අධික රස්නයෙන් ඔබේ සම ආරක්ශා කරගැනිමට Sun cream භාවිතා කිරීමේදී ඔබ දැනගත යුතුම රහස් 5ක්!

ආසියානු රටවලට එල් නිනෝ (El Niño) බලපෑමත් එක්ක මේ දිනවල දැඩි උණුසුම් කාලගුණයක් වගේම අධික හිරු රශ්මියක් දැනෙනවා. මේ වගේ රස්නය වැඩි කාලෙක දී අපේ සමට සිදුවන හානිය සාමාන්‍ය දවස්වලට වඩා ගොඩක් වැඩියි. ඉතින් මේ අදික උණුසුමින් ඔබේ සම රැක ගන්න ඔබ sun cream එකක් අනිවාර්යයෙන් භාවිතා කරනව ඇති, නමුත් ඔබ දන්නවද මෙවැනි අධික රශ්මියක් සහිත මේ දිනවල ඔබේ සම රැක ගන්න වෙනදා භාවිතා කරන ආකාරයට වඩා වඩාත් සුවිශේෂී කරුණු පිළිබදව සැලකිලිමත් වෙමින් sun cream භාවිතා කල යුතු බව .

බොහෝ දෙනෙක් හිතන්නේ sun cream කියන්නේ රූපලාවන්‍ය නිෂ්පාදනයක් විතරක් කියලයි. ඒත් El Niño කාලගුණයත් එක්ක sun cream කියන්නේ ඔබේ සමේ ආරක්ශාවට නැතුවම බැරි දෙයක්. ඉතින් Smart යුවතියක් විදියට නිවැරදිව sun cream පාවිච්චි කරද්දී ඔබ සැලකිලිමත් විය යුතු වැදගත්ම කරුණු ගැනයි මේ ලිපිය.

Broad-Spectrum sun cream එකක්ම තෝරාගන්න

El Niño බලපෑම නිසා පාරජම්බුල කිරණ (UV rays) තීව්‍රතාවය ඉහළ යනවා. මේ නිසා ඔබේ සම ඍජුවම හිරු එලියට නිරාවරණය වුවහොත් සමට සිදුවන හානිය අධික විය හැකියි.
UVA කිරණ: සම අභ්‍යන්තරයට ගොස් වයස්ගත පෙනුම සහ රැලි වැටීම් ඇති කරයි.
UVB කිරණ: සම මතුපිට පිළිස්සීම් (Sunburns) සහ සමේ පිළිකා ඇති කිරීමට හේතු වේ.
ඒ නිසා ඔබ ගන්නා sun cream එක Broad-Spectrum SPF 30 හෝ SPF 50 (PA+++) අගයක් තියෙනවාද කියලත් බලන්න. එනම් ඔබේ sun cream එක UVA සහ UVB කිරණ දෙක සදහාම ආරක්ෂාව සපයන එකක් විය යුතුයි. SPF 30 ඉහල අගයකින් යුතු sun cream තුල මේ කිරණ වර්ග දෙකෙන්ම ඔබ ආරක්ශා කිරීමේ හැකියාව පවතී.

ඉතින් ඔබ කුමන සන්නාමයක sun cream එකක් මිලදී ගත්තත් මේ දිනවල අදික හිරු රශ්මියෙන් ආරක්ශා වීමේදී භාවිතා SPF අගය පිළිබදව සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම ඔබ කෙටි කාලයක් හිරු රශ්මියට නිරාවරණය වෙනවා නම් SPF 30 sun cream භාවිතය ප්‍රමාණවත්. නමුත් දිගුකාලයක් ඔබ අව්වේ රැදීසිටින්නේ නම් ඉහළ SPF අගයක් සහිත sun cream එකක් භාවිතා කරන්න.

පැය 2කට සැරයක් Re-apply කරන්න

    උදේට එක පාරක් sun cream ගාලා මුළු දවසම ඉන්න පුළුවන් කියලා හිතන එක ලොකු වැරැද්දක්. El Niño රස්නයත් එක්ක අපිට දහඩිය දැමීම වැඩියි. දහඩියට සහ තෙතමනයට ඔබ ආලේප කල sun cream තට්ටුව සෝදාගෙන යාම සාමාන්‍යන් සිදුවන දෙයක්. ඔබ
    එළිමහනේ ගොඩක් වෙලා ඉන්නවා නම් සෑම පැය 2කටම වතාවක් නැවත sun cream ආලේප කරන්න (Re-apply).

    ඔබ Makeup එකක් සමග sun cream භාවිතා කරනවා නම් makeup එක උඩින් ගාන්න ලේසි වෙන්න Sunscreen Spray එකක් හෝ Sun stick එකක් පාවිච්චි කරන්න පුළුවන්.

    ආසියානු සමට ගැලපෙන Textures තෝරාගන්න

      ආසියාතිකයන් වන අපේ සම උණුසුම් කාලගුණයේ දී ඉක්මනින් තෙල් සහිත ස්භාවයට පත් වෙනවා. ඒ වගේම මේ දිනවල බොහෝ දෙනෙක්ට සමේ කුරුලෑ (Acne) ඇතිවෙනවාත් වැඩියි.

