fbpx

හේමන්ත සන්ධ්‍යා -40

එළඹෙන්නට නියමිත අනාගතය අතීතයටත් වඩා බියකරු විය හැකි බව නිකිනි ට දැනිණ. විදත් විසින් මංජුල ට කතා කරනු ලැබූ ආකාරය පිළිබඳව ලැබෙන්නට නියමිත ප්‍රතිඵල ඒ තරම් හොඳ වන්නට බැරි බව ද ඇය දැන සිටියා ය. ආර්ථික හා සමාජයීය තත්වය කෙබඳු වී ද ඔබේසේකර මැදුර තුළ කිසියම් සම්ප්‍රදායික බවක් ක්‍රියාත්මක වූයේ ය. විශේෂයෙන් ම සුමනා සිතුවේ ගතානුගතික සිතකිනි. විශ්‍රාමික රජයේ ගුරුවරියක වශයෙන් ඇගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු විය නො හැකි බව නිකිනි දනී. බිනුරි හිතන්නේ සුමනාටත් වැඩිය පසු පස සිට ය. පාලිකා නම් කොයි ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූවත් නිකිනි ට එහි වගක් නැත. නමුත් ජගත් ගැන ඉසිහින් තිගැස්මක් ඇගේ සිත් හි වේ.

“මංජුලත් එක්ක ජීවත් වෙන්න බැරි නං නිකිනි කැමති තීරණයක් ගන්න”

ජගත් කිහිප වතාවක් එහෙම කියා තිබේ. විවාහය ගැන ඔහු ට වන්නේ වෙනම දර්ශනයක් බව ගෙදර කවුරුත් දනිති. ඇතැම් අවස්ථා වල දී ඒ වෙනස නිසා ම ඔහු ගෙදර සාමාජිකයන් ගේ හාස්‍යයට ලක් වූ අවස්ථා ද නැතිවා නොවේ.

 මංජුල හා නීතියෙන් වෙන් වී නිකිනි වෙනත් ඕනෑ ම පුරුෂයෙකු හා අතිනත් ගත්තා ට ජගත් ට කම් නැත්තේ ය. නමුත් ඒ විදත් වනවාට ඔහු තුළ එකඟතාවක් ඇති විය හැකි ද?  

විදත් යනු යෞවනයේ දී එකට වැටී එක රෑනේ දඩබ්බරකම් කළ එකෙකි. මිත්‍ර ගේ මිතුරා ලෙස ගෙදරට ආවා ට ඔහු විදත් ගේ ත් හොඳ ම මිතුරෙකු සේ කාලයක් ම ළඟින් ඇසුරු කළේ ය. ජගත් ගේ බිරිඳ රහසේ පලා ගිය වෙලාවේ ජගත් ගේ හිත සකසමින් ළඟින් ම උන් කිහිප දෙනා අතර ව්දත් ප්‍රධාන ය. 

ඉතින් තමන්ගේ මිතුරෙකු ට දියණිය කරකාර බඳවා දෙන්නට, තාත්තා කෙනෙකුට හිත හදා ගත හැකි ද?

“ප්‍රශ්න පත්තරයක් නේ…”

ඒ ගැන යන්තම් මතුපිටින් කතා කරන ගමන් විදත් සිනහවක් නගා ගත්තේ ය. ඒ සිනහව තුළ මොන තරම් අරුත් සහ අත්දැකීම් ලියැවී තිබිය හැකි ද කියා නිකිනි සිතුවා ය. උභතෝකෝටිකයක් හිස මත කඩා වැටී ඇති මොහොතකත් මේ වාගේ සිනහ විය හැකි මිනිසෙකු කියන්නේ අවර ගණයේ කෙනෙකි. 

“හැබැයි ඉතිං උත්තර නැති ප්‍රශ්න නෑනෙ. කොහේ කොතනක හරි උත්තර තියනව. අපි හොයා ගන්න බලමු උත්තරයක්”

නිකිනි විදත් ගේ මූණ බලා මන්දස්මිතයක් පෑවා ය. නමුත් ඇගේ හදවත තුළ හිම කන්දක සිසිල විය. ඒ සිසිලසින් විටින් විට ඈ ගල් වී යන බවක් ද නිකිනි ට නො දැනුණා නොවේ.

“මොකද්ද ළමයො මේ මංජුල ඇවිත් කරපු ගෝරනාඩුවෙ තේරුම…”

එදා නිකිනි ගෙදර යත්දී නො සන්සුන් ලෙස දිගු වැරැන්ඩාවෙහි හතරැස් කුළුණු අතරේ සක්මන් කරමින් සිටි සුමනා ඉක්මනින් ඉදිරියට විත් ඇසුවා ය. නිකිනි ට බිම බැලිණ.

