එල්ලා වැටෙන පියයුරු නැවත ශක්තිමත් කර සුන්දර පෙනුමක් ලබා දෙන ව්‍යායාම 4ක්.

කාන්තාවකගේ සුන්දරත්වය සහ සරාගී බවට ඇගේ පියයුරු වලින් හොඳ පිටුවහලක් ලැබෙනවා. නමුත් පියයුරු එල්ලා වැටීම බොහෝ කාන්තාවන්ට තියෙන ගැටලුවක්. ඒ නිසා පියයුරු එල්ලා වැටීමට සුදුසු ව්‍යායාම ගැන ඔබට කියන්න අපි හිතුවා.

ඇයි පියයුරු එල්ලා වැටෙන්නේ?

  1. වැරදි ඉරියව්.

කුදු ගැසී වකුටු වී හිඳ ගැනීම නිසා පියයුරු වල එල්ලා වැටීම සිදු වෙනවා.

  1. වැරදි සෞඛ්‍ය පුරුදු.

දුම්බීම, අධික තෙල් සහිත ආහාර ගැනීම පියයුරු එල්ලා වැටීම සම්බන්ධයෙන් වක්‍රාකාරව සම්බන්ධ වෙනවා.

  1. වැරදි හැඩයේ බ්‍රා ඇඳීම
  2. ගර්භනී බව සහ කිරි දෙන මවක් වීම
  3. වියපත් බව

පියයුරු එල්ලා වැටීමට කළ හැකි දේවල්.

ඔලිව් ඔයිල් සත්කාරය.

ඔලිව් තෙල් මඳක් රත් කර විනාඩි විස්සක් පමණ පියයුරු සම්භාහනය කරන්න.

අයිස් සත්කාරය

අයිස් කැටයකින් පියයුරු මෘදුව සම්බාහනය කරන්න.

ව්‍යායාම.

1.. Chest Lift

  • රූපයේ පරිදි පැතලි මතුපිටක දිගා වී ඩම්බල් එකක් හෝ බරැති යමක් අතට ගන්න.
  • අත් ඉහළ පහළ ගෙන යන්න.
  • මෙය විසි වතාවක් කරන්න.
  • පියයුරු වල මාංශ පේශි තද වී එල්ලා වැටීම අඩු වේ.

2.Wall Push-Ups

රූපයේ පරිදි බිත්තියට අඩි දෙකක් පමණ ඈතින් එයට මුහුණලා සිට ගන්න.
අත්ල බිත්තිය තෙරපා ගන්න.
මෙය දිනකට මිනිත්තු දහයක් පමණ කිරීම ප්‍රමාණවත්.

  1. The Magic Ball
  • ව්‍යායාම සඳහා ඇති ball එකක් ගන්න.
  • රූපයේ පරිදි බිම දිගා වී දණහිස් නවා ගන්න.
  • හිසට ඉහළින් බෝලය අල්ලා ගන්න.
  • ඉන්පසු බෝලය හිස ඉහළ සිට උදරය දෙසට ගෙන එන්න.
  • මෙය වාර 10- 12 අතර සිදු කරන්න.
  1. The Back Fly
  • ශරිරය කෙලින් තබා ගෙන සිට ගන්න.
  • කොන්ද කෙලින් තබා ගෙන නැවෙන්න.
  • Dumbbell දෙකක් අතට ගෙන දෑත් සිරුර දෙපසටත් දෙකකුල් දෙසටත් රූපයේ පරිදි ගෙන යන්න.
  • මෙය වාර දොළහක් පමණ කිරීම සෑහෙනවා.

මේ ව්‍යායාම වලින් ඔබට එල්ලා වැටෙන පියයුරු වලට නැවත හොඳ පෙනුමක් ලබා ගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles