සැල්දිරි ගැන කතා කරන විට ඔබට මතක් වෙන්නේ ඔබේ ආහාර වලට එකතු කරන එහෙමත් නැත්නම් ආහාර පිළිගැන්වීම සඳහා භාවිතා කරන දෙයක් හැටියටයි.නමුත් සැල්දිරි කියන්නේ ඔබේ සෞඛ්‍යයට ඇදහිය නොහැකි තරම් ප්‍රතිලාභ ලබා දෙන පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි දෙයක්.ඔබේ සෞඛ්‍ය ස්වාභාවිකවම වැඩි දියුණු කර ගැනීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඊට ගත හැකි පහසුම පියවරක් ලෙස සැල්දිරි භාවිතය හඳුන්වන්නට පුළුවන්. සැල්දිරි වලින් ඔබේ සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා මේ ලිපියෙන් අපි බලමු.
ශරීරය සජලනය කරමින් විෂ ඉවත් කරයි.

සැල්දිරි වල 95% ක් අඩංගු වන්නේ ජලයයි.මෙමගින් ඔබේ ශරීරයේ ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීමට සහ ක්‍රියාත්මක වීමට සජලනය සපයන අතර ශරීරයෙන් විෂ ඉවත් කර වකුගඩු සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහාද සහාය වනවා. සැල්දිරි භාවිතයෙන් ශරීරයෙන් බොහෝ දුරට විෂ ඉවත් කරන නිසා සම මත කුරුලෑ ඇති වීමද පාලනය කරනවා. මේ නිසා ඔබට ඔබේ දවස සැල්දිරි යුෂ වීදුරුවකින් ආරම්භ කල හැකියි.
ආහාර දිරවීම සහ බඩවැල් සෞඛ්‍යයට උපකාරී වේ
සැල්දිරි වල තන්තු බොහෝ ප්‍රමාණයක් අඩංගු වෙනවා.ඔබේ ආහාර වේලට වැඩිපුර සැල්දිරි එකතු කර ගැනීම මගින් බඩවැල් සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන අතර ආහාර ජීර්ණය සුමට කිරීමට උපකාරී වනවා.මීට අමතරව ආමාශයේ ඇති විය හැකි දැවිල්ල සමනය කරන අතර නිරෝගී බඩවැල් ඇතිවීමට සහාය වනවා.ඒ වගේම ස්වභාවිකවම මලබද්ධය වැළැක්වීමටද සැල්දිරි භාවිතය උපකාරී වනවා.ආහාර ජීර්ණ ගැටලු ඇති අයට සැල්දිරි යනු ඉතා හොඳ තේරීමක්.
දිදුලන සමක් ලබා දෙයි
සැල්දිරි වල ප්‍රතිඔක්සිකාරක , විටමින් සහ ඛනිජ ලවණ බහුල වන අතර මේවා සම අභ්‍යන්තරයෙන් පෝෂණය කරනවා. ඒ වගේම සැල්දිරි බහුලව අඩංගු වන විටමින් සී මගින් ශරීරයේ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරනවා. සැල්දිරි මගින් ශරීරයේ සජලනය පවත්වා ගෙන යන නිසා ඉතාම ස්වභාවිකවම දීප්තිමත් කරන අතර සමේ ඇති විය හැකි බොහෝ ගැටලු වලට ප්‍රතිකාර කරමින් සමේ වර්ණය වැඩි දියුණු වීම සිදු වනවා. උදෑසන කාලයේදී සැල්දිරි , පිපිඤ්ඤා සහ දෙහි යුෂ පානය කිරීමෙන් ඔබේ සමට ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකියාව තියෙනවා.
බර අඩු කර ගැනීමට සහ පරිවෘත්තීය ක්‍රියාවලියට සහාය වේ
ඔබේ ශරීරයේ බර කළමනාකරණය කර ගැනීමට ඔබ ස්වාභාවික ක්‍රමයක් සොයනවා නම් සැල්දිරි එයට හොඳම ක්‍රමයක්.කැලරි ප්‍රමාණයෙන් අඩු, තන්තු සහ ජලයෙන් සපිරි සැල්දිරි ඔබට දිගු කාලයක් තෘප්තිමත්ව සිටීමට හැකියාව ලබා දෙනවා.මෙයට ඔබේ ආහාර පිළිබඳව ඇති තෘෂ්ණාව පාලනය කිරීමට හැකියාව තිබෙන අතර පරිවෘත්තිය ක්‍රියාවලිය ද දියුණු කරනවා. උදෑසන කාලයේදී සැල්දිරි යුෂ වීදුරුවක් පානය කිරීමෙන් ඔබට ඔබේ කුසගින්න පාලනය කර ගෙන බොහෝ වේලාවක් තෘප්තිමත්ව සිටීමට හැකියාව ලැබෙනවා.
දැවිල්ල අඩු කර ප්‍රතිශක්තිය වැඩි කරයි
නිදන් ගත දැවිල්ල සන්ධි වේදනාවේ සිට ස්වයං ප්‍රතිශක්තිකරන තත්ත්වයන් දක්වා බොහෝ සෞඛ්‍ය ගැටලු සමඟ සම්බන්ධ වෙනවා.සැල්දිරි වල ශරීරයේ දැවිල්ල අඩු කිරීමට උපකාරී වන ප්‍රබල ගුණ අඩංගු වනවා.මේ දැවිල්ලට එරෙහිව සටන් කරන පොලිෆෙනෝල් සහ ෆ්ලේවනොයිඩ් සැල්දිරි වල අඩංගු වන අතර විටමින් සී සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ශක්තිමත් ප්‍රතිශක්තිකරන පද්ධතියකට සහාය වනවා. ඒ වගේම ආතරයිටිස් සහ සන්ධි වේදනාව අඩු කිරීමටද සැල්දිරි වලට හැකියාව තියෙනවා.වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සැල්දිරි , ඉඟුරු සහ කහ පානය කළ හැකියි.
හෘද සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන අතර රුධිර පීඩනය අඩු කරයි

ඔබ ඔබේ හෘද සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන කෙනෙක් නම් ඒ සඳහා ඔබට වඩාත් සහය වන අමු ද්‍රව්‍යක් තමයි සැල්දිරි කියන්නෙ.සැල්දිරි වල තැලයිඩ අඩංගු වන අතර එය ධමනි බිත්ති ලිහිල් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න රුධිර පීඩන මට්ටම් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වෙනවා.ඒ වගේම ස්වභාවිකවම රුධිර පීඩනය පාලනය කිරීමට සැල්දිරි උපකාරී වන අතර සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටමක් පවත්වා ගැනීම සඳහාද ඔබට හැකියාව ලැබෙනවා.රුධිර සංසරණය සහ හෘද ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරමින් හෘදවාහිනී රෝග අවදානම අඩු කර ගැනීමටද සැල්දිරි භාවිතයෙන් හැකි වනවා.
මුලුතැන්ගෙයි එතරම් අවධානයක් ලබා නොගන්නා ආහාරයක් ලෙස සැලකෙන සැල්දිරි වලින් ඇත්ත වශයෙන්ම ඔබට හොඳ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන්.දිනපතා ඔබේ ආහාර වේලට සැල්දිරි එකතු කර ගැනීම හා සැල්දිරි යුෂ පානය කිරීම මගින් ඔබට ඉහත සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව තියෙනවා.