ඔබේ සිරුරේ බර ඉක්මනින් අඩුකරන Detox drink වර්ග 4 ක්.

කාර්යබහුල වෙලා ඉන්න වෙලාවක උනත් ඔබට බර අඩු කරගැනීම වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන් නම් මොනතරම් හොඳද ? ඉතින් Detox Drink කියන්නේ ඒකට හොඳ උපක්‍රමයක්.අද අපි ඔබට කියන්න යන්නේ ලේසියෙන්ම හදාගන්න පුලුවන් Detox Drink වර්ග හතරක් ගැනයි.

ඔබ ආහාර වේලක් ගන්නකොටත්, වැඩක නිරත වෙලා ඉන්නකොටත් මේ detox drink එකක් බොනවා කියන්නේ ඉතාම හොඳ දෙයක්.එමඟින් ඔබේ බර අඩු කර ගැනීමේ ක්‍රියාවලිය ඉහළ නංවනවා.ඩෙටොක්සිකරණය හෝ ඩෙටොක්ස් කියන්නේ ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලිය වන අතර එය ප්‍රධාන වශයෙන් සිදු කරන්නෙ අක්මාව මගින්. ඩෙටොක්ස් බීම සාදා ගන්නකොට ඔබ සැලකිලිමත් විය යුතු වන්නේ අක්මාව පිරිසිදු කිරීමට උපකාරී වන අමුද්‍රව්‍ය මේ සඳහා භාවිතා කිරීමයි. ඒ විතරක් නෙමෙයි නිතර වතුර බොන්න අකමැති ඔබට detox drink කියන්නේ හොඳ විකල්පයක්.

Detox Drink වල වාසි මොනවද ?

  • තරබාරු බව අඩුවීම
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යාමට හැකි වීම
  • කුසගිනි දැනෙන ප්‍රමාණය අඩු වී ආහාර රුචිය පාලනය කිරීම
  • කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගත හැකි වීම
  • රුධිරයේ පවතින සීනි මට්ටම අඩු කරගත හැකි වීම
  • අක්මාව හොඳින් පිරිසිදු කිරීම
  • උදරයේ තැන්පත් වන මේදය දහනය කිරීම
  • ශරීරයේ ඇති හානිකර බැක්ටීරියා සහ වෛරස් විනාශ කිරීම
  • නිරෝගී පෙනුමක් ලබා ගැනීමට හැකිවීම
  • පැහැපත් සමක් ලබා ගැනීමට හැකිවීම

Detox Drink සඳහා බහුලව භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවද ?

ජලය

ජලය අපගේ ශරීරය සජලීව තබා ගැනීමට මෙන්ම විෂ ද්‍රව්‍ය පිට කිරීමටද උපකාරී වෙනවා වගේම අක්මාව හා වකුගඩු ද හොඳින් ක්‍රියාත්මක වීමට උදවු වෙනවා

පිපිඤ්ඤා

ශරීරය සිසිල් කරන අතර ඉහල ජල අන්තර්ගතයක් පවතින නිසා සමේ තෙතමනය රැකදෙමින් සම නීරෝගීව තබාගැනීමට උපකාරි වෙයි

දොඩම්

ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරන කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට ද උපකාරී වේ

ලෙමන්

ආහාර ජීර්ණය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන අතර එමඟින් ශරීරයෙන් අපද්‍රව්‍ය ගලා ඒම ක්‍රමවත් කෙරෙනවා.මෙහි අඩංගු විටමින් සී වලින් සමට පෝශණය ලබාදෙන අතර සම පැහැපත් සහ නිරෝගි කිරීමට උපකාරි වෙනවා

මින්ට් කොළ

සීනි එකතු නොකර වතුරට සීනි රසය එක් කිරීමට මින්ට් කොළ කියන්නෙ හොඳ උපක්‍රමයක්.ඒ වගේම මින්ට් කොළ ආහාරමය මේද බිඳ දැමීමට උපකාරී වෙනවා වගේම බඩේ මාංශ පේශි ලිහිල් කරනවා

ඉඟුරු

ශරීරයට අවශ්‍ය විටමින් සී වලින් ඉඟුරු පොහොසත් වන අතර අක්මාව පිරිසිදු කිරීමට උදවු කරයි.ඒ වගේම මෙමගින් පරිවෘත්තීය වැඩි කරන අතර එවිට ඔබට වේගයෙන් මේදය දහනය කළ හැකි වෙනවා

ඇපල් සයිඩර් විනාකිරි

මෙය අක්මාව පිරිසිදු කිරීමට, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සහ මේදය දහනය කිරීමට උපකාරී වන නිසා ඩෙටොක්ස් බීම වලට ඇතුළත් කිරීම සඳහා හොඳ අමුද්‍රව්‍යයකි

මී පැණි

ලෙමන් සමඟ ඒකාබද්ධව මී පැණි විෂ ඉවත් කිරීමට උපකාරී වෙනවා.එමෙන්ම ආසාදන සමඟ සටන් කිරීමට සහ ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වෙනවා

කුරුඳු

ශරීරයේ පරිවෘත්තීය වැඩි කරන අතර රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ද එය උපකාරී වේ.

අපි දැන් බලමු මේ අමුද්‍රව්‍ය යොදාගෙන Detox Drink හදාගන්නේ කොහොමද කියලා

දොඩම් සහ පිපිඤ්ඤා Detox Drink

අවශ්‍ය ද්‍රව්‍ය

  • වතුර ලීටර 1
  • පිපිඤ්ඤා
  • දොඩම්
  • ලෙමන්
  • මින්ට් කොළ කිහිපයක්.

කොහොමද හදන්නේ?

  • තරමක් ලොකු බෝතලයක් ගන්න
  • පිපිඤ්ඤා ,ලෙමන් සහ දොඩම් පෙති කපා එයට එකතු කරන්න
  • ඉන්පසුව නැවුම් මින්ට් කොළ කීපයක්ද එයට එකතු කරන්න
  • දැන් එයට වතුර ලීටරය එකතු කරන්න
  • රැයක් පුරා මෙය ශීතකරණයේ තබන්න.එවිට එකතු කල අමුද්‍රව්‍ය වල රසය ජලයට එකතු වීම සිදු වෙනවා
  • පසුදින උදෑසන සිට මෙය පානය කරන්න ඔබට පුලුවන්

ඇපල් සයිඩර් විනාකිරි සහ ඉඟුරු Detox Drink

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඇල්මැරුණු වතුර වීදුරුවක්.
  • ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1
  • ලෙමන් යුෂ මේස හැඳි 2
  • ග්‍රේට් කරගත් ඉඟුරු ස්වල්පයක්
  • කුරුඳු කැබැල්ලක්
  • මී පැණි මේස හැඳි 1

කොහොමද හදන්නේ ?

  • ඇල්මැරුණු වතුර වීදුරුවට සියලුම අමුද්‍රව්‍ය මිශ්‍ර කර පැය කීපයක් තබන්න
  • රාත්‍රියේ නින්දට පෙර පානය කරන්න

කොමඩු සහ පොල් වතුර Detox Drink

  • කොමඩු කැබලි කෝප්පයක්
  • මින්ට් කොළ
  • ලෙමන් යුෂ මේස හැඳි 1
  • ලෙමන් පෙති 2
  • පොල් වතුර කෝප්පයක්
  • සෑම දෙයක්ම හොඳින් මිශ්‍ර කර කාමර උෂ්ණත්වයේ එක රැයක් තබන්න
  • උදෑසනම කිසිවක් කෑමට හෝ පානය කිරීමට පෙර සාදාගත් detox drink එක පානය කරන්න

ඇපල් සහ කුරුඳු Detox Drink

  • ඇපල් පෙති කිහිපයක්
  • සම්පූර්ණ කුරුඳු කැබැල්ලක්
  • වතුර වීදුරු දෙකක්

කොහොමද හදන්නේ ?

  • ඇපල් පෙති සහ කුරුඳු වතුරට මිශ්‍ර කර එක රැයක් තබන්න
  • උදෑසනින්ම එයා පානය කරන්න

මේ අතරින් ඔබ කැමති detox drink එකක් හෝ කීපයක් දින කිහිපයක් උත්සහ කර බලන්න ඔබට පුලුවන් .ශරීරයේ මේදය දහනය කිරීම වගේම ඔබේ සම නිරෝගිව තබාගන්නත් මෙමගින් ඔබට පුලුවන් .කාර්යබහුල උනත් ඔබට මෙය භාවිතා කරන්නට පුලුවන් නිසා detox drink එකක් ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවී.ඔබ සකස් කරගන්න detox drink එක පැය විසි හතරක් ඇතුලත පානය කරන්නත් මතක තබාගන්න.ඒ විතරක් නෙමෙයි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගන්නත් ඔබ අමතක කරන්න එපා

Related Articles

Don't Miss


Latest Articles