දියවැඩියාව කියලා කියන්නේ ඉන්සියුලින් හෝමෝනයට ශරීරයෙන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා හෝ ඉන්සියුලින් ශරීරය තුළ ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවීම නිසා රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය පමණට වඩා ඉහළ යන එක.
අපේ ජීවන පුරුදු හා ආහාර ගැනීමේ රටාව මේ රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක වෙනවා. හැබැයි පර්යේෂකයන් කියන විදිහට, අපි කන කෑමවල පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් කරගත්තොත් දියවැඩියාව හොඳින් පාලනය කරගන්න අපිට පුළුවන්.
විශේෂයෙන්ම පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අඩු කිරීම, ප්‍රෝටීන් බහුල ආහාර තෝරාගැනීම සහ හිතකර මේද පමණක් ආහාරයට ගැනීම කියන කරුණු තුන, දියවැඩියාව සමඟ සාර්ථකව ජීවත් වීමට හොඳ උදව්වක් වෙනවා.
ඉතින් අද අපි කතා කරන්නෙ දියවැඩියාවට සුදුසු ආහාර වර්ග 15 ගැන.
කරවිල
තිත්ත රසය හන්දා ගොඩක් අය කන්න අකමැති එලවලුවක් උනාට කරවිල කන එකෙන් දියවැඩියා රෝගය සෑහෙන සාර්තක ලෙස පාලනය කරගන්න පුළුවන්.
ඒකට හේතුව තමයි කරවිල වල අඩංගු සමහරක් සංයෝග ශරීරය තුලදි ඉන්සියුලින් හෝමෝන වලට සමාන ක්‍රියාකාරිත්වයක් දක්වන එක. මෙන්න මේ හන්දා රුධිරයේ පවතින වැඩි සීනි ප්‍රමාණය සෛල වලට අවශෝෂණය වෙන එක සිද්ද වෙනවා. කරවිල ව්‍යංජනය, කරවිල බැදුම, කරවිල සම්බෝලය, හෝ කරවිල පානයක් විදියට රසවත් ලෙස සකස් කරගෙන කෑමට එකතු කරගන්න පුළුවන්.
අලිගැටපේර
අලිගැටපේර වල තියෙන ඒක සංතෘප්ත මේදය මගින් අපේ ආහාර දිරවීමේ වේගය අඩු කරලා ආහාර වේලකින් පස්සෙ අපේ රුධිර සීනි මට්ටම එකපාරටම වැඩිවෙන එක අඩු කරනවා. හිතකර මේද වැඩිපුර අඩංගු ආහාර වලින් ඉන්සියුලින් ක්‍රියාකරිත්වය වැඩි කරවනවා.අලිගැටපේර තුල අඩංගු වෙන්නෙත් හිතකර මේදය.
මෙන්න මේ නිසා අලිගැටපේර කැවට පස්සෙ අපේ රුධිරයේ තියෙන සිනි ග්ලයිකොජන් බවට පත් කරන එක වේගවත් කරනවා. මෙමගින් රුධිරයේ තියෙන අධික සීනි ප්‍රමාණය අඩු වෙනවා.
බාර්ලි
සුදු හාල් කනවට වඩා බාර්ලි කන එකෙන් අපේ ඇඟේ සීනි ප්‍රමාණය සීයට හැත්තෑවකින් විතර අඩුකරන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් කියනවා. ඒ වගේම බාර්ලි කෑවම වෙන කෑම කෑවම වගේ රුධිර සීනි මට්ටම අහස උසට නගින්නෙ නෑ.බාර්ලි මගින් රුධිර සීනි මට්ටම හොඳ පාලන අගයක තියාගන්නවා. ඒකට හේතුව තමයි බාර්ලිවල තියෙන දියවෙනසුලු කෙඳි සහ අනෙකුත් සංයෝගවලින් ආහාර දිරවීමේ වේගය අඩු කිරීම. කාබොහර්‍යිඩේට් ඇඟට උරා ගැනීමත් බාර්ලිවලින් අඩු කරනවා. විශේෂයෙන්ම නිවුඩ්ඩ සහිත රතු හාල් වලටත් වඩා බාර්ලි හොඳයි කියලා තමා ඩොක්ටර්ස්ලා කියන්නෙ. ඔයා කැමති නම් කැඳ විදියටත් හදලා බොන්න පුළුවන්.
