“මං මගෙ සීලේ බිඳගන්නවා කියලා ඔයාට හිතෙන ඕනම වෙලාවක අපේ අෆෙයාර් එකේ පන්සිල් පද ටික මොනවද කියල මට මතක් කරල දෙන්න මොන විදියකින් හරි ” කියා මතක් කර නෙවින්ව වළකා ඒ උණුසුම් හාදුද, තුරුලු කරගැනීම, වැලඳගැනීම්, කෙඳිරිගෑම් වල ප්‍රහර්ශයන් වළක්වාගන්න, නතරකරගන්න ශාර්වරීට උවමනා උනේවත් ඒකට හිතවත් ගතවත් ඉඩ දුන්නේවත් නැත. මුලු සිතත් ගතත් ආත්මයත් තිබුනේ නෙවින්ව වඩ වඩාත් ආදරයෙන්, තදිත් තමන් වෙත සමීප කරගනිමිනි.
ඒ අලුත් අත්දැකීමකි. හිත කිතිකවන හැඟීමකිනි. සියලුම කර්තව්‍යයන් සියුම් කෙඳිරිගෑමකින් අවසන්වී නෙවින් තමන්ගේ පපුව මත හිස තබාගනිද්දි උනත් ඒ ගෙවිච්ච විනාඩි කිහිපය ගැන ශාර්වරී පසු තැවුණේ නැත. දෙතොල් උඩ ඇඳී තිබ්බ සිනාවේ ගැබ් ව තිබුනේ ඒ සුන්දර වේදනාවේ ප්‍රහර්ශයයි.
“පිරිමියෙක්ව ඕනවට වඩා විශ්වාස කරන්න එපා. ගෑණුන්ගෙ වටිනකම නැති උනොත් නැති උනාම තමයි” කියා තමන් කොටහලු වෙච්ච වෙලේ රෙදි නැන්දා එහෙම කිව්ව එක ශාර්වරීට මතක් උනෙත් මේ බැඳීම වනාහී කෙල්ලෙක්ට වටිනකමක් නැති වීමක් නොවන කෙල්ලෙක් වඩා පරිපූර්ණ ගැහැණුකම ලබාගන්නා මොහොතක් බවත් පපුව උඩ හාන්සි වී ඉන්නගේ දාඩියෙන් පෙඟුණ කෙහෙ රැලි අතර අතැඟිලි යවමින් කල්පනා කරමින් ඉද්දීය.
“මහන්සිද? ඔයාට දාඩිය දාලා” කියා කියවුනේත් “මගෙ විතරයි නේද?” කියා ඇසුව මුදු, ගැඹුරු, රහස් හඬිනි. මෙවන් මොහොතකට උචිත එවන් රහස් හඬකි.
“අයෑම් සොරි බබා” නෙවින් උන්නේ ඇත්තටම කම්පාවෙනි. තමන්ට වගකිවයුතු වැඩිහිටියෙක් විදියට මීට වඩා හිතන්න තිබුන බවත්, කල්පනාකාරී වෙන්න තිබුණ එක ගැනත් දැන් කොච්චර තැවුණත් වැඩක් නැති එක ඇත්තක් උනත් ඒ පසුතැවීම හිතට අරගෙන ආවේ මද අස්වැසිල්ලකි.
“ඇයි ඒ?”
“මං ම එදා මහ ලොකු මිනිහෙක් වගේ කියල මං මාවකන්ට්‍රෝල් කරගන්නවා කියලා, මං අද මෙහෙම කල එක ගැන මට ඇත්තටම සමාවෙන්න. මම ඔයාව බලෙන් මගෙ අපාට්මන්ට් එකට ගෙන්නගෙන ඔයා…”
“ඔයා ඔය කිසිම දෙයක් කියන්න ඕන නෑ. මගෙ අකමැත්තෙන් කිසිම දෙයක් උනේවත් මම වෙච්ච දේ ගැන පසුතැවෙන්නෙවත් නෑ.මං සන්තෝසෙන් ඉන්නෙ. ඔයා මං ගැන මොනව හිතනවද කියන්න මම දන්නෙ නෑ. ඒ උනාට මේක කවදහරි අපි අතරෙ වෙන්න තිබ්බ දෙයක් නේද?” කියා ශාර්වරී අර රහස් මුදු හඬින්ම තමන්ගේ හිසට ඉහලින් බලා ඉන්න නෙවින් ගේ දෙනෙත් දිහාම බලාගෙන කියද්දී නෙවින් හීන් සැරේ පහත් වී ශාර්වරීගේ සමන්පිච්ච මල් සුවඳ ඉහිරෙන කෙස් කැරැල්ලක් වැටී තියෙන නළල සිපගත්තේය.
“ආදරෙයි”
“මං දන්නවා”
“මගේ විතරයි නේද?” ඉස්සෙල්ලා තමන් අහපු ප්‍රශ්නෙම මේ සැරේ නෙවින් අහද්දී ශාර්වරී ඔව් කියන්නට හිස හෙලෙව්වේ ඇස් අස්සෙන් බේරී වැටුණ කඳුලු පාරවල් දෙකක් හිස තබා උන් කොට්ටය අස්සේ පෙඟී යද්දීය.
“මං ඔස්ට්‍රේලියා ගිහින් ආව ගමන් අපි ඔයාගෙ ගෙදරට මේ ගැන කියමු. මං අක්කටත් කියන්නම්. ඔයා දන්නවනෙ මට අක්කා විතරයි ඉන්නෙ. මැරි කරන්න නෙවෙයි බබා, අපි මේ හැමදේම සෙට්ල් කරල තියමු. ඔයාට ඕන වෙලාවක කාගෙන්වත් කතාවක් අහන්නෙ නැතුව මෙහෙ එන්න පුලුවන්. මට උනත් ඔයාලගෙ ගෙදර ප්‍රශ්නෙකට උදව්වක් කරන්න පුලුවන්.
අනික කොහොමත් මට ඔයා ගැන රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. මේ වෙච්ච දේ හින්දා විතරක් නෙවෙයි. මේ වුන දෙයින් උනේ ඒ රෙස්පොන්සිබිලිටි එක වැඩිවුණ එක විතරයි” කියා නෙවින් දිගටම කියාගෙන යද්දී පවා ශාර්වරී කලේ හීන් සැරේ අහගෙන ඉන්න එකය. මෙවන් මොහොතක් මේ විදියට නොහිතපු ලෙසකින් තමන් කරා එනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවිච්ච එක ඇත්තය. එහෙත් ඒ මොහොත තමන් මුලු හදවතින්ම ආදරය කරන, විශ්වාස කරන, තමන් තමන්ගේ කරගන්න හිතූ මනුස්සයා සමග විඳගන්න ලැබීම ගැන ශාර්වරී ඇත්තටම සන්තෝස වුණාය.
මෙච්චර වෙලා ශාර්වරීගේ පපුව මත හාන්සි වී උන්නු නෙවින් ශාර්වරීට රිදේයැයි බියෙන් මෙන් ඉවත් වී ඇයට එහා පැත්තෙන් හාන්සි උනේ හීන් සීරුවේය. කාමරයේ අඬ අන්ධකාරයත්, පැත්තක තිබෙන විශාල වීදුරු ජනේලයෙන් ඉඳ හිටක වැටෙන අකුණක ආලෝකයත් ශාර්වරීගේ ඇඟ මත වැටී පුදුම තරම් ලස්සන රටා මවන බව නෙවින් දැක්කේ ඒ වෙලාවේය.
“ඔයා හරි ලස්සනයි බබා, රත්තරන් පාටයි” කියමින් ආයෙම වතාවක් නෙවින් නළල මත හාදුවක් තබද්දී ශාර්වරී පැත්තට හැරී නෙවින්ගේ පපුව උඩ වැතිරුණාය.
“ඔයාගෙ ටී ශර්ට් එක විසි කරන්න වෙනවා” කියා කියන ගමන් ශාර්වරී ලැජ්ජාවත්, කෝල බවත් හන්දා තමන්ගේ පපුව අස්සේ මූණ හංග ගද්දී වෙනදා වගේ විහිලුවක් කර කෙල්ලෙක් ජීවිතේ එකපාරක් පමණක ලබන ඒ ආත්ම තෘප්තිය මුසුවෙච්ච ආඩම්බරය බිඳ දමන්න නෙවින් හිතුවේ නැත.
