ඔබේ ශරීරය නිරෝගීව තබා ගැනීමට විටමින් අත්‍යවශ්‍ය වනවා. ඒ ආකාරයටම ඔබේ සම සඳහාත් විටමින් අත්‍යවශ්‍යයි.ඔබේ සමේ සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා විටමින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. සම නීරෝගීව තබා ගැනීමට , සම අකලට වියපත් වීම වළක්වා ගැනීමට , සමේ රැළි ඇතිවීම සහ අඳුරු කව ඇතිවීම වළක්වා ගැනීමට , සම අව පැහැ ගැන්වීම වළක්වා ගැනීමට සහ සම දීප්තිමත්ව තබා ගැනීමට සමට විටමින් අවශ්‍ය වනවා. සමහර වේලාවට අප ලබා ගන්නා ආහාර වලින් ලැබෙන විටමින් මේ සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබා ගැනීමට සිදුවනවා .ඒ කෙසේ වෙතත් සම නීරෝගීව තබා ගැනීමට අවශ්‍ය වන විටමින් පිළිබඳවයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.
විටමින් A

වයසට යාමේ සලකුණු අවම කර ගැනීමට අත්‍යවශ්‍ය වන විටමින් වර්ගයක් ලෙස විටමින් A සැලකෙනවා.
විටමින් A සම මත ක්‍රියා කරන්නේ කෙසේද?
සියුම් රේඛා සහ රැළි අඩු කරයි
සමේ නම්‍යතාවය වැඩි කරයි
කොලජන් නිෂ්පාදනය වැඩි කරයි
සමේ පෙනුම වැඩි කරයි
කුරුලෑ ඇතිවීම අවම කරයි
විටමින් A අඩංගු ආහාර මොනවද ?
බතල
නිවිති
බිත්තර කහ මදය
කැරට්
බෙල් පෙපර්
තක්කාලි
විටමින් B3

හිරු කිරණ වලට නිරාවරණය වීමෙන් දෛනික විටමින් ඩී මාත්‍රාව ඔබේ සමට ලැබෙන අතර අධික ලෙස හිරු එළියට නිරාවරණය වීමෙන් ඔබේ සමට හානි ඇතිවිය හැකියි. මේ ආකාරයට දිගු කලක් සිදුවීමෙන් සියුම් රේඛා සහ අඳුරු ලප ඇති වීමේ සම්භාවිතාවයක් තිබෙනවා. විටමින් B3 මගින් මෙවැනි හානි වලින් ඔබේ සම ආරක්ෂා කරනවා.
විටමින් B3 සම මත ක්‍රියා කරන්නේ කෙසේද ?
සමේ වර්ණය සහ ප්‍රත්‍යස්ථභාවය වැඩි දියුණු කරයි
සම වයසට යාම අවම කරයි
හිරු කිරනින් සමට විය හැකි හානි වළක්වයි
hyper pigmentation තත්ත්වයන් අවම කරයි
සම මත අඳුරු ලප ඇතිවීම අවම කරයි
විටමින් B3 අඩංගු ආහාර මොනවද?
හතු
අලි ගැට පේර
මුං ඇට
රටකජු
බෝංචි ඇට
සූරියකාන්ත බීජ
ටූනා මාළු
විටමින් C
සමේ සෞඛ්‍ය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වන විටමින් වර්ගයක් වන මෙය සමේ වර්ණය වැඩි දියුණු කර ගැනීම සඳහා සහ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වනවා.
විටමින් C සම මත ක්‍රියා කරන්නේ කෙසේද ?
කොලජන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරයි
ශරීරයේ ප්‍රතිඔක්සිකාරක මට්ටම පවත්වා ගනී
සම වියපත් වීම ප්‍රමාද කරයි
සම රැළි වැටීම අවම කරයි
සම පැහැපත් කරයි
විටමින් C අඩංගු ආහාර මොනවද ?
දොඩම්
දෙහි
නාරං
ස්ට්‍රෝබෙරි
බ්‍රොකලි
මිදී
මල් ගෝවා
පේර
පැපොල්
විටමින් E
බොහෝමයක් රූපලාවන්‍ය නිෂ්පාදන වල අඩංගු වන විටමින් වර්ගයක් වන මෙය දීප්තිමත් සමත් සඳහා වගේම බොහෝ චර්ම රෝග වලට ප්‍රතිකාරයක් ලෙසත් යොදා ගන්නවා.
විටමින් E සම මත ක්‍රියා කරන්නේ කෙසේද ?
අඳුරු පැල්ලම් නැති කරයි
හිරු එළියෙන් සමට වන හානි වලින් සම ආරක්ෂා කරයි
වයසට යාමේ සලකුණු ඇතිවීම අවම කරයි
සම දීප්තිමත් කරයි
සමේ තෙතමනය ආරක්ෂා කරයි
සම මත ඇතිවන ආසාත්මිකතා අඩු කරයි
විටමින් E අඩංගු ආහාර මොනවද ?
නිවිති
අලි ගැට පේර
පැපොල්
පාස්ලි
බ්‍රොකලි
ඔලිව්
ආමන්ඩ්
විටමින් K
සම නීරෝගීව තබා ගැනීමට සහ සම ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග තත්ත්වයන් කිහිපයකටම ප්‍රතිකාර කිරීමේ හැකියාව විටමින් K සතුව තිබෙනවා.
විටමින් K සම මත ක්‍රියා කරන්නේ කෙසේද ?
සමේ රැළි ඇතිවීම අවම කරයි
අඳුරු කව ඇතිවීම පාලනය කරයි
සම අව පැහැ ගැන්වීම් අවම කරයි
සම පෝෂණය කරයි
විටමින් K අඩංගු ආහාර මොනවද ?
ගෝවා
බ්‍රොකලි
මල්ගෝවා
පාස්ලි
ධාන්‍ය වර්ග
විටමින් B6
විටමින් B6 හෙවත් පිරිඩොක්සීන් සම නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා උපකාරී වනවා.එය සමයේ ගැටලු බොහොමයක් නිරාකරණය කිරීමට වගේම සමේ පැහැය පවත්වාගෙන යාමටත් සහාය වනවා.
විටමින් B6 සම මත ක්‍රියා කරන්නේ කෙසේද ?
සම අකලට වයසට යාම වළක්වයි
සමේ අනවශ්‍ය තෙල් නිෂ්පාදනය පාලනය කරයි
කුරුලෑ ඇතිවීම පාලනය කරයි
සමේ පෙනුම වැඩි කරයි
සම ඇතුළතින් පෝෂණය කරයි
විටමින් B6 අඩංගු ආහාර මොනවද?
කුකුල් මස්
අල
නිවිති
අලි ගැට පේර
කෙසෙල්
දුඹුරු සහල්
කඩල
සැමන්
ඉහත සඳහන් විටමින් වර්ග දීප්තිමත් සමක් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන විටමින් වර්ගයි. මේවා අඩංගු ආහාර ඔබේ දෛනික ආහාර වේලට ඇතුලත් කර ගැනීම මගින් දෛනික විටමින් අවශ්‍යතාවය සපුරා ගත හැකි වන අතර ඔබට මීට අමතරව වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත මේ විටමින් වර්ග ලබා ගැනීම කළ හැකියි.