fbpx

හේමන්ත සන්ධ්‍යා – 35

සහස් කෙතෙක් කීවත් ඔවුන් සිව් දෙනා පමණක් යන විනෝද ගමනකට නිකිනි එකඟ වූයේ නැත. තවමත් මංජුල ගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස පවතිමින් එවන් ගමනක් සඳහා සහභාගී වීම ඇගේ හිතට එකඟ වූයේ නැත. අනිත් අතට ඔබේසේකර මැදුරේ පිරිවර පවා ඒ ගැන කෙබඳු අදහසක් දරාවි දැයි ඇය බිය වූවා ය.

“හයි…යෝ…මහ ලොකු නිදහස් කාමියා වුණාට ඔයා හරිම බයගුළු සම්ප්‍රදායික කෙල්ලෙක් අක්ක”

සහස් කවටකම් කළේ ය. නිකිනි මඳහසක් පෑවා ය.

“ඒක කවදාවත් පිරිමියෙක්ට තේරුං ගන්න පුළුවන් හැඟීමක් නෙවෙයි මල්ලා. ගෑනු කෙනෙක් වෙලා උපදිනකොටම අපි අරං එන දෙයක් වෙන්න ඇති. මට හිතෙනව ඒ සහජ බය ගෑනු ළමයෙක්ගෙ ආරක්ෂාව වෙනුවෙන් සොබා දහම අටවපු උපක්‍රමයක් කියල”

“ඔයා හරි හොඳයි අක්ක. ඔයා කවදාවත් වැරදි කරන ගෑනියෙක් නෙවෙයි”

මඳ වෙලාවක් නිකිනි දෙස බලා උන් සහස් ඇගේ උරහිස වටා අතක් දමා ඇය ව ඔහු වෙත තවත් සමීප කර ගත්තේ ය.

“එහෙම ඔයාට වරදින්න විදිහක් නෑ. ලෝකෙ තියෙන හැම සතුටක් ම ඔයාගෙ කකුල් දෙක ළඟ තියෙයි. විදත් අයිය එහෙම කරයි. එයා ඔයා දිහා බලන විදිහෙංම මට ඒක තේරෙනව”

නිකිනි ගේ හදවතෙහි බර ගතියක් දැනිණ. විදත් සත් සමුදුරු තරණය කොට පැමිණ තිබේ. නමුත් ඉදිරිය ඒ තරමින් මට සිළිටි වේවියි තවමත් ඇය ට සිතිය නො හැකි ය.

“හරි. දැං මොකද්ද ට්‍රිප් එකට කරන්නෙ…විදත් අයියත් ආසාවෙන්නෙ ඉන්නෙ යන්න”

ගැහැනු හිත් වලත් අපමණ ආශා තිබේ. නමුත් ඒ සමහර ආශාවන් අන්තිම හුස්ම හෙළන තෙක් ම ඔවුන් ගේ හදවත් වලට සීමා කොට තබා ගන්නට ඔවුන් ට සිදු වේ. ඒ පිරිමින් වාගේ කෙසේ හෝ සිය ආශාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් ඉදිරියට යනු වෙනුවට නිතර ම අඩියක් පිටුපසට තබන්නට බලා සිටින බැවිනි. විසි වසරක් 

පුරා නිකිනි විදත් නැති සංකාව හදවතේ හොවා ගෙන ජීවිතය දෙස බලා සිටියේත් එලෙසිනි. නමුත් තව දුරටත් එය එසේ වන්නට හැරිය යුතු ද? 

“ග්‍රැනීලත් එක්ක යං”

ඇය කොඳුරා ගත්තා ය. සහස් හිසේ අතක් ගසා ගත්තේ ය.

“අයි…යෝ…අක්ක ඔයානං…”

“ඇයි ඉතිං…”

“විදත් අයිය කැමති වෙයිද හලෝ ඔයාගෙ සනුහරෙත් එක්කම පළවෙනි ට්‍රිප් එක යන්න…ඒත් පිරිමියෙක්නෙ”

“කලබල වෙලා හැම දේම අවුල් කර ගන්න ඕන නෑ මල්ලා. කොයි දේටත් දවසක් එයි”

“අවුරුදු විස්සකට පස්සෙ වගේද…”

නිකිනි අහිංසක ඇස් දෙකකින් සිය සොයුරා දෙස බලා හිනැහුණා ය.

