(අ)හිමි සිහින -58

මේ වෙනකොට මගේ අම්මා තාත්තා දෙන්නා මට විවාහයක් කරලා දෙන එක අමතකම කරලා හිටියේ.සමහරවිට මම ගෙවූ ජීවන රටාව එක්ක ආපහු විවාහ නොවන බවට ඔවුන්ට හොඳ විශ්වාසයක් තියෙන්න ඇති.නැත්තං ඇත්තටම මාව අත්හැරලා දැම්ම ද කියලා කියන්න බැහැ.කොහොම නමුත් ඔවුන් උනන්දු නොවුණු නිසා මමම මගේ විවාහය ගැන හිතුවා.

ගුවන් හමුදාවේ සේවය කරපු චමල් පාදයේ ඇතිවුණු ආබාධයෙන් පස්සේ සේවයෙන් ඉවත් වෙලා හිටියෙ.ඔහු බොහොම විහිළු තහළු කරල හිටපු මනුස්සයෙක් .ඒ වගේම තමයි ඔහු දික්කසාද වුණු කෙනෙක්.අපි සමවයස්වල අය.මම අසංක සමග විවාහ උනාට හරියටම දවසකට පස්සේ තමයි ඔහු ඒ විවාහ කර ගෙන තිබුණේ.නිතර සාදවලට සහභාගි වෙමින් කමින් බොමින් ජීවත් වුණු චමල්ට ඇත්තටම ජීවිතය ගැන බරක්පතලක් තිබුනෙ නෑ කියලා මට අදටත් හිතෙනවා.ඔහුට මහා විශාල මිතුරු සමාගමක් තිබුණා.කාලා බීලා ජොලි කරලා අද විතරක් ජීවත් වුණු යාලුවෝ පිරිසක් තමයි ඔහුට හිටියේ.

මම චමල් ගැන අම්මටත් තාත්තටත් කිව්වම එයාල ඒ කටයුත්තට තදින්ම විරුද්ධ වුණා.හේතුවක් නිසා නෙමෙයි ඔහුට පාදයේ ආබාධයක් තිබුණ නිසා.ඒ තත්ත්වය වැඩිවෙයි කියලා එයාලා හිතන්න ඇති.නමුත් මොහු ආශ්‍රය කරන්න මම තීරණය කළා.ඔහු ගමක කෙනෙක් නිසා අවංක ඇති කියලා මට හිතුණා.අනිත් කාරණාව මට සල්ලි තියෙන ලස්සන මනුස්සයෙක් විවාහ වෙන්න වුවමනා වුණේ නැහැ.හොඳ සහකාරයෙක් ලැබෙනවා නම් අන්‍යෝන්‍ය අවබෝධයෙන් එකිනෙකාට සහයෝගය දෙමින් ජීවිතය ගොඩනඟා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කළා.එකිනෙකා අත නෑර යන ගමනකදී දෙදෙනාගේ මූල්‍යමය තත්ත්වයන් සමාන විය යුතු නැති බව මට හිතෙමින් තිබුණා.

loving couple

වයස යන්න නිසා විවාහ වෙන්නවත් අසංකට හෝ සුදාරක ට වඩා හොඳ මනුස්සයෙක් හොයාගන්න වත් මට උවමනාව තිබුණේ නැහැ.මට පාඩුවේ සැනසිල්ලේ ජීවත් විය යුතු බව පමණක් හිතට දැනෙමින් තිබුණා.

“අපි බස් හෝල්ට් එකකට වෙලා ඉඳගෙන එන එන බස්වල සෙනග අඩු ද සැප පහසුකම් තියෙනවද කියලා බල බල හොඳම බස් එක තෝරන්න දැන් කාලයක් නෑ.අපි එන බස් එකක නැගලා කොහොමහරි ගමනාන්තයට යාම තමයි සැලසුම් කරන්න ඕනේ.”

ඒ වෙද්දි අපි දෙන්නට අවුරුදු තිස් හතරක් වගේ.මගේ මුළු ජීවිත කතාව ම කියන ගමන් මම චමල්ට එහෙම කිව්වා.කියන්න හේතුව වුණේ අපට සහකාරයෙක් තෝරමින් කාලය නාස්ති කරනවට වඩා සුදුසු බව හිතෙන කෙනා එක්ක ජීවිතය පවත්වාගෙන යාම හොඳ බව මට හිතෙමින් තිබුණු නිසා.වෙද්දි මම මගේ ක්ෂේත්‍රයේ යම් තරමකට ස්ථාවර වෙමින් හිටියා.වාහිනි වැඩසටහන් වල පුවත්පත් ඔයා වල එහෙමත් මම පෙනී සිටිමින් හිටියා.ඒ නිසා මගේ වෘත්තීය ස්ථාවරත්වය ගැනත් මට ඒ වෙද්දී යම් ස්ථාවර බව තිබුණා.

චමල් මගේ තීරණ බොහොම සර්ව සාධාරණ විදියට පිළිගත්තා.ඔහු අපිට එක්ව කළ හැකි දේවල් සැලසුම් කරන්න පටන් ගත්තා.අසංකගේ විවාහයේ අතහැරලා ඇවිල්ල මම ජීවත් වූ තනිකම වේදනාව පිරුණු ලෝකය ලෝකය තමයි නිසා කෙමෙන් කෙමෙන් වියැකී යන බව මට දැනෙන්න පටන් ගත්තා.මාත් එක්ක සහයෝගයෙන් මේ ගමන යන්න ඔහු කැමැත්ත පළ කරන කොට ඔහු මට ගැළපෙන කෙනා කියලා මම තීරණය කළා.

ඒ තීරණය මොනතරම් මොනතරම් සාර්ථක අසාර්ථක වුණා ද කියලා මම ඉදිරියේදී ඔබට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles