ඔබට ඉන්න ඕනෑම මිතුරියක්ව සියයට සියයක්ම විශ්වාස කළ හැකිද ?

ඔබට ඉන්න ඕනෑම මිතුරියක්ව ඔබට සියයට සියයක්ම විශ්වාස කරන්න පුලුවන්ද ? ඒ ගැන ඔබට තවත් වරක් හිතන්න සලස්වන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි The Roommate කියන්නෙ.

ඇමරිකානු චිත්‍රපටයක් වන මෙය නිකුත් වෙන්නේ 2011 වර්ෂයේ පෙබරවාරි 4 වෙනිදා .මෙහි ප්‍රධාන චරිත දෙක රෙබෙකා සහ සාරා වන අතර රෙබෙකාගේ චරිතයට ලේටන් මීස්ටර් සහ සාරා ගේ චරිතයට මින්කා කෙලී පණ පොවනවා.

සාරා මැතිව්ස් ලොස් ඇන්ජලීස් හි විද්‍යාලයක ඉගෙනුම ලැබීමට එන අතර විද්‍යාලයේ නේවාසිකාගාරය ඇයගේ නවාතැන බවට පත්වනවා . අලුතෙන් හඳුනා ගැනීමට ලැබෙන මිතුරියක් වන ට්‍රේසි සමග සාරා රාත්‍රී සමාජ ශාලාවක සාදයකට සහභාගි වෙමින් විනෝද වෙනවා.සමාජ ශාලාවේ සංගීතය සපයන සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන ස්ටීවන් ව සාරාට හඳුනාගන්නට ලැබෙන්නේ ඒ අතරතුරදී.ඔවුන් අතර ආදරයක් ගොඩ නැගෙන්නෙ ඔවුන්ටත් නොදැනීමයි.

The Roommate

සාදය අවසන් වී තමන්ගේ කාමරය වෙත පැමිණෙන සාරාට එහි පැමිණ සිටින රෙබෙකාව දැකගන්නට ලැබෙනවා.තමන්ගේ කාමරය බෙදා ගැනීමට පැමිණි ප්‍රියමනාප මිතුරිය ව සාරා පිළිගන්නෙ තමන් පිළිබදව හදුන්වාදෙන අතරතුරදීයි.

සාරාට වයස අවුරුදු නවයේදී එමලි නම් වූ ඇගේ වැඩිමහල් සහෝදරිය මියගිය බවත් , තමන්ගේ පැරණි පෙම්වතා වන ජේසන් තමන්ට තවමත් දුරකථන ඇමතුම් ගැනීමට උත්සාහ කරන බවත් සාරා , රෙබෙකා සමග පවසනවා.

සාරාට විද්‍යාලයේ දී මුලින්ම හමුවන ට්‍රේසි නැමැති මිතුරිය හදිසියෙම ඇගේ නේවාසිකාගාරය මාරුකරන අතර විද්‍යාලයේ දී සාරාව මුණ ගැහෙන විට ඇයව මඟ හැර යාමත් සාරාගේ සිතෙහි යම් ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරනවා .කොහොම වුණත් රෙබෙකා සෑම අවස්ථාවකදීම සාරා පිළිබඳව සොයා බලනවා.

සාරා නේවාසිකාගාරයේ කාමරය තුළ ඉතා ආදරයෙන් ඇති දැඩි කරන සුරතල් පූසා හදිසියේම පැන ගිය බව රෙබෙකා පවසන්නේ සාරා පිටතට ගොස් ආපසු පැමිණි අවස්ථාවකදී යි.

The Roommate

සරා තම පැරණි මිතුරියක වන අයිරින් සහ තම පෙම්වතා වන ස්ටීවන් මුණගැසීමට නිතර නිතර නේවාසිකාගාරයෙන් පිටතට යනවා.එවැනි අවස්ථාවලදී ඇය ප්‍රමාද වන විට රෙබෙකා විසින් නිතර දුරකතන ඇමතුම් ලබාදෙමින් ඒ පිළිබඳව සොයා බලනවා.එය තරමක් අසාමාන්‍ය කාරණාවක් වුවත් සාරා ඒ තරම් ඒ පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ .

දිනක් සාරා කෝපයට පත් වෙමින් රෙබෙකා වෙත පැමිණ පවසන්නේ තමන්ගේ මහාචාර්යවරයා තමාව සිප ගැනීමට උත්සාහ කළ බවයි.කෙසේ හෝ පසුදින සිට අදාල මහාචාර්යවරයා ව විද්‍යාලයේ දකින්නට නොලැබෙන්නේ ඔහු වෙනත් තරුණියකට බලහත්කාරකම් කිරීමට උත්සාහ කළ බව දැක්වෙන සාක්ෂියක් විද්‍යාලයේ පාලනාධිකාරිය වෙත ලැබී තිබීම නිසා බව සාරාට සහ රෙබෙකාට දැනගන්නට ලැබෙනවා .

මේ අතරතුර තමන්ගේ නිවසට සාරාව කැටුව යාමට රෙබෙකා සූදානම් වනවා. රෙබෙකාගේ දෙමව්පියන් සාරාව ඉතා සුහදශීලිව පිළිගන්නා අතර රෙබෙකා ගේ නිදන කාමරයට ගිය විට ඇය විසින් අඳින ලද තරුණියකගේ චිත්‍ර ද සාරාට දැකගන්නට ලැබෙනවා.කෙසේ හෝ එදිනම රාත්‍රියේදී සාරා මුළුතැන්ගෙය දෙසට පැමිණෙන විට රෙබෙකාගේ සහ ඇගේ පියාගේ කතාබහක් අහම්බෙන් මෙන් සාරාගේ කන වැකෙනවා.ඉන්පසුව සාරාගේ සිතට අමුත්තක් දැනෙන්නට පටන් ගන්නවා

ආපසු නේවාසිකාගාරයට පැමිණි පසුව රෙබෙකා කාමරයේ නොමැති අවස්ථාවකදී සාරා රෙබෙකාට අයත් ලාච්චු පරික්ෂා කර බලනවා. එහිදී ඇයට හමුවන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක්

The Roommate

රෙබෙකාගේ අමුතු හැසිරීම් වලට හේතුව කුමක් විය හැකිද ?

රෙබෙකාගේ ලාච්චුවේ තිබී සරාට හමුවන්නේ මොනවාද ?

ත්‍රාසය සහ කුතුහලය සපිරි මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ රෝයි ලී විසින්. සිතාගත නොහැකි අවසානයක් කරා ප්‍රේක්ෂකයා රැගෙන යන මෙම චිත්‍රපටයේ සම්පූර්ණ කාලය විනාඩි 94ක් වනවා.

අප වටා සිටින පුද්ගලයන්ගේ සමහර හැසිරීම් අප නොසලකා හැරිය යුතු නැති බව මෙම චිත්‍රපටයෙන් ඔබට කියා දෙනවා.එපමනක් නොව පමණට වඩා ඔබ හා මිත්‍රශීලී වීමට පැමිණෙන අය අතිශයින්ම භයානක බවත් The Roommate චිත්‍රපටය අවසානයේ දී ඔබට වැටහේවි

Related Articles

Don't Miss


Latest Articles