fbpx

හේමන්ත සන්ධ්‍යා -29

අප ආශා කරන, රස කරන තැන් ජීවිතයේ කොතෙකුත් හමු වේ. බොහෝ විට අප ඒවා විඳ ගන්නේ හදවතිනි. රහසිනි. ඒවා හිමි කර ගන්නට ගිය තැන යම් යම් ප්‍රායෝගික ප්‍රශ්න මතු වේ. හදවත ඇතුළේ අපට ගොඩ නැගිය හැකි ලෝකය හැබෑ ලෝකය මත්තේ ඉදි කිරීම පහසු නැත.

“විදත් ප්‍රපෝස් කළොත්” යන සහස් ගේ පැනයෙන් නිකිනි කම්පිත ව ගියේ එබැවිනි. ළමා වියේ සිට ම විදත් වූ කලී ඇගේ කෙළි සිතේ චමත්කාරය වූයේ ය. වීරයා වූයේ ය. රස ම තැන වූයේ ය. අද අද ය කියා ත් එහි වර්ධනයක් මිස අඩුවක් නැත්තේ ය. නමුත් ප්‍රායෝගික ලෝකයට එළඹි කළ ඒ සුව සිහිනය දෙදරා යන හේතු නැගී සිටින්නේ ය.

“එහෙම දෙයක් වෙන්නෑ මල්ලා”

නිකිනි යන්තම් මුමුණා ගත්තා ය. ඔහු සිය සොයුරිය විනිවිද බැලුවේ ය. ඇගේ රතදර යන්තමින් වෙව්ලයි. ඒ කොපුල් රත් වී රතු වී තියේ. ඇගේ උඩු තොල මත හීන් දහදිය බිඳු පෙලක් නැගී ආවේ ය.

“අපි ඕව ගැන කතා නොකර ඉමු”

“ඇයි…ඇයි එහෙම දෙයක් වෙන්නෑ කියල කියන්නෙ…”

නිකිනි දෑස් විදා සහස් දෙස බැලුවා ය. ඇගේ ඇස් තෙත පාට ය. හිතේ පොදි කන හැඟුමන් සමුදාය සොයුරා ඉදිරියේ පිටාර ගලන්නට ඉඩ දිය නො හැකි බවට හැඟීමකින් නිකිනි ගොළු වී සිටියා ය.

“විදත් අයියගෙ වයස ගැනද ඔයා හිතන්නෙ…”

පොඩි එකා වූවා ට ඔහු ඇගේ හදවතේ නිවැරදි ම නාඩිය ට අත තැබුවේ ය.

“මල්ලා. ඒක වෙන්නෙ නෑ කියල විතරයි මං දන්නෙ. අපි ඕවා ගැන කතා නොකර ඉමු. ලෑස්ති වෙන්න ලෑස්ති වෙන්න…ඔයාට ක්ලාස් එකට ලේට් වෙයි”

කියමින්, සහස් අත වූ කෝප්පය උදුරා ගෙන වාගේ නිකිනි එතැනින් නික්ම ගියා ය. සමහර කාරණා හදවතට පමණක් සීමා වී තිබියදී පහසු ය. ඒවා එළි පිට කතා කරන එක පහසු නැත!

එදා දවල් මංජුල ගේ මවු ඔබේසේකර මැදුර වෙත ආවා ය. පසු ගිය වතාවේ මාස කිහිපයක් ම නිකිනි මෙහි සිටියදීත් දුරකතන ඇමතුමකුදු නොදුන් ඕ තොමෝ මේ විදිහට පැමිණීම නිකිනි ගේ කුහුල් සිත අවුළුවා ලූවේ ය. 

මංජුල මාතාව නිකිනි ට කපටි සිනහවක් පෑවා ය.

“මං ඉතිං මේ ළමයව ගෙදර එක්කං යන්න කියල ආව”

නිකිනි සිනහවක් පෑවේ වුව නැත. නමුත් සුමනා ගේ හිතට මඳ අස්වැසිල්ලක් දැනිණ.

“මංජුලගෙ අම්ම ආපු එක කොච්චර හොඳද…මේ දෙන්නගෙ ප්‍රශ්න දුර දිග ගියා හොඳටම වැඩියි කියලයි මටනං හිතෙන්නෙ”

“අපරාදෙනෙ අම්ම ආවෙ”

නිකිනි ඉක්මන් කොට කීවා ය. සුමනා ත් නැන්දම්මා ත් මුහුණෙන් මුහුණ බලා ගත්හ.

