හිස් බඩට මේ කෑම කන්නේ බලාගෙන

ගොඩක්දෙනා හිතන්නෙ උදෑසන ආහාරයට යෝගට් එකක් හෝ දොඩම් යුෂ වීදුරුවක් කියන්නෙ සෞඛ්‍ය සම්පන්න තෝරාගැනීමක් කියලයි. අවාසනාවකට බොහොම සුළු පිරිසයි මේ වගේ ආහාර උදෑසන හිස් බඩට කන එක එතරම් හිතකර නොවන බව දන්නෙ.

ඒ නිසා මෙන්න මේ කෑම උදේට වර්ජනය කරන්න

  1. යීස්ට් අඩංගු ආහාර – පෆ් පේස්ට්‍රීස්, ෂෝට් ඊට්ස් ආදී ආහාරවල අඩංගු යීස්ට් උදරයේ බිත්ති අපහසුවට පත්කරන අතර උදරයේ වාතය පිරීම (ගෑස්) ආදී තත්ත්වයන් ඇතිකරයි.
  2. යෝගට් ආදී කිරි ආශ්‍රිත නිෂ්පාදන – හිස් බඩ ආහාරයට ගැනීමෙන් කුසේ ඇතිවන ඇසිඩ් තත්ත්වයන් හේතුවෙන් කිරිවලින් ලැබිය යුතු පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ නැහැ.
  3. කෙසෙල්ගෙඩි – එකවර රුධිරයට අධික මැග්නීසියම් ප්‍රමාණයක් එකතුකරන නිසා හදවතට හානිකරයි.
  4. දෙහි කුලයේ පලතුරු – දොඩම් ආදී ඇඹුල් සහිත පලතුරු වර්ග පලතුරු ඇසිඩ්වලින් පූර්ණයි. ඒ නිසා උදෑසනම හිස් බඩට ආහාරයට ගැනීමෙන් අම්ලපිත්තය හෙවත් ආමාශයේ දැවිල්ල (heart burn/ gastritis) ආදී තත්ත්වයන් ඇතිවිය හැකියි.
  5. කාබනික පානයන් – සෝඩා අඩංගු පානයන් උදරයට රුධිරය ගෙනයාම ප්‍රමාදකර, ආහාර දිරවීම ප්‍රමාදකරන නිසා උදරයේ අපහසුතා ඇතිවිය හැකියි.
  6. පැණිරස ආහාර – මේවායෙහි අඩංගු සීනි රුධිරයට එකවර අධික ඉන්සියුලින් ප්‍රමාණයක් එකතුකරන අතර එය ඔබේ අග්න්‍යාශයට එතරම් හිතකරවන්නේ නැත. මෙය දියවැඩියාව සඳහා අතවැනීමකි.
  7. පිපිඤ්ඤා ඇතුළු කොළ පැහැති එළවළු – හිස් බඩට ආහාරයට ගැනීමේදී මෙවැනි එළවළුවල අඩංගු අමීනෝ නම් අම්ලය හේතුවෙන් අම්ලපිත වැඩිවීම ආදී උදරාබාධවලට ලක්විය හැකියි.

ගුණයි කියල සිතුණු නිසා හරි බර අඩුවෙන්න හොඳයි කියල හිතුණු හින්ද හරි  එහෙමත් නැතිනම් ලේසියට කඩෙන් ගන්න පුළුවන් නිසා මේ වගේ ආහාර උදෑසනම ආහාරයටගන්න කලින් දෙවරක් හිතන්න. නිරෝගී ශරීර සෞඛ්‍යයක් පවත්වාගැනීමට නිතරම මුල්තැනක් දෙන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles