
ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සෑම විටම විශාල ආයෝජනයක් අවශ්‍ය වන්නේ නැහැ. බොහෝ සාර්ථක ව්‍යාපාර ආරම්භ වන්නේ කුඩා මුදල් ප්‍රමාණයක , නිර්මාණශීලීත්වයක සහ උත්සහයක ප්‍රතිඵලයක් වශයෙන් වන අතර අවශ්‍ය වන්නේ ඉතා හොඳ සැලසුමක් පමණයි. අමතර මුදලක් ඉපැයීම සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට කුඩා මුදල් ප්‍රමාණයක් සහිතව පහසුවෙන් ආරම්භ කළ හැකි ව්‍යාපාර කීපයක් ගැනයි මේ ලිපිය.
නිවස පදනම් කරගත් ආහාර ව්‍යාපාරය
ඔබ ඉවුම් පිහුම් හෝ බේක් කල ආහාර සකස් කිරීමට කැමැත්තක් දක්වනවා ඔබට නිවසේ සකස් කළ ආහාර, කේක්, සුලු කෑම හෝ දිවා ආහාර පැකට් විකිණිය හැකියි. මේ සඳහා ඔබට මිතුරන්, අසල්වැසියන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඇණවුම් ලබා ගැනීමෙන් ආරම්භ කිරීමට පුලුවන්. නිවසේ සකස් කළ පිරිසිදු ආහාර වලට වෙළෙඳපොලේ ඉතා හොඳ ඉල්ලුමක් පවතින බැවින් අඩු ආරම්භක පිරිවැයක් සමග පවත්වාගෙන යා හැකි ඉතා හොඳ ව්‍යාපාරයක් ලෙස ආහාර ව්‍යාපාරය හැඳින්විය හැකියි.
ලිවීම

ඔබට ලිපි ලිවීම, බ්ලොග් ලිවීම, පිටපත් ලිවීම හෝ සෝදුපත් කියවීමේ සේවා ලබා දිය හැකි නම් ඔබට ඒ ඔස්සේ මුදල් ඉපැයීම කල හැකි අතර පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් සමඟ අන්තර්ජාල සම්බන්ධතාවයක් සමඟ ඔබට එය ආරම්භ කළ හැකියි. මෙහි අති විශාලම ඕනෑම වේලාවක ඊට වැඩ කිරීමට ඇති පහසුවයි
සමාජ මාධ්‍ය කළමනාකරණය

බොහෝ කුඩා ව්‍යාපාරවලට ඔවුන්ගේ Facebook, Instagram සහ TikTok පිටු කළමනාකරණය කිරීම සඳහා කළමනාකරුවෙකුගේ සහයෝගය අවශ්‍යය වනවා. ඔබට නිර්මාණශීලී සමාජ මාධ්‍ය පෝස්ට් නිර්මාණය කිරීමට, පණිවිඩවලට පිළිතුරු දීමට සහ ඔවුන්ගේ මාර්ගගත පැවැත්ම වර්ධනය කිරීම කල හැකි නම් එවැනි සේවා අවශ්‍ය අයට ඔබේ සේවය ලබාදීමට පුළුවන්.
Online ඉගැන්වීම

පාසල් විෂයයන්, භාෂා, සංගීතය, කලාව හෝ වෙනත් කුසලතා online හෝ කුඩා කණ්ඩායම් පන්ති වශයෙන් පැවැත්වීම වර්තමානය වන විට ඉතා හොඳ මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස සැලකෙනවා. ඔබ සතුව දැනටමත් ඇති දැනුම සහ පහසුකම් භාවිතා කර මෙවැනි සේවයක් මගින් මුදල් ඉපයීමට ඔබට හැකියාවක් තියෙනවා.
අත්කම් ව්‍යාපාර

සුබපැතුම් පත්, ඉටිපන්දම්, ආභරණ, book mark , තෑගි පෙට්ටි හෝ සැරසිලි නිර්මාණය කර ඒවා Online හරහා මේ කිරීමත් මේ විට සාර්ථක ව්‍යාපාර ක්‍රමයක්. ඉතා කුඩා මුදලකින් කුඩා පියවරකින් ආරම්භ කර ඔබට මේ මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා වර්ධනය කරගත හැකියි.
පැළ