“ලෝයර් මංජුලව හම්බ වෙලා අපේ තීරණේ ගැන කියලනෙ තියෙන්නෙ”

“ළමයො. මංජුල මට ඒ ගැන කිව්ව. මේ පොඩි ප්‍රශ්නයක් ඔය තරං දුර දිග ගෙනියන්න ඕනද ළමයො…පවුල් වල ඔය වගේ ප්‍රශ්න ද ඇති වෙන්නෙ… ගෑනු මිනිස්සු අතරෙ ඇති වෙන පොඩි කතාවකට දික්කසාද වෙනවනං….මේ ලෝකෙ පවුල් කියල දෙයක් ඉතුරු වෙලා තියෙන්න පුළුවන් ද..නැද්ද මං අහන්නෙ නිකිනි ලගෙ ග්‍රැනී…”

නිකිනි යමක් කියන්නට කට හැදුවා පමණකි. සුමනා ඉස්සර නො විණි නම් නැන්දම්මා ගේ කන් දෙකේ ඇඟිලි ගසා ගන්නට වෙන තරම් දේවල් ලේලිය ගෙන් කියවෙන්නට තිබිණි.

“ඒක ඇත්ත මංජුලගෙ අම්මෙ. හැබැයි මේ වෙලාවෙ මංජුල හැසිරිලා තියෙන විදිහ නං අනුමත කරන්න බෑ. මේ ළමයට හොඳටම ගහල කොණ්ඩෙං ඇදගෙන ඇවිල්ලයි දොට්ට දාල තියෙන්නෙ. අපි මේ දරුවො හැදුවෙ මල් වගේ. අපි ම හොයල දීපු පිරිමිංගෙං ගුටි කන්න නෙවෙයි”

“ඒක හරි නිකිනි ගෙ ග්‍රැනී. අර කවුද මනුස්සයෙක් නිකිනිට කෝල් කරපු නිසානෙ මේ ප්‍රශ්නෙ ඇති වුණේ”

“විදත් කියන්නෙ අපේ පවුලට හිතවත් ළමයෙක්. අපේ පුතාගෙ යාළුවෙක්. මේ නිකිනිල පොඩි කාලෙ කරේ තියාගෙන හුරතල් කරල තියෙනව ඕන තරං”

“එහෙමයි කියල දැං කරේ තියාගෙන හුරතල් කරන්න බෑනෙ. නිකිනි කියන්නෙ කසාද බැඳපු ගෑනියෙක්. කොච්චර වුණත් හස්බන් විදිහට මංජුල කැමති වෙන්නෙ නෑනෙ “

“අනේ මේ අම්මෙ…අම්මයි මංජුලව ඇවිස්සුවෙ. අම්මයි මංජුලට කේලං කියල මට ගැස්සුවෙ. ගහල මාව දොට්ට දාන තැනට මංජුලව උසිගැන්නුවෙ අම්ම”

එදා ගෙදරින් නික්මෙන්නට පෙර කියා ගන්නට බැරි වූ වචන වලින් නිකිනි නැන්දම්මා ගේ මූණට දමා ගැසුවා ය. නැන්දම්මා ගේ මූණ හැකිළී ගියේ ය. නිකිනි කෝපයෙන් ගිනි ගනිමින් සිටියා ය.

“ගෑනියෙක් විදිහට එදා අම්ම මොනාද කළේ…මට අරහම ගහල කොණ්ඩෙං ඇදං ගේ දිගේ ගිහිං එළියට දානකොට අම්ම එපා කියන වචනෙ කියන්නවත් කට ඇරියද…අත් දෙක ඉණට ගහගෙන බලං හිටිය. ගෑනියෙක් නේද…තමුංගෙ පුතා ගෑනියෙක්ට නේද එහෙම ගැහුවෙ…මංජුලගෙ වැරදියි තමයි. හැබැයි ඒ මිනිහ වැරදි කාරයෙක් වුණේ අම්ම නිසා. අම්ම එයාව හරියට හදල නැති නිසා. ගෑනියෙක්ට ගෞරව කරන්න ඕනයි කියන එක කියල දීල නැති නිසා. අම්ම මට කියන්නෙ ඒ වගේ අම්ම කෙනෙකුයි පුතෙකුයි ළඟට ආයෙත් එන්න කියලද…හීනෙකිංවත් හිතන්න එපා මං ඒ තරං දුර්වල වෙයි කියල. ගෑනියෙක්ට ජීවිතේ බෙදා ගන්න පිරිමියෙක් ඉන්න ඕන තමයි. හැබැයි ඕන ම නෑ. තනියෙං ජීවත් වෙන්න ගෑනියෙක්ට හයියක් නෑ කියල හිතන්න එපා අම්මෙ. මං පෙන්නන්නං මට ඒ හයිය තියනව කියල. අනිත් එක මංජුලට වෙන සම්බන්දයක් තියනව කියල දැන ගත්තට අම්ම මොනාද කළේ කියන්නකො. මුකුත් නෑ. හැබැයි මට කෝල් එකක් ආවහම අම්ම පුතාට කේලං කියල මට තඩිබෑවෙව්ව. මං ඒ ගෙදර වහලියක් වෙන්න ලෑස්ති නෑ අම්මෙ. ඒක ගිහිං පුතාටත් කියන්න”

හුස්ම ගන්නේ වුව නැති ව කියාගෙන ගිය නිකිනි පිය ගැට පෙළ නැග මතු මහළේ සිය කාමරයට ගියා ය. තවත් ටික වෙලාවක් සුමනා ඉදිරියේ මුණිවතින් බලා සිටි මංජුල ගේ මව යන්නට ගියා ය.

කාමරයට ගිය නිකිනි වේගයෙන් හුස්ම ගනිමින් යහන මතට වී සිටියා ය. ඇගේ හිතට සැහැල්ලුවක් දැනිණ. ගියා ගන්නට බැරි වුණායි සිතූ සියල්ල අන්තිම මොහොතේ මේ විදිහට හෝ මංජුල ගේ අම්මාට කියා ගන්නට ලැබුණ එක සතුටකි. අම්මා කෙනෙකු වශයෙන් ඇය කිසි දා දරුවන් ගේ සතුට අවංකව පැතු ගැහැනියක නොවන බව නිකිනි මුල සිට ම දැන සිටියා ය.

“සර් හිතා ගෙන ඉන්න ඇත්තෙ මිස් අහිංසක නිසා සර්ට ඕන විදිහට නටවන්න පුළුවන් කෙනෙක් කියල වෙන්න ඇති. ගෑනුන්ටත් ජීවත් වෙන්න හයිය තියෙනව කියල ඒ වගේ පිරිමින්ට කියල දෙන එකෙං මිස් කරන්නෙ එහෙම කරන්න හයියක් නැති අනිත් හැම ගෑනියෙක්ටම ලොකු සේවයක්”

පොත් සාප්පුවේ දී ගුවනි කීවා ය. 

“මං බෝඩ් වෙලා ඉන්න ගෙදර ගෑනු එක්කෙනාට එයාගෙ හස්බන් හැමදාම ගුටි ගහනව. ඒ මිනිහ හවසට ගෙදර එන්නෙම බීගෙන. තිත්ත කුණු හරුපෙං අර අක්කට කතා කරන්නෙ. කට අරින්නෙ බැනුමකිං. ළමයි දෙන්නෙක් ඉන්නව. පව් ඒ ළමයි. මට වෙලාවකට හිතෙනව පොලීසි යන්නෙ නැතුව ඇයි මේ ගෑනු මනුස්සය මෙහෙම ගුටි කන්නෙ කියල. ගෙවල් ඇතුළෙ පිරිමි නිසා අසරණ වෙච්ච අප්‍රමාණ ගෑනු ඇති මිස්. කතා කරන්න බැරි…හඬක් නගන්න බැරි ඒ ගෑනු සංහතියට මිස් ගෙ හඬ ආශිර්වාදයක් වෙයි”

“ඔයාට පසුතැවීමක් නැද්ද මංජුල ට බිලි වෙච්ච එක ගැන…”

බොහෝ දිනක් හිත ඇතුළේ හිර වී තිබූ ප්‍රශ්නය නිකිනි එළියට දැම්මා ය. ගුවනි බිම බලා ගත්තා ය. ඒ වූ කලී ගුවනි ඇගෙන් ම ලක්ෂ කෝටි වාරයක් අසා ඇති ප්‍රශ්නයකි. නමුත් නිශ්චිත පිළිතුරක් දෙන්නට ඇය කිසි සේත් අපොහොසත් වූ ප්‍රශ්නයකි. දැන් ඒ ප්‍රශ්නය, ඈ බිලි වූ මිනිසා ගේ නීත්‍යානුකූල බිරිඳ ඇගෙන් අසයි. දෛවය විටෙක ජීවිත වලට මොන තරම් නම් සරදම් කරනවා ද?

