සමහර අය තමන් ගැන වඩා හොඳ හැඟීමක් ඇති කර ගැනීම සඳහා අන් අයව විවේචනය කිරීම, පහත් කිරීම හෝ අවතක්සේරු කිරීම සිදුකරනවා. එවැනි අවස්ථාවන් වලදී ඔබට ඔවුන්ගේ හැසිරීම පාලනය කළ නොහැකි වුවත් ඔබට ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය පාලනය කළ හැකියි. නැතහොත් ඔබේ සිතුවිලි සහ ඔබේ මානසිකත්වය පවා සෘණාත්මක අතට හැරීමට හැකියාව තියෙනවා. මේ ලිපියෙන් ඔබට කියන්නේ නිරන්තරයෙන්ම ඔබව පහත් කොට සලකන සහ ඔබව විවේචනය කරන පුද්ගලයන් සමග කටයුතු කළ හැකි සෞඛ්‍ය සම්පන්න ක්‍රම කිහිපයක් ගැනයි.

ඔවුන්ගේ වචන සත්‍යය ලෙස නොසලකන්න
යමෙකු ඔබ ගැන නිෂේධාත්මක දෙයක් පැවසූ පමණින් එය ඔබ පිළිබඳව සත්‍ය කරුණක් වන්නේ නැහැ. අන් අයව පහත් කරන පුද්ගලයින් බොහෝ විට තමන්ගේම අනාරක්ෂිත බව, ඊර්ෂ්‍යාව හෝ කලකිරීම් සහගත දේවල් වචන වලට පෙරලනවා.එම නිසා සෑම මොහොතකදීම ඔවුන්ගේ විවේචන වහාම විශ්වාස කරනවා වෙනුවට, එය සාධාරණ හා ඵලදායීද යනුවෙන් ඔබ සිතා බැලිය යුතු වන අතර ඔබේ වටිනාකම තීරණය වන්නේ වෙනත් කෙනෙකුගේ මතය අනුව නොවන බව ඔබ විසින් ඔබටම මතක් කර දිය යුතුයි.
සන්සුන්ව හා සංයුක්තව සිටින්න
කෙනෙක් ඔබ විවේචනය කරනවා නම් ඔහු පහත් කොට සලකනවා සලකනවානම් ඒවාට කෝපයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් හෝ තර්කය “ජයග්‍රහණය කිරීමට” උත්සාහ කිරීමෙන් පලක් ඇතිවන්නේ නැහැ. අන් අයව පහත් කිරීමට කැමති අය බොහෝ විට ශක්තිමත් චිත්තවේගීය ප්‍රතික්‍රියාවක් අපේක්ෂා කරනවා. එවැනි අවස්ථාවන් වලදී සන්සුන්ව සිටීමෙන් ඔබට ඔබ පිළිබඳව ඇති විශ්වාසය පෙන්නුම් කරන අතර තත්වය උත්සන්න වීම ද වළක්වනවා. එය ඔබට පැහැදිලිව සිතීමට සහ ඥානවන්තව ප්‍රතිචාර දැක්වීමට ද උපකාරී වනවා.
පැහැදිලි සීමාවන් සකසන්න
ඔබව විවේචනය කරන අයෙකුගේ හැසිරීම පිළිගත නොහැකි විට එය ඔවුන්ට දැන්වීමට ඔබට හැකියි. සෞඛ්‍ය සම්පන්න සීමාවන් ඔබට සැලකිය යුතු ආකාරය පිළිබඳව අන් අයට උගන්වනවා. “මම ඒ ආකාරයෙන් කතා කිරීම අගය කරන්නේ නැහැ ” , ” මම එවැනි විවේචන ඉවසන්නේ නැහැ ” වැනි සරල ප්‍රකාශයකින් අනවශ්‍ය ගැටුම් ඇති නොකර ආත්ම ගෞරවයකින් යුතුව සන්නිවේදනය කළ හැකියි.
ඔවුන්ට ඔබ කෙරෙහි ඇති බලය සීමා කරන්න
ඔවුන්ගේ අදහස් වලට ඔබේ සිතුවිලි වල ආධිපත්‍යය දැරීමට හෝ ඔබේ ආත්ම අභිමානයට බලපෑම් කිරීම සඳහා කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි . ඔබ රිදවන ප්‍රකාශ වැඩි වැඩියෙන් ලබා දෙන තරමට, ඔවුන් ඔබේ හැඟීම් කෙරෙහි වැඩි බලපෑමක් ඇති කිරීම සඳහා උත්සාහ කරනවා. ඔබේ ශක්තීන්, ඉලක්ක සහ ආත්ම අභිමානය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔවුන්ගේ නිෂේධාත්මක බව ප්‍රතික්ෂේපිත මට්ටමක තබා ගැනීමට ඔබට උපකාරී වනවා.
සහයෝගය දක්වන පුද්ගලයින් සමඟ එක්වන්න
ඔබව දිරිමත් කරන සහ ගරු කරන මිතුරන්, පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමඟ කාලය ගත කරන්න. යමෙකු විවේචනාත්මක හෝ අකාරුණික වන විට ඔබට සහාය දක්වන සබඳතා ඔබේ වටිනාකම ඔබට මතක් කර දෙන අතර සෞඛ්‍ය සම්පන්න දැක්මක් ඔබට ලබා දෙනවා. ධනාත්මක පුද්ගලයින් සෘණාත්මකභාවයේ බලපෑම සමතුලිත කිරීමට උපකාරී වන බැවින් සෑම විටම ඔබව පහත් කොට සලකන පුද්ගලයන්ට වඩා ඔබව දිරිමත් කරන පුද්ගලයන් ඇසුරු කරන්න.
ආරක්ෂිතභාවයෙන් නොව විශ්වාසයෙන් ප්‍රතිචාර දක්වන්න
කෙනෙක් ඔබව පහත් කොට කතා කරනවා නම් ඔබ සන්සුන්ව හා සෘජුව ඔවුන්ව ආමන්ත්‍රණය කළ යුතුයි. එම විශ්වාසයෙන් ඔවුන්ට පෙන්නුම් කරන්නේ ඔබ ඔබටම ගරු කරන බවයි. තර්ක කිරීම හෝ ඔබේ වටිනාකම ඔප්පු කිරීමට උත්සාහ කිරීම වෙනුවට දක්වන සන්සුන් ප්‍රතිචාරයක් ඔබේ පරිණතභාවය සහ ආත්ම අභිමානය පෙන්නුම් කරනවා.
පුද්ගලික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන්න
කෙනෙක් ඔබ ගැන කරන විවේචන සෑම විටම ඔබ පිළිබඳව සත්‍ය කාරණා නොවන බැවින් ඔබ එම විවේචන පසෙකලා ඔබේ පෞද්ගලික වර්ධනය කෙරෙහි අවධානය යොමු කළ යුතු වනවා. විශේෂයෙන්ම එම විවේචන වලට ඔබව නිර්වචනය කිරීමට ඔබ විසින් ඉඩ නොදිය යුතුයි. සෑම විටම එම අසාධාරණ විවේචන නොසලකා හැරිය යුතු අතර එම විවේචන ඔබේ ජීවිතයෙන් ඈත් කර තැබීමද කළ යුතුයි.
කෙනෙක් නිරන්තරයෙන්ම ඔබව පහත් කර සලකනවද?
සෑම පුද්ගලයෙකුටම ඔබේ කාලය හා ශක්තිය සඳහා අසීමිත ප්‍රවේශයක් ලැබිය යුතු නැත. ගැටලුව විසඳීමට ඔබ දරන උත්සාහය නොතකා යමෙකු නැවත නැවතත් ඔබව පහත් කරන්නේ නම්, ඔවුන් සමග යම් දුරස්ථභාවයක් නිර්මාණය කිරීම සෞඛ්‍ය සම්පන්නම විකල්පය විය හැකියි. ඔබේ මානසික යහපැවැත්ම ආරක්ෂා කර ගැනීම දුෂ්කර සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට වඩා වැදගත් වන බැවින් ඔබට සෘණාත්මක වටපිටාවක් නිර්මාණය කරන පුද්ගලයන්ගෙන් ඉවත් වන්න.
අන් අයව පහත් කරන පුද්ගලයින් බොහෝ විට තමන් විවේචනය කරන පුද්ගලයා පිළිබඳව යමක් වෙනුවට තමන් ගැන වැඩි යමක් හෙළි කරනවා. ඒවා සඳහා වඩාත්ම බලගතු ප්‍රතිචාරය වන්නේ පරාජිත වීම නොව, වර්ධනය වෙමින්, ඔබටම ගරු කරමින්, ඔබේ වටිනාකම හඳුනා ගන්නා පුද්ගලයින් සමඟ රැඳී සිටීමයි. ඔබේ විශ්වාසය ඇති විය යුත්තේ ඔබ කවුද යන සැබෑ හැඟීමෙන් මිස ඔබව පහත් කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ගේ අදහස් වලින් නොවේ.











