සින්දූපාගේ මව උන්නේ සින්දූපාගේ පියාගේ නිහඬ පිළිවෙත හා වන කෝපයෙනි. සින්දූපා පෙන්වන දැඩි බව සැබෑවටම නොවන බව ඇයට වැටහේ. දියණියගේ ජීවිතය මේ මොහොතෙන් පසු ගන්නා තිරණ මත කිනම් දෙසකට පෙරලේදැයි ඇයට සිතා ගන්නට නොහැක. දියණිය වඩා ශක්තිමත් බව පෙන්වන්නට ගන්නා උත්සාහයන් කෙතරම් දියාරුදැයි තමාට තරම් අන් කිසිවෙකුට වටහා ගන්නට නොහැකි යැයි, ඕ සිතුවේ සින්දූපා විදෙස් ගත වන්නට අවශයැයි පවසන මොහොතේ හඬෙහි වූ වෙවිලිල්ලද නිසාය.
“ මගේ මූණට පුප්පලා වැඩක් තියෙනවාද ?… සින්දූපාම කිව්වානේ එයාට රට යන්න ඕනි කියලා .. එයා අර මිනිහාගේ සැබෑ තත්වේ තේරුම් අරගෙන එහෙම කියනෙකම සහනයක් නෙවෙයිද ?… ගවර්මන්ට් සර්විස් අවුරුදු දහයක්වත් නොකර අයින් වෙන්නේ නෑ කිව්ව කෙල්ල, අර ලස්සනට ලීව් වෙන්න යන්නේ…. ක්වීන්ස් එක පැත්ත පලාත බලන්න උන්නේ නැති කෙල්ල, දැණ් අර ශෝක් එකට කිව්වේ, එයා එනකල් මේ දේවල් ටික බලාගන්න කියලා….. ඉතින්, තව මොනවාද?..:
“ ඔව් …. දරුවා රට යන්න ඕනි කිව්වා.. අපි එකත් වෙලා අර ළමයාව මෙහෙට ගෙන්නගෙන කරපු නාටකේට , අර අනෙක් ළමයත් එකතු වුන නිසා… එදා අර මනුජ කියන ළමයා ඇවිල්ලා ඔයාව හම්බෙලා කිව්වේඑ මොනවද කියලා, ඒ කතාව අහන් උන්න ඔයාට අමතක වුනාට, ඔයාගෙන් ඒ කතාව අහගත්ත මට ඒක අමතකනෑ…. දරුවා ඔය හැම තීරණයක්ම ගත්තේ, ඉඳලා ඉඳලා විශ්වාස කරලා ආදරේ කරපු පිරිමියත් එයාට එච්චරට වංචාවක් කරා කියන එක දරාගන්න බැරුව …….ඒක නොතේරෙන්න ඔයයි, මාය් ආදරේ නොකර , ගෙවල් එක්ක රණ්ඩු නොකර කසාද බැන්ද දෙන්නෙක් නෙවෙයිනේ…….”
සින්දූපාගේ මව, එලෙසින් පවසද්දී සින්දූපාගේ පියා මොහොතකට නිරුත්තරව බලා උන්නේය. ඇය මෙතරම් දැඩි ලෙසින් කතා කරාවි යැයි ඔහු සිහිනෙකින්වත් නොසිතූ සෙයක් ඔහුගේ වතෙහි විය.
“ අපි කොහොම හිතුවත් ඒ දරුවා අපේ දරුවාට ඉස්තීරෙටම ආදරේ කරන බව මට විශ්වාසයි…. එහෙම නොවෙන්න මොන පිරිමියාද , මෙහෙම නාටක පෙන්නලා, තමන් චීට් කරපු කෙනා වෙලා කතා ඉවර කරන්නේ… ඒ දරුවා, අපේ දරුවාට හිත හදාගන්න ලේසි වෙන්න හැමදේම කරලා අයින් වෙන්න හිතන එකම ආදරේ නෙවෙයිද ?…”
“ ඔයා මේ මොකක්ද කියන්නේ ?… දැන් අර කසාද බැඳලා අවුරුදු පහක දරුවෙකුත් ඉන්න එයාර් ෆෝස් කාරයෙක්ට අපේ දරුවාව දෙන්න කියලාද ?.. ආහ් ඒකද ඔයා කියන්නේ?..”
