මූණ දීප්තිමත් කරගන්න හොඳම face mask වර්ග 03 ක් 

මූණ දීප්තිමත්ව තියාගන්න කවුද අකමැති නේද?

දීප්තිමත් සමක් වෙනුවෙන් සිහින දකින ඔබේ skin care routine එකට එකතු කරගන්න පුළුවන් අලුත්ම යාළුවෙක් ගැන කියන්න තමයි ඔන්න smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ.

හණ ඇට එහෙමත් නැත්නම් ෆ්ලැක්ස් සීඩ් (flax seed) කියන්නෙ ෆයිබර්, ඔමෙගා 3 (Omega 3) වගේ අත්‍යාවශ්‍ය මේද අම්ල වලින් පරිපූර්ණ අපේ සමට අවශ්‍ය තෙතමනය වගේම පෝෂණය ලබාදෙන, ශරීරයේ දැවීම් අඩුකරන, ශරීරයේ වියළි බව අඩුකරන, කුරුලෑ වලට එරෙහිව සටන් කරන්න වගේම මුහුණේ සම සිනිඳු කරන්නත් උපකාරී වෙන ඉතාම වටිනා ඇට වර්ගයක් කීවොත් සමහර විට ඔබ පුදුම වෙයි. 

එහෙමනම් අපි දැන් බලමු ලප කැළැල් වලින් තොර දීප්තිමත් glass skin එකක් ලබාගන්න හරිම ලේසියෙන් flaxseed face mask එකක් හදාගන්නෙ කොහොමද කියල.

අවශ්‍ය ද්‍රව්‍ය 

Flaxseed / හණ ඇට කෝප්ප 01 ක් 

වතුර කෝප්ප 04 ක් 

හොඳින් පිරිසිදු කර වියළාගත් කපු රෙදි කැබැල්ලක්

උණවතුරෙන් තම්බා වතුර ඉවත් කරගෙන වියළාගත් වීදුරු බෝතලයක් 

ලිපේ තැබීමට සුදුසු සෞඛ්‍යාරක්ෂිත භාජනයක් 

සොදා වියළාගත් පිරිසිදු භාජනයක් 

(හණ ඇට සහ වතුර 1:4 අනුපාතයෙන් ඔබ කැමති භාජනයකින් යොදාගන්න පුළුවන්) 

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට හණ ඇට සහ වතුර එකතු කර අඩු ගින්දරේ රත්වීමට තබාගන්න.

විනාඩි 05 කට 06 කට පසු වතුර නටමින් සුදු පැහැ පෙණ නගිමින් හණ ඇට වල ඇති ජෙල් ඉවත්වීම ආරම්භ වන බව ඔබට දැකගන්න පුළුවන්.

වතුර නැටීම පටන් ගත මොහොතේ සිට දිගින් දිගටම විනාඩි 02 ක් 03 ක් පමණ නොනවත්වා හැඳිගාන්න අමතක කරන්න එපා.

විනාඩි 03 කට පස්සෙ හැන්ද එසවූ විට අවසාන ජෙල් බින්ඳුව ඉතාම සෙමින් භාජනයට වැක්කෙරෙන විට නියමිත පදම ලැබී ඇති බව ඔබට සොයාගන්න පුළුවන්. 

අනවශ්‍ය පරිදි රත් කරගන්න එපා.

ඒ අතරතුර භාජනය උඩට කපු රෙද්ද එලා සූදානම් කර තබාගන්න.

ඒ මොහොතේ ලිපෙන් ඉවත් කරගත් ජෙල් මිශ්‍රණය කපු රෙද්ද උඩට වත්කර හොඳින් කපු රෙද්ද මිරිකා පොට්ටනිය හැන්දකින් සූරමින් හණ ඇට ඉවත් කරගෙන ජෙල් මිශ්‍රණය ලබාගන්න පුළුවන්. 

ජෙල් මිශ්‍රණය උණුසුම් නිසා මේ පියවරවල් වලදී ඔබ වඩාත් ප්‍රවේශම් සහගත වෙන්න ඕන. මිශ්‍රණය නිමුණු පසු ජෙල් ටික වෙන් කරගන්න අපහසු නිසා උණුසුම්ව තිබියදීම මේ පියවර අනුගමනය කිරීම වඩා යහපත්.

ඔබට අවශ්‍ය නම් ඉතුරු හණ ඇට නැවත වතුර සමඟ රත්කර ආයෙමත් ජෙල් වෙන් කරගන්නත් පුළුවන්.

දැන් මේ ජෙල් මිශ්‍රණය හොඳින් නිමෙන්නට තබා අපි සූදානම් කරගත් වීදුරු බෝතලයේ අසුරා හොඳින් වසා ශීතකරණයේ තබා දවස් 15 ක් පමණ තබාගන්න ඔබට පුළුවන්.

දැන් මේ ජෙල් ස්වල්පයක් හොඳින් පිරිසිදු කරගත් මුහුණේ හොඳින් ආලේප කර විනාඩි 20 ක් තබා සාමාන්‍ය පරිදි සෝදා ඉවත් කරගන්න පුළුවන්.

මේ flax seed ජෙල් මුහුණේ වගේම කොන්දෙත් ආලේප කරල හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

ඒ අතරතුර හොඳින් වතුර බොන්නත් පෝෂ්‍යදායී ආහාර ගන්නත් අමතක කරන්න එපා.

එහෙනම් මේ විදිහට flax seed ජෙල් පිළියෙල කරල ලස්සන වෙන්න ලෑස්ති වෙමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles