බිදවැටුන ප්‍රේමයේ විරහ වේදනාව අමතක කරන්න කල හැකි දේවල් 9

ආදර සම්බන්ධයක් බිඳුනට පස්සේ ඔබට ඔහූ හෝ ඇයව අමතක කරන එක එතරම් ලේසි දෙයක් නෙමෙයි.ඔබ දෙදෙනාගේ අදහස් නොගැලපීමක්, වංචා කිරීමක් හෝ වෙනත් ගැටලු මධ්‍යයේ ඔබ දෙදෙනාට ඉදිරියට යාම අපහසු බව තේරුම් ගෙන වෙන් වීම නුවණැති වැඩක්.ඒ උනත් එකිනෙකාව අමතක කර දැමීමට ඔබ දෙදෙනාටම කාලයක් ගත වෙනවා.අද අපි ඔබට කියන්නේ නොගැලපෙන සම්බන්ධයක් අවසන් වීමෙන් පස්සේ ඔහු හෝ ඇයව අමතක කර ඔබෙන් ගිලිහුණු ඔබේ මානසික නිදහස නැවත ලබාගන්න ආකාරයයි

සුව වීමට ඔබට යම් කාලයක් ලබා දෙන්න

ඔබේ මනස මේ වනවිට බොහෝ අවුල් සහගත තත්වයක තිබෙන්නට පුලුවන් .ආහාර ගැනීම පවා ඔබ ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා වෙන්න පුලුවන් .ඒ නිසා ඔබ ඉතා ආයාසයෙන් හො ආහාර ගැනීම ආරම්භ කරන්න ඕනේ.ඔබේ ශරීරය දුර්වල වෙලා තිබුනොත් ඔබේ මනසත් ඉබේම දුර්වල වෙනවා.මේ වෙලාවේදි ඔබේ මනස සුව වෙන්න කාලයක් යනවා.ඒ කාලයේදි ඔබ ඔබටම උදවු කරන්න ඕනේ.ඔබ අමතක කර දැමූ , ඔබට මග හැරුනු විනෝදාංශ කෙරෙහි ඔබට නැවත අවධානය යොමු කරන්න පුලුවන් හොඳම කාලයක් තමයි මේක

ඔබේ අවකාශය නැවත සකස් කරන්න

ඔබ ඔබේ පෙම්වතා එක්ක හෝ පෙම්වතිය එක්ක රැය පහන් වනතුරු දුරකථන සංවාද වල යෙදුනු ඔබේ කාමරය දැන් ඔබට ඉතා අප්‍රිය තැනක් බවට පත්වෙලා ඇති.ඔබේ සම්බන්ධය පැවති කාලයේ ඔබ සතුටින් සිටි ඔබේ කාමරය දැන් ඔබේ අසතුට එක් රැස් වන තැනක් වෙනවා ඇති. ඒ නිසා ඔබ හැකි අයුරින් ඔබේ කාමරය වෙනස් කරන්න.ඔබ දකින්නට කැමති පින්තූර , මනස නිදහස් කරන ඡායාරූප , ඉටිපන්දම් , ලාම්පු හෝ වෙනත් විසිතුරු ද්‍රව්‍ය වලින් ඔබේ කාමරය වෙනස් කර අලංකාර කරගන්න.අලුත් තැනක ජීවත් වෙනවා යැයි ඔබටම හැඟෙන්නට අරින්න

යථාර්ථය දැකීමට උත්සහ කරන්න

සෑම අඳුරු වළාවක රිදී රේඛාවක් තිබෙනවා යන වැකිය ඔබ අසා ඇති.ඇත්තෙන්ම මේ මොහොතේ ඔබ කල යුත්තේ අඳුරු වළාවකින් වැසී ඇති ඔබේ ජීවිතයේ රිදී රේඛාව සොයා ගැනීමයි.ඔබ ආදරය කල තැනැත්තා කුමන හේතුවක් මත වුවත් තව දුරටත් ඔබේ ජීවිතයේ නැති බව ඔබ පිළිගන්න ඕනේ.ඒ වගේම ඔහූ හෝ ඇය නොමැතිව ඔබ ජිවිතයේ ඉදිරියට යා යුතු බවත් ඔබ වටහාගන්න ඕනේ.

