fbpx

පතොක් මලක ප්‍රේමය-31

“අම්මා..මට වෙනම බත් එකක් බඳිනවද?”

සති අන්ත නිවාඩුවක් අහවරව නැවත බෝඩිමට යන්නට සූදානම් වන අතර මා අම්මාට බෙරිහන් දුන්නේ කාමරයේ සිට ය.අම්මා කෙසෙල් කොළයක් ද රැගෙන කාමරයට ආවා ය.

“ලොකුවට කෑම එකක් බැන්දා පුතේ. ඔයාලාට රෑටත් ඇති.”

ඇය කියන්නී ය.එහෙත් මගේ අරමුණ වෙනත් එකකි.

“නෑ අනේ..මට වෙනම බත් එකක් ඕන..”

අම්මා කිසිත් නොකියා සිනාවකින් හැඩ වී මුළුතැන්ගෙයට ගියා ය.ඈ විශාල කෑම පාර්සලයක් ද සහිතව නැවත පැමිණියේ ඒ හිනාව එලෙසම මුව මත රඳවා ගෙන ය.

“අපේ අම්මා රසට කෑම උයනව කියලා කාටහරි ලොකුකං කීවා නේද?”

ඇය අසයි.අම්මා ගැන කියවද්දී මා ඕනෑම කෙනෙකු සමඟ කියන්නේ ඒ කතාව ය. ඇගේ අත්ගුණය මට පුදුම එළවනසුළු ය.

“කම්මැලි ගහක් උනාට ආන්ටිගෙ අත්ගුණේනං ලස්සනට ඇවිල්ලා.ජාමෙ බේරාගන්න බැදුමකුයි බතකුයි හදලා තිබ්බත් එදාට කෑම මදි වෙනවා ඉතිං..”

චමත්කා ද කේතකී ද කියන්නේ එහෙම ය.එහෙත් මගේ ඉවීමේ හැකියාව අම්මා අහලක තබන්නට නොහැකි මම දනිමි.

“මං ආසම නැති වැඩක් ඉවිල්ල…”

මා එසේ කියද්දී කේතකී ද චමත්කා ද උස්හඬින් හිනැහෙති.

“ඇඹුල්තියල් බත් කන්න පුලුවංනෙ..කම්මැලි උනාට කමක් නෑ..”

චමත්කා කියන්නේ සිනාව අතරිනි.ධීර කිසිදා මට ආදරය පළ නොකළ ද කම් නැත. ඇඹුල්තියල් හෝටලයෙන් වතුර උගුරකුදු නොබොන අදහසක් මට හට ගත්තේ අම්මා කෙනෙකු තමන්ගේ පුතු නොදන්නා මිනිසුන් මැද අවමානයට ලක් කළ මොහොතේ ය.ඒ හෝටලයට උරුමකාරියක වුව ද ඒ තීරණය වෙනස් නොකරන්නට මම සිතීමි.

“මොනවද ඒ ගමන තනියම කල්පනා කර කර හිනා වෙන්නේ. ඔය බත් ඔතාගෙන යන කෙනාට කියන්න ගෙදර ඇවිල්ලා කාලා යන්න කියලා..”

අම්මා පවසන්නේ මගේ අත් ගොබය පිරිමදින අතර ය.මා අම්මාට කියන්නට දෙයක් සිතමින් මඳ වෙලාවක් ගෙවා දැමීමි.එක්වරම සියල්ල නොසඟවා ඇයට කියන්නට දැඩි උවමනාවක් මසිතට පැමිණියේ ය.එහෙත් කියන්නේ මොනවාදැයි මටම පැහැදිලි නැත.

“අම්මා.. එහෙම එයිද නම් දන් නෑ. මගෙන් මොනවහරි ඇහුවොත් මං කියන්නං ඇවිල්ලා යන්න කියලා..”

අම්මා මදමුදු හිනා මලක් පිපෙන්නට හැරියා ය.ඇයට මෙවැනි කතා පැවසුව ද ධීරගේ තීරණය මා තවමත් දන්නේ නැත.අනාගතය ගැන සිහින මන්දිර තනන්නට සැබෑවටම මට ඇත්තේ තදබල භීතියකි.ඒවා අවසන් වන්නේ මට ඕනෑ හැටියකට නොවේ.

“මට දැං පසන් අයියව මතක් වෙලා දුක හිතෙන් නෑ අම්මා..මං බේත් ගන්න ගියේ එයා යං කිව්ව හින්දා.ඒත් ඉතිං යාලුවො විතරයි..”

මම පවසන්නේ කැඩපතෙන් පෙනෙන අම්මාට ය.ඇය හිනැහෙමින් මදෙස බලා හිඳියි.

“දෙයියෝ වුණත් එකම වරද දෙපාරක් කරන් නෑනෙ පුතේ. කොහෙ ළමයෙක් ද ඔය..”

මම මඳක් නැවතුණෙමි.මාලක අයියාගේ මිතුරෙකු බව පැවසුවහොත් අම්මා බෝඩිමේ ඇන්ටි අමතාවිදැයි මට සැකයක් ඉපදිණ.නමුත් ඈ කිසිදා මා ගැන වෙනත් අයගෙන් සොයා බලන්නියක නොවේ.

“මං එයා මොනවහරි ඇහුවොත් මාලක අයියා එක්ක ඇවිල්ලා යන්න කියන්නං අම්මා..”

සමු ගන්නට පෙර මම අම්මාට පැවසුවෙමි.

මා බසයෙන් බසිද්දී ධීර බලා හිඳින අන්දම මට පෙනිණ.ඔහු දෑසින් හිනැහෙමින් මවෙත ආවේ ය.මඟ බලා හිඳින්නට කවුරුන් හෝ හිඳීමේ ප්‍රහර්ෂය මට දැනෙන්නට වූයේ හදිසියේ ය.මා ඔහු වෙත ගියේ ද ඒ ප්‍රහර්ෂය ඉපදවූ සිනාකැන් කැටුව ය.

“මේක දෙන්න ඉන්න කිව්වෙ.”

අම්මා උයන බත් ඔතාගෙන විත් ප්‍රේමවන්තයාට දෙන යුවතියන් හිඳින ආදර කතා කියවමින් කඳුළු පනින තුරු සිනාසෙන හැන්දෑවරු මට ද දෙමිතුරියන් ට ද ඇත.ඔවුන් මෙවගක් දන්නේ නම් මට සිනාසෙන බව මම දනිමි.ආදරයක් රහ වැටෙන්නට කුඩා හේතු ඕනෑකරන බව මට සිතෙන්නට ගත්තේ ධීර සමීප වූ දා පටන් ය.ආදරය සහ මිත්‍රත්වය පටලවා නොගන්නැයි සිහි කර ඔහු යන්නට ගියහොත් මට කුමක් වේදැයි මා සිතන්නට ගත්තේ සිනාවෙන් ඔප වැටෙන ධීරගේ මුහුණ දෙස බලමිනි.

ඉඳුදුන්න

ඉඳුදුන්න -19

පිනි සේල

පිනි සේල – 26

Mini Stories

අනුන්ගේ තතු.

ඉඳුදුන්න

ඉඳුදුන්න -08

පාට සේදුනු වත්සුනු

පාට සේදුනු වත්සුණු – 8

පළිඟු මන්දිර

පළිඟු මන්දිර -21

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් -16

අහංකාර නගරේ

අහංකාර නගරේ – 02

හේමන්ත සන්ධ්‍යා

ඉඳුදුන්න -09

Mini Stories

ලොවටම පිළිවෙල කියාදෙන ජපන් කාන්තාව මාරි කොන්ඩෝ

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -27

Mini Stories

මතක දිග හැරුම 21- අප්සාරි සිංහබාහු තිලකරත්න

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක – 4

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -15

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -36

සුළං සීනු

සුළං සීනු -26

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක – 39

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 6

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -28

පාට සේදුනු වත්සුනු

පාට සේදුණු වත්සුණු – 15

“මටත් අම්මගෙ කෑම ගේන්න හිතුණේ මොකද?

ඔහු අසයි.

“මං ඔයාට ආදරේ හින්දා..”

ඉතා නිර්භීත කෙල්ලක සේ පිළිතුරු දෙන්නට මට ඕනෑ විය.නමුත් වචන මට ඕනෑ අන්දමට හිතුවක්කාර වන්නේ ද නැත.

“එහෙම මතක් උනාට තෑන්ක් යූ.ඔයාට කන්න තියනව නේද?” මගේ පිළිතුරු නැති තැන මම හිස වැනීමි.අප පසුකර යන්නට ගිය මෝටර් රථයක් යළි පසුපසට විත් අප අසල නැවතුණේ ඒ මොහොතේ ය.ධීර මගේ අත තද කර අල්ලාගෙන පාර මාරු වෙන්නට ගියේ මෝටර් රථය දෙස අඩ බැල්මක් හෙළා ය.මම හැරී එදෙස බැලීමි.

මැදි වයස පසුකරමින් හුන් සන්සුන් පෙනුමැති මිනිසෙකු මා සමඟ කහටක් නැති දෑසකින් හිනැහුණේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x