සහෝදර ප්‍රේමය කියන්නේ ඉතාම පුදුමාකාර දෙයක්. එයට කළ නොහැක්කක් නැහැ. සහෝදර ප්‍රේමය මොනතරම්ද කියලා ඔබට ආයෙ ආයෙත් මතක් කරලා දෙන අපූරු චිත්‍රපටයක් තමයි Jigra කියන්නේ.
ඔබ කවුරුත් ආදරය කරන ආලියා භාත් ” සත්‍යා ” නැමති ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටය නිකුත් වෙන්නේ 2024 ඔක්තෝම්බර් මාසයේ දී.
සත්‍යා කියන්නේ ජීවිතයේ බොහෝ අරගලවලට මුහුණ දෙන තරුණියක්. ඇය තම පියා සිය දිවි නසා ගන්නා ආකාරය දෑසින්ම දකින නමුත් තම සහෝදරයා වන් අන්කූර් එය දැකීම ඇය වළක්වා ගන්නවා. කොහොම වුනත් ඊට පස්සේ ඥාතීන්ගේ භාරයේ ජීවත්වන සත්‍යා සහ අන්කූර් කෙසේ හෝ ජීවිතයට මුහුණ දෙනවා.
අන්කූර් ඉංජිනේරුවෙක් විදිහට රැකියාව ආරම්භ කරාට පස්සේ තමන්ගේ ඥාති සහෝදරයා වන කබීර් ගේ ඇසුර අන්කූර් ගේ ජීවිතය උඩු යටිකුරු කරන්නට සමත් වෙනවා.
කබීර් ගේ පියා කබීර්ව සහ අංකූර්ව විදෙස් රටකට ව්‍යාපාරික චාරිකාවක් සඳහා යවන්නේ ඔය අතරෙදි. කබීර්ගේ පියා බලාපොරොත්තු වෙනවා ඒ ගමන කබීර්ගේ ජීවිතය හොඳ මාර්ගයකට වෙනස් කරයි කියලා. නමුත් එහිදී සිදු වෙන්නේ කවුරුත්ම නොහිතන දෙයක්.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු වන කබීර් සතුව මත්ද්‍රව්‍ය තිබීම නිසා පොලිසියේ හදිසි පරීක්ෂා කිරීමකදී ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට පත්වනවා. එම රටේ නීති දැඩිවීම නිසා ඔවුන්ට ගැලවී යාම පහසු වෙන්නේ නැහැ. කෙසේ හෝ තම පුත්‍රයාව නිදහස් කර ගැනීමට සිතන කබීර්ගේ පියා නීතිඥවරයෙකු ගේ සහාය පතනවා.
නීතිඥවරයා විසින් අන්කූර් ගේ හිත වෙනස් කරලා පොලිසියට හසුවූ මත්ද්‍රව්‍ය තමාගේ බව පාපොච්චාරණය කරන්නැයි උපදෙස් දෙනවා. අන්කූර් ගේ පාපොච්චාරණයට අනුව කබීර් නිදහස් වන අතරේ අන්කූර් නැවතත් සිරගත වෙනවා.
තමන්ගේ සහෝදරයාව බේරා ගැනීමේ අරමුණෙන් සත්‍යා ඒ රටට පැමිණෙන්නේ ඉන්සුවයි. තම සහෝදරයා වරදක් නොකරන බව සත්‍යා දැඩි ලෙස විශ්වාස කරනවා. සහෝදරයාව බේරා ගැනීමේ මෙහෙයුමට සහාය දීමට ඒ රටේදී සත්‍යාට තවත් දෙදෙනෙකු මුණගැහෙනවා.
සහෝදරයාව බේරා ගැනීමට සත්‍යාගේ සැලසුම මොකක්ද ?
සත්‍යාට සහාය දෙන දෙදෙනා කවුද ?
සත්‍යාගේ සැලසුම සාර්ථක වෙයිද?
Vasan Bala විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ඔහු සහ Debashish Irengbam විසින් තිර රචනය සිදු කර තිබෙනවා. Karan Johar, Apoorva Mehta, Alia Bhatt ,Shaheen Bhatt සහ Soumen Mishra විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති අතර විනාඩි 153 ක කාලයක් පුරාවටම කුතුහලය රඳවා ගනිමින් සහෝදර ප්‍රේමයේ තරම ඔබට මෙම චිත්‍රපටයෙන් කියා දෙනවා.
තම සහෝදරයාට බෙහෙවින් ආදරය කරන ඔහුගේ එකම සහෝදරිය , සිරගත වූ තම සහෝදරයාව බේරා ගැනීම සඳහා සිදුකරන විශාල අරගලයක කතාව Jigra තුළින් දිග හැරෙනවා.