කරපිංචා කිව්වාම නොදන්න කෙනෙක් නැහැනේ. ලංකාවේ හිටියත්, පිටරටක ඉන්නවා වුනත් සමහර ආහාර සකස් කරනකොට අනිවාර්යෙන්ම මතක් වෙන ආහාර ආකලනයක් තමයි කරපිංචා. ඉතින් අපි හැමෝටම ගෙමිදුලෙන්ම කරපිංචා සපයාගන්න අවස්තාව නැහැනේ. ඒ හින්දාම අද ස්මාර්ට් ලේඩි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ කරපිංචා කල් තබා ගන්න පුලුවන් ක්‍රම ගැන.
කරපිංචා කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාගේ උද්‍යානවල සහ ගෙවතු වල වගා කරනු ලබන වැදගත් පැලෑටියක් බව කලිනුත් කිව්වා. විශේෂයෙන් ඒක ආහාර සහ ඖෂධීය වටිනාකම් සහිත නිසා කරපිංචා අපේ එදිනෙදා ආහාර සැකසුම් වල ප්‍රධානවම භාවිතා කරන ආහාර ආකලනයක්.
කරපිංචා කොළයට තියෙන්නේ පැතිරිලා යන සුවඳක්. ඒ සුවඳ හින්දාම ආහාරවලට රසය සහ සුවඳ එකතු කරන්න කරපිංචා භාවිතා කරනවා. කරපිංචා පඳුරු වගේ වගේම, විශාල ගස් විදියටත් වර්ධනය වෙනවා.
කරපිංචා කොළ වල විටමින් A, B, C සහ E විශාල විදියට තියෙනවා. ඒ වගේම කාබොහයිඩ්රේට්, ප්‍රෝටීන් සහ ප්‍රධාන ඇමයිනෝ අම්ලත් කරපිංචා වල හඳුනා ගන්න පුලුවන්.
පෝෂණ සහ ඒවායේ වැදගත්කම ගැන හඳුනාගැනීමේ අධ්‍යයනවලින් පෙන්වා දීලා තියෙන විදියට කරපිංචා පෝෂක ගුණයෙන් පරිපූර්ණ ආහාර ආකලනයක්.
ආහාරමය වැදගත්කම ඉක්මවන ඖෂධීය වටිනාකමක් කරපිංචා වල තියෙනවා.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදි කරපිංචා විශාල වශයෙන් භාවිතා කරනවා. කොලස්ටරෝල් පාලනය කිරීම සහ හෘද රෝග අවදානම අඩු කිරීම සඳහා ද කරපිංචා වල ප්‍රධාන වැදගත්කමක් තියෙනවා. ඒ වගේම ආහාර ජීර්ණය පහසු කිරිම සඳහාත් කරපිංචා වලින් ඉශ්ඨ වෙන්නේ සහයක්
ඉතින්, මෙච්චර වටිනාකම් තියෙන කරපිංචා කල් තියාගන්න එකත් ඒ තරම්ම වැදගත් බව ඔයාලාටත් තේරෙනවානේ. මේ කරපිංචා කල් තබා ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්.
කරපිංචා අතු වෙන් වෙන විදියට කඩාගන්න. සාමාන්‍ය ප්‍රමාණයේ බාජනයක් අරගෙන ඒකේ පතුලට පේපර් සර්වියට් කිහිපයක් දමන්න. ඊට පස්සේ කරපිංචා අතු සෝදන්නේ නැතිව මේ භාජනය ඇතුලේ අඩුක් කරගන්න. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි, මේ විදියට කරපිංචා කල් තියාගන්නකොට අපි කරපිංචා සෝදන්නේ නැහැ . ඊට පස්සේ ශීතකරණයේ යට කොටසේ මේ පෙට්ටිය තියලා තියන්න පුලුවන්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට ඉති අරගෙන, ඉතුරුවා ආයෙම වහලා තියන්න තමයි තියෙන්නේ. විශේෂෙන්ම මතක තියාගන්න ඕනි, පෙට්ටියෙන් කරපිංචා එලියට ගන්නකොට වතුර වැටෙන්නේ නැතිවෙන්න. සති දෙක තුනක් වුනත් කරපිංචා පාවිච්චියට සුදුසු මට්ටමින් කල් තියාගන්න මේ ක්‍රමෙන් පුලුවන්.

