fbpx

කපුටු හිත්.

“ප්‍රමෝෂන් ලිස්ට් එකේ මේ පාර ඉන්නේ දෙව්මි විතරයි..”

ඒ ආරංචිය ආවේ නොහිතපු වෙලාවක.අවුරුද්දක් තිස්සේ ඒ ලිස්ට් එකට නම එනකම් බලාගෙන හිටිය හැම කෙනෙක්ම දෙව්මිට සුබ පැතුවා.හොඳ හිත, අහිත කලවමේ තියෙන්න ඇති.ඒත් හැමෝම වයසින් පොඩි ඒත් හිත හයිය දෙව්මිට සුබ පැතුවා.

“පාටියක් දාන්න ඕන අනිත් ඩිවිෂන් හෙල්ලිලා යන්න..”

අනුෂ්ක හිනා වෙවී කියනකොට හැමෝම පාටි ඉල්ලන සටනට බැස්සා.

“දෙන්නං දෙන්නං..”

දෙව්මි අත් උස්සලා කිව්වේ හිනා වෙවී.

ඒ තැන දෙව්මිට ලැබෙන්න ඕනෑ.එයා තමන්ගේ අරමුණට යන්න සටන් කරන කෙනෙක්.මහන්සි නොවී ඉලක්කය සපුරා ගන්න බැරි බව අදහන කෙනෙක්. ඕනෑම වෙලාවක ඉල්ලන උදව්වක් අපටත් දෙන කෙනෙක්.අපි හිටියේ ඒ ප්‍රමෝෂන් එක අපට ලැබුණා වගේ සතුටින්.

සුපිපිගේ හැසිරීම ටිකක් වෙනස් වුණේ ඔය කාලේ.ආලේපන මහ ගොඩක් තවරලා ලස්සන බව පෙන්නන්න උත්සාහ කරන, කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු ගාණට මිම්මට දන්න බව කියන, අනිත් හැම ඩිවිෂන් එකකම ඕපාදූප නූලට තිතට අරන් එන සුපිපි ඊට පස්සේ හරි වෙනස් වුණා.

“සමහරුන්ගෙ ස්ටයිල් නම් මෙලෝ රහක් නෑ..”

දෙව්මි වෙනස් කොණ්ඩ මෝස්තරයක් දාපු දවසක සුපිපි කිව්වේ කට ඇද කරලා.

“සමහරුන්ගේ ලයිෆ් ස්ටයිලුත් මෙලෝ රහක් නෑ..”

අශාන් කිසිම ගාණක් නැතුව කියද්දී හැමෝම හිනා වෙන්න ගත්තා.

දෙව්මිගේ ප්‍රමෝෂන් පාටි එක ගැන හිත හිතා අපි එයාට රටේ තියන අවන්හල් යෝජනා කරමින් දවස් ගත කළා.එක දවසක් මම ඔෆිස් එකට යනකොට මාධවී මට කතා කළේ මඟ රැකගෙන ඉඳලා.

“ඔයාට අර ඊමේල් එක ආවද?”

එච් ආර් ඩිපාට්මන්ට් එකෙන් මොකක් හරි විකාරයක් එවල ඇති.

“නෑ අනේ..ඇත්තටම මං මේල්ස් චෙක් කරේ නෑ..ඊයේ අපේ බටු ඇටේ රෑ පුරා කෝලං කරා.තාම නිදිමතයි..”

මම කිව්වේ නිදිමත පෙරන ඇස් වලින්

“බලන්නකො ගිහිං..”

නන්නාඳුනන අංකයකින් ආව ඊමේල් එක කියලා තියෙන්නේ මහ වස කැත කතාවක්.මිස්ට කිරිඳිවැල, අපේ ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා දෙව්මි හැටහතර මායම දාලා අල්ලාගෙන!!

“හෙන ගහන්න එපැයි අනේ..”

මාධවී කියන්නේ මේක එවපු කෙනාටද නැත්නම් දෙව්මිට ද කියලා මම ආයේ පාරක් කල්පනා කරා.

“ඔයාලට ආවද?”

“ඒ මොන කැත කතාවක් ද?”

“දෙව්මි ගැන එහෙම හීනෙකින්වත් හිතන්න බෑ..”

“ඇයි අනේ මිස්ට කිරිඳිවැල..තාත්තෙක් වගේ මනුස්සයෙක්..”

අපේ අය තමන්ගේ උගත්කම පළකරමින් හිටියා.වැදගත්ම යෝජනාව හදිසියේම අරන් ආවේ භාෂිණී.