“ඒක පසුතැවීමක් ද කියන්නත් මං දන්නෑ මිස්. ඒත් ඉතිං ජීවිතෙං අවුරුදු කීපයක් නාස්ති වෙලා ගියා…”

ගුවනි ලොකු සුසුමක් පිට කළා ය. ඒ ගෙවී ගිය කාලය කිසි ලෙසකින්වත් නැවත කැඳවා ගත නො හැකි ය. නමුත් ඊට වඩා වටිනා පාඩමක් දැන් ඈ ඉගෙන ගෙන තිබේ.

“මං හිතන්නෙ මට මිස් ව මුණ ගැහුණෙ හොඳ ම වෙලාවෙ. මිස් නිසා මං ගෑනු පිරිමි සම්බන්දය ගැන හුඟක් දේවල් ඉගෙන ගත්ත. අවංක නැති සහ්බන්දයක් ඇතුළෙ හිර වෙලා අපිව අසහනයට පත් කර ගන්නෙ නැතුව එතනිං පිට වෙලා යන එක සනීපයක් කියන දේ මං හොඳට ම තේරුං ගත්තෙ මිස් නිසා”

“ජීවිතෙං අවුරුදු ගාණක් නාස්ති වෙලා ගිය දුක මටත් තියෙනව ගුවනි. ඒත් මං ඒ ගැන පසුතැවිලි නොවෙන්න තීරණය කරල ඉවරයි. මොකද ඒ අවුරුදු කීපයෙදි ලබපු අත්දැකීම් ටික ඉතුරු ජීවිත කාලෙට මිල කරන්න  බැරි තරං මට වටිනව”

ඒ ගෙවී ගියේ ජීවිතයෙන් එක පරිච්ඡේදයක් කියා සිතන්නට නිකිනි වඩාත් කැමති වූවා ය. පොතක් කියවත්දී එක එක ආකාරයේ පරිච්ඡේද අපට හමු වේ. ඉන් සමහර කොටස් ඉතා රසවත් ය. සමහර ඒවා කියවන්නට කම්මැළි සිතේ. අපි සමහර කොටස් වඩා හොඳින් කියවන්නේ නැති ව උඩින් පල්ලෙන් පැන යන්නෙමු. නමුත් තවත් සමහර පරිච්ඡේද ඉතා හෙමිහිට රස විඳිමින් කියවන්නෙමු. නැවත නැවත කිහිප වර කියවන්නෙමු. පොතෙහි රසවත් ම හා අප වඩාත් කැමති ම කොටස් එබඳු ය. 

නමුත් පොත වඩා හොඳ එකක් වන්නේ එකී රසවත් කොටස් සේ ම නීරස කොටස් ද එක් වූ කල ය. ඒ පොතෙහි වටිනාකම වැඩි වන්නේ ත් ගුණාත්මක බව වැඩි වන්නේ ත් එවිට ය. ජීවිතයක් ද වඩා ත් හරවත් වන්නේ සියල් ආකාර වල අත්දැකීම් වලින් සන්තෘප්ත වූ කල ය.

එදා හැන්දෑව ගෙවී යත්දී නිකිනි වඩාත් තිගැස්මකට බඳුන් ව සිටියා ය. උදේ සහස් විසින් අසන ලද ප්‍රශ්නය,” විදත් ප්‍රපෝස් කළොත් ඔයා මොකද කියන්නෙ” යන ප්‍රශ්නය ඇගේ සිත් හි පිළිරැව් නගමින් තිබිණ. විදත් එසේ කරාවි ද? නමුත් ඔහු ගෙන් ඇමතුමක් වුව එන බවක් පෙනුණේ නැත. නිකිනි ඉක්මන් කොට රාත්‍රී ආහාර ගෙන කාමරයට ගියා ය. ඒත් දුරකතනය නිසල ව තිබිණි.  

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් – 7

සුළං සීනු

සුළං සීනු 28

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -03

ඉඳුදුන්න

ඉඳුදුන්න -17

Mini Stories

ඔබේ ආදරය ඔබේ තේරීමක් කරගන්න.

Mini Stories

අම්මා කෙනෙක් වෙන්න නම් දරුවෙක් කුසින් වදන්නම ඕනෑ කියලා ඔබ හිතනවද?

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -28

සුළං සීනු

සුළං සීනු -8

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 49

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -34

Lifestyle Mini Stories Smart Me

ජීවිතයට වටිනාකමක් එක් කරන කතාවක්..

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -31

අහංකාර නගරේ

අහංකාර නගරේ -04

පාට සේදුනු වත්සුනු

පාට සේදුණු වත්සුණු – 5

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 16

අහංකාර නගරේ

අහංකාර නගරේ – 01

අහංකාර නගරේ

අහංකාර නගරේ – 33

සඳක් කළ සක්මන්

සඳක් කළ සක්මන් -04

අහංකාර නගරේ

අහංකාර නගරේ -47

Mini Stories

” බබාට දෙන්න කිරි මදි ඔයාට ” ඒ තමයි අලුත්ම අම්මෙක් අහන්න බියජනකම දේ.

හිත හෝදා පාළු වී ගිය සෙයකි. ඇය කාමරයේ ඒ මේ අත සක්මන් කළා ය. යහනට වැටී නිදන්නට උත්සාහ කළා ය. නමුත් සිත් හි කිසිදු එකඟතාවයක් වූයේ නැත. විදත් ට කරදරයක් ද කියා කතා කොට බලන්නට පවා ඇය ට සිත් වූයේ ය. එපමණට ම මේ දින කිහිපයට නිකිනි ඒ දුරකතන ඇමතුමට ඇබ්බැහි වී සිටියා ය. නමුත් එසේ කරන්නට ඕ පසු බෑවා ය. 

අන්තිමට ඕ පොතක් ගෙන කියවන්නට පටන් ගත්තා ය. හිත සන්සුන් කර ගන්නට ඇය ට උවමනා විය. නමුත් පොතේ එක වාක්‍ය ඛණ්ඩයක හෝ හිත නතර කර ගන්නට ඈ සමත් වූයේ නැත.

අන්තිමට ඈ තිගස්සවා ගෙන දුරකතනය හැඬවිණි. අත වෙව්ලත්දී නිකිනි දුරකතනය ගත්තා ය.

“මාව මතක් වුණේවත් නෑ නේ…”

විදත් නෝක්කාඩුවට ළඟ ස්වරයකින් විචාළේ ය. නිකිනි මඳහස පෑවා ය. කෙතරම් ඔහු සිහිපත් වී ද කියා කියන්නට ඇය ට ඕනෑ වූයේ නැත. ඒ මිහිරි තිගැස්ම සිය හදවතට පමණන් සීමා කොට තබා ගැනීමට නිකිනි වඩාත් කැමති වූවා ය.

“මොනාද කරන්නෙ…”

“පොතක් බලනව”

විදත් මේ ඇමතුම පමා කරමින් හිටියේ හිතා මතා ම ය. ඇගේ ප්‍රතිචාරය දැන ගන්නට ඔහු තුළ කුතුහලයක් විය.

“මං හිතුව නිකමට හරි මට කෝල් එකක් දෙයි කියල”

“බිසී වුණාද… “

“ඔයා රෑ වෙනකල් පොත් කියෝනවද…”

“වෙනදට නෑ”

එසේ නම් අද ඈ නිදි වරා ගෙන සිටියේ ඔහු අමතන තුරු යයි විදත් අනුමාන කළේ ය.

“මංජුලගෙ අම්ම ආව. ඩිවෝස් වෙන අදහස අයිං කර ගන්න කියන්න”

විදත් ට සුසුමක් හෙළිණ.

“ඉතිං…”

“මන්දා”

“ඔයාට යන්න ඕනනං යන්න…හොඳ ම දේ පවුලක් රැක ගන්න එක”

නිකිනි ගේ සිත් හි රිදුමක් ඇති විය. සහස් කීවා වාගේ යෝජනාවක් කිසි දා විදත් වෙතින් පැමිණෙනු නැති බව ඇගේ හිත ඇයට කොඳුරන්නට විය.

“එ්ත් ඔයා යන්නෙ නැත්තං හොඳයි කියල දැං දැං මගෙ හිත කියන්න පටං අරගෙන”

ඒ වචන ටික ඇත්තට ම ඇහුණා ද නැත්නම් සිය සිත තුළ හොල්මන් කළ වචන පෙළක් එසේ ඇසුණා ද කියා වෙන් කොට සිතා ගන්නට නිකිනි අපොහොසත් වූවා ය. 

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x