දුක අහන්න යන්න එපා එතකොට දුක වැඩියි!

0
252

අපි හරි කැමතිනෙ මිනිස්සුන්ට උදව් කරන්න. හැබැයි ඔය උදව් කියන ඒව උනත් ඕනවට වඩා කරන්න හොඳ නැති දෙයක් බව ඕනවට වඩා උදව් කරන්න ගිහිල්ලා වැඩ වරද්දගත්ත මිනිස්සු දන්නවා. ඉතින් අද අපි කතාකරන්න හිතුවෙත් ඔන්න ඔය අනුන්ගෙ දුක අහන්න ගිහින් තමන්ගෙ සතුට නැතිකරගන්න ලෙවල් එකේ මෝඩකමක් කරන අය ගැන. මේ අය අතරෙ ඉතින් මම ඔයා එහෙමත් ඉන්න පුලුවන්. ඉඳියා වෙන්නත් පුලුවන්.

දුක අහන අයියා, අක්කා, නංගි, මල්ලි කියන්නෙ මේ ෆේස් බුක් අවකාශයේ අපිට හරිම පුරුදු වචන මාලාවක්නෙ. සමහරවිට ඔයත් ඒ වගේ කාගෙ හරි දුක අහන අයියෙක්, අක්කෙක්, නංගියෙක්, මල්ලියෙක් වෙලා ඉඳලා තියෙනව ඇති. අනුන්ගෙ දුකේදි සංවේදි වෙන එක හොඳ දෙයක් උනත් ඕනවට වඩා අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගන්න එක තමන්ගෙ සබඳතා බිඳ වට්ටාගෙන නරක මනුස්සය කියන ලේබල් එක වද්දගන්න පුලුවන් එක විදියක් කියන එක කියන්නම ඕන.

මේක ආරම්භ වෙන්නේ ඉතාමත් හොඳ අදහසින්. “මනුස්සයෙක්ට උදව්වක් කරන එක වරදක් නෙවෙයින” කියලා හිතන එක ගොඩක් හොඳ දෙයක් වගේ පේන්න පුළුවන්. හැබැයි, ඒ ප්‍රශ්නයට නිරන්තරව මැදිහත් වෙද්දී, තමන්ගේම පවුල් ජීවිතේට බලපෑමක් වෙනවා. මුලදි හිතන් ඉඳිනවා, “එයාලා කියනව අපි අහනවා විතරනෙ” කියලා. ඒත් කාලයත් එක්ක, ඒ විස්තර තමන්ගේම ජීවිතේ බලපාන්න පටන් ගන්නවා. තමන්ගේ ගෙදර සාමය නැතිවෙලා, එයාලාගේ ප්‍රශ්න ගැන කතා කරන එක නිතර සටන් වෙන්නට හේතු වෙනවා.

මේක ගෙදරදී තියෙන විවාද, නොසන්සුන්කම් වැඩි කරනවා. සැමියා හෝ බිරිඳ අනිත් පවුලේ කතාවලට වැඩිය අවධානය යොමු කරනවනම්, ඒක නිරන්තර විරසකයක් උනත් පුළුවන්. තව ප්‍රශ්නයක් තමයි, අනුන්ගේ ගෙදර ගැටළුවක් විසඳන්න යද්දී තමන්ගේම පවුලේ විශ්වාසය හා සන්සුන්කම කඩා වැටීම. ගොඩක් වෙලාවට, බිරිඳ/සැමියා වෙන කෙනෙකුට උදව් කරන විදිහ ගැන විරුද්ධ මත ඇති වෙනවා. අනුන්ගේ ගෙදර ප්‍රශ්න විසඳන්න යන අය ගොඩක් වෙලාවට තමන්ගේම පවුලේ ප්‍රශ්න නොදකින්න පටන් ගන්නවා. තමන්ගේම ගෙදර ඉන්න සැමියා/බිරිඳ, දරුවන්, පවුලේ සාමාජිකයන්ට තියෙන ගැටළු වලට අවධානය යොමු කරන්න වෙලාවක් නැතිවෙනවා. තමන්ගේම ගෙදර සතුට සහ සාමය ආරක්ෂා කරන්න අමාරු වෙනවා.

ඒ නිසා “අනුන්ගෙ දුක අහන එක තමන්ට ප්‍රශ්නයක් කරගන්න නම් එපා” කියන එක මුලින්ම මතක් කරන්න ඕන.

අනිත් අයගේ පවුල් ගැටළු වලට නිතරම උදව් කරන අය තමන්ගේම ගෙදර තියෙන ප්‍රශ්න නොදකින්න පටන් ගන්නවා. හේතුව තමයි, එයාලගෙ අවධානය වැඩිපුරම රැඳිලා තියෙන්නෙ අනිත් අයගේ ප්‍රශ්න මත්තෙ නිසා. උදාහරණයක් විදිහට, සැමියා ගොඩක් වෙලාවට තමන්ගේ පවුලට වඩා, අක්කාගේ, නංගිගේ, අයියගේ, අම්මාගේ පවුල් ප්‍රශ්න විසඳන්න යනවා නම්, බිරිඳට හිතෙනවා “මෙයාට මේ අපේ පවුල ගැන කිසිම හැඟීමක් නෑ නේද ?” කියලා. ඒ වගේම, බිරිඳ නිතරම මිතුරියන්ගේ, අක්කාලාගේ, නංගිලාගේ ගෙදර ප්‍රශ්න විසඳන්න ගියොත්, සැමියාටත් ඒ වගේම හිතෙනවා. මුලදි කෙනෙකුට තමන්ගේම පවුලේ සැමියා හෝ බිරිඳ මේ ගැන කිසිම දෙයක් නොකියන්නේ නැතුව ඉන්න පුළුවන්, හැබැයි කාලයත් එක්ක, ඒක විරසකයක් වෙලා, ජීවිතේට ආතතියක් වෙන්න පුළුවන්. තව එක වැදගත් දෙයක් තමයි, අනුන්ගේ පවුල් ප්‍රශ්න ගැන විශාල අවධානය යොමු කරන අය, තමන්ගේම ජීවිතේ පවතින ගැටළුවලට විසඳුම් සෙවීමක් නවත්වන එක.

