(අ)හිමි සිහින – 6

පළමුවෙනි ආලිංගනය ලබන හැම ගැහැණු ළමයෙකුට ම වගේ මටත් එක්වරම ලැජ්ජාවක් දැනුණා.අනිත් කාරණාව තමයි අම්මා කොයි වෙලාවේ හරි අවදි වෙයි කියලා මට බය හිතුණා.සුදාරක ට සමු දෙන්නෙවත් නැතුව ආපහු හැරුණු මම ගේ දිහාවට දිව්වා.හැබැයි ඒ ආපහු එන්න පොරොන්දු වෙලා.

“හොරෙක් හොරෙක්!!!”

අම්මා එක පාරටම බෙරිහන් දෙන්න ගත්තේ ඒ වෙලාවේ.කාමරේ ලඟින් හොරෙන් මාරු වෙලා එළියට යන්න මට පුළුවන් උනාට ආපහු එනකොට අම්මා ඇහැරිලා.ඒත් ආවෙ හොරෙක් නෙමේ බවත් එළියට ගියේ මම බවත් ඉක්මනින්ම මාට්ටු වුණා.මේ මහරෑ එළියට යන්න මට තියෙන වමනාව බලන්න අම්මත් තාත්තත් එලියට ගියා.එතකොටත් සුදාරක මම ආපහු එනකම් ළිඳ උඩ වාඩි වෙලා මග බලනවා.ඊට පස්සෙ වෙච්ච දේවල් කියන්න ඕනෙ නෑ.හමුදාව කොල්ලෙක් විදියට බේරිලා පලායන්න එයාට නම් එච්චර අමාරු වුණේ නෑ.හැබැයි වීරයා දුවල තියෙන්නේ සෙරෙප්පු දෙක ඉතුරු කරලා.

ඒ දාලා ගිය සෙරෙප්පු දෙක පෙන්න පෙන්න තව අවුරුදු එකහමාරක් විතර තාත්තා මට ගැහුවා.

මෙතැනින් එහා කතාව කියවන සමහරු අතින් මට ගල් මුල් වැදෙන්න පුළුවන්. හැබැයි මම ආයෙම වතාවක් කියන්න කැමති දෙයක් තියෙනවා.යෞවන ප්‍රේමය කියන්නේ ඒ වයසේ දරුවන්ට ඇතිවෙන සාමාන්‍ය සංසිද්ධියක්.ප්‍රේමයක පැටලෙන ඔබේ දරුවා ලෝකෙ ඉන්න භයානක අපරාධකාරයෙක් බවට පත් කරලා දඩුවම් දෙන්නත් ඕනෙවට වඩා බනින්නත් හිර කරන්නත් එපා.උන්මාද චිත්‍ර සංකල්පය හැමදාටම වලංගුයි.වැඩියෙන්ම හිර කරන ගෑනු ළමයි අතින් තමයි වැඩිපුරම වැරැදි සිද්ධ වෙන්නේ.පාසලෙන් කට්ටි පැනලා සුදාරක එක්ක එහෙ මෙහෙ යන්න මම පුරුදු වුණේ අඩුම තරමේ මම ඔහු එක්ක කතා නොකර ඉන්න දවසට පවා අම්මයි තාත්තයි මට නිස්කාරනේ බනින තරහට වෙන්නත් ඇති.කොහොම හරි අපි ඒ දේ කළා.පාසල් ඇඳුමෙන්ම එහෙ මෙහෙ යන්න මම පටන් ගත්තා.

