fbpx

ඈත දුර ආකාසේ -37

“මං ස්ටඩීස් පටන් ගත්තේ කොච්චර කාලෙකින්ද..ඒත් මෙහෙම රිසල්ට්ස් එකක් මං හිතුවෙවත් නෑ..”

කාලය ගලා යද්දී තම උපාධියේ පළමු අධ්‍යන වර්ෂය නිමා කළ තුරුලි මියුරුට පැවසුවේ සතුටිනි.ඔහු දුරකථන තිරයට එබී හුන්නේ සිනා පුරවාගෙන ය.

“මගෙ බැච් මේට්ස්ලා ඔක්කොම වගේ ඒ ලෙවල්ස් ඉවර කරපු ගමන් ළමයි නිසා මං කීයටවත්ම හිතුවෙ නෑ මට එතන හරියයි කියල..”

ඇය අතොරක් නැතිව සතුටින් පවසන්නී ය.මියුරු සිටියේ ඇගේ මුහුණේ ඇඳෙන සතුටු රේඛා දෙස බලාගෙන ය.

“මං ඉතිං ඔයාට කිව්වනෙ.ඔයාට ඕක බැරි නෑ.ඔයා කිසිම දේකට පරක්කුත් නෑ කියලා.ඇහුවෙම නෑනෙ.ඇහුවෙම නෑ.දැන් බැච් එකේ හොඳම රිසල්ට්ස් අරන් ඉන්න වෙලාවෙ තේරෙනවද, අනික පොඩි ළමයි ගොඩක් මැද්දට යන්න බෑ නාකි වැඩී කියල නටපු තරමක්.දැන් දවසකට ඒ ළමයි කීයක්නම් මෙයාව බදාගෙන ෆේස්බුක් ,ඉන්ස්ටා ෆොටෝස් දානවද..”

තුරුලි මියුරුට නියවමින් මඳ වෙලාවක් සිටියා ය.අනතුරුව දුරකථන තිරයට වඩා නැඹුරු වූයේ රහසක් බෙදා ගන්නට ය.

“එච්චරක් යැ.මල්ලිලා යාලු වෙන්නත් අහනව..”

මියුරුගේ මියුරු සිනාව මතු වන්නේ එවැනි මොහොතක ය.අතීතය දිග ඇවිද යාම නුසුදුසු වුව ද ආදිත්‍ය නම් දුරකථනය පොළොවේ ගසමින් නටන නැටුම ගැන තුරුලි සිතන්නට ගත්තා ය.

“ඔව් ඉතිං..මල වගේ ඉන්නකොට පොඩි උන්ට ආස ඇති.අනික ඉතිං ආදරේ කියන්නෙ ආදරේට.ඒවට වයස් බේද නෑ.”

තුරුලි කිසිත් නොකියා හිනැහුණා ය.අනතුරුව යමක් සිහි වී නැවත ඔහු දෙස නෙත් නොපියා බලා සිටියා ය.

“එහෙම කතාවක් කියලවත් ඉතිං ගෙන්න ගන්න බෑනෙ..සමහරුයි ඔයයි ගැන මම මේ හිතුවෙ..”

ඉගිල එන්නට හිතෙන මොහොතක් පවා අනාගතය වෙනුවෙන් කැප කරන මියුරු තුරුලි දෙස සෙනෙහසින් බලා සිටියේ ය.ඉතා දුරකට වී ආදරය කිරීම පහසු නැත.තුරුලි සමඟ එය එතරම් ම අසීරු ද නැත.

“ආදිත්‍ය හැමදාම එනවද බෑන්ක් එක ගාවට..”

ප්‍රේමණීය කතාබහ ඕපාදූපයට පෙරළෙද්දී තුරුලි යහන මත වඩා පහසුව හිඳ ගත්තා ය.ප්‍රේමවන්තයා හොඳම මිතුරාට මාරු වෙන මොහොතට ඇය වඩා මනාප ය.ඕනෑම දෙයක් විනිශ්චය කිරීමකින් තොරව අසා හිඳින ඔහු හා ජීවිතය මොනතරම් පහසුදැයි ඈ සිතුවා ය.

“එනව එනවා..මං බෑන්ක් එකම මංකොල්ල කාලා බෑග් එකේ දාන් අරන් යනව වගේ බලන් ඉන්නෙ..මම දැක්කෙ නෑ වගේ ඔෆිස් සර්විස් එක එනකන් ඉන්නව.කසුන් එක්ක හරි රනුක එක්ක හරි හිටියම නම් හරීම වල් බැල්මකින් බලනව.තාත්තල දෙන්න ආව දවසට නම් ඉක්මනින් හැංගෙනවා..එරංගත් ඔෆීෂියලි දේකට ඇරෙන්න කිසි කතාවක් නෑනෙ..කසුන් කීවෙ ඒ ළමයා ටිකක් ලොකු ලෝන් එකක් ඇප්ලයි කරල.පව් නේද, අර යකාගෙ බිස්නස් වලට වෙන්න ඇති..”

