ගුරුවරයෙකුගේ භූමිකාව ගැන සෙන් කතා දෙකක්

ලොව ඉතාමත් පූජනීය වෘත්තියක් ලෙස ගුරු වෘත්තිය බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබනවා.ඒ සඳහා කිසිවකු විරුද්ධ නොවන්නේ මෙලොව ඉපදුනු සෑම සත්වයකුටම ගුරුවරයෙකු සිට ඇති නිසායි.ඉතින්
මේ දිනවල ගුරුවරුන් ගේ කාර්යභාරය ගැන විශාල සමාජ කතිකාවක් ඇතිවී තිබෙන අතර වාරයේ ගුරුවරයෙකුගේ භූමිකාව ගැන ඉතාමත් අර්ථාන්විතව,ගැඹුරු දැක්මක් ඉදිරිපත් කරන මේ සෙන් කතා කියවා බලන්න.

ගුරුවරයාගේ භූමිකාව

බන් කෙයි නමින් ඉතාමත් ම ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙකු සිටියා.එතුමා විවිධ රටවලින් ,විවිධ ප්‍රදේශවලින් පැමිණි විවිධාකාරයේ ගෝලයන් පිරිසකට ධර්මය ගැන කියා දෙමින් භාවනා ක්‍රම පුහුණු කරමින් සිය ඉගැන්වීමේ කාර්යය මනාව කරගෙන ගියා.
බන් කෙයි ගුරුතුමාගේ ගෝලයන් අතරින් එක් ගෝලයෙක් සොරකම් කරන්නට පුරුදු වී සිටි අයෙක්.ගුරුතුමාගේ අනිත් ගෝලයන්ගේ යම් යම් දේවල් නැතිවෙන්නට වූ අතර ගෝලයෝ ඒ පිළිබඳ ගුරුතුමාට පැමිණිලි කළා.
ගුරුතුමා එය ගණන් නොගෙන සොරකම් කිරීමේ පුරුද්ද අත්හළ යුතු එකක් යැයි පොදුවේ සියලු දෙනාටම අවවාද කළා .එහෙත් සොරකම් නතර වුණේ නැහැ .එය තවත් වැඩි වෙන්නට පටන් ගත්තා.විමසිල්ලෙන් පසු වූ ගෝලයන් ට සොරාව අල්ලා ගැනීමට හැකි වූ අතර ඔහුව ගුරුතුමා වෙත ඉදිරිපත් කෙරුණා.පන්සලෙන් සොරකම් කළ තැනැත්තාව පන්නා දමන ලෙස ගුරුතුමාගෙන් එකහෙළා ඉල්ලා සිටියා.එහෙත් ගුරුතුමා ඔහුට අවවාද කරනවා හැර වෙන කිසිවක් කළේ නැහැ .මින් කෝපයට පත් අනික් ගෝලයන් සොර සිසුවා පන්සලෙන් පන්නා නොදැමුවහොත් තමන් සියලු දෙනාම එක්ව පන්සල හැර වෙනත් ගුරුතුමෙක් සොයා යන බව බන්කෙයි වෙත දන්වා සිටියා.

ගුරුතුමා සියලුම ගෝලයින් එක තැනකට රැස් කළා.චෝදනා ලැබූ ශිෂ්‍යයා ද එහි සිටියා .ගෝලයින් අමතා මෙසේ කීවා .

බොහොම හොඳයි ,දැනටමත් ඔබ බහුතරයක් දෙනා හොඳ නරක හැම දෙයක් ගැනම ඉතාමත් හොඳින් අවබෝධයක් තිබෙන අය.ඒ නිසා ඔබ හැමදෙනාටම ඕනෑම තැනක ගොස් ඕනෑම ගුරුවරයෙකුගෙන් ඉගෙන ගැනීමේ හැකියාව තිබෙනවා.නමුත් මේ ගෝලයාට එවැනි හැකියාවක් නැහැ .ඔහුගේ දුර්ගුණ පිළිබඳ ආරංචි වෙන කිසිවෙක් ඔහුව සිය සිසුන් අතරට වැද්දගන්නේ නැහැ.ඒ නිසා ඔබට පැහැදිලියි නේද?ඔහුට හොඳ නරක කියා දෙන්නට සිටින්නේ මං විතරයි.ඔහු යහමගට ගැනීම මගේ යුතුකමක්.ඒ නිසා කැමති අයට යන්න පුළුවන්.ඔහු මා ළඟ සිටියා වේ.

ගුරුතුමාගේ ඒ කතාව අසා සිටි සොරකම් කල සිසුවා සමාව ඉල්ලා ඔහු ඉදිරියේ වැඳ වැටුණා.එතැන් පටන් ඔහු කිසිවක් සොරකම් කළේ නැහැ.

තේ කෝප්පය

නැන් ඉන් ජපන් සෙන් ගුරුවරයෙක්.ඔහු හමුවීමට ,ඔහුගේ ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමට බොහෝ පිරිස් පැමිණුනා.දිනක් ඔහුව හමුවීමට පැමිණියේ කීර්තිමත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්..
ප්‍රථමයෙන් නැන් ඔහුට තේ පිරිනැමුවා.ඔහු අමුත්තාගේ කෝප්පයට තේ වත් කළා.ඒ කෝප්පය පිරී ඉතිරී ගියා.එහෙත් නැන් ඉන් තේ වත් කරන එක නතර කලේ නැහැ .

මහාචාර්යවරයා ඒ දෙස ගල්ගැසී බලා සිටියා.තේ පිරී ඉතිරී යනවා .තවදුරටත් තේ කෝප්පයේ ඉඩක් නැහැ.බලා සිටීමට බැරිම තැන ඔහු කෑ ගැසුවා.

මේ කෝපය වගේ තමා ඔබේ ඔලුවත්.එය විවිධ අදහස් මතිමතාන්තර වලින් පිරී ඉතිරී තිබෙනවා.ඉතින් මං ඔබට සෙන් කියාදෙන්නේ කොහොමද ?මුලින්ම ඔබේ කෝප්පය හිස් කර සිටින්න.

More Stories

Don't Miss


Latest Articles