මේ සටහන තරුණ දියණියන් ඉන්න අම්මලා විතරක් නෙමේ පාසල් යන වයසේ දූලත් කියවනව ඇති.බොහොම ආදරණීය මිනිසෙක් මිසක් රාගයෙන් රත් වුණු පෙම්වතෙක් මට නොහිටපු නිසා මගේ ජීවිතේ බරපතල සිද්ධි ඒ හොරෙන් රස්තියාදු ගැසීම් වලදි සිදු වුණේ නෑ.නමුත් ගෙදරට හොරා යන ගමන් ඔබට ඔබේ ආත්ම ගෞරවය අහිමි කරන්න පුළුවන් බව අතීතය දිහා බලලා මම පුංචි දූලට කියනවා.සුදාරකලගේ පරම්පරාවේ පිරිමි දැන් අඩු නිසා මට වගේ පරිස්සමින් ගිහින් පරිස්සමින් ආපහු එන්න ඔයාලට නොලැබෙන්න පුළුවන්.ඒ නිසා පුංචි දුවේ මේ කතාවෙන් වැරදි ආදර්ශ ගන්න එපා.

කොහේ රස්තියාදු ගහන්න තිබුණේ උදේ හතහමාර සහ හවස එකහමාරත් අතර වෙලාව විතරයි.හමාරට ස්කූල් වෑන් එක එනකොට මම ආපහු ගේට්ටුව ළඟ “

උස් මහත් වුණු වැඩිහිටියන් කාලේ ඒ සුන්දර අතීතය මතක් කරලා සුදාරක ගෙන් අහන්න ප්‍රශ්නයක් තිබුණා.

“ඒ දවස්වල ඔයා සීමාව බිඳ ගත්තේ නැත්තේ ඇයි?”

මම එහෙම ඇහුවේ ඔහු අතින් මම ගැබිනියක් වුණානම් හෝ අපි ශාරීරිකව බැඳුනා නම් අපේ අම්මලාට තවදුරටත් ඒ සම්බන්ධය කඩා බිඳ දාන්න අසීරු නිසා.පසුකාලීනව පහුකරපු මහා බාධක වලදී ඒ ප්‍රශ්නේ ඒ තරම් සරලව විසඳගන්න පුළුවන්කමක් තිබුණා නේද කියලා මට නොහිතුණා නෙවෙයි.

“මැණිකේ,හැඟීම් වලට ඉඩ දෙන්න මම කැමති නෑ.ඒ ආදරේ නෙමෙයි.මට ඕක මහ දෙයක් නෙමෙයි තමයි.ඒ උනාට ඒ කාලේ මම යුද්ධය හොඳටම තිබ්බ පැත්තෙ තමයි වැඩ කළේ.මට ඔයාව හොරෙන් අරගෙන යන්න තිබුණා.එහෙම නැත්තං කසාද නොබැඳ දරුවෙක් හදන්න තිබුණා.යුද්දෙන් මං මැරුණත් ඔයාට මගේ පැන්ෂන් එක ලැබෙයි.ඒ වුණාට ඔය තරම් පොඩි වයසකදී ඒ වගේ ඔයාට එහෙම කටුක ජීවිතයක් ගෙවන්න අමාරුයි මැණික.මම යුද්දෙට මැදිවෙලා හිටපු මිනිහෙක්.මගේ ජීවිතේ ඕනෑම මොහොතක නැති වෙන්න තිබුණා.හැබැයි එතනින් එහාටත් ඔයා ජීවත් වෙන්න ඕනේ.මම තිස්සෙම හිතුවේ ඒක.වගේ පුංචි අහිංසක සියුමැලි කෙල්ලෙක්ට දරුවෙක් එක්ක තනි වෙන්න ඉඩදෙන risk එක ගන්න මම චුට්ටක්වත් කැමති වුණේ නෑ මගෙ මැණිකේ..”

ඉතින් ඒ වගේ ආදරවන්තයෙකු ට මේ තරම් පිස්සුවෙන් ආදරේ නොකළනම් තමයි පුදුම? එහෙම නේද?මේ ආදර කතාව ඉස්සරහට අහනකොට ඔබ තව තවත් මට එකඟ වෙයි .

අපි හෙටත් මුණ ගැහෙමු!

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content