හිමි අහිමි.

අම්මා..ජීවිතේ ඇතුලේ හැමදේම හැමෝටම
සමානව ලැබෙන්නේ..නැහැ…අප්පච්චිගේ හැටි එහෙමනේ..හිතයි හදාගන්න ඕන.. දැන් කොච්චර කාලයක්ද.. නාඩා ඉන්න..මයේ අම්මා.. දැන් අති…ලෙඩ වැඩි වෙයි ඊට පස්සේ..”

වයම අවුරුදු දහතුනක් වන් කුඩා වයසකදි මා හට.. ඒසා පුළුල් ලෙස ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලීමට පුරුදු පුහුනු විය…

“උත්තරා…”

මා අම්මාගේ අතකින් අල්ලා ගත්තා..

“යමුද පාර පැත්තට.. ගිහින් ටිකකින් එමු…”

ඇය හිසවනා එකග වන්නේ මාගේ පෙරැත්තයටය…

ඇයට ඇත්තේ අවිහින්සක හිතකි…අප්පච්චි වෙනතක බැදුනේ අදක ඊයෙක නොවේ… මා දන්නා කාලයේ පටන් අම්මාගේ බොර පාට ඇස්වල කදුලුය… මා බඩේ සිටිද්දි පවා අප්පච්චි ගියේ වැරදි පාරවල් වල බව මා අසා ඇත…

ගැහැනියකගේ ජීවිතයක් මහ පුදුමාකාරය.. ගැහැනියකට සියල්ල ලැබුනත් තම ස්වාමියාගේ ආදරය බෙදාගන්නට නම් නොහැකිය…ගැහැනුන් එයට ලෝබය පෙරේතය…ඒ පෙරේතකම මා වඩාත්ම දුටුවේ මාගේ අම්මාගෙනි…ඇය ලස්සනය අහින්සකය…

ඇත්ත මා දේවි බාලිකාවේ දීප්තිමත්ව ශිෂ්‍යාවයි…මා නොකියවු පෙතෙක් එවකට පුස්තකාලයේ ⁣තිබුනේම නැති තරම්ය… මිතුරියන් රැලක් සිටියත් මා දුක බෙදාගත්තේ පුස්තකාලයේ කෙලවරේ මේසයක වු පොතක් සමගිනි…

පොත් වල ඇති කතා වලට මා මාගේ ජීවිතය සමාන කලෙමි…පොලියානාගේ නිකම්ම සතුටු වෙන සෙල්ලම.. ඈන් ශර්ලි වගේ හිතින් මවාගන්න… ශර්ලොක් හොම්ස් වගේ මිනිස්සුනව නිරික්ශනය කරන්න මා අත්හදා බැලු දේවල්ය…

“උත්තරා.. ඔය පොත පැත්තකට තියලා මේ පොල් බෑය ගාන්න…”

“මේ රැ වෙලා මොකටද අප්පා පොල්…”

“අප්පච්චි ආසයිනේ කිරි මාලු කන්න…”

Lovely mother and daughter looking at camera

මන් අම්මාට රැව්වෙමි..අප්පච්චිට මං වෛර නොකලෙමි නමුත් ඔහු දැකිමේ ඔහු හා ගැවසිමෙි මහා අපහසුතාවයකින් මා පෙළුනේ කුඩාකල පටන්මය… මා ඔහු නිවසට එනවාට බිය විය.. ඔහු එන්නේ කැ ගසාගෙනමය…දුහුවිලි බිදක් හෝ තිබුනොත් අල්ලාගන්නේ මාවය..

අප්පච්චි නරක නැත ඔහුගේ හිත උනුවෙයි…ඔහු රාජකාරියට අවංකය.. ඔහු වංක වුයේ බැදිම් වලටය.. තමාගේම කියා ඇති බැදිම්වල වශ්වාසය ඔහු සුනු විසුනු කලේය…

“උත්තරා ආං අර ගෑනිව අදත් වාහනේ දාගෙන කොහෙද ගිහින්…”

මයේ අම්මා කියන්නේ ආවේගයෙනි..

මගේ පපුව හෝස් ගා පත්තු වෙයි.. මා පාසැල් ඇරි නිවසට ආ පසු ඇ මා සමග දොඩමලු වෙයි….