“අර විදත් ගැන බහුබූත කතා වගයක් කියෝල ගියේ…මංජුල ශොප් එකට එනකොට විදත් ඇවිත් හිටියද…”

“ඔව් ග්‍රැනී”

“මේ කරදර තවත් නරක අතට හැරෙනවනෙ දරුවො. මංජුල සේරෝම හිතන්නෙ වැරදියට. ඩිවෝස් එකකට ගියා වුණත් එයා මේ දේවල් එයාට වාසි කර ගන්නව”

නිකිනි වදනකුදු දෙඩුවේ නැත. සුමනා සිටින්නේ හිත් හොඳකින් නො වන බව ඇගේ ඇස් බැල්මෙන් පවා නිකිනි වටහා ගත්තා ය. මංජුල මෙහි විත් ගිනි ලා යන්නට ඇත. 

“නිකිනි වොශ් දාගෙන එන්නකො. මට කතා කරන්න ඕනෙ”

එය තරමක් තද විධානයකි. හදවතට පහරක් වැදුණා වුණත්, සුමනා වෙතින් පලා යන්නට ලැබුණ අවස්ථාව නිකිනි ට සැනසුමක් විය. ඕ කාමරයට යන ගමන් සහස් ගේ කාමරයට එබුණා ය. ඔහු ගෙදර විත් තිබුණේ නැත. නිකිනි සිය කාමරයට වැදී ඔහු ට දුරකතන ඇමතුමක් ගත්තා ය. 

“අනේ ඉක්මනට ගෙදර එන්න මල්ලා”

“මට විදත් අයිය කතා කළා. අවුල් වගේද….”

“ග්‍රැනීගෙ මූඩ් එකනං අවුල්. මට දැනෙන්නෙ මට ග්‍රැනී ට ෆේස් කරන්න බෑ වගෙයි මල්ලා”

“හරි හරි මං එනව”

දිය මල යටට වී හෝරා ගණනක් හිටියත් හිතේ වූ ගින්දර පහ වී ගියේ නැති සේ නිකිනි ට දැනිණ. ඇය කාමරයට වැදී ගෙන, තේ එකක් බොන්නට හෝ පහළට නො ගොස් සිටියා ය. හිතේ වූ දෙගිඩියාව නම් මංජුල කවරාකාරයෙන් දේවල් මෙහි අවුළුවාලන්නට ඇත් ද කියා ය. 

“බයෙන්ද ඉන්නෙ…”

විදත් ඇමතුමක් දී ඇසුවේ ය. නිකිනි මඳහස පෑවා පමණකි.

“ඔයාට මොනාත් වෙන්න මං ඉඩ තියන්නෑ”

“දන්නව”

ඒ වචනය පිට වූයේ කෙඳිරිල්ලක් සේ ය. 

“ඒත් මේ කොහේටවත් වෙලා ඔයාගෙ දෙයක් බලං හිටිය ඔයාට මං නිසා කොහෙවත් නැති කරදර ගොඩක්”

“මිනිස්සු තමන්ට වටින දේවල් වෙනුවෙන් ඕන කරදරයක් උහුලනව ව නිකිනි. ඕන දුකක් විඳ ගන්නව. මගේ ජීවිතේ මෙච්චර කාලයක් මං විඳල තියෙන වගේම ඉස්සරහට විඳින්න නියමිත දුක් කරදර වලටත් වඩා මට ඔයා වටිනව. එහෙව් ඔයා වෙනුවෙං මං මොනාද නොකරන්නෙ නිකිනි.. මට මොනාද කරන්න බැරි…”

ඇය සුරක්ෂිත හැඟීමකින් සඳැල්ලෙන් ඈත බලා ගෙන සිටියා ය. මළ හිරු ශාන්ත ලෙස බැස යමින් තිබිණි. ලා රත්, තැඹිලි  කහ සහ රත්රන් පැහැයන් ගේ මිශ්‍රණයකින් අහස කදිම සිතුවමක් විමවා තිබේ. ඈතින්, අනිත් සියලු තුරු ලතා වලින් වෙන් වී පෙනෙන උස් හුදෙකලා තුරු දෙකක් මෙතැනට පෙනේ. කුඩා කල සිට ම නිකිනි මේ සඳැල්ලට ආ විට ඒ හුදෙකලා නිවුන් ගස් යුග්මය දෙස බලා හිඳින්නී ය. ඒ ගස් වල නම කුමක් ද කියන පැනය, ඒවා දකින හැම වතාවක ම ඈ සිත් හි පහළ වී තිබේ. නමුත් එදා මෙදා තුර කිසි දාක කිසිවෙකු වෙතින් ඒ ප්‍රශ්නය අසා දැන ගන්නට අවස්ථාවක් උදා වී නැත. නිවුන් ගස් දෙක දැන් ඉස්සරට වඩා වයස පාට ය. නමුත් දැන් ඒවා යේ වන සුන්දරත්වය ඉස්සර දුටුවාටත් වඩා වැඩි ය. 