“එක අතකට හොද්ද ඉදෙනකං හිටපු එකේ බෙදනකං ඉන්න බැරි මොකෝ නේ…අපිත් අපේ අක්කගෙං ඉවසීම ප්‍රගුණ කරනව”

“ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසන්න”

නිකිනි සහස් ගේ පිටට හඬ නැගෙන සේ පහරක් ගසමින් සිනාසුණා ය.

ඒ අනුව ගමන ගැන කතා කර ගන්නට සහස් සුමනා සොයා පහළ මහලට බැස්සේ ය. 

“නියමයිනෙ. ඉතිං අපි ඔක්කොම යංකො ට්‍රිප් එක”

පාලිකා මැද්දෙන් පැන්නේ සහස් කිසි සේත් බලාපොරොත්තු නොවූ ලෙස ය. පාලිකා වූ කලී ජීවිතයේ සතුට ඇති තැන් ස්පර්ශ කරන්නට දැන සිටි ගැහැනියක නොවේ. ඇගේ ජීවන පාඨය වූයේ මුදල් ය. විනෝද ගමනක් යන්නට කතා වුණ අවස්ථා කිහිපයකදී ම මුදල් ඉස්සරහට දමා ඈ එය මග හැර ගිය අයුරු සහස් ට මතක ය.

“අම්ම ට්‍රිප් යන්න කැමති නෑනෙ…සල්ලි වියදං වෙනව කියල…”

“හරි ඉතිං….මේක යන්නෙ විදත් එක්කනෙ. ඇයි වදේ අවුරුදු ගාණක් ඕස්ට්‍රේලියාවෙ ජොබ් කරපු මනුස්සයෙක්නෙ. සල්ලි උඩ පීනන්න පුළුවන් ඇතිනෙ. අපිට වියදං කරන්න දෙන එකක් නෑ විදත්”

නිකිනි ඉවත බලා ගෙන සිනහව ගිල ගත්තා ය. පාලිකා ගේ ලෝභී සිත ගැන හොඳට ම දැන සිටියත්, ඇය විනෝද ගමනට එක් වන්නට දරන උත්සාහය ගැන ඈ තුළ නො රිස්සුමක් ඇති වූවා නොවේ. පවුලේ හැම කෙනෙක් ම තුටින් සිටිනවා නම් ඈ කැමති ය. අනිත් අතට විදත් ද සහභාගී වන මේ ගමන ඔහු ත් එක්ක තනිව යනවාට වඩා ගෙදර අයත් එක්ක යන්නට ඈ කැමති ය.

“ඒක හරියන වැඩක් නෙවෙයි අක්කා. ඔන්න ඕක කෑන්සල් කරල දාමු. ඔය දෙන්න තනියම ගිහිං එන්න. අපි ඒක කාටවත් අහු වෙන්නෙ නැතුව තියා ගමු”

අන්තිමට සහස් කීවේ ය. නමුත් නිකිනි සිය ශාන්ති දායක මඳ හසරැල්ල පෑවා ය.

“එහෙම ඕන නෑ මල්ලා. අපි ඔක්කොම යමු. විදත් අයිය එහෙම අකමැති වෙන එකක් නෑ”

“ඔයත් නං අනේ මන්දා. පොල්කිච්චි වගේ හිනා වෙලා පවුලම අරං යයි. අර මනුස්සයට එපා වෙයි”

නමුත් විදත් ඊට කිසිදු විරෝධයක් පෑවේ නැත. එක ගමනක් යන්නේ වී නම් ගමන් සගයන් දෙදෙනා ගේ අරමුණු එක දිශාවකට දිශා ගත වී තිබිය යුතු බව ඔහු දැන සිටියේ ය. නිකිනි කියන්නේ බොහොමයක් ගැහැනු ළමයින්ට වඩා ටිකක් වෙනස් තරුණියක බව දැන් ඔහු ගේ හදවත මොනවට පහදා ගෙන සිටියේ ය.

“කොච්චර ශෝක්ද ඉතිං…ඔක්කොමල යං”

“සහස් කියනව ඔයාට එපා වෙයි කියල”

“ඔයා සතුටිං ඉන්නවනං…ඒ දේ කරල ඔයා සතුටු වෙනව බලල සතුටෙන් ඉන්න මට පුළුවන්”

විවාහයක් ඇතුලේ ඒ සිද්ධාන්තය ක්‍රියාත්මක වෙනවා නම් එතැන කෙතරම් නම්‍යශීලී හා සුව දායක තැනක් විය හැකි ද? නමුත් බොහෝ පවුල් සංස්ථා ඇතුළේ වන්නේ ඊට හාත්පසින් වෙනස් තත්වයකි. මංජුල ට ඕනෑ වූයේ ම නිකිනි කැමති දෙයකට අවස්ථාව නොදී ඉන්නට ය. ඇය අපේක්ෂා භංගත්වයට පත් වනු දැක සතුටු වන්නට ය. ඇයත් සමගින් එක ගමනක් යන්නට නොව කඹ ඇදීමකින් ඇය පරදවා සතුටු වන්නට ය.

