විවාහයෙන් පසු කාන්තාවන් මහත් වෙන්නේ ඇයි?

“කාන්තාවන් විවාහයෙන් පසු ද පිරිමින් දික්කසාදයට පසු ද මහත් වෙනවා”. මේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රකට විහිලුවක්. ඇත්තටම මේ කතාව ගැන ඔබ මොකද හිතන්නේ? පිරිමින් සහ දික්කසාදය සම්බන්ධ කතාව සම්පූර්ණ විහිලුවක් වුණත් කාන්තාවන් විවාහයත් එක්ක මහත් වීම අත්දුටු සත්‍යයක් බව ඔබ ඔබ තුළින් සහ මිතුරියන් තුළින් අත්දැකලා ඇති.

ඇත්තටම ඇයි එහෙම වෙන්නේ?

1 විවාහයෙන් පසු ඔබ කෝකියා බවට පත් වීම

ගෑනු ළමයි විවාහයට කලින් නොයෙකුත් ඩයට් ප්ලෑන් සහ ව්‍යායාම පටන් ගන්නවා. ඒ මංගල ඇඳුමට වඩාත් සුන්දර සහ සරාගී වෙන්න.ඒත් විවාහයෙන් පස්සේ ඒ දේවල් ඔබටම අමතක වෙලා සැමියා එක්ක සංචාරයේ යෙදෙනකොට රසවත් ආහාර මිලදී ගන්න,ආහාරයට ගන්න එක ඔබේ විනෝදාංශයක් බවට හැරවෙනවා.ඊටත් අමතරව ඔබේ කෝකියා ඔබම වෙලා අන්තර්ජාලයේ දකින හැම රෙසිපියක්ම හදලා බලන්න ගියාම ඔබේ බර නිකම්ම ඉහළ යාවී. අන්න ඒ නිසා පිටි, සීනි, තෙල් අධික ආහාර ලෝලීන් වෙන අතර හෙල්දි ඩයට් එකක් පවත්වාගෙන යාමත් හරිම වැදගත්.නැහැ.තවත් සමහර කාන්තාවන්ගේ නරකම ලක්ෂණයක් තමයි ආහාර විසි නොකර සියල්ලම ආහාරයට ගැනීම.අනවශ්‍ය තරම් ආහාර ගැනීමත් ඔබව මහත් නොකර ඉන්නේ නෑ. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයක් උයන්න. නැතිනම් කල් තබා ගැනීමේ ක්‍රම අනුගමනය කරන්න.

2.ලිංගික සබඳකම්

මේ තත්ත්වය එන්නේ විවාහයෙන් වසර කිහිපයක් ගෙවුණාම. බොහෝ යුවළවල් විවාහයට පෙර ලිංගිකව සක්‍රීය වූ අය වෙන්න පුලුවන්.ඒ නැතත් විවාහය වූ මුල් කාලයන්හි හැම යුවලක්ම ලිංගිකව සක්‍රීයයි. මෙය කාලයත් එක්ක ඉදිරියට අරන් යන්න අසමත් වෙන කාන්තාවන් ඉන්පසු මහත් වෙන්න පටන් ගන්නවා. ලිංගිකව හැසිරීමේදී ඔබේ කැලරි හොඳින් දහනය වෙනවා.එය ඇණ හිටීම නිසා ඒ කැලරි දහනය නැවතී ඔබට හොඳ ව්‍යායාමයක් අහිමි වීමත් මහත් වෙන්න හේතුවක්.

ඒ විතරක් නෙවෙයි ඔබට හොඳ ලිංගික ජීවිතයක් තිබුණත් ඔබේ එක්වීමකින් පස්සේ වයින් බෝතලයක් විවෘත කරන පුරුද්දක් තියනවා නම් එය අත්හරින්න.ඇල්කොහොල් කියන්නෙත් ඔබේ බර වැඩි කරන හතුරෙක්.

3.කාර්යබහුල වීම.

විවාහ වෙලා දරුවෝ ලැබුණට පස්සේ ජිම් එකකට යන්න, එක්සයිස් කරන්න,ජොගින් යන්න වෙලාවක් නැත්නම් ඔබ නිකම්ම මහත් වෙන්න පටන් ගන්නවා. ව්‍යායාම නැති සිරුරේ මේදය තැන්පත් වීම ගැන ඔබ අහලා නැති වෙන්න බෑ. ඒනිසා ඔබ වෙලාව හදාගෙන ව්‍යායාම කිරීම ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්.

4.ආතතියට ලක් වීම

විවාහ ජීවිතය තුළ ආර්ථික ගැටලු, නැන්දම්මාගේ ගැටලු, සැමියාගේ අනියම් සම්බන්ධතා, දරු ඵල ප්‍රමාද වීම් වගේම පූර්ව සහ පසු ප්‍රසව විශාදය නිසා ආතතියට ලක් වන්නියන් බොහොමයි. මේ හේතුව නිසා සිදු වන හෝමෝන වෙනස් වීම්, ලබා ගන්නා ඖෂධ ප්‍රතිකාර නිසා ද සමහරු මහත් වෙනවා.

5.පරිවෘත්තීය ක්‍රියාවල වෙනස්කම්.

බොහෝ තරුණියන් විවාහ වන්නේ තිහ ඉක්මවූ පසු. තිහෙන් පසු ඔබේ පරිවෘත්තිය ක්‍රියා වල වේගය අඩු වන බව පැවසෙනවා.විවාහය සමඟ ඔබේ ඔක්සිටොසින් සහ ඊස්ට්‍රජන් වැනි හෝමෝන වෙනස්වීම් සිදු වීම නිසා මේ පරිවෘත්තිය ක්‍රියාවල වෙනස් කම් සිදුවී ඔබේ බර ඉහළ යන්න පුලුවන්.

6.කෙලවරක් නැති සාද

විවාහක යුවලකට සාද සහ උත්සවවලට ආරාධනා ලැබීම ඉහළයි. අධික තෙල් සහිත ආහාර අනුභව කරමින් ඇල්කොහොල් පාවිච්චියට ගැනීම ඉහළ ගිය පසු ඔබේ සිරුරේ බර වැඩිවීම නවත්තන්න බෑ.

7.ඔබට ඔබව අමතක වීම

සහකරුවා ආකර්ශනය කරගැනීම වෙනුවෙන් රූපලාවණ්‍ය සත්කාර, ඩයට් ප්ලෑන්, ව්‍යායාම කරන ඔබ විවාහයෙන් සහ දරුවන් ලැබීමෙන් පසු ඒවා අතැර දැමීම නිසා ඔබේ බර වැඩි වෙන්න පටන් ගන්නවා.ඒ නිසා හැමවිටම ඔබට ආදරය කරන්න. ඔබ වෙනුවෙන් කැප වෙන්න. ඒ වගේම බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු රැකියාව අතැර දමන නිසා තමන්ගේ සිරුරට පුංචි අවධානයක්වත් දෙන්නේ රැකියාවට යන්නියන්ගේ දෛනික ජීවන රටාව වැඩ, කෑම සහ නින්ද බවට පත් වෙනවා. වැඩපහසු කරන උපකරණ භාවිතා කරමින් නිවසේ වැඩ කරන ගෘහණියන්ට වගේම දවසම පුටුවකට වී පරිගණකය දෙස බලා සිටින ඔෆිස් ලේඩීස්ලාටත් සිරුර ගැන අමතකම වෙනවා.ඇඳුමක් මිලට ගන්නට ගියාම තමයි මහත් වූ බව දැන ගන්නේ.
ඒ නිසා නිතරම ඔබේ සිරුර ගැන අවධානයෙන් ඉන්න. එහි බර නිවැරදිව පවත්වා ගන්න. තමන්ට ආදරය කරන්න.

සිරුරේ බර පවත්වා ගන්න ඔබට කළ හැකි දේවල්.

දරුවන් ලැබීම නිසා, හතලිස් වැනි වියට එළඹීම නිසා, ආර්තවහරණය සිදු වීම නිසා ඔබේ හෝමොන වෙනස් වෙනවා. ඒ නිසා සිරුරේ බර වැඩි වෙනවා.නැතිනම් ඉහත පැවසූ නොසැලකිලිමත් කාරණා ඔබේ බර වැඩි කරනවා. ඒත් මේ දේවල් වලින් ඔබට බර අඩු කර ගන්න පුලුවන්.

  1. නිවසේදී ව්‍යායාම කරන්නට අනිවාර්යය වෙලාවක් පවත්වා ගැනීම
  2. Intermittent fasting, keto diet වැනි ආහාර පාලන ක්‍රමවලට යොමු වීම
  3. පෝෂණවේදියෙකු මුණ ගැසීම
  4. ජිම් එකකට යාම හෝ පෞද්ගලික උපදේශකවරයෙකු තබා ගැනීම.
  5. නිතරම තමන්ගේ බර ගැන පරීක්ෂාකාරී වීම.

විවාහයෙන් පසු මහත් වෙන්න ඇත්තටම බලපාන්නේ ඔබේ වැරදි ජීවන රටා. ඒ නිසා හැමවිටම හරි සෞඛ්‍ය පුරුදු එක්ක ජීවත් වෙන්න.

Related Articles

Don't Miss


Latest Articles