“ඔයාලා මේ ගැන එක වචනයක් දෙව්මිට කියනව නෙවෙයි..මේව ආවේ අපිට. අපි නොදන්නව වගේ ඉමු..”

එහෙම ඉන්න අපි හිතුවා.ඒත් දෙව්මිට ඇහෙන්න ඒ කතාව කියන්න සුපිපි වග බලා ගත්තා.

“ආ ඔව් අනේ! Just ignore.මොකෙක් හරි මෝඩයෙක්ගෙ වැඩක්..”

මාධවී වහාම දෙව්මිට කිව්වා.දෙව්මිගේ මුහුණ අඳුරු වෙන්න අරගෙන තිබුණු නිසා අපිට ඕනෑවුණේ මාතෘකාව වෙනස් කරන්න.

“මෝඩයෙක්ගෙ වැඩක්..නෑ…ඕවා තමයි ගින්නක් නැතුව දුමක් නගින් නෑ කියන්න උදාහරණ..”

සුපිපි හිනාවෙන කැත!

“ඔයාට හිතෙන් නැද්ද අශී මේ මනුස්සයගෙ හොම්බ තලන්න..” භාෂිණී මගේ කනට කෙඳුරුවේ වෙව්ලන ගමන්.

“කුණු කතා කියන්න එපා..”

දෙව්මි යන්තම් එහෙම කියාගත්තා.ඒත් සුපිපි හිනා වෙන්න ගත්තේ මිස්ට බීන් දැක්කා වගේ.

Mini Stories

අනෙකාව රැවටීම ආදරය නොවේ.

ඉඳුදුන්න

ඉඳුදුන්න -34

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -08

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -44

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා – 10

අහංකාර නගරේ

අහංකාර නගරේ -22

Mini Stories

පුංචි හිත් තලන්න එපා.

ඉඳුදුන්න

ඉඳුදුන්න -19

පතොක් ප්‍රේමය

පතොක් මලක ප්‍රේමය -08

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -16

Mini Stories

සින්ඩරෙල්ලා කෙනෙක්.

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -33

පාට සේදුනු වත්සුනු

පාට සේදුණු වත්සුණු – 14

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 3

අහංකාර නගරේ

අහංකාර නගරේ -16

පතොක් ප්‍රේමය

පතොක් මලක ප්‍රේමය -29

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -07

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -13

Lifestyle Mini Stories Smart Me

ජීවිතයට වටිනාකමක් එක් කරන කතාවක්..

සඳක් කළ සක්මන්

සඳක් කළ සක්මන් -15

“ඔයා කැම්පස් කාලේ ක්ලාසස් ගත්තෙත් මෙහෙමලු නේද..නාකි ලෙක්චරස්ලා අල්ලගෙන.අපෝ අප්‍රසන්නයිනෙ..”

මාධවී දෙව්මිගෙ සරසවි මිතුරියක්.ඒ කාලෙත් දෙව්මිගේ උනන්දුව ගැන මාධවී අපට ඕනෑතරම් දේවල් කියලා තියනවා.

“කොහොමත් මුළු කම්පැනි එකේම ප්‍රමෝෂන් දෙන එක අඩු වුණු අවුරුද්දක මෙයාට ඒක හම්බෙන හැටි නොතේරෙන්න අපි බබාලානෙ..”

සුපිපි ආයෙත් හිනා වෙනවා.හිනා වෙනවා නෙවෙයි.ඒ ගලන්නේ කුහකකම.මම ඒදිහා බලාගෙන හිටියේ අප්පිරියාවෙන්.

“මෙයාව හැමෝම හලන්න ඕන හරිනම්…”

සුපිපි ආයෙත් කියනවා.දෙව්මි ගැහෙමින් බලන් ඉන්නවා.දෙව්මි ශක්තිමත් කෙල්ලක්.හැබැයි මෙහෙම වෙලාවට ඕනෑම ගෑනියෙක් ඇදගෙන වැටෙන්න පුලුවන්.

“මේ ඊමේල් එක ගැන එච් ආර් එකට කම්ප්ලේන් කරලා ඊටත් පස්සේ ඔයාගේ නමට වුණු කැළලට අපි නඩුවක් දාමු.”

මෙච්චර වෙලා මොකුත්ම නොකියපු මදූෂා නැගිට්ටේ එහෙම කියාගෙන.

