවා ඔයා ඇයි එයාගෙ පෙම්වතියව මරලා කපලා දැම්මෙ කියලා. එතකොට ජන්ග් කියනව මරණෙ හංගන එකයි අමාරුම දේ, ඒකයි එයා කෑලි වලට කැපුවෙ කියලා.
ඊට පස්සෙ සොං අහනවා එහෙනම් ඇයි දිව එහෙම කැපුවෙ කියලා?
එතකොට හිනාවෙන ජන්ග් කියනවා ඔයාට තාම තේරිලා තියෙන්නෙ කතාවෙන් 50%ක් විතරයි කියලා.
ඉතින් ඉතිරි 50% කතාව මොකක් වෙන්න ඇතිද? මේ Criminal Psychologist ලට පුලුවන් වෙයිද මේ පොඩි දරුවන්ව මරලා දාන දාම ඝාතකයව අල්ලගන්න?