“අක්ක”

කොයි තරම් වෙලාවක් ඈ නිවසේ බටහිර දෙසට මුහුණ ලන සඳැල්ලට වී සිටියා ද කියා නිකිනි ම දන්නේ නැත. සහස්, මල්ලී කෙනෙකු නොව අයියා කෙනෙකු ගේ බැල්මෙන් ඇදෙස බලා සිටියේ ය.

“විදත් අයිය ඇවිත්”

ඇය ඇතුළාන්තයෙන් සසැලී ගියා ය. නිකිනි ගේ ඇස් වල පවා ආගන්තුක භීතියක් ඇතිල්ලී ගියේ ය.

“අනේ මල්ලා…මට බයයි”

“සමහර දේවල් ටිකක් කටුක වෙයි තමයි අක්ක. ඒත් මේක ඔයාගෙ ආදරේනෙ. මේක ඔයාගෙ ජීවිතේනෙ. ඉතින් ඒකට ෆේස් කරන්නම වෙනවනෙ. අනිත් එක ඔයා තනියම නෙවෙයි. අපි ඉන්නවනෙ. දැන් යමු පහළට”

ගිනි කන්දක් පුපුරා පිටාර ගලන්නට නියමිත ලාවා වල පීඩනය, විදාරණයට පෙර කන්ද තුළදී කෙතරම් ද, එතරම් ම නිකිනි තුළ හිතිවිලි ලාවා හුණු වෙමින් තිබිණි. ඇය සහස් පසු පස පිය ගැට පෙළ බැස්සේ බරවා හැදුණා වැනි බරට දැනෙන දෙපා අමාරුවෙන් දරා ගෙන ය.

උසාවිය රැස් වී තිබිණි. එනිනෙකා ගේ මුහුණු දෙස කෙලින් නො බැලුවත්, ඩෙස්මන්, සුමනා, පාලිකා, මිත්‍ර සේ ම විදත් ද අසුන් අරා සිටින බව නිකිනි අනුමාන කළා ය. විදත් ගේ ඇස් මුළුමනින් ඈ මත පතිත ව තිබෙන බව ද ඇය ට නො දැනුණා නොවේ.

අල්පෙනෙති තුඩක් බිම වැදුණත් ඇහෙන තරමට ඒ නිහැඬියා දරුණු වූයේ ය. 

“ඉඳගන්න අක්ක”

සහස් නිකිනි ව ඔහු ළඟ හිඳුවා ගනිමින් ම යුගල පුටුවක අසුන් ගත වූයේ ය. පාලිකා හොස්ස ගස්සනු නිකිනි දුටුවා ය.

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -27

සුළං සීනු

සුළං සීනු – 21

පතොක් ප්‍රේමය

පතොක් මලක ප්‍රේමය -17

අහංකාර නගරේ

අහංකාර නගරේ -16

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක – 21

පතොක් ප්‍රේමය

පතොක් මලක ප්‍රේමය -03

සුළං සීනු

සුළං සීනු – 12

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් – 41

ඉඳුදුන්න

ඉඳුදුන්න -16

Mini Stories

එයා කැමති නෑ!

Mini Stories

ඔබ කෙනෙක් වෙත ලබා දෙන සතුට, ඔබට සතුට ඇවැසිම යම් දිනෙක නැවත ලැබුණොත්!

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් -30

පාට සේදුනු වත්සුනු

පාට සේදුණු වත්සුණු – 14

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -29

පළිඟු මන්දිර

පළිඟු මන්දිර -37

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -16

පිනි සේල

පිනි සේල – 22

අහංකාර නගරේ

අහංකාර නගරේ -42

පිනි සේල

පිනි සේල – 25

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 32

“මං හිතන්නෙ මං නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක් මේක. ඒක නිසා මේකට මැදිහත් වෙන යුතුකමක් මට තියෙනව”

සියල් නිහැඬියාවන් අතරින් විදත් ගේ පිරිමිකාර හඬ දෝංකාර දුනි. නිකිනි ඇස් ඔසවා ඔහු දෙස බැලුවා ය. විදත් ගේ ඇස් වල කිසිදු බියක් නැත. සැකයක් නැත. වංචනික බවක් නැත. එහි වූයේ අවංක, අව්‍යාජ, ඍජු බවක් පමණකි. ඒ දෙතොලතර ඇඳී තිබූ මඳහස, ඔහු කිසිවකට හෝ නිසිවෙකු ට බිය නැති බව මොනවට ප්‍රකට කළේ ය.