“ මම මුකුත් කියන්නේ නෑ.. හැබැයි, ඔයාටයි මටයි දෙන්නාටම පසුතැවෙන්න කාරණා නොහැදෙන්න මේ කාරණාව විසඳගන්න නම්, අපේ දරුවා සැනසීමෙන් ජීවත් වෙන්න නම්, අපි කරන්න ඕනි දේ මොකක්ද කියලා ඔයාම ඔයාගෙන්ම අහලා බලන්න .. මට නොපෙනෙන්න වහගෙන උන්නාට, ඔයගේ හිත දන්නවා වෙන්න ඕනි මොකක්ද කියලා…. අපි මොන දේ රැකගත්තත් දරුවා ජීවිතේ තනි වෙලා, ජීවත් වෙනවා නම් අපි රැකගන්න කිසිම දෙයක් වැඩක් නෑ …. ඒක ඔයාට නොතේරෙනවා වෙන්නත් බෑ…”
සින්දූපාගේ මව යහනේ අනෙක් පස හැරුනාය. දියණිය ඇය වෙනුවෙන් සටන් කීරීම අතැර දමා ඇති බවට සැක නැත. සටන් කිරීම අතැඍ දමන මොහොතේ පටන් තම දියණිය දුර්වලව මියැදීම තෝරාගෙන ඇති බව සින්දූපාගේ අම්මාට සිතුනේ පපුවට දරා ගැනීමට අපහසු වේදනාවක් සමඟය.
සින්දූපාගේ පියා ගෙව්වේද නොදි නැති රැයකි. බිරිඳගේ චෝදනාවේ බර ඔහුට මහ ඉහලින්ම දැනෙන්නට ගෙන තිබුනේය. ඇය කිසිවක් ඍජුවම පවසන්නේ නැත. එහෙත් ඇය කිසිවක් නොපවසාම ඉන්නේද නැත. සින්දූපා සියල්ල අතැර දැම්මාට පසු, ඇගේ මව ඇය වෙනුවෙන් සටන් වදින්නට සූදානම් වන්නීය.
තාත්තා කෙනෙකු ලෙසින් තමා ගත යුතු තීරනය කුමක්දැයි සින්දූපාගේ පියාට තීරණය කල නොහැකි විය. ඔහු සින්දූපාගේ කාමරය වෙත ඇවිද ගියේය. විදුලි පහන් දල්වා ඇඨ්හ. රාත්‍රී දොලහද පසුවී ඇත.
“ පුතා නිදි නැද්ද ?…”
සින්දූපාගේ පියාගේ හඬින් සින්දූපාගේ කල්පනාව බිඳ වැටුනේය. ඕ නෙත් තෙත පිසදා ගත්තාය.
“ නින්ද ගියේ නෑ තාත්තේ.. නිදාගන්න හැදුවේ… තාත්තා ඇහැරගෙන ඇයි ?….”
“ නින්ද යන්නේ නෑ පුතේ …”
“ මං හින්දාද ?…”
සින්දූපා හිස පසෙකට ඇල කර විමසුවාය. සින්දූපාගේ පියා කිසිවක් නොපවසා බලා උන්නේය. සින්දූපා යහනේම පසෙකට හැරී, පියාගේ උකුල මත හිස තබා ගත්තාය.