බොංචි
ඇමරිකානු දියවැඩියා සංගමය බොංචි හඳුන්වලා දෙන්නෙ දියවැඩියාව තියෙන අය වෙනුවෙන් සුදුසු super food එකක් විදියට. දියවැඩියාව නසන්න බොංචිවලට මෙච්චර පුළුවන් වෙලා තියෙන්නෙ බොංචි වල තියෙන අඩු ග්ලයිසමික් අගය හන්දා. ඒ වගේම ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ හා තන්තු වලින් පොහොසත් ආහාරයක් වෙනවා. හැබැයි ඔයා පිටරට ජීවත්වෙන කෙනෙක් නම් ඔන්න අමතක කරන්න එපා ටින් කරපු බෝංචි වල අධික සෝඩියම් ප්‍රමාණයක් අඩංගු වෙන හන්දා ඒවයින් නම් මේ දියවැඩියාව අඩුවෙන එක වෙන්නෙ නෑ.
මල් ගෝවා
ගෝවා මල් තුල ප්‍රති ඔක්සිකාරක, ප්‍රෝටීන්, විටමින් c, පොටෑසියම්. ෆෝලේට් කියන පෝෂණ සංඝටක යහමින් අඩංගු වෙනවා.ඒ වගේම ගෝවා මල් තුල ඉතා ඉහල කෙඳි සංයුතියක් හා අඩු කාබොයහයිඩ්‍රේට් ප්‍රමානයක් අන්තර්ගත හන්දා දියවැඩියා රෝගීන්ට ඉතා හිතකරයි කියලා වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.මස් මාලු නොකන කෙනෙක්ට මේ ප්‍රෝටීන් වලින් පිරිපුන් ආහාරය හොඳ ආදේශකයක්.
කැරට්
කැරට් වලින් සීනි වැඩිවෙනවා කියන්නෙ අමූලික බොරුවක්. කැරට්වල තියෙන සීනි වර්ගය ඉක්මනින් ලේවලට එකතු වුණත් කැරට්වලට තියෙන්නෙ හරිම අඩු සීනි ප්‍රමාණයක්. හොඳම ආරංචිය තමයි කැරට් වල බීටා කැරොටීන් කියන සංයෝගය බහුලව අඩංගු වෙලා තියෙනවා කියන එක. බීටා කැරොටීන් වලින් දියවැඩියාව පාලනය වෙනවා. රුධිරයේ සීනි මට්ටම සෑහෙන දුරට අඩු කරගන්නත් බීටා කැරොටීන් උදව් වෙනවා.
චිකන්
දියවැඩියාව පාලනය කරන කාබ්ස් අඩු කරලා ප්‍රෝටීන් වැඩි ආහාර ගන්න ඕන කියලා කාබොහයිඩ්‍රේට් වැඩි ආහාර වෙනුවට ගන්න පුළුවන් හොඳම ප්‍රෝටීන් සපිරි ආහාරයක් තමයි චිකන් කියන්නේ.
දැන් ඔබ කල්පනා කරනවා ඇති මස්වල තියෙන තෙල් ඇඟට හොඳද කියලා. ඇත්තටම චිකන් කන එකෙන් ඇඟට ලැබෙන තෙල් ප්‍රමාණය තීරණය වන්නේ අපි ගන්න මස් කොටස හා උයන විදිහ අනුව. විශේෂයෙන් චිකන් බ්‍රෙස්ට් එකේ තියෙන්නෙ අඩු තෙල් ප්‍රමාණයක්. කවදාවත් හම එක්ක මස් උයන්න යන්න එපා. මොකද ඒකෙ තියෙන තෙල් ප්‍රමානය ගොඩක් වැඩියි. ඒ වගේම කඩවල්වල තියෙන චිකන් බකට් සහ ඩ්‍රම්ස්ටික් කන්න හොඳත් නෑ. ඉතින් මේ විදියට චිකන් කෑවොත් ඇඟට අඩු කැලරි ප්‍රමාණයක් සහ වැඩි ප්‍රෝටින් ප්‍රමාණයක් ඇඟට එකතු කරගෙන දියවැඩියාව සාර්තකව පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා.
බිත්තර
බිත්තර කියන්නෙත් අඩු ග්ලයිසමික් අගයක් තියෙන ප්‍රෝටීන් බහුල ආහාරයක්. බිත්තරවල තියෙන ප්‍රෝටීන් මට්ටම තමයි පෝශණවේදීන් අනෙක් ආහාරවල තියෙන ප්‍රෝටීන් මට්ටම වර්ග කරන්න ගන්නෙ. ඒ වගේම බිත්තර එකක් දෙකක් කෑවා කියලා කොලොස්ට්‍රෝල් වැඩිවෙන්නෙ නෑ. ඒ වගේම බිත්තර කෑවම අපිට ගොඩක් වෙලා යනකම් බඩගිනි හැදෙන්නෙත් නෑ. ඒ නිසා වෛද්‍යවරුන් බිත්තර කියන්නෙ දියවැඩියාව පාලනය කරන්න හොඳ ආහාරයක් කියලා සලකනවා.
එකම විදියට හැමදාම බිත්තර කාලා ඇතිවෙලා නම් ඔම්ලට්, බිත්තර මැල්ලුම්, බුල්සයි වගේ විදි වලටත් බිත්තර හදලා බලන්න.
මේදමය මාළු
මේදමය මාළු කියන්නෙත් දියවැඩියාවට ඉතාම හොඳ ආහාරයක්. පරික්ෂණ වලින් හොයාගෙන තියෙනවා මේදමය මාළු කන එකෙන් හදවත් රෝග 40%කින් අඩුකර ගන්න පුළුවන් කියලා.
ඔයා ප්‍රෙග්නන්ට් නැත්තම් මාලුවල තියෙන රසදිය වගේ සංගටක ගැන වැඩිය හිතන්න ඕන නැහැ. සැමන්, සාඩින්, මැකරල්, හුරුල්ලො වගේ මාලු තමයි මේ මේදමය මාලු කියන එකට අයිතිවෙන්නෙ.
හණ ඇට
මේවා හොයාගන්න අමාරුයි කියලා හිතන්න එපා. Supermarkets වල මේවා තියෙනවා. මේවා දියවැඩියාවට ඉතාම හොඳ කෑමක්. හණ ඇටවල ප්‍රෝටීන් කෙඳි වගේම ශරීරයට හිතකර මේදයත් යහමින් අඩංගු වෙනවා. සෛලවලට ඉන්සියුලින් ලබාගන්න උදව් වෙන මැග්නීසියම් කියන මූලද්‍රව්‍යත් මේ හණ ඇටවල තියෙනවා. ඉතින් හණ ඇට ටිකක් තම්බලා කිරි එක්ක මිශ්‍ර කරලා ආහාරයට ගන්න ඔයාලට පුළුවන්. කිරි හා යෝගට් වලත් ප්‍රෝටීන් හා කැල්සියම් බහුලත තියෙන නිසා බර අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම දියවැඩියාවට ප්‍රධාන හේතුවක් වන ඉන්සියුලින් වලට ප්‍රතිරෝධි ද්‍රව්‍ය හැදෙන එක කිරි හා යෝගට් වගෙ කිරි ආහාර වලින් වැලැක්වෙනවා.
ඇට හා බීජ වර්ග
ආමන්ඩ්, වෝල්නට්ස්. කැශූස් සහ රටකජු වගේ ඇට වර්ග වල ප්‍රෝටීන්, තන්තු, විටමින්, මැග්නීසියම්, ෆොලේට්, යහමින් අඩංගු වෙනවා. ඇට වර්ග වල අඩංගු මේ ඉහල කෙඳි සංයුතිය නිසා ආහාර දිරවීම ප්‍රමාද කරවනවා. ඒ නිසා ශරීරයට දියවැඩියාව පාලනය කරගන්න ලොකු උදව්වක් වෙනවා.
ඇට වර්ග වල වැඩි මේද ප්‍රමාණයක් තිබුණට ඒවා සංතෘප්ත හිතකර මේදය නිසා බය වෙන්න කිසිම හේතුවක් නෑ.
මේ ඇටවර්ග රෝස් කරලා කනවා නම් රසයි වගේම ගුණයි. ඇට වර්ග වගේම සූරියකාන්ත, වට්ටක්කා, තල වගේ බීජ ඝනයට වැටෙන ආහාර වර්ගත් දියවැඩියාවට ඉතාම ගුණදායකයි. දියවැඩියාව වගේම හදවත් රෝග වලක්වන ප්‍රෝටීන් වගේම හිතකර මේද මේවයි තියෙනවා. ඉතින් මේ වගේ ඇටවර්ග අරගෙන ටින් එකකට දාලා පොඩි බඩගින්නක් ආවම කන්න පුලුවන් නම් වඩා හොඳයි.