“අපි දන්නව පුතා. පුතා මේ තකහනියෙ ආයෙ ලංකාවට ආවෙත් මේ ප්‍රශ්නෙ ගැන දැන ගත්තහමනෙ. මේ දෙන්න අතරෙ ප්‍රශ්න ඇති වුණේ කාලයක් තිස්සේ ඉඳං. නිකිනි මහත්යගෙ ගෙදර අතෑරල මෙහෙ ඇවිත් ඉන්නකොටනෙ එදා පුතා ආවෙත්. පුතානෙ මට බල කරල කිව්වෙ නිකිනි ව මහත්තය ළඟට එක්කං යන්න කියල. කොටිංම ඊට පස්සෙනෙ මේ දරුව ආයෙ එහෙ ගියේ..”

සුමනා මුල සිට ඈ දැන උන් කතාවේ සාරාංශයක් කියා ගෙන යන්නට පටන් ගත්තා ය.

“අර යකාට පිස්සු බං. උඹ ඕව ගණං ගන්න එපා”

මව් ගේ කතාව දිග වැඩි විය හැකි බවක් දැනෙන්නට වූ නිසා දෝ, මිත්‍ර ඔහු ට සිය මිතුරා වෙනුවෙන් කිව යුතුයි සේ දැනුණ දේ කීවේ ය. තමන් හමු වන්නට සිය නිවසට ආ ගිය මිතුරා ට මේ විදිහේ චෝදනාවක් එල්ල වීම තමන් ගේ පැත්තෙන් සිදු වූ බරපතල වරදක් සේ ද මිත්‍ර ට දැනෙමින් තිබිණි.

“මෙහෙමයි පුතා”

උගුරේ රැල් බුරුල් අරිමින් ඩෙස්මන් කතාවට අවතීර්ණ වූයේ , නො එසේ වී නම් සුමනා ගේ වැල්වටාරම් මේ වෙලාවට නො ගැලපෙන්නට ඉඩ තිබුණ බැවිණි.

“මං මේ කෙල්ලව ඔය මංජුල කියන හෝතම්බුවගෙන් දික්කසාද කර ගන්න තීරණය කරල ඉවරයි. ඒත් අද මූ ඇවිත් කියනව නිකිනියි විදත් පුතයි අතරෙ සම්බන්ධයක් තියෙනව කියල. ඌ බලන්නෙ දැං වැටිච්ච ළිං කටෙංම ගොඩ එන්න විදිහක්”

“විදත් පුතා මංජුල ශොප් එකට යනකොට එතන හිටියලුනෙ. ඒක තමයි ඔය අල්ලගෙන තියෙන්නෙ”

“නිකිනිත් දැන ගන්න එපැයි ඒක වැරදි වැඩක් කියල. ඇයි කවුරුවත් නැති වෙලාවෙ විදත් ව එතනට ගෙන්න ගත්තෙ…ඒක වැදගත් ගෑනු ළමයෙක් කරන වැඩක් නෙවෙයිනෙ”

එතෙක් නිහඬ ව උන් පාලිකා, සුදුසු ම වෙලාව බලා බෝම්බ ප්‍රහාරය එල්ල කළා ය. නිකිනි ගේ සිත විසුණු වී ගියේ ය. පවුලේ සියලු දෙනා ඉදිරියේ පාලිකා ඒ විදිහට ඇය අපහසුතාවට පත් කරමින් කළ ඒ ප්‍රකාශය නිසා නිකිනි ගේ ඇස් බිමට බර විය. සුමනා පාලිකා ට රැව්වා ය.

“නෑ නෑ ඒකට නිකිනි ට දොස් කියන්න එපා. මොකද ඒ වෙලාවෙ මං ශොප් එකට එනව කියල නිකිනි ට කියල තිබුණෙ නෑ. කොටිංම එයා කලිං ඒ ගැන දැනගෙන හිටියෙ නෑ”

විදත් පැහැදිලි ව ම එසේ කිවත් ඒ බවක් පිළිගන්නා සූදානමක් පාලිකා ගේ පෙනුමේ වූයේ නැත.

