ඔබේ සම Shine Glass Skin බවට පත් කරන විශේෂ සත්කාරය

අපි ඕනම කෙනෙක් ආසයිනේ ලස්සනට ඉන්න​. ලස්සන වෙන්න ඕන තරම් වියදම් කරන අය පවා ඉන්නවා මේ සමාජයේ. ඒවගේම තමයි කොච්චර ක්‍රීම්වර්ග පාවිච්චි කළත් ලස්සන සමක් ලබා ගන්න බෑ කියන ප්‍රශ්ණේ අද කී දෙනෙක්ට නම් තියෙනවාද කියලා ඔයාලා අත්දැකීමෙන්ම දන්නවාත් ඇති. ඒවගේම තමයි ලස්සන වෙන්න කියලා අපි ලොකු ලොකු දේවල් කරාට සමහර සරල දේවල්වලින් ලස්සන වෙන්න පුළුවන් දේවල් ඕන​ තරම් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අද අපි හිතුවා ඒ ගැන කියලා දෙන්න.
ලස්සන දිදුළන සමක් කියන්නෙ ඔබේ සුන්දරත්වය කියාපාන කැඩපතක්. ඉතිං ලස්සනට ඉන්න කැමති කොයිකවුරුත් කතා බහ වෙන දෙයක් තමයි shine glass skin කියලා කියන්නේ. මේ ඒ ගැනයි

Shine Glass Skin එකක් කියන්නෙ මොකක්ද ?

සිදුරු රහිත ඒ කියන්නෙ ඉතාමත් පැහැදිලි, ආලෝකයෙදී හොදින් දිළිසෙන ස්කින් එකක් තමයි අපි Shine Glass Skin එකක් කියලා කියන්නෙ. ඒ අනුව හොඳින් තෙතමනය රදා පවතින නිරෝගී සමක් අපි Shine Glass Skin එකක් කියලා හදුන්වනවා.
වෙනත් විදිහකින් කියනවා නම් වීදුරුවක් වගේ දිළිසෙන Skin එකකට තමයි Shine Glass Skin කියලා කියන්නෙ. එය අනිවාර්යයෙන්ම හොද පෝෂණයක් තියෙන සමක්.

Shine Glass Skin එකක් හරහා ඔබට ලැබෙන වාසි

තරුණ බව සුරැකීම

තෙතමනය ආරක්ෂා වීම

මුහුණ දීප්තිමත් වීම

පැහැපත් වීම

පෞරුෂත්වය වර්ධනය වීම

බ්ලීචින් වර්ග සහිත ආලේප භාවිතයෙන් ඔබේ සම කෘතිමව පැහැපත් කර ගන්නවාට වඩා ස්භාවික සත්කාර මගින් ඔබේ සම ශයින් කර ගැනීම හිතකර නිසා මේ ස්වභාවික සත්කාරය අත් හදා බලල ඔබේ ප්‍රථිඵල අපිටත් කියන්න කියල අපි ආරාධානා කරනව.

සත්කාරය සදහා අවශ්‍ය ද්‍රව්‍ය :

කැරට් ඔයිල්/ සුදු පොල්තෙල්

හාල් පිටි

කෝමාරිකා

ලෙමන් යුෂ

තක්කාලි යුෂ

අලිපේර

යෝගට්

Fresh milk

Vitamin E

(මෙම සියලු ද්‍රව්‍ය ඔබේ මුහුණේ ප්‍රමාණයට අවශ්‍ය වන පරිදි ගන්න.)

සත්කාරය සිදු කරන ආකාරය

මුහුණ Face Wash එකක් භාවිතයෙන් හොදින් පිරිසිදු කර ගන්න. ඉන්පසු තෙතමනය හොදින් ඉවත් කර ගන්න .

සුදු පොල්තෙල් හෝ කැරට් ඔයිල් ස්වල්පයක් ( කැරට් ඔයිල් හදන ආකාරය මේ ලිපියෙන් ඔබට දැන ගන්න පුලුවන් https://bit.ly/2YpN5zp) ගෙන මුහුණේ උඩු අතට ගා හොදින් සම්භාහනය කිරීම. විනාඩි 30ක් සම්භාහනය කළ යුතුයි.