“ඉතින් අම්මා කොහොමද දන්නේ…”

“මට චමරි කෝල් කරලා කිව්වා..නිර්මලාව දාගෙන ගියා කියලා.. මේක නම් නවත්තන පාටක් නැ.. දරුවො දෙන්නා අරං පාරට බහින්න තමා වෙන්නේ මට…”

අම්මා කියන්නේ අඩමිනි.. මට ඇගේ කදුලු දරාගත නොහේ.. මා අඩමි.. ඇයට හොරැහින් මා බොහෝ රාත්‍රින්වල හඩමි..

අප්පච්චි බැදුනු හොර අඹුවන් ගනන මට ගනන් කර නොහැකිය.. අතේ ඇගිලි ගානට වඩා වැඩි බව නම් මා දනිමි.. මා ඔහු හා මේ ගැන කිසිම කිසි දවසක දෙඩුවේ නැත…අම්මා අප්පච්චි රන්ඩු වෙන දවස්වලට මා පැත්ත පලාතක යන්නේ නැත…පොතක් ගෙන රන්ඩුව නැසෙන දිහාවකට යන්නෙමි…
මල්ලිද මා ලගට වි ඔහේ කල්පනා කරමින් සිටියි…

මා යහලුවන් නිවසට කැදවාගෙන ඒමට අකැමැතිය.. නිවසේ තත්වය හොද නැත..අම්මාගේ පුළුල් සිනහව පසුපස මහා වේදනාවකි…දිනක් යෙහෙලියක් අහම්බෙන් ආවේ පොතක් ඉල්ලා ගන්නටය.. එදා අප නිවසේ මහා රන්ඩුවකි.. මා පත්වුයේ බලවත් අපහසු තාවයකටය.. ඊලග දවසේ පාසල් යනවිට එය ලොකු ඕපදුපයකි..

“උත්තරාලගේ ගෙදර අය ඇයි අරහෙම කැ ගහා ගන්නේ…”

දේවි බාලිකාවේ මට දරාගන්නම බැරි වුන දවස එදාය. මා හැඩවේ නැත.. සිනහා වුවා පමනය..

අප්පච්චි වැඩිපුරම බැදුනු හොර අඹුව නිර්මලාය..අපට සැලකුවෙි නැතත් ඔහු ඇගේ දරුවාට සැලුකුවේය.. නිර්මලා අප්පච්චිව අල්ලේ නැටෙව්වාය… අප්පච්චි මෙච්චර මෝඩද යැයි මා මගේ සිතින්ම තට්ටු කර අසමි…

අම්මා රන්ඩු දබර කොට බැරිම තැන නිර්මලාට කතා කොට අවවාද කලාය.. නැත ඇය ඇසු⁣වේ නැත…නිර්මලාගේ සම්බන්දය නවත්වා ගැනිමට නොගිය දේවාලයක් නැත කෝවිලක් පන්සලක් නැත මුදල් වියදම් කලේ දහස් ගනනකි.අප්පච්චිට මා හා අම්මා එකතු වි පැන්නු දෙහි ගෙඩි ගාන නුල් ගාන මට මතක නැත…නිර්මලා හැසිරුනේ අප්පච්චිගේ හොර අඹුව ලෙස නොව කසාද අඹුව ලෙසය …

අම්මා මාගේ අත් දෙකම මුහුන මත හොවාගෙන ඇඩුවාය..ඇය සනන්නට මා කියු වදන්වැල් වල සීමාවක් නැත…

“අනේ උත්තරා මං මහ පව්කාර ගෑනියෙක්…”

එසේ කියා ඇය පපුවට ගසාගෙන ගසාගෙන යයි…ඇය විශාදයෙන් පෙළුනි…මට එවකට එය තේරුනේ නැත…

මට නිර්මලාගේ පෙනෙන්නට ලස්සනක් නැත පොත්ත රතුය.. කට පිට්බුල් බල්ලෙකුගේ මෙන් විශාලය…මයේ අම්මා ඊට සිය දහස් ගුනයකින් ලසස්නය…ඊටත් වඩා අහින්සකය..

sad women

අප්පච්චි අම්මාගේ දුරකතනය කුඩු කලේය…එසේම ඔහුගේ දුරකතනය කුඩු කලේ අම්මාට නිර්මලාගේ කෙටි පනිවුඩ හසුවු නිසාය… කුනුහරප වරුසාවක් අප්පච්චිගේ මුවින් පිටවේ…