මේ වගේ කරපිංචා කල් තියාගන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි, කරපිංචා ඉති වෙන් වෙන් කරලා ජලය බාගයක් විතර දාපු වීදුරුවක ඉත්තේ අග කොටස ගිලෙන විදියට තියාගන්න එක. මේ ක්‍රමෙන් ලොකු කාලයක් කල් තියාගන්න නොහැකි වුනත්, දින කිහිපයක් නම් පහසුවෙන්ම කල් තියාගන්න පුලුවන්.

ඒ වගේම කරපිංචා නටුවෙන් කොළ වෙන් කරලා අරගෙන ඒ කොල සෝදලා වියලි රෙදි කඩක් මත දාලා, මද පවනේ හොඳින් වේලෙන්න තියලා, ඉන් පස්සේ වියලි පෙට්ටියක් ඇතුලට දාලා ශීතකරණයේ යට කොටසේ තියලාත් සතියක් විතර කරපිංචා කල් තියා ගන්න පුලුවන්. කරපිංචා කොළ වල වතුර තිබුනොත් නම් දවස් දෙක තුනක් යනකොට කොළ තැම්බෙන්න ගන්නවා. ඒ නිසා මද පවනේ වියලා ගන්න එක වැදගත්.
ඒ වගේම කරපිංචා කොළ සෝදලා, තද අවුවේ වියලාගෙන, ඊට පස්සේ කබලේ යන්තම් රත් කරලා අරගෙන, සුළං නොවැදෙන වියළි භාජනයක දාලාත් කරපිංචා මාස කිහිපයක් වුනත් කල් තියාගන්න පුලුවන්. විශේෂයෙන්ම විදෙස් ගත වෙන කෙනෙකුට කරපිංචා වියළි තත්වයෙන් අරගෙන යන්න පුලුවන් එක ක්‍රමයක් මේක. මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි වතුර එක්ක කරපිංචා මුහු නොවී තියෙන්න.
ඒ වගේම කරපිංචා කොළ සෝදලා, තද අවුවේ වියලාගෙන, ඊට පස්සේ කබලේ යන්තම් රත් කරලා අරගෙන, බ්ලෙන්ඩරයකින් හොඳින් කොටලා පවුඩර් ආකාරයට ට පත් කරගෙනත් කරපිංචා කල් තියාගන්න පුලුවකාරයට

ඒ වගේම වැඩි කාලයක් කරපිංචා නැවුම් විදියට කල් තියාගන්න පුලුවන් තව ක්‍රමයක් තමයි සිප් ලොක් බෑග් වල දාලා ශීතකරණයේ ඉහළ කොටසේ තියන එක . මෙතනදී, බෑග් එක ඇතුලට පේපර් සර්වියට් දාලා ඒ සර්වියට් අතරට ඉති වලින් වෙන් කරපු කරපිංචා දාලා, සිප් එක ලොක් කරගන්න පුලුවන් . ඒ වගේම, සර්වියට් බෑග් එකට දාන්නේ නැතුව, ඉති වලින් වෙන් කරගත්ත කරපිංචා බෑග් එකට දාලා බෑග් එකේ හුළං හිටින්නේ නැති වෙන්න ශීල් කරලත් වැඩි කාලයක් කරපිංචා කල් තියාගන්න පුලුවන්.
ඉතින් මේ ක්‍රම අනුගමනය කරන ගමන් ඔබේ මිදුලේ හරි, නිවසේ බැල්කනියේ පොඩි පෝච්චියක හරි කරපිංචා පැලයක් හිටවා ගත්තානම් එදාට අවශ්‍ය කරන කරපිංචා එදාම කඩා ගන්නත් පුලුවන් ඔන්න. වගා කරගන්න එක පහසු නිසා ඒ වෙනුවෙන් උත්සාහ කරන එක ඔයාට අළුත් අත්දැකීමක් වේවි.
ReplyForwardAdd reaction |