“ තාත්තේ … ඒ හැමදේම අමතක කරන්න … මං අමතක කරනවා නම්, තාත්තාට අමතක කරන්න බැරි නෑනේ ඒ කාලේ… තාත්තේ … මම මෝඩ වුනා…. මට.. මට … සමහරවිට, මනුජව හරිහැටි තේරුම් ගන්න බැරි වෙන්න ඇති … ඔයා දන්නවාද?… විශ්ව අයියා කැමති වුනේම නැහැ , මම මනුජ එක්කල සම්බන්ධතාවයක් පටන් ගන්නවටවත් … එයා කිව්වේම මනුජගේ ජීවන රටාවට මට ඇඩප්ට් වෙන්න බැහැ කියලා… විශ්ව අයියා ඉතින් මනුජව සෑහෙන්න කල් ඉඳන් දන්න කෙනෙක් නේ… එහෙම කියද්දීත් නේ තාත්තේ මම මේ තීරණේ ගත්තේ… ඉතින්, මේක මම දැණ දැනම කල දෙයක් තාත්තේ… ඒ ගත්ත තීරණය මම ගග්ත්තේ මේ අවධානම එක්කනේ.. ඉතින් මේ පසු ප්‍රතිපල ඕනෑඅම දෙයක් මම විඳින්න ඕනි නේ තාත්තේ……. “
සින්දූපාගේ පියා ගැඹුරු හුස්මක් හෙලුවේය. දියණියගේ වචන වල් ඇත්තේ අවබෝධය නොවන බවත්, වෙදනාවම බවත් ඔහුටත් වැටහෙන්නේය.
“ ඔයා අසනීප වෙනවානේ තාත්තේ ඔහොම කල්පනා කරලා… මම හොඳින් ….මෙව්වා තව දුර දිග ගිහින්, තවත් අමාරු විදියට ඉවර වෙනවාට වඩා, මේ වුන විදිය හොඳයිනේ තාත්තේ.. අඩුම මම දැණ් දන්නවා, මිනිස්සු විශ්වාස කරනවා කියනෙක කොහොම දෙයක්ද කියල.. ඒ වගේම අවශ්‍යතා අනුව මිනිස්සු කොහොම කොහොම වෙනාස් වෙනවාද කියලා… “
“පුතා මනුජට කතා කලාද ?..”
“ ආයේ කතා කරන්න තරම් දෙයක් නැති වෙන්නම එයා දේවල් කිව්වා තාත්තේ… ආයේ මම කතා කරන්නේ නෑ….”
සින්දූපාගේ පියාට මනුජගේ හඬ ඇසෙන්නට ගත්තේය.
“ මම රිද්දන්න පුලුවන් අඩුම විදියෙන් සින්දූපාව මේ කතාවෙන් එලියන් තියන්නම්.. එයාව බලා කියාගෙන, හයියෙන් අල්ලගන්න එක ඔයාලාට බාරයි….. මම හය්ය මිනිහෙක් .. ඒත් එයා හය්‍ය බව පෙන්නගෙන ඉන්න දුර්වල කෙල්ලෙක් .. එයාට උදව්වක් ඕනිමයි …..”
මනුජ විශ්ව අතේ තිබූ බියර් කෑනය බලෙන උදුරා ගත්තේය.
“ තොට කිව්වා නේද මේ මුකුත් තහනම් කියලා..ඔහොම තියෙන්න දීපං …”
“ මනුජ මේ .. තෝ ඔය කීවෙනි කෑන් එකද බලහං බල්ලෝ … මැරෙන්නද යන්නේ?….”
“ මං එහෙම මැරෙන්නේ නෑ බං … පොඩි කෙල්ලව දාලා මම කොහොමද බං මැරෙන්නේන් වත් ?…”
“ අනේ බූරුවෝ … මට කියපං දැන්වත්, උඹ මොකක්ද මේ නටන නාඩගම ?…..”
“ ආයේ ආයෙම එකම දේ අහන්න එපා බං .. ඒ නාඩගම දැන් ඉවරයි.. උබ ලෑස්ති වෙයං දැන් දියතලාවේ යන්න ..උඹයි නංගියි මාත් එක්ක එහෙ ඉන්න වරෙං .. මං දෝණි එක්ක සාරති නැන්දාව මෙහෙ තියලා යන්නේ.. මට ටික කාලයක් ඕනි බං ..”
“ මනුජ මේ.. ආයේ මම උඹගෙන් අහන්නේ නෑ… අපේ මාමලා උඹව බ්ලැඛ් මේල් කරේ මොකක් කියලාද ?…”
මනුජ කෑනයෙන් අඩකටත් වැඩියෙන් එක හුස්මට බීවේය.