ඕට්මීල්
වතුර එක්ක දියවුණාම පේස්ට් එකක් බවට පත්වෙන කෙඳි විශේෂයක් මේ ඕට්මීල් වල තියෙනවා. පිඟානට ඇලෙනවා වගේම බඩ ඇතුලෙදිත් ඕට්මීල් ආමාශයේ බිත්ති හා කෑමවල තියෙන පිශ්ටය අතර ගම් එකක් වගේ ඇලිලා තමයි ඉන්නෙ.
අන්න ඒ නිසා ඔයාලා කන කෑමවල තියෙන සීනි රුධිරයට එකතුවෙන්න වෙලාවක් ගන්නවා. ඒ නිසා දියවැඩියා රෝගීන්ට ඕට්මීල් ඉතාම හොඳ ආහාරයක්. උදේට ඕට්මීල් කන්න පුළුවන් නම් ඉතාම හොඳයි. එහෙම නැත්තම් ඕට් පිටි අරගෙන කැඳ හරි සුප් හරි හදන්න පුළුවන් නම් තව හොඳයි.
ඔලිව් තෙල්
දියවැඩියාව වගේම කොලොස්ට්‍රෝල් අඩු කරල හදවත් රෝග වලක්වන්න ඔලිව් තෙල් වලට පුළුවන්. බටර් වගේ නෙවෙයි ඔලිව් තෙල් වල තියෙන්නෙ හිතකර මේදය නිසා ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වැඩි කරවනවා. ඒ වගේම ඔලිව් තෙල් වල ප්‍රති ප්‍රදාහමය සංඝටක ගොඩක් අඩංගු වෙලා තියෙනවා. මේ නිසා ඔලිව් තෙල් ආහාරයට ගන්න එකෙන් ශරීරයට කැක්කුම් වේදනා නාශක හැකියාවකුත් ලැබෙනවා. ඉතින් ඔයාට දියවැඩියාව තියෙනවා නම් මීට පස්සෙ කෑම හදද්දි ඔලිව් තෙල් පාවිච්චි කරන්න අමතක කරන්න එපා.
ධාන්‍යමය පාන්
සුදු පාන්වලින් අපේ සීනි මට්ටම මේස හැන්දක ප්‍රමාණයක් වැඩි කරනවා. ඒ නිසා හැමදාම කන සුදු පාන් වෙනුවට පෝෂණය ගොඩක් ලබාදෙන ධාන්‍යමය පාන් කන්න උත්සහ කරන්න. පිරිමින් සහ කාන්තාවක් 1000 යොදාගෙන කරපු පරීක්ෂනයකින් හොයාගත්තා ධාන්‍යමය පාන් වැඩිපුර කන තරමට ඉන්සියුලින්වල සංවේදි බව වැඩිවෙනවා වගේම රුධිර සීනි මට්ටමත් පාලනය කරගන්න පුලුවන් වෙනවා කියලා. මෙතනදි මතක තියාගන්න ඔයාල මිලදී ගන්න ඕන සම්පූර්ණ ධාන්‍ය පිටිවලින් හදපු පාන් කියන එක. ඒ නිසා හොඳට හොයලා බලලා ගන්න. ඒ වගේම පාන් ගනිද්දි රලු බවත් බලන්න. රලු බව වැඩිවෙන තරමට ආහාර ජීර්ණය වෙන වේගය අඩුවෙනවා. එතකොට අපිට ගොඩක් වෙලා යනතුරු බඩපිරුණ ගතියක් දැනෙන නිසා පොඩි පොඩි දේවල් කන එක අඩුවෙනවා.
බතල
දියවැඩියාව තියෙනම් මීට පස්සෙ අල වෙනුවට බතල ගන්න පුරුදු වෙන්න.එතකොට ඔයාලගෙ ශරීරයේ සීනි ප්‍රමාණය වැඩිවෙන්නෙ සුදු අලවලින් ලැබෙන ප්‍රමාණයට වඩා 30% අඩුවෙන්. ලෙඩ එක්ක සටන් කරන්න පුළුවන් හැකියාව බතල වලට තියෙනවා. ඒ වගේම ඒවාවල තියෙන කෙඳිවලින් ඔයාලගෙ කොලොස්ට්‍රෝල් මට්ටම 40%කින් අඩු කරනවා. ඒ වගේම ඉන්සියුලින් ක්‍රියකාරිත්වය වැඩි කරවන කැරටිනොයිඩ්ස් කහ හා තැඹිලි වර්ණකත් ස්වභාවිකවම බතල වල තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන්සියුලින් ප්‍රතිරෝධය වලක්වන ස්වභාවික ක්ලෝරොජෙනික් අම්ලයත් මේ බතල වල තියෙනවා.