වසර ගානකට පසුවත් චිත්‍රපටයක් මෙන් මේ සියල්ල මාගේ මතකයේ පවතියි…මා බලවත් ශක්තිමත් කරනුයේ එවැනි මතකය…

අම්මා ගැන මට පුදුමය ඇය අප්පච්චිට බැදි ඇත්තේ නොකැඩිය හැකි ලෙසය.. ඇය අප්පච්චි ගෙනත් දෙන දෙයක් උයා අප්පච්චි මත්තමෙ නැහුන ගැහැනියකි.. ඒසා අවිහින්සක ගැහැනියකට අප්පච්චි නොගැලපේ යැයි…මට සිතුනු වාර අනන්තය…

අම්මා මල්ලි හා මා කැටුව ගලේවෙල පොලිසියේ කාන්තා කාර්යාංශයට ගියාය….නමුත් පොලිස් නිලදාරිනියට සියල්ල කියා පැමිනිල්ලක් නොදමා පැමිනියාය…

මා ඇගෙන් ඒ පිළබද විමසුයේ ඇස් වලනි…

මල්ලිට මේ දේවල් ගැන තේරුමක් නැත…ඔහු පොඩිය.. මා හට ඇත්තටම බොහෝ දේවල් ක්ශනිකවම තේරුම් ගැනිමේ හැකියාවක් පැවතුනි…

” අප්පච්චි පව් පුතේ…” ඒ ඇයගේ පිලිතුරයි…

සුඛොපබෝගි ටයිල් මාලිගාවක අම්මා නොවිදිනා දුක් වින්දාය.. ඇයට ආසා තැනක යන්නට නැත ආසා දෙයක් කන්නට නැත…ඇය විදෙව්වේ මානසිකවය… අප්පච්චිට මෙලෙස ඇය හදවතින්ම… නොබැදුනා නම් ඇයට සතුටින් සිටිය හැකි වුවා නොවේද…

නිර්මලාගේ හා අප්පච්චි තුරුල් වි සිටින ඡායාරුප වගයක් අම්මාට හමුවිය.. ඇය හැඩුවේ වැලහින්නක ලෙසිනි.. කිසිම කිසි දිනෙක අම්මාට පේන්නට නොහැඩුව මා එදා ඉකි ගසා හැඩුවෙමි.. මා සනසනන්ට අම්මාට නොහැකි විය…මට උන ගැනුනි.. මානසිකව මා ශක්තිමත්ව සිටිය යුතු වුයේ මයේ අම්මාව බලාගත යුතු නිසාය.. නමුත් සියලු වේදනාවන් එදා පිටාර ගැලුවේය . අප්පච්චිට අප කල වරදක් නැත.. ඔහු රිදවන්නේම අපටය…

අම්මාට අංශබාගය සැදුනි.. නමුත් වාසනාවකට ඇයට ක්ශිනිකවම සුවවුනි…නමුත් ඇය තරමක් රළු වුවාය…

ඇය නිවසේ පැද්දනෙ පුටුවේ ඉදගෙන මා හට ප්‍රබලවම දැනෙන ලෙස තරයේ අවධාරනය කර කිවේ එකම එක දෙයකි…එය මං අහන්නේ සිය දහස්වෙනි වතාවටය…

“උත්තරා කාටවත් යටත් නොවි ජීවත් වෙන්න හොදට ඉගෙන ගන්න..හොද රස්සාවක් කරන්න…බැදිම් කියන්නේ මහ බොරුවක්.. සල්ලි ඔන උත්තරා එහෙම නැත්තම් ඔයාට වෙන්නේ මිනිහට යටත් වෙලා ඉන්න…උත්තරා ඔයාව මං වගේ යටත් කරගන්න දෙන්න එපා..”

