වෙනස් රසට ඉස්සෝ හදන රෙසිපි 3ක්.

ඉස්සෝ කන්න බොහෝ දෙනෙක් හරිම කැමතියි. එකම රහට ඉස්සෝ කනවට වඩා වෙනස් රසට ඉස්සෝ හදන්න වගේම රස බලන්න ඔබ කැමති ඇති. ස්මාර්ට් චෙෆ් කෙනෙක් වෙලා ගෙදර අය රසවත් කරන්න මේ රෙසිපි එකෙන් ඔබට පුලුවන්

Garlic Butter Spicy Prawns

අවශ්‍ය දේවල්

  • ඉස්සො 500g
  • බටර් මේස හැදි 4ක්
  • තෙල් මේස හැදි 3ක්
  • තලාගත් සුදු ලුණු බික්
  • චොප් කර ගත් ළූණු ටිකක්
  • ලුණු
  • කහ කුඩු ස්වල්පයක්
  • කෑලි මිරිස්
  • ගම්මිරිස් කුඩු
  • චොප් කර ගත් කොත්තමල්ලි කොළ ටිකක්
  • කරපිංචා
  • දෙහි යුෂ

සාදා ගන්නා ආකාරය

  • ඉස්සන් සෝදා ගන්න
  • පෑන් එකක් ලිප තබා රත් කරන්න.
  • තෙල් රත් වූ පසු සුදු ලුණු දමා තෙම්පරාදු කර ගන්න.
  • ඉස්සො, ලුණු, ළූණු, කොත්තමල්ලි කොළ සහ වතුර ටිකක් දමා කරපිංචා එක් කරන්න
  • කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු දමා ඉස්සෝ තැම්බුණු පසු ලිප නිවන්න.
  • පසුව බටර් සහ දෙහි යුෂයි එක් කර කලවම් කරන්න.

Prawns Masala

අවශ්‍ය දේවල්

  • පොතු හැර හොදින් සෝදා ගත් ඉස්සෝ 500g
  • කපා ගත් ළූණුගෙඩි 2
  • තක්කාලි ගෙඩියක්
  • මිරිස් කුඩු
  • කහ කුඩු
  • කොත්තමල්ලි කුඩු තේහැදි 1 1/2
  • ගරම් මසාල පවුඩර් මේසහැදි 1
  • ලුණු
  • කරපිංචා කොල
  • කොත්තමල්ලි කොල කිහිපයක්
  • ඉඟුරු සුදු ළූනුපේස්ට් තේහැදි 1 1/2

සාදාගන්නා ආකාරය

  • භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් වැඩිපුර දමන්න
  • රත් වූ පසු කපා ගත් ළූනු ටික දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න.
  • ඉන්පසු එයට කපා ගත් තක්කාලි හා ඉඟුරු සුදු ළූණු පේස්ට් එක දමා හොඳින් බැද ගන්න.
  • ඉන්පසු එයට කොත්තමල්ලි කුඩු, ගරම් මසලා, කහ, මිරිස් කුඩු හා රස අනුව ලුණු දමා හොදින් කලවම් කර විනාඩි තුනක් පමණ තබන්න.
  • වතුර බේරා ගත් ඉස්සන් සහ කරපිංචා එක්කර හොඳින් බැද ගන්න
  • අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් දමා ඉස්සෝ හොදට මෘදු වනතුරු උයා ගන්න.
  • කොත්තමල්ලි කොළ උඩින් ඉස ගන්න.

ඉස්සො කරි

අවශ්‍ය දේවල්

  • ඉස්සෝ 500g
  • සිහින්ව කැපූ රතු ළූණු
  • කපා ගත් අමු මිරිස්
  • තලා ගත් ඉඟුරු කෑල්ලක්
  • සුදු ළූණු
  • කරපිංචා
  • රම්පේ
  • කහ කුඩු ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • අමු තුනපහ කුඩු තේ හැන්දක්
  • මිරිස් කුඩු
  • කුරුදු
  • බැද ගත් උළුහාල්
  • ගොරකා
  • මිටි කිරි හා දිය කිරි
  • ලුණු

සාදා ගන්නා ආකාරය

  • ඉස්සන් සුද්ද කර සෝදා ඇතිලියකට දමා ගන්න.
  • එයට කහ කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු සහ තුනපහ කුඩු දමා ගන්න.
  • අනෙකුත් අමුද්‍රව්‍ය ද එක් කරන්න.
  • දිය කිරි සහ මිටි කිරි එකවර දමා ලිප තබන්න.
  • ඉදීගෙන එද්දී ලුණු එකතු කරන්න.

Related Articles

Don't Miss


Latest Articles