“පුතා. මංජුල කියනව ඔයා කිව්වලු නිකිනි ව අරං ඕස්ට්‍රේලියාවට යනව කියල. මට දැන ගන්න ඕනෙ අන්න ඒ කතාව ගැනයි. පුතා එහෙම දෙයක් කියල නැතුව වුණත් මංජුල ඌගෙ වාසියට ඒ වගේ කතාවක් හදා ගන්න පුළුවන්. ඒකයි මට ඇත්ත දැන ගන්න ඕනෙ”

මීය ට පිම්බා සේ සියල්ල නිහඬ විය. නමුත් සියලු හදවත් වල වූයේ මහා ඝෝෂාවකි. මෙතැන මේ මොහොතේ ම සිය හදවත කැබලි වලට පුපුරා ඇය මිය යාවියි නිකිනි ට සිතිණ. ඈ පත් ව උන් භීතිය හඳුනා ගන්නට බැරි කමක් සහස් ට වූයේ නැත. ඔහු කාටත් රහසේ නිකිනි ගේ අතකට තට්ටු කරමින් ඈ සැහැල්ලුවට පත් කිරීමේ උත්සාහයක් ගත්තේ ය.

“නෑ අංකල් මං ඒක කිව්ව”

ගිනි කන්ද පුපුරා ගියේ ය. එහි දෝංකාරය ඔබේසේකර මැදුර සිසාරා ඉතිර පැතිර යන්නට වූයේ ය. කාගේත් කන් අඩි පුපුරන්නට සේ විනාඩි කිහිපයක් ගත වී යන තුරු ම ඒ දෝංකාරය පිළි රැව් දෙමින් පැවතිණ.

“මො…මොකද්ද….”

සිහි එළවා ගත් ගමන් සුමනා ප්‍රශ්න කළා ය.

“විදත්”

මිත්‍ර අසුනෙන් නැගිට ගනිමින් සිය පැරණි මිත්‍රයා ඇමතුවේ ය.

“වරෙංකො පොඩ්ඩක්”

මේ වෙලාවේ මුළු පවුලක් ඉදිරියේ මිතුරා ව අපහසුතාවට පත් නො කළ යුතු යයි මිත්‍ර ට සිතෙන්නට ඇත.

“මිත්‍ර. අපි මේක මෙතන මේ විදිහටම කතා කරල ඉවර කරන එක හොඳයි නේද මචං…මට උඔත් එක්ක සෑහෙන්න කතා කරන්න ඕනෙ. ඒක වෙනම දෙයක්”

විදත් වෙත දිව ගොස් ඔහු බදා වැළඳ ගන්නට තරම් මහා අනුභාව සම්පන්න ස්නේහයකින් නිකිනි වේගයෙන් හුස්ම ගන්නට වූවා ය. පිරිමියෙකු තමන් ආදරය කරන ගැහැනිය වෙනුවෙන් මේ තරම් පරිත්‍යාගශීලී වන මොහොතක් මේ ඈ සියැසින් දකිනවා ම ය.

“අංකල්…”

හැම නෙතක් ම ඔහු වෙත දැල්විණි. සහස් ගේ ඇස් වල වූයේ ආලෝකයකි. මේ මිනිසා දෙස බලා ගෙන ජීවිතය ගැන ඉගෙන ගත හැකි පාඩම් කොතෙක් වෙත්දැයි යෞවනයා සිතමින් සිටියේ ය.

“දැං වුණත් මං නිකිනි ව මැරි කරන්න ලෑස්තියි. මංජුල ඩිවෝස් එක දෙන්න බෑ කියල සෙල්ලං දාගෙන ආවොත් කරන්න ඕන දේත් මං දන්නව”

“විදත්…”

මිත්‍ර ට කියවිණි. විදත් ඒ නෑසුණ සෙයින් අසුනෙන් නැගිට නිකිනි ඉදිරියට ආවේ ය.

“කියන්න තියෙන දේ මං කෙලිං කිව්ව නිකිනි. ඔයාගෙ තාත්තටත් මේ ටික මේ විදිහට ම කියන්න මට පුළුවන්. තීරණය තියෙන්නෙ ඔයාගෙයි ඔයාගෙ අයගෙයි අතේ. ඕකේ…”

ඇය දසන් අතරේ දෙතොල් තද කොට සපා ගත්තා ය. දැන් ඉතින් නහය ළඟට වතුර දමා හමාර ය. ඉහට උඩින් ගියා ය කියා වෙනසක් නැත!

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x