“අම්මා ඇයි ඩිවෝර්ස් වුනේ නැත්තේ…” මා හට වයස දා සයක්ව තිබියදි මම ඇසුවෙමි…

“දික්කසාද වෙලා මං කොහොමද ජීවත් වෙන්නේ.. මං ඉගෙන ගෙන ⁣නැ ගතට හයියක් නැ ලෙඩ” ඇය කියන්නේ හිස් බැලමකින් බලාගෙනය…

“ඔක්කොටම වඩා ඔයාලා දෙන්නා පව් පුතේ…”

මා හට ඇය ගැන දැනුනේ අපිරිමිත ආදරයකි…

තවත් කාලයක් යනවිට අප්පච්චි ගැන ගතු කියවිල්ල අම්මා නවත්තා තිබුනි ඇය තරමක් උපේක්ශාවෙන් ජීවිතය ගැන බැලුවාය.. ධාර්මික විය…අප්පච්චි ගැන සෙවිල්ල ඇය නවත්වා තිබුනි සමහර විට අප්පච්චිගේ නොලැපෙන අවංකත්වය සොයාගොස් ඇයට හති වැටි තියෙන්නට ඇත.. අප්පච්චි නිර්මලා හා බැදිම අතැර තිබුනද තවත් සම්බන්දතා තිබුනි…

සසංක ජීවිතයට ආවේ ඔවැනි අවදියකය..ප්‍රේමය සදාකාලික නොවේ…ඔහුගේ බලවත් පෙරැත්තය…සරල සැහැල්ලු විහිලු මාගේ සිත් ගත්තද හදවත ගැඹුරින්ම මා ප්‍රේමය පැහැර හැරියෙමි..මාගේ මුහුන එකවරක් බැලිමට ඔහුගේ කොරොලා රතයේ සිය වතාවක් පමන නිවස වටා කැරකැවේ…මා නොදන්නාගනට සිටියෙමි…පිරිමින් මට විශ්වාස නැත…මා මුනිවත රැක්කෙමි…

කදුලු වැල් සහිත දුක්ඛිත පීඩාකාරි දවස් එමට තිබුනි.. කියනවා නම් කියන්නට ඕන තරම්ය…

මා පාඩම් කලෙමි.. රැ පුරා නිදි වර්ජිතව ඇහැරගෙන සිතුවේම අම්මාගේ ජීවිතය සතුටින් තබන විදියය.. නමුත් මා හට අම්මාට එක නියපොත්තක තරම් දෙයක් අරං දීමට නොහැකි වුනි…

අම්මා මිය ගියාය…

අනේක විද දුක් උසුලා අපව හදාවඩා මට වයස දහඅටක් වනවිට අම්මා මියගියේ මොලයේ ලේ නහරයක් පුපුරා යාමෙනි…

ඔසරි ඇදලා තොරන් බැදලා සරසලා අම්මා ලස්සනට නිදාගෙන සිටියාය..

උත්තරා ගුනසේකර වන මම ජිවිතයේ ප්‍රතම වතාවට අප්පච්චිව බදාගෙන හැඩුවෙමි.. නමුත් මා හට අප්පච්චිව අප්පිරියා විය දින හතක් ගෙවිමටත් මත්තෙන්..අම්මාගේ මලගෙදර උනුසුම යාමටත් මත්තෙන්…ඔහු නැවත නිර්මලාගෙන් ප්‍රේමය ඇයැද යැවු කෙටි පනිවිඩය මා දෙනෙතට හසුවු නිසාය.. මේ දෙනෙත් එච්චරටම පව්කාර විය…

අම්මා මේ නිවසේ එතරම්ම කාලයක් සිට ඇත්තේ කුමකටද….අම්මා මියගිය එක හොදය මේසා අසත්පුරුශයෙකුට මයේ අම්මා තරම් උතුම් ගැහැනියක් තව දුරටත් ප්‍රේම කලයුතු නොවේ…නමුත් අම්මාගේ මල ගෙදර දා වැඩිපුරම හැඩුවේ… මා හා අප්පච්චිය.. අම්මා වලකට දමා පස් දැම්ම මට කිරිමට අසිරු දෙයක් විය.. නමුත් මා හිත තදකරගතිමි… අප්ප්ච්චිව වලට දමා වසා අම්මාව ගෙදර අරං යන්නට හැකිනම් එය කිරිමට තරම් මගේ හිත දරදඩු වි තිබුනි…

අම්මාගේ මරනයට වගකිවයුත්තා අප්පච්චි යැයි මා තරයේ සිතාගත්තේමි…මං අප්පචිට වෛරකරන්නට ගත්තේ එතැන් පටන් විය හැකිය…අම්මා තරම් අවිහින්සක සුන්දර ගැහැනියකට ඔහු දුන් මානසික පීඩනය බර වැඩිය… එතැන් පටන් ජීවිතය අපායක් විය..අම්මා නොමැති විම අම්මාගේ උනුහුම නොමැති විම ඇය උලන බේබි ක්‍රිම් සුවද නොමැති විම.. මාව පිස්සෙකු කලාය..