නිවසේ සිට ගෘහස්ථ ශාක, ඖෂධ පැළෑටි, මල් පිපෙන ශාක වගා කර විකිණීමත් ඔබට කුඩා මුදල් ප්‍රමාණයකින් ආරම්භ කළ හැකි ව්‍යාපාරයක්. ඒ වගේම මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක්ද පමණයි.
ග්‍රැෆික් නිර්මාණ

ඔබට ග්‍රැෆික් නිර්මාණය කෙරෙහි උනන්දුවක් සහ හැකියාවක් තිබෙනවා නම් ව්‍යාපාරික කාඩ්පත්, ආරාධනා පත්, ස්ටිකර්, පෝස්ටර් හෝ සරල ග්‍රැෆික් නිර්මාණ සේවාවක් ආරම්භ කල හැකියි. ආරම්භයේදී ගනුදෙනුකරුවන් සොයා ගැනීම අපහසු වුවත් ඔබට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා පහසුවෙන් ගනුදෙනුකරුවන් හැකියාව තියෙනවා.
ඇඳුම් විකිණීම
Online ඇඳුම් ව්‍යාපාර සඳහා මේ වන විට විශාල ඉල්ලුමක් පවතිනවා. ඔබට තොග සහ සිල්ලට වශයෙන් ගුණාත්මකභාවයෙන් යුතු ඇඳුම් විකිණීම කල හැකි අතර සෑම විටම ගුණාත්මක සේවාවක් ලබාදීම මගින් ගනුදෙනුකරුවන් රඳවා ගැනීමට ඔබ උපක්‍රමශීලී විය යුතුයි.
සුරතල් සතුන් රැකබලා ගැනීමේ සේවා
සුරතල් සතුන් රැකබලා ගැනීම, බල්ලන් ඇවිද්දවීම, සුරතල් සතුන් රැකබලා ගැනීමේ සහාය හෝ සුරතල් සතුන්ට අවශ්‍ය උපාංග අලෙවි කිරීමත් මේවන විට මුදල් ඉපයිය හැකි මාර්ගයක් බවට පත්වෙමින් තිබෙනවා.විශේෂයෙන්ම කාර්යබහුල සුරතල් සතුන් හිමිකරුවන් හදිසි අවස්ථා වලදී තම සුරතල් සතුන් රැකබලා ගැනීමේ අසීරුතාවයට මුහුණපාන බැවින් ඔබට ඉතා හොඳ සොයා බැලීමකින් , දැනුවත් භාවයකින් සහ පුහුණුවකින් පසුව මෙවැනි සේවාවක් ලබාදීම ආරම්භ කළ හැකියි.
කුඩා මුදල් ප්‍රමාණයකින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර ,
- ඔබේ කුසලතා වලට ගැලපෙන ව්‍යාපාරයක් තෝරා ගන්න
- ඔබේ රුචිකත්වයන් හඳුනා ගන්න
- ඔබ සතුව ඇති මුදල් ප්‍රමාණය පිළිබඳව සලකා බලන්න
- කුඩාවට ආරම්භ කර ලැබෙන ලාභ නැවත ආයෝජනය කරන්න.
- නොමිලේ අලෙවිකරණය සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්න.
- පාරිභෝගික සේවය සහ ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කරන්න.
- ආරම්භයේ සිටම වියදම් සහ ආදායම පිළිබඳ වාර්තා තබා ගන්න
කුඩා ව්‍යාපාරයකට සාර්ථක වීමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන නමුත් සෑම විටම ගුණාත්මක සේවාවක් ලබාදීම කෙරෙහි ඔබ බොහෝ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඔබේ ව්‍යාපාරය හෝ ඔබ ලබා දෙන සේවාව වැඩිදියුණු කිරීම බොහෝ විට ඔබ ආරම්භ කරන මුදල් ප්‍රමාණයට වඩා වැදගත් වනවා.