ඔබේසේකර මැදුරේ ඇත්තන් ව මංජුල නිර්දය ලෙස ප්‍රතික්ෂේප කළේ ය. ඔවුන් සමග නිකිනි වුව සබඳතා පැවැත්වීම ගැන මුල දී දැඩි ව විරුද්ධ වූයේ ය. විවාහ දිවිය ඇරඹුමේ දී නිකිනි ඒ සියල් දණ්ඩ නීති වලට හිස නවා එකඟ වී සිටියා ය. වැඩිපුර ඔබේසේකර මැදුරට යන්න වුව නිකිනි ට අවසර වූයේ නැත.

උද්දච්ච මිනිසෙකු වූ විදත්, නිකිනි සමගින් ඇගේ මහ ගෙදරට යන්නට ආවේ ම නැති තරම ය. සිංහල අවුරුදු කිහිපයකදී ත් ඈ එහි ගියේ තනිව ය. මුලදී සුමනා වුව ඒ ගැන ප්‍රශ්න කරත්දී නිකිනි මංජුල වෙනුවෙන් පෙනී සිටිමෙන් ඔහු ගේ කාර්ය බහුලත්වය සාධාරණීකරණය කළා ය. නමුත් කල් යත්දී, නිකිනි නො කියන බොහෝ දේ වටහා ගන්නට සුමනා ට හැකි විය. ඇගේ විවාහ ජීවිතය පවත්වා ගැනීම වෙනුවෙන් නිකිනි ට යම් යම් කැප කිරීම් කරන්නට සිදු වී ඇති බව දැන වුව නිහඬ වන්නට සුමනා ට සිදු විය.  දීග ගිය දුවක හෝ මිනිබිරියක ඕනෑ ම කැප කිරීමක් කරමින් සැමියා ගේ සෙවන ම පතා හිඳිය යුතු යයි ඉත සිතින් අදහන්නට ඇය පුරුදු වී සිටි බැවිනි.

නමුත් නිකිනි ගේ පෙකණි වැල සම්බන්ධ වී තිබුණේ ඔබේසේකර මැදුර සමගිනි. සිය නෑසියන් හට ඇය බෙහෙවින් ආදරය කළා ය. මංජුලත් එසේ කරනු දකින්නට ඇය ආශා කළා ය. නමුත් කිසි දිනෙක එය සිදු වූයේ නැත.

 විනෝද ගමනට එකතු වන ලෙස නිකිනි බිනුරි ට ද ඇරයුම් කළා ය.

“අනේ බෑ අනේ”

ඈ ගත් කටට ම කීවේ එලෙසයි.

“මට ඔය ගෙදර සෙට් එකත් එක්ක ගමං අරහං. අකලංකයි බබයි එක්ක අපි තුන් දෙනා විතරක් කොහෙ හරි ගිහිං එන එක නිදහස්”

“ඒක නං ඇත්ත තමයි”

සිය සොයුරිය ඒ විදිහට හිතන එක අනුමත කරන්නට නිකිනි ට කිසි දා නො හැකි වුණත්, ඇය බිනුරි විවේචනය කරන්න ට ද නො ගියා ය. ඇය වූ කලී සිය ක්ෂුද්‍ර පවුල පමණක් ලෝකය කර ගත් ගැහැනියක වී තිබේ. ඇගේ ලෝකය එපමණකි. මහා පවුල තුළ ඇගේ ජීවිතයට උර දුන් කිසිවෙකු ගැන කිසිදු හැඟීමක් දැන් ඇය ට නැති සැටියෙකි. විවාහයෙන් පසු බිනුරි මුල දී හිටියාටත් වඩා අතිශය වෙනස් වූ බව නිකිනි දනී. නමුත් ඒ ගැන හෝ බිනුරි ට දොසක් කියන්නට ඈ පෙළඹෙන්නේ නැත. හැම කෙනෙකුට ම තම තමන්ට ආවේණික ජීවන ක්‍රමයක් තිබේ. එය තවත් කෙනෙකු ගේ ක්‍රමය හා නො සැසඳෙන්නට පුළුවන. නමුත් තමන් ගේ ක්‍රමය වඩා නිවැරදියි කියා වෙනකෙකු හා තර්ක කළ නො හැකි ය. ඒ පුද්ගලයාට ද එසේ කළ හැකි නිසාවෙනි. 