      ඉතින් ඔබ El Niño රස්නයට ඔරොත්තු දීම සදහා සුදුසු sun cream වර්ග භාවිතා කිරීමේ දී එම ඝනකම් වැඩි Creem වර්ග නිසා ඔබේ සමේ සිදුරු වැහෙන්න (Clogged pores) පුළුවන්.
      ඒ නිසා Gel-based, Water-based හෝ Lightweight/Non-comedogenic ලෙස සඳහන් sun cream තෝරාගන්න. එය සමට ඉක්මනින් උරාගන්නා අතර ඇලෙන සුළු බවක් ඇති කරන්නේ නැත.

      වලාකුළු බර දවස්වලටත් Sunscreen අමතක කරන්න එපා!

        “අද අව්ව නැහැ, වලාකුළු බරයි” කියලා sun cream නොගා ඉන්න එපා. පාරජම්බුල කිරණවලින් 80%කට වඩා වලාකුළු අතරින් විනිවිද ඇවිත් අපේ සමට හානි කරන්න පුළුවන්. El Niño කාලයේදී වායුගෝලීය වෙනස්කම් නිසා UV Index එක නිතරම ඉහළ මට්ටමක පවතිනවා.මේ නිසා අව්‍ රස්මියට විවෘත වන සෑම විටම පුරුද්දක් ලෙස sun cream භාවිතා කරන්න.

        ලප කැලැල් (Pigmentation) වලින් ආරක්ෂා වන්න

          ආසියානු සමේ මෙලනින් (Melanin) වැඩිපුර තියෙන නිසා අව්වට නිරාවරණය වීමෙන් ලප කැලැල් (Dark spots, Hyperpigmentation) සහ මෙලස්මා (Melasma) තත්ත්වයන් ඉක්මනින් ඇති වෙනවා. sun cream නිවැරදිව භාවිත කිරීමෙන් සමේ තරුණ බව වගේම ඒකාකාරී පැහැය (Even skin tone) ආරක්ෂා කරගන්න පුළුවන්.

          El Nino නිසා ඇතිවන අධික රශ්මියෙන් ආරක්ශා වීමට ඔබ sun cream භාවිතා කලත් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැනත් මතක් කරන්න ඕන.

          ප්‍රධාන අතුරු ආබාධ සහ බලපෑම්:

          සම අසාත්මික වීම (Allergic Reactions):

          ඔබ භාවිතා කරන සමහර සන් ක්‍රීම් වල තියෙන chemical සංඝටක හෝ සුවඳ (fragrance) නිසා සම රතු වීම, කැසීම හෝ දැවිල්ල ඇතිවෙන්න පුළුවන්.

          කුරුලෑ ඇතිවීම (Acne Breakouts):

          ඔබ පාවිච්චි කරන්නේ තෙල් සහිත (oily) සන් ක්‍රීම් එකක් නම්, සමේ සිදුරු වැසී කුරුලෑ (pimples) සහ බ්ලැක්හෙඩ්ස් වැඩි වෙන්න පුළුවන්. (මේ සඳහා Non-comedogenic ලෙස සඳහන් නිෂ්පාදන භාවිත කිරීම සුදුසුයි).

          ඇස් දැවිල්ල (Eye Irritation):

          සන් ක්‍රීම් ඇස් ඇතුළට ගියොත් හෝ දහඩිය දැමීම නිසා ඇසට ගලා ගියොත් ඇස් රතු වී දැවිල්ල ඇතිවෙන්න පුළුවන්.

          සම වියළි වීම හෝ තෙල් ගතිය වැඩිවීම:

          Physical sunscreens (Zinc Oxide/Titanium Dioxide තියෙන ඒවා) භාවිත කිරීමේදී සම වියළි බවක් දැනෙන්න පුළුවන්. Chemical sunscreens නිසා සමේ තෙල් ගතිය වැඩිවෙන්න පුළුවන්.

          විලමින් D ඌනතාවය (දිගුකාලීනව බලපෑමක් ලෙස):

          සන් ක්‍රීම් මගින් UVB කිරණ වළක්වන නිසා, අධික ලෙස සහ දිගුකාලීනව සන් ක්‍රීම් භාවිතයේදී ශරීරයට අව්වෙන් ලැබෙන Vitamin D ප්‍රමාණය යම් තාක් දුරට අඩුවෙන්න පුළුවන්.

          අතුරු ආබාධ අවම කරගන්නේ කෙසේද?

          ඔබේ සමේ වර්ගයට ගැලපෙන (Oily skin / Sensitive skin ආදී වශයෙන්) සන් ක්‍රීම් එකක් තෝරාගන්න.

          අලුත් සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න කලින් අතේ පොඩි ස්ථානයක ගා Patch test එකක් කර බලන්න.

          රාත්‍රියට නිදාගැනීමට පෙර මූණ හොඳින් සෝදා (Double cleansing) සන් ක්‍රීම් ඉවත් කරන්න.

          ඉතින් මේ දිනවල අධික හිරු රශ්මියෙන් ආරක්ශා වීමට sun cream භාවිතයේදී ඔබත් මේ කරුණු පිළිබදව සැලකිලිමත් වන්න.

          Related Articles

          Don't Miss


          Latest Articles