“නෑ, මං මේ දවස මතක් වෙන්න ඒක අරන් තියනවා” කියා නෙවින් කියද්දී ඒ වචන ඇවිත් හැප්පුණේ වඩා ආදරබර කිතියක් එක්ක හිත මැද්දටය. එදා රැයේ ආපහු ගෙදර ගියේ මෙහි ආ නෙවින්ට ආලය කල ශාර්වරී කියන පුංචි කෙල්ල නොවන බවත් මහමෙරක් වන් ආදරයක්ද බැඳීමක්ද අයිතියක්ද තනිවම හිතෙන් දරාගත් ගැහැණියක් බවත් දැන උන්නේ නෙවිනුත් ශාර්වරීත් පමණකි. තමන්ගේ වගකීම ඒ ගැහැණිය රැක ගැනීම බවත් ඒ ගැහැණිය තමන් වෙත පිදුව ආදරයට නිසි තැන, නිසි ඇගයීම දීම බවත් නෙවින් නිවසේ සිට ගුවන් තොටුපල වෙත යන අතරවාරයෙත් කල්පනා කලේය. ලක්ශාන් තමාව ගුවන් තොටුපලෙන් ඇරලවන්න ආ වෙලාවේ ශාර්වරී ගැන කියා “මං එනකම් ඒකිව පොඩ්ඩක් බලාගනින්” කියා කියන්න උවමනාවක් තිබ්බත් තමන් ගැන දන්න මිතුරන් පවා ශාර්වරී කියන්නෙ තමන්ගේ තවත් එක් ගැහැණියක් පමණක් යැයි සිතෙනු නොරිසි හන්දාම නෙවින් ලක්ශාන්ගෙන් ඒ ඉල්ලීම කලේ නැත. ඒ වෙනුවට “මං ගිහින් එනකම් පරිස්සමෙන් ඉන්න. ආව ගමන්, මං එනව බබා ඔයාලගෙ ගෙදර. ඊටපස්සෙ ඔයා රෑ වෙනකම් ඔහොම වැඩ කරන්න ඕන නෑ. මම හැමදේම බලාගන්නම්. ඔයා මට කොච්චර ආදරේ දෙනවද ඒ තරම් ආදරෙයි ජීවිතෙයි මම ඔයා ලඟට අරගෙන එනවා. මං එනකම් පරිස්සමෙන් ඉන්න. ඔයාට මොනවද ගෙනත් ඕන කියල මට කියන්න ඔස්ට්‍රේලියා වලින්”
“මට මුකුත් එපා” කියා දුරකතනය ඔස්සේ ශාර්වරී කියා එවූ හඬේ තමන් යන එක ගැන මද වේදනාවක් රැඳී තිබෙනු තේරුණත් ඇයට හැඬේයැයි බියෙන් නෙවින් ඒ කතාව එලියට ඇද ගත්තේ නැත.
“ඇයි ඒ? කියන්නකො අනේ. මං ආසයි ඔයාට මොනවහරි ගෙනත් දෙන්න. මගෙ කෙල්ලනෙ”
“එහෙනම් ආයෙ ආවම ඊයෙ වගේ මාව ළඟින් තියාගෙන ඉන්නවද? මට වෙන මුකුත් එපා, එච්චරයි ඕන”
“ඒ වගේ දේවල් ඉල්ලන්න ඕන නෑ, අයෑම් ඕල් යුවර්ස්. අයෑම් යුවර් ටෙරටරි. ඔයාට ඕන වෙලාවක මාව ඔයාගෙ කරගන්න පුලුවන්. මං කොහොමත් ඔයාගෙ තමයි. මේ වෙලාවෙ දැන් ඔය වගේ ඒව කියද්දි මට යන්න හිතෙන්නෙ නෑ. මට ඇවිල්ල කිස් කරන්න තමයි හිතෙන්නෙ”
“ම්ම්ම්ම්ම්”
“ආ ඒක නෙවෙයි මං අරක මගේ බෑග් එකේ දාගෙන ආවා”
“අරක කිව්වෙ? මොකද්ද?”
“අර ටීශර්ට් එක” කියා නෙවින් කියද්දී ඒ වචන වල හීන් හිනාවක් තැවරී තිබෙන බවත් ඒ වචනත් ඒ හැඟීමත් හිත ලැජ්ජ කරන බවත් තේරුනද ඒ වනාහී ප්‍රේමණීය ලැජ්ජාවකි.
“ඇයි ඒ?”
“ඒක මගෙයි ඔයාගෙයි ආදරේ සිම්බල් එකක්. මට ඒක වටිනව. ඔයාගෙ සුවඳ ඒකෙ ගෑවිලා තියෙනව. ඔයා ළඟ නැති දවස්ටිකේ මම ඒක ළඟ තියන් නිදාගන්න ඉන්නෙ”
“ම්ම්ම්ම්”
“මට ආදරෙයි නේද?”
“ඔව්”
“මගේ විතරයි නේද?”
“ඔව්”
“මම එයාපෝට් එකෙන් බැහැලා, අක්කලගෙ ගෙදර ගිය ගමන් ඔයාට මැසේජ් එකක් දාන්නම් හොඳේ. පරිස්සමෙන් ඉන්න. ආදරෙයි මං. Wifey” කියා නෙවින් කියද්දී මුව පුරා ඇඳුනේ හිතේ පිපිච්ච හිනා මල් ය.