 උදාහරණයක් ගමුකො.

 සැමියෙක් නිතරම තමන්ගේම පවුලේ ආර්ථික ගැටළු අමතක කරලා, තමන්ගෙ සහෝදරයෙක්ගෙ ගෙදර ආර්තික ගැටලු ගැන කතා කරනවා හෝ ඒවට සපෝට් එක දෙන්න යනවා. ඒ අතරේ, ඔහුගේම ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්න වැඩිවෙන්න පටන් ගන්නවා. එයාට අන්තිමට තමන්ගේම ජීවිතේ ප්‍රශ්න තමන්ට පුලු පුලුවන් විදියට මැදිහත් වෙලා විසඳන්න වෙන්නෙම නෑ.

කොහොමහරි, මේවට වැඩියම බලපාන්නේ විශ්වාසය. පවුලක විශ්වාසය නැතිවෙන්නෙ, සැමියා හෝ බිරිඳ, හෝ දෙන්නම, අනිත් අයගේ ජීවිතවලට, අනිත් අයගෙ ජීවිතවල තියෙන ප්‍රශ්නවලට ඕනවට වඩා මැදිහත් වෙන්න ගියාම. තමන්ගෙ සහෝදර සහෝදරියන්ගෙ, යාලුවන්ගෙ, ඔෆිස් එකේ එකට වැඩ කරන අයගෙ පවුල් ප්‍රශ්න තමන්ගෙ ගේ අස්සට අරගෙන ආවම, තමන්ගේම ගෙදර සාමය බිඳදමන්න පුළුවන් කියන එක ඒ නිසා කොයිම වෙලාවකවත් අමතක කරන්න එපා.

මේ වගේ situation වලදි තමයි බිරිඳට සැමියට දෙන්නගෙන් අහන්න වෙන්නෙ, “ඔයාට අපේ ගෙදරට වඩා අනිත් අය වැදගත්ද?” කියලා. ඒ නිසා තමයි, තමන්ගේම පවුලේ සාමය සහ ආදරය රැකගන්න අනිත් අයගේ ගැටළුවලට නිතරම මැදිහත් නොවී, යම් ඉඩක් පරාසයක් බෙදීමක් තබාගන්න කියලා කියන්නේ. තවත් වැදගත් දෙයක් තමයි, පවුල් ගැටළුවලට යාළුවන්, නෑදෑයෝ, සහෝදරයෝ හෝ අනිකුත් මිනිස්සු නිතරම මැදිහත් වුනාම, ඒ පවුලේ මිනිස්සුන්ටම එය විසඳගන්න බැරි වුණාම අපිත් නරක මිනිස්සු වෙන එක.

 ඒ වගේම එහෙම situation වලදි “මගේ ගෙදර ප්‍රශ්න විසඳන්නනෙ යාලුවො ඉන්නෙ” කියල හිතලා ඒ මිනිස්සු මොකද කරන්නෙ නිතරම දෙන්නාම යාළුවන්ටම බරපතළ ප්‍රශ්න කියන්න පටන් ගන්නවා. ඒ වගේම, අනුන්ගේ ගෙදර විවාද වලට මැදිහත් වෙන්න ගියාම, ජීවිතේ වෙනත් ලස්සන, එකමුතුකම්, ආදරය, හරි හැටි එක්කෙනෙකුට අනික්කෙනා එක්ක ගත කරන්න පුළුවන් කාලය නැති වෙනවා.

කොහොම වෙතත්, අනුන්ගේ පවුල් ප්‍රශ්න ගැන සැලකිලිමත් වුනත්, තමන්ගේම පවුලේ ආදරය හා සාමය රැකගන්න නම්, පරාසයක් තබාගන්න අත්‍යවශ්‍යයි. උදව් කරන්නෙත්, උපදෙස් දෙන්නෙත් හොඳට, තියෙන අමනුස්සකමට වෙන්න පුලුවන්. හැබැයි එකිනෙකාට අවශ්‍ය අවධානය ලබාදීමත් අමතක නොකරන එක තමයි වැදගත්. තමන්ගේම ජීවිතේ සැරිසරණ ආදරය සහ සාමය පවත්වාගෙන යාමට, අනිත් අයගේ ගැටළුවලට ඉතාමත් සීමාවකට, සිතලා, කල්පනා කරලා මැදිහත් විය යුතුයි කියල අපි ඔයාලට මතක් කරන්න හිතුවෙ අන්න ඒ නිසාමයි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here