උදේ ආහාරයට බත් එක්ක ව්‍යාංජන කිහිපයක් හදාගන්න කාල වේලාව නැති ඔයාට ලේසියෙන්ම හදාගන්න පුළුවන් උදේ කෑම වර්ග කිහිපයක් ගැනයි මේ ලිපිය
රුළං බත්
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
රුළං කෝප්ප 2
කැරට් අල 1
ලීක්ස්
බීළූණු ගෙඩි 1
සුදු ලූණු බික් 5
කරපිංචා
කජු
ගිතෙල්
ලුණු ස්වල්පයක්
හදන්නේ මෙහෙමයි
මුලින්ම භාජනයක් ලිප තබා එයට රුළං කෝප්ප දෙක සහ ගිතෙල් මේස හැන්දක් එකතු කර අඩු ගින්දරේ රුළං බැද ගන්න
කැරට්, බී ළූණු ,ලීක්ස් සහ සුදුලූණු කුඩාවට කපා ගෙන කර ගන්න
නැවත භාජනයක් ලිප තබා එයට ගිතෙල් ස්වල්පයක් එකතු කර රත් වෙන්නට හරින්න
රත් වූ ගිතෙල් වලට කජු සහ කපා ගත් ළූණු එකතු කර රන්වන් පාට වෙන තෙක් බැද ගන්න
ඉන්පසු එයට සුදුලූණු , කරපිංචා සහ කැරට් එකතු කර ගන්න
සියල්ල හොඳින් මිශ්‍ර කර ලීක්ස් එකතු කර විනාඩියක් පමණ නැවතත් මිශ්‍ර කරන්න
එම මිශ්‍රණයට වතුර ස්වල්පයක් එකතු කර නැවත හොඳින් මිශ්‍ර කර අවසානයට කලින් සූදානම් කරගත් රුළං එකතු කර මෘදු ලෙස මිශ්‍ර කර රස අනුව ලුණු එකතු කරගන්න
මසාලා පාන් කොත්තු
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
පාන් පෙති 5
බීළූණු ගෙඩි 1
කැරට් අල 1
තක්කාලි ගෙඩි 1
ගෝවා
ලීක්ස්
කරපිංචා
බටර්
බිත්තර 2
ලුණු
ගම්මිරිස්
ගරම් මසාලා
තලා ගත් ඉඟුරු සහ සුදුළූණු
හදන්නේ මෙහෙමයි
මුලින්ම භාජනයක් ලිප තබා එයට බටර් මේස හැඳි දෙකක් පමණ එකතු කර බීළූණු, සිහින්ව කපා ගත් කැරට් ,කරපිංචා එකතුකර විනාඩි දෙකක් පමණ පිස ගන්න
ඉන්පසු එයට තලා ගත් ඉඟුරු ,සුදුළූණු, කොටු කපා ගත් තක්කාලී සහ ගෝවා එකතුකර හොඳින් මිශ්‍ර කර ගනිමින් තවත් විනාඩියක් පමණ පිස ගන්න
එළවළු මිශ්‍රණය භාජනයේ පසෙකට කර බිත්තර දෙක එකතු කර තප්පර තිහක් පමණ තිබෙන්නට හැර එළවළු සමග හොඳින් මිශ්‍ර කර රස අනුව ලුණු ,ගම්මිරිස් සහ ගරම් මසාලා එකතු කරගන්න
එම මිශ්‍රණයට කොටු හැඩයට කපාගත් පාන් සහ ලීක්ස් එකතු කර නැවත හොඳින් මිශ්‍ර කර ගන්න
නූඩ්ල්ස් ඔම්ලට්
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
බිත්තර 2
තම්බාගත් කුකුල් මස්
තම්බාගත් නූඩ්ල්ස්
බීලූණු
කැරට්
අමු මිරිස්
තක්කාලි
චීස්
ලුණු
ගම්මිරිස්
බටර්
හදන්නේ මෙහෙමයි
භාජනයක් ගෙන එයට බිත්තර දෙක එකතු කර හොඳින් ගසා ගන්න
ඉන් පසු එයට කලින් තම්බාගෙන කුඩාවට කඩාගත් කුකුල් මස්, බීළූණු, ගාගත් කැරට්,සිහින්ව ලියා ගත් අමුමිරිස් , තක්කාලි, රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කර නැවත හොඳින් ගසා ගන්න
අවසානයට එම බිත්තර මිශ්‍රණයට තම්බා ගත් නූඩ්ල්ස් එකතු කර ගන්න
ඉන් පසුව පෑන් එකක් ලිප තබා එයට බටර් ස්වල්පයක් එකතු කර සකස් කර ගත් බිත්තරර මිශ්‍රණයෙන් ඔම්ලට් එකක් සකස් කර ගන්න
අවසානයට ඒ මතට චීස් එකතු කර ගන්න
බිත්තර සහ කැරට් සලාද
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
කැරට් අල 1
බිත්තර 1
ගර්කින් ගෙඩි 1/2
තම්බා ගත් බඩ ඉරිඟු කෝප්ප 1/2
ග්‍රීක් යෝගට් මේස හැඳි 3
ලුණු
ගම්මිරිස්
දෙහි
හදන්නේ මෙහෙමයි
කැරට් අලය කුඩා කොටු කපා හුමාලයෙන් තම්බාගන්න
බිත්තරය තම්බාගෙන කොටු කපා ගන්න
භාජනයක් ගෙන එයට සූදානම් කරගත් කැරට් සහ බිත්තර එකතු කර ගන්න
ඉන්පසු එයට කොටු කඩයට කපාගත් ගර්කින්,බඩ ඉරිඟු , ග්‍රීක් යෝගට් එකතුකර රස අනුව ලුණු සහ ගම්මිරිස් ද එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න
අවසානයට දෙහි යුෂ හෝ ලෙමන් යුෂ එකතු කරගන්න