“මං අනිත් ඩිපාර්මන්ට් වලටත් කිව්වා මේ කතාව.ඔයාලා මෙයා වෙනුවෙන් ඉදිරිපත් වෙලා චාටර් වෙන්න එපා..කොහොමත් මේ අශාන්ලට එහෙමනම් පොත්ත සුදු ගෑනියෙක් පේන්න බෑනෙ..”

සුපිපි කිසිම වැදගත්කමක් නැතුව දඟලන හැටි බලාගෙන ඉන්න පවා අප්පිරියයි.මධූෂා සුපිපිට අවඥා බැල්මක් දෙන ගමන් දෙව්මිගේ අතක් අල්ලා ගත්තා.

“දෙව්මි,හැමෝටම ආපු ඊමේල් ඇඩ්‍රස් එක අපි නොදන්න එකක් තමයි.මට ආපු ඊමේල් එක හොඳටම දන්න එකක්.”

හැමෝම මධූෂා දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.

“සුපිපි,ඔයා කැලෑ පත්තර පොෂ් විදියට ලියන්න අලුතෙන්ම හදපු ඊමේල් එකක් යූස් කරා නේද?හැබැයි ඔයා මට ඒක එවලා තියෙන්නේ ඔයාගෙම ඊමේල් එකෙන්..”

උස්ව නැගෙන හිනා හඬ එක්ක සුපිපි වේගයෙන් පුටුවෙන් නැගිට්ටා.ඒ එව්වේ තමන්ට ආපු ඊමේල් එක බව ඔප්පු කරන්න සෑහෙන වෙහෙසක් ගන්න එයා උත්සාහ කරා.

“ෆෝවඩ් කරන්න තිබ්බනෙ..”

කවුරුහරි කිව්වේ සද්දෙට හිනා වෙන අතරේ.

“මගෙයි දුෂාන්ගෙයි එෆෙයා එක ගැන අපේ අම්මට නිර්නාමික ඇමතුම දීපු කෙනත් පැහැදිලියි..”

මාධවීගේ කතාව හිනා සද්දේ තවත් වැඩි කරා.

“ඩිජිටල් කැලෑ පත්තර අත්දැකීම්..ඔයා ඔහොමම එච් ආර් එකට යන්න දෙව්මි.ඉතුරු හරිය එයාලා බලා ගනී..”

මං එහෙම කිව්වේ ඇත්තටම අප්පිරියාවෙන්.දෙව්මි වෙනදාටත් වඩා විශ්වාසයෙන් නැගිටලා එච් ආර් එකට ඇවිදගෙන ගියා.අපි හැමෝම ඒ ඊමේල් එක එච් ආර් එක ෆෝවර්ඩ් කරේ නැකතකට වගේ.එකම වෙලාවට. සුපිපි ගල් ගිල්ලා වගේ ටික වෙලාවක් බලාගෙන ඉඳලා වොෂ් රූම් එකට ඇවිදගෙන ගියේ හීනෙන් වගේ.

“ජරා වැඩ කරන මිනිස්සු අතින් සාක්කි ඉතුරු වෙනවා..”

අනුෂ්ක හිනා වෙන්න ගත්තා.

“අනික ඔය මිස්ටේක් එක වුණා නොවුණා එයා පස්ස කැඩුණු කඩිය වගේ නටනකොටම මට නම් වන්නම තේරුණා..”

භාෂිනී කියන්නේ හිනාව අතරින්.

“ගෑනියෙක් නැති කරන්නේ ගෑනියෙක්මයි..”

අනුෂ්ක ආයේම කිව්වේ අප්‍රසන්න හඬකින්.

“නෑ අනුෂ්ක.ගෑනු ගෑනුන්ට කපනවා කියලා එකක් නෑ.හිත් කුණු වුණු මිනිස්සු යන යන තැන ගඳයි.අප්‍රසන්නයි.අනිත් කෙනා දිහා බලන්න බැරි තරමෙ ඉරිසියාවෙන් පැසවන මිනිස්සු හැම වෙලාවකම ඉන්නේ අපහසුවෙන්..”

මං කිව්වේ නිස්කාංසුවේ.

දෙව්මි එයාගේ ධෛර්යමත් ගමන මොනතරම් දුරකට ඇවිදගෙන යාවිද කියලා මම අනුමාන කරන්නේ නෑ.ඒත් සුපිපි, එයාගේ කුණු වුණු හිත එයාව නැත්තටම නැති කරලා දාන බවනම් මම දන්නවා.

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x