ඔහු හෝ ඇයව හමුවීමට නිදහසට කරුණු සොයන්න එපා

ඔබ ආදරය කල තැනැත්තා නැවත නැවත හමුවීමට උත්සහ කිරීමෙන් ඔබ කරන්නේ ඔබේ හිතේ සුව වෙමින් තිබෙන තුවාලයක් නැවත පාරා ගැනීමටයි. ඔහූ හෝ ඇයගේ උපන්දිනයක් ,විශේශ අවස්ථාවක් වෙනුවෙන් සුබ පැතීමක් හෝ වෙන මොනයම් කාරණාවක් මත වුවත් නැවත ඔහු හො ඇයව අමතන්න හෝ මුණගැහෙන්නට උත්සහ කරන්න එපා.එය ඔබ විසින් ඔබවම නැවත රිදවා ගැනීමක්

ඔබට දඬුවම් දෙන්න එපා

ජීවිතයේ එක් අවස්තාවකදි ගිලිහි ගිය බැඳීමක් සම්බන්ධයෙන් කිසිම වෙලාවක ඔබ ඔබටම දොස් පවරා ගන්න එපා.ඒ වගේම ස්වයං විනාශකාරි තීරණ වලට එළඹෙන්න ඔබේ මනසට කොහෙත්ම ඉඩ දෙන්න එපා.ඔබටම දඬුවම් කිරීම , කුමක් හෝ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම වැනි දේවල් මගින් ඔබ ඔබටම දඬුවම් කරගැනීමට සිතනවා නම් එය අනුවණ කමක්.

ඔහු හෝ ඇය ගැන සිහි කරන මතක ඉවත් කරන්න

ඔබට ඔබ ආදරය කල තැනැත්තා සිහිපත් වෙන මතක තවමත් ඔබ ළඟ තියාගෙන ඉන්නවා නම් හැකි ඉක්මනින් ඒවා ඉවත් කරන්න.ඔහු හෝ ඇය දුන් තෑගි , සිහිවටන , ඡායාරූප ආදී සියල්ල ඔබ අත් හැරිය යුතු කාලය තමයි මේක.ඒවා දැකීමෙන් ඔබේ මනසෙහි තුවාල පෑරෙනවා මිස සුව වීමක් නම් වෙන්නෙ නෑ

සියලුම සන්නිවේදන අවස්ථා විසන්ධි කරන්න

ඔබට ඔබ ආදරය කල තැනැත්තාට ඇමතීමට සිතෙනවා නම් ඔහුගේ හෝ ඇයගේ අංකය ඔබේ දුරකතනයෙන් මකා දමන්න. ඔබේ සමාජ මාධ්‍ය වලින් ඔහු හෝ ඇයව ඉවත් කරන්න.කිසිම විදියකින් නැවත ඒ තැනැත්තාව අමතන්නට උත්සහ කරන්න එපා.ඒ වගේම ඔහුට හෝ ඇයට ඔබව ඇමතීමටත් ඉඩක් තබන්න එපා

මිතුරන්ගෙන් විස්තර විමසීම නවත්වන්න

ඔබ අතින් සිදුවිය හැකි විශාලම වරදක් තමයි මේක.ඇතැම්විට ඔබ දෙදෙනාට පොදු යාලුවන් ඉන්නට හෝ එකි තැනැත්තාගේ යාලුවන් ඔබේත් යාලුවන් වෙන්නට පුලුවන් .ඔවුන්ගෙන් කිසිම වෙලාවක ඔහු හෝ ඇය ගැන විස්තර විමසන්නට එපා .ඔබ ආදරය කල තැනැත්තාට අලුත් සහකරුවෙක් ඉන්නවද , එකී පුද්ගලයා යන එන තැන් , ඇසුරු කරන අය ආදිය විමසන්නට යෑමෙන් ඔබේ තුවාල නැවත අලුත් වන බවට කිසිම සැකයක් නෑ.

ධනාත්මක වන්න , ඔබේ අරමුණු හඳුනාගන්න

ඔබට ඔබේ ජීවිතය ගැන අලුතින් හිතන්න ලැබෙන හොඳම අවස්ථාවක් තමයි මේක. ඔබ ලඟා කරගත යුතු අරමුණු මොනවද, ඒවා ලඟා කරගත යුත්තේ කෙසේද යන්න ඔබ සිතා බලන්න.ඔබේ ජීවිතේ අඳුරු කාලයන්ගෙන් ඔබට මිදීමට හැකි බව සිතන්න.ධනාත්මක වෙන්න.මෙය ඔබේ ජීවිතයේ නැවතීමක් නොව අලුත් ආරම්භයක් බව සිතට ගන්න

මෙන්න මේ පුංචි දේවල් ඔබ කරලා බැලුවොත් බිඳ වැටුණු සම්බන්ධයක් නිසා තුවාල වී ගිය ඔබේ මනස සුව කරගන්නට වගේම ඔබෙන් ගිලිහුණු ඒ තැනැත්තාව ඔබේ මතකයෙන් ඔබට ඉවත් කරගන්නට ඔබට පුලුවන්. සෑම පරාජයක් අවසානයේදීම ජයග්‍රහණ කිරීමට අවස්ථාවක් ජීවිතය ඔබට ලබා දෙන බව අමතක කරන්න එපා

Related Articles

Don't Miss


Latest Articles