එම ආලේප කල තෙල් විනාඩි 15 මුහුණේ තිබෙන්නට හැර මද රස්නෙ වතුරේ පොගවා ගත් Face Towel එකක් වතුර මිරිකා ඉවත් කර එය ආධාරයෙන් මුහුණේ තෙල් ඉවත් කර ගැනීම. ඉන් පසුව විනාඩි දෙක්ක් තුනක් මුහුණට ඇගිලි තුඩුවලින් ඉතා සියුම් ලෙස තට්ටු කළ යුතුයි .

හාල්පිටි කුඩු,කෝමාරිකා සහ ලෙමන් යුශ එකට මිශ්‍ර කර සාදා ගන්නා ස්ක්‍රබ් එකෙන් මුහුණ සහ බෙල්ල හොදින් ස්ක්‍රබ් කළ යුතුයි.

පසුව මද වේලාක් තියෙන්නට හැර මද රස්නෙ වතුරින් උඩු අතට සෝදා ඉවත් කිරීම

විනාඩි 15 ක් පමණ මුහුණ හොදින් සම්භාහනය කරන්න.

තක්කාලි යුෂ සහ මී පැණි මිශ්‍ර කර සාදා ගත් ටෝනර් එක මුහුණේ සහ බෙල්ලෙ හොදින් ආලේප කළ යුතුයි . මේ ටෝනර් එක සදහා ඔබට ලෙමන් යුෂවලට සීනි ස්වල්පයක් මිශ්‍ර කළ වුවද භාවිතා කළ හැකියි.

ෆ්‍රෙශ් මිල්ක් සහ විටමින් ඊ මිශ්‍ර කර සාදා ගන්න ආලේපනය භාවිතයෙන් නැවතත් හොදින් මුහුණ මසාජ් කර ගැනීම

Face Pack එකක් ලෙස අලිපේර, යෝගට් ,මී පැණි සහ ලෙමන් යොදාගෙන තරම්ක් උකු past එකක් සාදා ගෙන මුහුණට සහ බෙල්ලේ හොදින් ආලේප කිරීම

අවසානයේ ලෙමන් යුෂවලට අයිස් වතුර දාලා මුහුණ සහ බෙල්ල හොදින් ටෝනර් කර ගත යුතුයි.

පසුව ඔබ එළියට යනවා නම් sun cream එකක්ද එසේ නොමැති නම් සාමාන්‍යයෙන් ඔබ භාවිතා කරන Day Cream එක ද භාවිතා කළ හැකියි.

සැලකිලිමත් විය යුතු කරුණු

සතියකට සැරයක් මෙම සත්කාරය කිරීමෙන් ඉතා හොඳ ප්‍රථිපල ලැබිය හැකිය.

ඉර අව්වේ යෑමෙන් වැළකීම අනිවාර්යයි.

මෙම සත්කාරය උදෑසන කාලයේ පමණක් කළ යුතුයි.

කිසිම අයුරකින් Pimples හෝ Acne තත්ත්වයන් ඔබේ මුහුණේ පවතින්නෙ නම් මෙම සත්කාරය කිරීමෙන් වැළකිය යුතුයි.

වියළි සමට සහ සාමාන්‍ය සමට වඩාත් සුදුසුයි.

ඉතින් Shine Glass Skin එකකට කැමති ඔබට දැන් ගෙදර ඉදන්ම සමේ දිදුලන ස්භාවය වැඩි කර ගන්න පුලුවන් මේ සත්කාරය හරහා. හැබයි වැදගත්ම කාරණය ඔබට හොද ප්‍රථිඵල ලබා ගන්න නම් සති කිහිපයක් එක දිගට මේ සත්කාරය අනිවාර්යයෙන් කරන්න වෙනව.

Related Articles

Don't Miss


Latest Articles