නැත උත්තරා වන මා දුකින් සිටියේ නැත…සියල්ලම සිතුවේ උත්තරා හරිම විහිලු කාර සතුටින් සිටින චරිතයක් ලෙසය…නමුත් ඇතුලාන්තය හිස්ය…

උත්තරා වන මම ප්‍රේමයෙන් පැරදුනි.. නිවසින් යන්නට ගියේ අප්පච්ච්ගේ විකාර බලා සිට්න්නට නොහැකි තැනය…අම්මාගේ මරනය නිසා ලස්සනට ඔහු අනුකම්පාව දිනා ගත්තේය… නිර්මලා හා ප්‍රසිද්දියේ හැසිරුනාය.. .දියනියක සිටිදැයි ඔහුට අමතකව ගියා සේය… අම්මා ගැන මට දුකය…නමුත් අම්මා තවදුරටත් නැත…

නිර්මලා හා අප්පච්චිගේ ප්‍රේමය දිහා මා බලා සිටියේ උපේකශාවෙනි.. නිර්මලා පොශ් විමට දගලන පොමනේරියන් බැල්ලියකි.. කපටි ගැහැනනියකි.. මට අයිති සියලු දේද ඇය අද බුක්ති විදියි…මට තනි රැක්කේ පොත්ය.. පුස්ත කාලයේ කොනේම බංකුවකට මගේ මිතුරිය චතුරි ඇන තියා ගනියි…

“උත්තරා උබ හරි මෝඩයි…උබට තිබුනේ ගෙදරට වෙලා ඉන්න..බලපන් උබ දුක් විදිනවා… “

මාගේ මිතුරිය මා හට පවසන්නේ පිටතින් පෙනෙන සෞබාග්‍යය දෙස බලාය…

මා සිනහාවකින් පමනක් සංග්‍රහා කරමි…

අම්මාගේ මරණයෙන් වසර හයකට පසුව අද මම සතුටු වෙමි… නිරපරාදේ නොවේ… මගේ යටි හිතේ ඇති දුශ්ඨකමට වියහැකිය… අම්මා තරම් අවිහින්සක නොවේ… මගේ ඇගේ අප්පච්ගේ ලෙයද දුවයි…

නිර්මලා සිය ගනනින් බූට් පෝස්ට් ශෙයාර් කරයි…මට සතුටුය…අම්මාට දුන්න ගින්දර දැන් ඇය විදවනවා විය යුතුය.. ඇගේ නිරුවත් ඡායාරුප ෆේස් බුකියේ වයිරල් වි යනවා දැකිමම ඇගේ නම්බුව නැති වනවා දැකිමම කලකට ඉහතදි අවිහින්සක යුවතියක වු මා හට හැකිවුයේ කෙසේදැයි මාවත් දන්නේ නැත..නමුත් නැත එය එසේ සිදුවිය යුතු වුයේ නැත.. එසේ සිතන්නටත් බැරිය.සියල්ලන්ටම සොබාදහම දඩුවම් දි ඇත…මා අදද කුඩාකල සේම උපේක්ශාවෙන් බලා සිටිමි…

මා අම්මාගේ සොහොනට ගොස් ඉටින්දම් දල්වා සියල්ල පැවසුවෙමි.. අම්මා නම් සතුටු වන්නේ නැත…අම්මා හතුරෙකුටවත් වෛර කරන්නේ නැත…අම්මා සිටියා නම් ඇයව බලා ගැනිමට තරම් ආර්තික ශක්තියක් වෛද්‍යවරියක වු මා සතුව වෙයි…නමුත් අද ඇය නැත ඇගේ තනුව මා වයා ඇත… ඉතින් මට සතුටුය…

උත්තරා මිලානි ගුණසේකර වන මාගේ ජීවිතය දැන් නිස්කලංකය.. ලයාන්විතය සාහිත්‍යයෙන් පුරවාගත් පසු තවත් නිහඩය නමුත් පිරිපුන්ය… අඩුපාඩුව අම්මා පමනකි…

දෙවියන්ගෙන් වරමක් ලැබුනොත් මා ඉල්ලන්නේ අම්මා සමග ජීවත් විමට තව එකම එක දවසක් පමනයි…

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...