විලාසිතා කරන්න කවුද අකමැති. ඉතින් සුන්දර ලෙස කැපී පෙනෙන්නට, වෙනස් විදියට සිතන්නට, වෙනස් විදියට ඔබව දකින්නට කැමති ඔබටයි මේ ෆැෂන් ටිප්ස්..
කළු පාට
කවදාවත් විලාසිතා අතරින් ඉවත්ව නොයන සදාකාලික වර්ණය තමා කළු වර්ණය. අඳින්න වර්ණයක් සොයා ගැනීමට නොහැකි වූ විට මේ වර්ණය තෝරාගන්න. ඒ වගේම ඔබ මහත කෙනෙක් නම් තරමක කෙට්ටුවට පෙන්වීමටත් කළු වර්ණය සමත්.
ගැළපෙන්නේ මොනවද ?
ඇඳුම් වල මිළ නෙවෙයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඇඳුම්, ආභරණ, පාවහන්, අත් බෑග් මේ සියල්ලම එකට ගැළපෙනවාද යන්නයි. දහස් ගණනක් මුදල් වියදම් කර ගන්නා අත් බෑග්, ලාබ ටොප් එකක් එක්කත් ඇන්දත් වඩාත් සැළකිලිමත් විය යුත්තේ එහි ගැළපෙන, නොගැළපෙන බවයි.
අත් බෑගය
වටිනා අත් බෑගයකට ඔබේ වටිනාකම, පෙනුමේ වටිනාකම ඉහළ දමන්නට පුළුවන්. ඒ වගේම මිල අඩු වුනත් වෙනස් පෙනුමක් සහිත සරල කපු බෑගය පවා ඔබේ වටිනාකම ඉහල දමනවා. වඩාත් වැදගත් වෙන්නේ එය ඔබ ගලපා ගන්නා ආකාරය මතයි.
මික්සින්
බැගී ෂර්ට් එකක් සමග ඩෙනිමක් ? මෙහෙම ඇඳලා තියෙනවද ? ටී ෂර්ට් එකට උඩින් බැගී කමිසයක් සහ ඩෙනිමක්. මේ වගේ ඒවා මික්ස් කරලා බලන්න. නොගැළපෙන වර්ණ වලින් යුත් දේවල් ද මිශ්‍ර කර බලන්න.
අසම්පුර්ණ බවක් දැනෙනවද ?
සමහර විට කොතරම් ලස්සනට, පිළිවෙලට ඇන්දත් අසම්පුර්ණ බවක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට මාලයකින්, අත් ඔරලෝසුවකින්, පාවහන් යුවලකින් නැත්නම් අලංකාර තොප්පියකට හෝ කොණ්ඩා විලාසිතාවකට පුළුවන් වේවි ඔබේ ඒ අසම්පුර්ණ බව මග හරවන්න.
අඩුවෙන් දේවල්
ඕනාවට වඩා දේවල් එල්ල ගත්තමත් කැතයි. සරල වුණු තරමට ඔබව කැපී පෙනෙනවා වැඩියි වගේම එය ඔබේ ගුණාංගයක් ලෙසටත් එකතු වෙනවා. ඒ නිසා වැඩිපුර නොව ගානට මේක්අප් ඇතුළු සියලුම විලාසිතා ඔබට විශේෂිත පෙනුමක් ලැබ දේවි.
– ඉරේෂා –