ඔබේසේකර පවුල ගමනට සූදානම් වූයේ මහත් උනන්දුවෙනි. කොහොමටත් සැලකිය යුතු කාලයකින් පවුලේ උදවිය එක් ව මෙවන් ගමනක් ගොස් තිබුණේ ද නැත. පවුලේ අය යන නිසා දෙදිනක විවේකී ගමනක් යන්නට සංනිධානය කරන ලෙස විදත් සහස් ට උපදෙස් දුන්නේ ය. විශේෂයෙන් ම ඩෙස්මන් හා සුමනා ඔබේසේකර යුවල සහභාගී වන නිසාවෙන් එය වඩා සුඛෝපභෝගී විය යුතු ය. මිත්‍ර ගමන යන්නට ම සිටියේ ය. නමුත් සිය සමීප මිතුරෙකු ගේ පියා ගේ අභාවය සිදු වී තිබූ නිසාවෙන් හදිසියේ ම ඔහු ගමන අවලංගු කොට එහි ගියේ ය. නිකිනි ගේ හිතට එය මඳ අස්වැසිල්ලක් වූ බව ඇය විදත්ට හෝ කීවේ නැත. බාප්පා ළඟ පාතක සිටියදී ඔහු ගේ මිතුරා ගේ පෙම්වත් ඇස් කැල්මට ලක් වීම ඈ කෙතරම් අපහසුතාවයට පත් කරනු ඇත්දැයි නිකිනි කිහිප වර සිතා තිබුණා ය.

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

Mini Stories

දිවිල්ල

ළපෙති මල්

ළපෙති මල් -29

Mini Stories

සුරපුරය

“මිත්‍රයි විදත් ගෙ යාළුව. අන්තිමට යාළුව නැතුව ගෙදර අයත් එක්කයි විදත් ට්‍රිප් එක යන්නෙ”

රියට නැගෙත්දී පාලිකා කීවා ය. සදිසා සූදානම් වී සිටියේ විනෝද ගමනක් යන සැහැල්ලුවෙන් නොව උත්සවයකට සහභාගී වන තරම් සංකීර්ණ ආයිත්තම් වලිනි. ඩෙස්මන් යුවල වෑන් රියෙහි මුල් අසුනේ හිඳ ගත් ඉක්බිති පාලිකා හා දියණිය දෙවන  අසුන අල්ලා ගත්හ. නිකිනි ඊළඟ අසුනෙහි ගුවනි සමගින් වාඩි වූයේ, අන්තිම පෙළෙහි විදත් හා සහස් අසුන් ගෙන  සිටි බැවිනි. 

“අක්කත් මෙතන්ට එන්න”

සහස් ඇයට පසු පස අසුනට ඇරයුම් කළේ ය. පාලිකා පුතු වෙත හැරී රැවු රැවුමට ඔහු හළු වී නො ගියා පුදුම ය. ගුවනි මේ ගමනට සම්බන්ධ කර ගැනීම ගැන පාලිකා ගේ කිසිදු කැමැත්තක් නොවූ බව නිකිනි දනී. 

“කසාද මිනිහව දික්කසාද කරල ඒ මිනිහ එක්ක සම්බන්ධකං පවත්තපු ගෑනිව ආශ්‍රය කරනව. යකාගෙ නඩු තීන්දු තමයි මේව”

පාලිකා කලින් දවසේ කියවූවා ය. නමුත් නිකිනි ගේ හිත රිදවන්නට නො සතුටු වූ නිසාවෙන් සුමනා එ් ගැන කිසිත් කියන්නට පෙළඹුණේ නැත.

“හරි…දැං ඉතිං ලස්සන කටහඬක් තියෙන ගෑනු ළමයෙක් සින්දුවක් කියමු බලන්න”

ගමන ඇරඹෙත්දී ම විදත් ඉල්ලීමක් කළේ ය. 

“ඔව් ඔව්. මේ සදිසා ට කියන්න විදත්”

පාලිකා ඉක්මන් වූවා ය. සදිසා හැරී සරාගී දෑසකින් විදත් දෙස බලනු දුටු නිකිනි ඉවත බලා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x