තුරුලි කියවාගෙන යන්නේ අතීත වේදනාවල සෙවණැලි සිහිවෙද්දී බව මියුරු දනියි.ඔහු නවාතැන අවට සුන්දර පරිසරය පෙන්වමින් ඇගේ කතාව වෙනස් කරන්නට සිතුවේ ය.මාතෘකාවක් අවසන් වෙද්දී කතා කරන්නට තවත් මාතෘකාවක් ඇති මේ ජීවිතය තුරුලිට ඕනෑවටත් වැඩි ය.

මියුරු සමඟ හෝරාවකටත් වඩා කතාබහක ගිලී සිටි තුරුලි කාමරයෙන් එළියට ආවා ය.අම්මාත් තාත්තාත් සඳලිත් මුළුතැන්ගෙය තුළ ය.අද ඇගේ ප්‍රතිඵල සමරන්නට අම්මා බරටම වැඩ ය.

“මෙච්චර තෙල් කන්න තාත්තට හොඳ නෑ.මියුරුගෙන් බැනුං අහගන්නකො පුලුවංනම්..”

තුරුලි කට්ලට් එකක් අතට ගත්තේ එසේ කියමිනි.තාත්තා ඇගේ කරවටා අතක් දමා තුරුලට ගත්තේ ය.

“ලොකු පුතාට මං පොඩි රහසක් කියන්නං..”

රහස් අසන්නට මනාප පොඩි පුතා ද වහා තාත්තාට ළං වූයේ අම්මාට සිනා ඉහිරවමිනි.

“ඔයාලා ලැබෙන්න ඉන්නව කියල දැනගත්තම අම්මා ආස උනේ පුතෙක්ට.දෙන්නෙක්ම ඉන්නව කියල දැනගත්තම අපි පුතයි දුවයි එනකන් හිටියා..ආවේ කෙල්ලොනෙ.දවසක කොල්ලො දෙන්නෙක් අරන් යනකං කොච්චර පරිස්සං කරන්න වෙයිද කියල අපි නිතරම කතා වුණා.අන්තිමට අම්මම තමයි ලස්සන කතාව කිව්වෙ..”

තාත්තා අම්මා දෙස බැලූ ප්‍රේමණීය බැල්ම දෙස තුරුලි දෑස නොපියා බලා සිටියා ය.වයසට නොයන ආදරය මොනතරම් සුන්දරදැයි ඈ සිතුවා ය.

“තාත්ත ලංකාවෙ නැතුවම කෙල්ලො පරිස්සං කරන්න මං බය උනා.නැත්තං ඉතින් මොන අම්මද දූලට අකමැති.කොල්ලෙක් උනාම හදා ගන්න ලේසි හිතුවට ඒක කොච්චර අමාරුද කියල මටත් හිතුණෙ පස්සෙ..”

අම්මා එසේ කියමින් දියණියන්ට සිනාවක් පා කළා ය.ඈ බොහෝ කැපකිරීම් කළ කාලය දෙසොහොයුරියන්ට අමතකව යන්නේ නැත.

“ඒ කොල්ලො දෙන්නා කවදහරි අපි දෙන්නත් බලා ගනීනෙ කියල අම්මා තිස්සෙම කිව්ව.මේ වෙලා තියෙන්නෙ අන්න ඒක.මං දැන් කොල්ලො දෙන්නටත් බය වෙන්න එපැයි..පොඩි එකයි ලොකු එකයි දෙන්නම පුදුම නීති ගොඩක් කන බොන ඒවට දාන්නෙ..”

තාත්තා එසේ කියන්නේ උස්හඬින් හිනැහෙමිනි.ඔහුව නිවැරදි වෙලාවට වෛද්‍ය පරීක්ෂණ සඳහා ගෙන යන්නට නැගණියටත් තමාටත් වඩා උනන්දු රනුක නොවේදැයි තුරුලි සිතුවා ය.

“නැත්තං තාත්තා හදයි..”

සඳලි එසේ කියන අතර තුරුලි වෙත ආවා ය.අක්කාගේ දෑසට එබුණු ඈ යමක් කියන්නට උත්සාහ ගත්තා ය.

“අක්කා..මට ඔයාට කියන්න දෙයක් තියනව.මාව මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරන් නෑනෙ..”

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x