මරණයෙන් පසු වෙනස් වූ හදවත

ඔයා මැරුණට පස්සෙ ඔයාගෙ හාට් එක ඔයාගෙ නොවී වෙන කෙනෙක්ගෙ වෙන්න පුළුවන්ද?

ඒක අහපු ගමන් ඔයාටත් හිතෙන්නෙ ඒ කොහොමද එහෙම වෙන්නෙ? කියල නේද?

මොකද කෙනෙක් මැරුණාම එයාගේ body එක postmortem එකකට යනවා. Doctorsලා පරීක්ෂා කරනවා. Samples ගන්නවා. Reports ලියනවා. ඒ හැමදේම වෙලා ඉවර වුණාට පස්සේ, ඒ මනුස්සයාගේ body එක ඇතුළේ තිබුණෙ එයාගෙම heart එක නෙවෙයි කියලා දැනගන්න ලැබුණොත්?

මේක අහම්බෙන් වෙච්ච දෙයක්ද? Hospital එකේ වෙච්ච mistake එකක්ද? නැත්නම් කවුරුහරි හිතාමතාම evidence එකක් වෙනස් කළාද?

සිහින පිරි තරුණිය – සනම් හසන් (Sanam Hasan)

මේ ප්‍රශ්න ටික අපිට අහන්න ලැබෙන්නෙ අවුරුදු 19ක තරුණියක් වුණු Sanam Hasanගේ මරණය ගැන කතා කරද්දි.

Sanam හිටියේ Pune වල. Fashion designer කෙනෙක් වෙන්න, model කෙනෙක් වෙන්න එයාට ලොකු ආසාවක් තිබුණා. ඒ වෙනුවෙන් higher studies කරන්න Mumbai වලින් Pune වලට එයා ඇවිත් තිබුණා. තමන්ගේ වියදම් ටික හොයාගන්න shopping mall එකක job එකකුත් කළා.

සනම් කියන්නෙ නිකම්ම ගෙදරට වෙලා ඉන්න ළමයෙක් නෙවෙයි. හොඳට exercise කරන, football සෙල්ලම් කරන, හොඳට fit එකේ හිටපු කෙල්ලෙක්. මැරෙන්න දවස් දොළහකට විතර කලින් එයා football tournament එකකටත් සෙල්ලම් කරලා තිබුණා. මැරෙන්න දවසකට කලින් පවා gym ගිහින් cardio කරලා තිබුණා කියලා එයාගෙ මරණ වාර්තාවල සඳහන් වෙනවා.

අවාසනාවන්ත උපන්දින සාදය

ඒ නිසා 2012 ඔක්තෝබර් 3 වැනිදා Sanamගේ 19 වැනි birthday එක සමරන්න යාළුවෝ party එකක් ලෑස්ති කරද්දි, කවුරුවත් හිතන්න නැතුව ඇති මේ party එකෙන් පස්සේ මේ ෆිට් එකේ හිටපු ගෑනු ළමයා ආයෙත් ගෙදර යන්නෙ නැහැ කියලා.

Party එක තිබුණේ Pune වල Brahma Sun City කියන apartment complex එකේ flat එකක. Sanam එක්ක එදා යාළුවෝ 17 දෙනෙක් විතර හිටියා. Party එක organize කරලා තිබුණෙ එයා වැඩ කරපු shopping mall එකේ manager කෙනෙක් වුණු Monish Borate.

Sanam කලින් alcohol බීලා තිබුණු කෙනෙක් නෙවෙයි. එයා මත්පැන් පානය කරන්නෙත් නැහැ කියලා එයාගෙ පවුලේ අය දැනගෙන හිටියා. ඒත් එදා party එකේදි යාළුවන්ගේ බලකිරීම නිසා එයා පළවෙනි වතාවට alcohol බොනවා.

මුලින් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.

සංකීර්ණ වූ රාත්‍රිය සහ සැකකටයුතු සිදුවීම්

හැබැයි රෑ දොළහත් පහු වුණාට පස්සේ Sanam එකපාරටම අසනීප වෙන්න පටන් ගන්නවා. වමනය යනවා. ඔළුව කැරකෙනවා. එයාට කෙළින් හිටගන්නවත් බැරි වෙනවා.

මෙන්න මෙතනින් තමයි මේ කතාව ටිකක් අමුතු වෙන්න පටන් ගන්නේ.

Sanamව hospital එකකට අරගෙන යනවා වෙනුවට, පාටි එකේ හිටපු කට්ටිය මොකද කරන්නෙ party එක තිබුණු තැනට අල්ලපු වෙනම කාමරයක එයාව නිදිකරවන්න දානවා.

ඊළඟට වෙන්නෙ මොකක්ද?

උදේ නවය විතර වෙද්දි යාළුවෝ කාමරේ දොර ඇරලා බලනවා. Sanam ඇඳ උඩ සිහිය නැතුව වැටිලා ඉන්නවා කට්ටිය දකින්නෙ අන්න එවෙලෙ. කට වටේ සුදු පෙන වගේ දෙයක් තිබුණා කියලාත් එයාලගෙ කට උත්තරවල සඳහන් වෙනවා.

ඔන්න ඔයවා දැක්කට පස්සෙ තමයි මේ කට්ටිය එයාව hospital එකකට අරගෙන යන්නෙ. හැබැයි ඒ වෙද්දිත් Sanam මැරිලා.

පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සහ මතුවූ සැකය

මුලින් හැමෝම හිතන්නෙ මේක heart attack එකක් වෙන්න ඇති කියලා.

ඒත් Sanamගේ අම්මා තාත්තාට ඒ explanation එක එච්චර සෙට් වෙන්නෙ නැහැ.

දවසට දෙපාරක් gym යන, football සෙල්ලම් කරන, මැරෙන්න දවසකට කලින් පවා exercise කරපු අවුරුදු 19ක ළමයෙක් තමයි සනම්. එහෙම කෙනෙක් එකපාරටම heart attack එකකින් මැරුණා කියන එක සැක හිතෙන්නෙම කාරණයක්.

ඒ නිසාම body එක postmortem එකකට යවනවා.

මුලින් ලැබෙන report එකෙන් කියවෙන්නෙ Sanam මැරිලා තියෙන්නෙ heart එකේ තිබුණු දැඩි blockage එකක් නිසා ඇතිවුණු heart attack එකකින් කියලා. Alcohol එකත් ඒකට සම්බන්ධ වෙලා තිබුණා කියලා වාර්තාවේ සඳහන් වෙනවා.

හැබැයි Sanamගේ පවුලේ අය මේක පිළිගන්නෙ නැහැ.

අතුරුදන් වූ සාක්ෂි

එයාලට තවත් සැක ඇති කරන දේවල් තියෙනවා. Party එක තිබුණු building එකේ CCTV footage ගැන ප්‍රශ්න මතුවෙනවා. Security guard කෙනෙක් අතුරුදන් වුණා කියලා කට්ටිය කියනවා. Birthday එකට අදාළ call records සහ Sanam හා Monish අතර තිබුණු social media conversations පවා අතුරුදන් වෙලා තිබුණා කියලා පවුලේ අය චෝදනා කරනවා.

ඒ වගේම, Sanamගේ body samples forensic testing වලට යවපු විදිහ ගැනත් ගෙදර අයට සැකයක් තිබුණා.

පළමු DNA වාර්තාව: පිරිමි හදවතක්?

ඒ නිසා පවුලේ අය තවත් test එකක් ඉල්ලනවා.

ඒ අනුව Sanamගේ internal organs සහ heart එක Mumbai වල ප්‍රධාන forensic laboratory එකකට යවනවා DNA testing කරන්න. මාස ගණනකට පස්සේ report එක එනවා.

ඒ Report එකේ තියෙන්නෙ හිතාගන්න බැරි විදියෙ මහ අමුතුම අමුතු කතාවක්.

Kidney එක Sanamගේ.

Liver එක Sanamගේ.

අනෙක් samples එහෙමත් Sanamගේ.

හැබැයි heart එක? අන්න ඒක Sanamගේ නෙවෙයි.

ඒ කියන්නෙ මොකක්ද? කොහොමද එහෙම වෙන්නෙ? නේද?

අවුරුදු 19ක Sanam Hasanගේ body එකෙන් ගත්ත heart එක, DNA test එකේදි එයාගෙ heart එක නෙවෙයි කියලා හම්බවෙනවා.

මුල්ම වාර්තාවෙන් ඒ heart එක වෙනත් පිරිමි පුද්ගලයෙකුගේ එකක් කියලා සඳහන් වෙනවා.

දැන් මේක තමයි මේ case එකේ ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ.

Sanamගේ body එක ඇතුළට වෙන කෙනෙක්ගේ heart එකක් ආවේ කොහොමද?

මේක sample එකක් මාරු වෙච්ච mistake එකක්ද?

Postmortem එකේදී වෙච්ච වැරැද්දක්ද?

නැත්නම් කවුරුහරි හිතාමතාම Sanamගේ evidence වෙනස් කළාද?

දෙවන DNA වාර්තාව: වයස්ගත කාන්තාවකගේ හදවතක්!

මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පටන් ගත්ත investigation එක පස්සේ CID එකෙන් CBI එකට යනවා. අවුරුදු ගණනකට පස්සේ, 2016දී Sanamගේ body එක නැවතත් exhumation කරලා forensic testing කරනවා.

ඒ පාරත් kidney එක Sanamගේ.

Liver එක Sanamගේ.

අනෙක් organs Sanamගේ.

හැබැයි මේ පාර heart එක ගැන ලැබෙන result එක පළවෙනි report එකටත් වඩා පුදුම එකක්.

මේ heart එක පිරිමි කෙනෙකුගේ නෙවෙයි.

Sanamගේත් නෙවෙයි.

ඒක අවුරුදු 50ත් 60ත් අතර වයසක කාන්තාවකගේ heart එකක් කියලා දෙවෙනි forensic examination එකෙන් සඳහන් වෙනවා.

තවමත් විසඳී නැති අභිරහස

එතකොට පළවෙනි report එකේ තිබුණෙ පිරිමි කෙනෙක්ගේ heart එකක්.

දෙවෙනි report එකේ තියෙන්නෙ වයස අවුරුදු 50–60 අතර කාන්තාවකගේ heart එකක්.

එහෙනම් ඇත්තටම Sanamගේ heart එක කොහෙද?

අන්න ඒක අදටත් අභිරහසක්?

Sanamට ඇත්තටම මොකද වුණේ?

Sanam ගෙ Heart එකට ඇත්තටම මොකද වුණේ?

Related Articles

Don't Miss


Latest Articles